කියවූ තරම්

Thursday, November 18, 2021

ජුබිලි කණුව


ජුබිළි කණුව ....

මේ පින්තූරය උඹලන්ට තුට්ටුවකට වටින්නෙ නැති උනාට
මට නං  කෝටි බර ගානක් වටිනවා ...

ඔය අනෙක් පැත්තෙන් ඉන්නෙ මගෙ ආදරණීය  හිච්චි අයිය
ඒ කියුවෙ උඹල කවුරුත් දන්න/නොදන්න ඒජේ ...

මේ  පින්තූරය  කාචයට හසුවුනෙ මගේ කුළුඳුල් ශ්‍රී ලංකා සංචාරය
අසූතුනේ ලෝක කුසළානෙට යන්න කලින් දවසෙ රෑ ...

එදා රෑත් වෙනද වගේම පුරුදු විදියටම
හිච්චි අක්ක උයල දීපු බත් ගෙඩියටත් වග කියල
පෘඩෙන්ෂල් වර්ල්ඩ් කප් යන්න  සූට්කේස් එකත් ලැහැස්ති කරල
බුදිය ගන්න කලින් ...

ඔය තමයි අපි දෙන්නගෙ ඩිවයින් ඇඳන් දෙක ඒ දවස්වල ...

හෙලවුනත් හෙලවෙන්නෙ භූමි කම්පාවකට විතරමයි  ...
හින්නි කිතරවත් කිරිකිරි සද්දයක් නෑ
කොන්දෙ අමාරුත් නෑ හොඳ සොලිඩ් ඇඳ ...

එංගලන්තෙට ගියත් එකම කටුගේකවත් ඔයිං එකක් නං දැක්කෙ නෑ ...

පුරුදු විදියටම පාන්දර කප්පි ළිඳෙන් වතුර ඇදන් නාලා
ව(ර්)ල්ඩ් කප් යන්න පාන්දර සූට්කේස් එකත් උස්සගෙන
ක්‍රිකට් බාේඩ් එකට මාර්ග අංක 115 පිටකෝට්ටෙන් ...

මගේ හෙවනැල්ල හිච්චි අයියත් ෆුට් බෝඩ් එකේ
වැඩි ආරක්‍ෂාවට මාව ඇතුලටම දාල ...

ඩ්‍රයිවර් කොන්දා තියා ගමේ එවුන් දන්නෙත් නෑ අපි යන්නෙ වර්ල්ඩ් කප් කියල ...

(ඒකාලෙ බෑග් වලට රෝද තිබුනෙ නෑ,අත්දෙක මාරු කරකර උස්සන් යනව 

අමාරුමනං බිම තියල රෙස්ට් එකක් ගන්නව.ගමන පරක්කු නං ගට දාල අත කැඩුනත් උස්සන යනව - 

වැඩේ අතාරින්නයැ - වර්ල්ඩ් කප්නෙ බං)

අවුරුද්දට ගමේ යනව වගෙ තමයි ...

එකසිය පාළහෙන් ක්‍රිකට් බෝඩ්
එතනින් එයාපෝට් එකට ගමනාගමන පහසුකම් මංඩළෙන් ...

ටැමිල් ක්ලබ් එකෙන් ටුවර් එකට ඉල්ල ගත්ත බැට් එකේ ආරක්‍ෂාවට
දෙපැත්තෙන් ක්ලබ් එකෙන්ම ඉල්ල ගත්තු පැඩ්ස් දෙක තියල බකල් ටික දාල
තිරස් අතට සූට් කෙස් එකට රිංගව ගත්ත ...

සූට් කේස් එකත් යාළුවෙක්ගෙ මට කොහින්ද බං එච්චර ලොකු ඒව ...

ඒකටම ඇඳුම් කෑලි දෙක තුනකුයි ක්‍රිකට් ඇඳුනුයි ...
නුවරඑළියෙ පේව්මන්ට් කඩේකින් යාළුවෙකුටම කියල ගෙන්න ගත්ත
සීතලට අඳින ජැකට් එකකුත් බස්ස ගත්ත
දැන් බෑග් එක පැක් ...

මයෙ අම්මපා සීතල ජැකට් ඔයිට කලින් දැකල තිබුනෙත් නෑ
ගිරිස්මෙට අයිස්මෝල හන්දියෙ හැදුන අපිට මොන ජැකට්ද බං ...

එතකොට රෝද තියෙන ක්‍රිකට් බෑග් නෑ
කරේ එල්ලං යන අළු පාට ඩී එස් අයි  බෑග් එක තමයි මගෙ හිතවතා ...

ඕනෑම සෙනග ඉන්න බස් එකක සීට් එකක් අස්සට ලේසියෙන් රිංගවන්න පුළුවන්  ....
බැට් එක තියා මිට වත් ඕක ඇතුලට දානව බොරු ...

ඔය හාන්සිවෙල ඉන්නෙ සත වරුස ගානක් අපි නිදියපු ෆුල් ලක්ෂූරියස් ඇඳේ ...

කකුල් හතර කැපුවෙ යටින් සද්දෙට මීයො යන නිසා 😜
ඔය එවරෙඩි පූසත් පිටිපස්සෙන් ඉන්නෙ මීයො බය කරන්න ...

සමහර දවසට බිමට දාන රෙද්ද නැතිවත් බුදියනව කොට්ටෙ විතරයි ...
ඇයි ඉඳල හිටල හරි බෙඩ් කවර් එක හෝදන්නත් එපැයි ..

ඔය තද කොළ පාටට තියෙන්නෙ රතුපාට බෝඩරෙත් එක්ක අම්මගෙ පරණ සාරියක්  
අම්ම හිටිය එතකොට ගාල්ලෙ ගෙදර 

අම්මගෙ පුසුඹ  දැනෙන්න සාරිය ...

එහෙම කියුවට කකුල් නොකැපූ ඇඳන් දෙකකුත් තිබුන
අයිති වාසිකම් නැති අපිට ඉස්තෝප්පුව ...

එක ඇඳක් ගෙදර හිටිය එකම ගෑණු පරාණෙ මගේම හිච්චි අක්කට කාමරේකුත් සමග ...

අනෙක් ඇඳ චොනාට දෙවෙනි කාමරෙත් සමග ...
සම්පූර්ණනම සුයි චොන් ...
අත්ත පනත්තගෙ ඉඳල චීන ඒකයි ඒ නම ...

චොනාගෙ නමට තමයි කුලිය ඒ නිසා ඒ වාසිය ඒකාට අනෙක තමයි චොනා රෑ වැඩ
මහන්සිවෙල ඇවිල්ල දවල්ට බුදියන්නත් ප්‍රායෝගිකයි ...

පින්තූරෙ ගත්තු කැමරාවත් චොනාගෙ පින්තූරෙ ගත්තෙත් චොනා ...

චොනා වැඩ කලෙ කොම්පඤ්ඤවීදියෙ නිපොන් හෝ‍ටලේ කැෂියර් හැටියට ...
මං ව(ර්)ල්ඩ් කප් යන සන්තෝසෙට ඌ තමයි වැඩියෙන් බීල තියෙන්නෙ ...

අපි බිව්වෙ නෑ බොන්න කාසි නැති නිසා ...
ගෙවල් කුලිත් මාස දෙකක් හිඟයි ...

අපිට ඉතිං මොකත් එකයිනෙ බං වහලක් තිබ්බනං ඒ ඇති ...
නිදාගන්න අවශ්‍ය නිදිමත විතරමයි ...

අපේ ඇඳටම අල්ලපු  කකුල් කපපු අනෙක් ඇඳේ රෙද්ද එලාගෙන බුදිය ගත්තෙ
අපේ විජේ මල්ලි ...
 
අපේ විජේ මල්ලි ටිකක් සුනිල් දත්ගෙ මල්ලිගෙ යාළුවෙක්ගෙ
පුංචි අම්මගෙ පුතාගෙ බාප්‍ප වගේ තමයි පෙනුම ...
 
හොඳ හැන්ඩිය කියල තමයි  හිතාගෙන ඉන්නෙ 😜
 Sarath Wijerathna
මගෙ පාසැල් මිත්‍රයා ක්ලාස් මෙට් ටීම් මේට් එකට ගුටිකන මේට් ...
කියලාාාා වැඩක් නෑෑෑහ් ...

ඒකා ඒ දවස් වල මොබයිල් මැරීන් වැඩ කලෙ ...
දැන් මින්නේරියෙ පෙට්රල් ෂෙඩ් එක කරනව ...

කවුරුහරි පොළොන්නරුව පැත්තෙ ගියොත් හන්දියෙන් බැහැල මගෙ නම කියුවොත්
තෙල් ටික නිකන් ගහගන්න පුළුවන් ...

යනකොට ගාන ඉල්ලයි අවුලක් නෑ හිමින් සැරේ ගෙවන එකයි තියෙන්නෙ ....

අපෙ උපුලගෙ අයියගෙ Upul Chandana
සෝමෙ අයියගෙ ලීබඩු කඩෙත් ගල්විහාරෙ බලල එන පාරෙමයි ...

දෙන්නම දිවිගෙවුම පොළොන්නරුවෙ ...
සිරිසේන මහත්තයටත් මචං කියන සයිස් එකෙන් දැන් ඉන්නෙ ....

ඔය අපි හිටිය ජුබිළි කණුවෙ ගෙදර කාමර දෙකයි
අසූ තුනේදි කුලිය තුන්සි  පනහයි ...

ඔප්ෂන්ස් එකක් නෙවි ඔක්කොම ෆුල් ඔප්ෂන් ....

ඇටෑච් බාත් ඩැමේජ් කොමෝඩ් ජනෙල් හිල් වලින් ෆුල් ඒ සී ...

වතුර අත ලඟ බාල්දිය ළිඳ ලඟ ඒක නැත්තම් තව ටිකක් එහා අනෙක් ළිඳ
ඒ කියන්නෙ ටූ බාත්ස් ....

ඔප්ෂන් ලිස්ට් අන්ලිමිටඩ් ...

ගෙදර වැසිකිලි දොර තාමත් මොරටුවෙ ....
හදන්න ලී ඉරන්න සිංහරාජෙන් ගහක් හාෙයනව ....

දොර රෙද්ද ගලවල වැසිකිලි දොරට එල්ලල තමයි ඇතුලට යන්නෙ ...
 
ටොයිලට් ට්‍රැෆික් නවත්වන්න සද්දෙට සිංදුවක් ගහගෙන ඉන්නව ඉතිං කවුරුත් එන්නෙ නෑ  ...

රියැලිටි ස්ටා(ර්) ඒකාලෙ තිබ්බනං අපිටත් ට්‍රයියක් දෙන්න තිබුන ...
එපමනටම වොයිස් ට්‍රේනිංග්

කුස්සිටම අල්ලල කක්කුස්සිය ...
කුස්සියෙ කවුරුහරි ඉන්නවනං කක්කුස්සියෙ වැඩ කටයුතු ටික සද්දෙට බෑ ....

ක්ලච් එක අල්ලගෙනම තමයි ඇක්සලේටරේ දෙන්න ඕන ....

වැරදිලවත් ක්ලච් එක ස්ලිප් උනොත් කුස්සියෙ එකා දුවනව ....

ඉස්ටෝරිය තව දෙන්න පුළුවන් වෙලාව මදි ...
ඕං ඉතිං කතාවෙ සාරංශය ගත්තොත් ...

ඔය කකුල් කපපු ඇඳේ බුදියගෙන ඉඳල
පෘඩෙන්ෂල් වර්ල්ඩ් කප් එකට 115හේ එංගලන්තෙට ගිහිල්ල ව(ර්)ල්ඩ් කප් එකත් ගහල
බකිංහැම් මාලිගාවෙ බෝල් රෑම් එකේ මහ රැජිනයි ෆිලිප් ආදිපාදි තුමා ඇතුළු
රජ පෙලපතත් සමග කොක් ටේලුත් ගහල
වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තුවෙන් දවල්ට කෑමත් කාල ...

(දියවන්නාවෙ එකෙන් තාම කාල නෑ ,කාල තියෙන්නෙ එතන ඉන්න කාළකණ්ණි දෙන ලණු විතරයි)

ජුබිලි කණුවෙ එක්වත්ත පාරෙ කකුල් කපපු ඇඳට ආයෙත් 115හේම ආපු එකෙක් තමයි  
චීනකොරටුවෙ අයිස්මෝල හන්දියෙ අතුලයා ...

අනෙක් පිං ඇති එවුන්ව පිළිගන්‍න බුරුතු පිටිං මණ්ඩලේ වාහන පුරවල ...
උං වර්ල්ඩ් කප් ගොහිං ආ සන්තෝසෙට
කොක් හඬලන හිනා කතා
රැජිනගෙ බාසාවෙන්ම වෙරි නායිස් වෙරි නායිස්...


ඇයි යකෝ ලේසි පාසු දෙයක්ද වර්ල්ඩ් කප් එකක් ගහල එනව කියන්නෙ අයිස්මෝල හන්දියෙ එකෙක් ...
මිලියන ගානකින් වර්ල්ඩ් කප් ගිය දාහතරෙන් එකෙක් කියන්නෙ ....

උන්ගෙ කාගෙවත් සොමිය කඩන් නැතිව
මම බෑග් එකත් උස්සගෙන සද්ද නැතිවම ආයෙත් පාරට ...
නෝමෑඩ්ස් එක ළඟට පයින් එතන ඉඳල 115හ පිටකෝට්ටෙට ...

ඒත් ගෙදරටම එනකොට ගෙදර එකෙක් නෑ ...
උන් ඔක්කෝම වැඩට ගිහින්

නොයා කෙහොමෙයි බං මාසෙ අන්තිමට
ගෙවල් කුලී ගෙවන්නත් එපැයි ...

දැන් ඉතිං කාපං පරිප්පු කියල පඩිය උඩ වාඩිවෙල දොරට හේත්තුවෙල
පොඩි ඇලට් එකක් දාගෙන හිටිය ගෙදර උන් හැන්දෑවෙ වැඩ ඇරිල  එනකන් ...

කිව්ව වගේම රෑටත් පානුයි පරිප්පුයිම තමයි ...

මක්කා කියුවත් හිච්චි අක්කගෙ පරිප්පුවට ගහන්න නං
බකිංහැම් එකේ  කොක්ටේල් එකටවත් බෑ ...

හරියට හීනයක් දැකල ඇහෑරුන වගේ ....
වර්ල්ඩ්කපුත් ගියා එලිසබෙත් රුජිනයි පිලිප් කුමාරයයි එක්ක චියර්ස් කියල කොක්ටේලුත් ගැහුව ....
 
ඕං ආයෙත් ජුබිලි කණුවෙ කකුල් නැති ඇඳේ ...
සරං කොටෙත් ගහං ...

මාාාර අප්සෙට් එක ඕයි ...

Friday, November 12, 2021

 


අමතක නොවේය කිසිදා ඔබ හඬ
කඳුළක් මතුවිය ඇසු කල ඒ හඬ
නිහඬවූ වග දැන ...

කියන්නට ඇතත් ටෙරා බයිටයක් පිරෙන්නට
අප සැම ගොළු වී ඇත අද ඔබ ගිය බව දැන ...

නිවාඩුවක හමුවුන විට පෙරදාක
දොඩමළු වුනේ අප සැම මධු ඇති තැනක
මී පැණි වගේ ඔබ ගැයු පද පේලියක
සෙනෙහස තිබුනි සරලව හද පිරෙන්නට ...

ගීයක් සේම රැව් දුන් ඔබෙ කතාවද
ඝන උඩු රුවුල සහ දිලිසෙන කොණ්ඩයද
නිරහංකාර සුන්දර ඔබෙ සිනහවද
අමතක නොවේ අප හදකින් කිසිදාක ...

දශක ගනනක් තිස්සේ
රසික සිත් සතන් සැනසූ නිහතමානී සහෘදයා ...

ලකී සුන්දර මිත්‍රයා ඔබට නිවන් සුව ...



Monday, November 1, 2021

පණ්ඩිත සර්

26.2.17 FB

1981 මම මහින්දෙ ක්‍රිකට් නායක ...

දවසක් පණ්ඩිත සර් ...
අපේ ක්‍රීඩා භාර ආචාර්යතුමා ගෝන් මිසිං
our master in charge of cricket

අපේ සූදානම ...
බ්‍රහස්පතින්ද දවල් 2:48 කෝච්චියෙ කොළඹ යන්න ...
සිකුරාද සෙනසුරාද නාලන්ද මැච් එක ...

බදාදා පුහුණුවෙන් පසුව කණ්ඩායමත් තෝරා අවසන්
බ්‍රහස්පතින්දා උදේ ඉස්කෝලෙ ආම්පන්න කාමරය අසල මුණ ගැසුන අපි
බැට් බෝල සහ අනෙක් අඩුම කුඩුමත් කර තියාන
හරියටම දවල් 2කේ කනිසමට ගාලු ඉස්ටේසමේ  ...

පණ්ඩිත සර් නෑ හැමෝම දැන් කලබලෙන් ...
සර් නැතුව කොහොමෙයි අපි කොළඹ යන්නෙ ...
දැන් දෙකයි කාලත් වෙල කෝච්චිය දෙකයි හතලිස් අට ...

හැමෙකාගෙම පැනික් බට්න් ප්‍රෙස් වෙලා ඇයි බං අපි මක්කැයි කොළඹ රට ගැන දන්නෙ
අනික අපි කොහොමෙයි කොළඹ රටේ යන්නෙ පිච්චිය අතේ නැතිව ...

එතකොටම වගේ මම දැක්ක පණ්ඩිත සර් බස් නැවතුම පැත්තෙ ඉඳල දුවගෙන එනව දාඩිය පෙරාගෙන ...
සර්ගෙ කට කපල හිනාව අපිට හරී සැට ...

සර් කතාවක් නෑ කෙලින්ම ගියෙ ප්‍රවේශ පත්‍ර කවුළුවට ...
විනාඩි පහෙන් අපි පාලහයි ශාන්ත අයියයි අමාරියසුයි  ඇතුලෙ ...
(ශාන්ත අයිය කෝච් අමාරියස් ග්‍රවුන්ඩ් බෝයි)

සංයමයෙන් ඇතුලට ගිය අපි මුහුද පැත්තෙ ජනේලයක් අල්ල ගන්න පොඩි කලබලයක් ...
ඒ ඉතිං ගල්කිස්සෙ මුහුදු වෙරලෙ  කපල්ස් ගනින්න ...

කෝච්චිය ඇද්දුවහම මම හිමීට ගිහිං සර්ගෙන් ඇහුව
ඇයි සර් පරක්කවුනෙ අපි පපුවෙ බිත්තර තම්බ තම්බ හිටියෙ කියල ...

පණ්ඩිත සර් හැමදාම කියාපු වෙලාවට කියාපු තැන ඒකයි ඇහුවෙ ...
සමරසේකරට දැනගන්නම ඕනද ...
සර් උත්තර දුන්න හිමන් සැරේ වෙන කාටවත්ම නෑසෙන්න ...

අයිසෙ සමරසේකර ...
ප්‍රින්සිපල් කියුව ඉස්කෝලෙ සල්ලි නෑ කියල මැච් එකට කොළඹ යන්න
කෝච්චි ටිකට් ගන්න ...

ප්‍රින්සිපල්ගෙ අතෙත් තිබුනෙ නැහැලු  ගමට යවපු නිසා...

ඉතිං මම ඉන්ටවල් එකෙන් පස්සෙ හික්කඩුවෙ අපෙ ගෙදර ගිහින්
වයිෆ්ගෙ මාලෙ උගස් කරල සල්ලි ටිකක් ගෙනාව කෝච්චි ටිකට් වලටයි මග වියදමටයි
මිස්ට ගුණතිලක දෙපාර්තමේන්තුවෙ මුදල් ලැබුනම දෙයි
නැතිනං ලබන පඩියෙන් බේරගන්න බැරියැ ...

එහෙම කියල සර් කවුළුවෙන් ඈත බලාගෙන බර කල්පනාව ...

මගේ පපුව හෝස් ගාල ගියා ...
අගහිඟ කම් අපි හැමෝටම එදත් තිබුන අදත් තීනව හෙටත් තියෙයි ...
ඒත් බං මොන නෝනද ලෝස් නැතුව මහත්තයට මාලෙ උකස් කරන්න දෙන්නෙ
කොල්ලන්ට ක්‍රිකට් ගහන්න යන්න ...

සමහරවිට  පණ්ඩිත සර් ඒ උත්තමාවියගෙ ගෙලේ බැඳපු මගුල් මාලෙද දන්නෙත් නැහැ
මාලෙ පඩි දවසටවත් බේරගන්න පුළුවන් වෙයිද කියල වෙන්ටැ සර් මුහුද දිහා බලාන හිතන්නෙ ...

මගෙ ඇස් දෙකට කඳුළු ආව
පණ්ඩිත සර් බදාගෙන ඉඹින්න හිතුන ...

ගුරු භක්තිය නිසා එහෙම කලේ නෑ
සර්ට අපමණ භක්තියකින් වැඳල ගිහින් කවුළුවක් තියෙන තැනකින් වාඩි උනා
කොල්ලො ටිකත් එක්ක සෙටේවෙන්න ...
 
ගායකයෙක්ව හම ගහන්න ...

උං එකෙක් වත් මේ කතාව දන්නෙ නෑ
අද වෙනකන් ...

ඇයි සර් එදා කියුව මේක දන්නෙ මායි සමරසේකරයි මගෙ නෝනයි විතරයි
කිසිම කෙනෙකුට කියන්න එපා කියල ...

සමාවෙන්න සර් අද කියන්න වෙනව
ඒ වෙන මක්කටවත් නෙවි
සර්ගෙ මහා කරුණාව ගැන මතක් කරන්න ...

අපිට හිටිය අනෙක් ගුරුවරුත් එහෙමයි
ඔය තමයි අපේ දෙවිවරු ...

ඒ ඇත්තන් රාජකාරිය දේවකාරියක් වගෙ කලේ ...

මෙම සටහන පණ්ඩිත සර් ඇතුළු සෑම ගුරු භවතෙකුටම ප්‍රණාමයක් වේවා !

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏