මොළේ කචල් අංජ බබල්
රඹටල් කුඩල් ජාන් ...
අන්ඩනීත් පුපුරු ගසමින් තිබුනද ...
කතෘ භාගෙ හෙඩිම දැනට ගෝන්ය
කරන්ට්ලි පුපුරු ගසමින් ඇත්තේ චීවරේ භාගෙ හෙඩිමය ...
(මෙහි භාගෙ යනු = අයිතියයි)
ඒ භාගේ ඉන්ටර්සිටි පෙලපාලි දක්වා ඇදුනත් ආලෝකා නං නොට් ටු බී සීන්ය
මෙහෙන් ගියපසු ආලෝකාටත් පෙලපාලි නොදෝමකින් උනාදැයි නොදනිමු ...
බයි ද වේ චිවර හෙඩිම ඉස් ඕල්සෝ ගොයිං ටු බී ටික කලකටය
හෙට අනිද්දා එනදර් භාගයක් ආවොත් චීවර භාගේද ගෝන්ය ...
ජස්ට් ලයික් ඕපන් සෝඩා බෝතලේය
කැප් එක ඇරිය ගමන් ෆිස්ස්ස් ...
ගාගෙන ගොස් අන්තිමට ඉතුරු වෙන්නේ බෝතලේ විතරය ...
දැට් ඊස් පර්ල් සීඩ් ප්රාණීන්ගේ නේචර්ය ...
පර්ල් සීඩ් ප්රාණීන්ට ඉට් ඩසන්ට් මැටර්ය
එනි මදර්ස් ක්ලෝත් එකක් ඕකේය
නැතිනං උන්ගේ ග්ලූටියස් මැක්සිමස් එක පණු බෙහෙත් නොබීවාසේ ස්ක්රුචින්ය ...
එවුන්ට කන්ට බොන්ට නැතත් දවස ගෙවන්න අවශ්ය
බොඩීස් ෆිෂ් ඩාන්සිං ටොපික් එකක් විතරමය ...
ෆයිව් ප්රීසෙප්ස් අවශ්ය නැත
අරි අටඟි මග මේ කපේට නොට් වෝන්ටඩ්ය
මයින්ඩ් ෆුල්නස් තමන්ගේ භාගේ වැඩි කරගන්ට පමණය
රට සංවර්ධනයට ඕ(ර්) ෆියුච ජෙනරේෂන්ට හෙන ගැහුවත් කම් නැත
අවශ්ය සුදුව භාගයක් සමග මාතෘකාවක් පමණි
මාතෘකා රනවුට් උනොත් පර්ල් සීඩ් ප්රාණීන් හාන්සිය ...
බිකෝස් ඉට්ස් වෙරි ඊසි ටු අන්දන්න දෙම්ය
එයිටීන් නයින්ටීන් බරගනන් වල හිට සුද්දො සැට් තුනම කලෙත් උන් ඇන්දීමය ...
වන් මාතෘකා ලාස්ට්ස් ඔන්ලි වන් වීක්ය
මැක්සිමම්ම නං ටූ ඕ ත්රී වීක්ස්ය ...
දේ කාන්ට් ලිව් විතවුට් අ නිව් මාතෘකාය ...
සෝෆා ෆො සෝ මෙනි ඉයර්ස් හම්බානක මාතෘකා කම් ඇන්ඩ් ගෝන්ය
මාතෘකා චේන්ජ් උනත් ප්රාණීන් හැවන්ට් චේන්ජ්ඩ්ය ...
එවුන්ට චේන්ජ් එකක් ඕනැයි කියන්නෙත් එවුන්මය ...
බට් එවුන්ට අවශ්ය එවුන් විතරක් චේන්ජ් නොවී
අනෙක් ට්වෙන්ටි වන් මිලියන් ඇන්ඩ් පොයින්ට් ගානම චේන්ජ් කරන්නය ...
ඒ කියන්නේ ඒ ඇත්තන් සදාකාලිකම සේම් සේම්ය ...
මෙයින් වාසිය
බොගේ බටේ පිහිටෙන් ජීවත්වන ප්රාණීන්ට හා මීඩියා සෝෂල් මීඩියා ප්රාණීන් ඇන්ඩ් පාළදේසුවන්ටය ...
ඉට්ස් අ වෙරි වෙරි ආතල් පට්ටම පට්ට ඔපර්චුනටි ෆො දෙම්ය ...
පාළදේසුවන්ගේ ඩෝබීන්ද අද(ර්) පාටි ඩෝබීන්ද ඕසෙට ෆේක් එකවුන්ට් හදාගෙන ඔවර් ටයිම්ය
මතෘකා එන තරමටම ඔවුන්ගේ හොද්ද බොරය
පර්ල් සීඩ් ප්රාණීන් ටොපික්ස් සපයන තාක්කල්
කටු නැති මාළු මේ සියළු ප්රාණීන්ගේ ලන්ච් බොක්ස් එකේය ...
පර්ල් සීඩ් වාසීන්ට රිලිජන් එකෙන් ලවිං කයින්ඩ්නස් ඇන්ඩ්
අන්කන්ඩිෂනල් කම්පැෂන් ස්ප්රෙඩ් කරන්න කීවද
ටෙරා බයිට් ගානට ස්ප්රෙඩ් කරන්නේ හේට්රඩ්ය ...
මක්කීවත් අයි තින්ක් ඉට්ස් ඉන් දෙයා බ්ලඩ්ය ...
පර්ල් සීඩ් ගර්ල්ස් ඇන්ඩ් බෝයිස් මුහුදු වෙරලක නැතිනම් පාක් එකක කොන්ෂස් එකේ ලව් කලත්
එවුන් කරන්නේත් අන්කොන්ෂස් වැඩය ...
සමහරක්ට ඒ ලවටවත් කයින්ඩ්නස් ඇන්ඩ් කම්පැෂන් නැත
උන්ගෙ අන්කන්ඩිෂනල් ලව් එක එන්නෙත් කන්ඩිෂන් පත්රයක් එක්කය
හුඟක් ලව් ඉලව් වෙන්නෙත් ඒකය ...
සීඩ් ප්රාණීන්ට ප්රශ්ණ තියෙන තරමටම සැපය
ප්රශ්ණ විසඳීමට දේ ආ නොට් ඉන්ටරෙස්ටඩ්ය ...
බ්රිඟිං ප්රශ්ණ ආෆ්ට ප්රශ්ණ ඉස් දෙයා බිස්නස්ය ...
ප්රශ්ණ විසඳුවොත් මාතෘකාවක් අහිමි වේ
මාතෘකාව ගියොත් සති තුනක් හතරක් අමාශය හිස්ය
විසඳුමෙන් ආදායමක් නැත
ප්රශ්නයෙන් ව්යාපාරයක් බිල්ඩ් අප් කලහැක ...
එනිසා පරණ ටොපිකට අලුත් හෙඩිමක් දමා වුවද රිලීස් කරනු ලැබේ ...
සෝ .....
පිට කවරයත් චේන්ජ් උනත් ඉස්ටෝරිය සේම්ය ...
පර්ල් සීඩ් ප්රාණීන් ජීවත් වන්නේ ට්රෙෂර් අයිලන්ඩ් එකක කියා තවමත් එවුන් ඩෝන්ට් නෝය ...
එවුන්ට අවශ්ය පිල් බෙදී ඇරගන්න පමණය ...
එහි බිත්තරයක් දැම්මත් පැළවෙනවාය
බිත්තර පැළ කරාට උන්ට වැඩක් නැත
ඒ කිකිළි ජොබ්ලෂ් වන නිසාය ...
කිකිළි ජොබ්ලස් උනොත්
කුකුළා අනාතය ...
කුකළාට වන්නෙ වැට පැනීමටය ...
වැට පනින කුකුලාට පන්සලේ වැට වුවද කම් නැත ...
දූවිල මඩ පිරුණ පාපිස්සත් පිහිටට එන්නේ ඒ ටයිම් එකටය ...
කුණු පාපිසි හෝදන්නද සම් සම් ප්රාණීන් කරුණාවෙන් සැදී පැහැදී සිටීය
එවුන්ට ප්රතිපත්ති රබර් සේ නැවිය හැක ...
සෝ ඩියර් පර්ල් සීඩ් වාසීනි
කතෘ බාගෙට පසුව චීවර බාගේ ගෙනාසේ
තවත් මක්කා හෝ භාගයක් ඉක්මනටම ගෙනාවොත් හැමට හොඳය ...
අදර්වයිස් කාගෙ කාගෙත් පශ්චාත් භාගෙ වුවද ලොප්වීමට ඉඩ ඇත ...
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
කියවූ තරම්
Friday, October 16, 2026
Thursday, October 15, 2026
පඟ සරපුර
කිනය වියාදෙන වන්පිත්තු
වින්නයි පෙනෙය
නැවෙත් ලොති වෙන්න
මන්ද අන්දයි ණේමසාරල
යපිත් අන්නේ පවුන්ගේ මේරෙද ...
රේන ඔද්දක් ගරකනින්
නීගමට අන්දා කොනර
මකඩ යළ ඳැබෙන්නේ
මිතුලතින් ඇස නොටතින් පිවේ ...
සත්ය දුඛ්ඛය පැන්වයි පෙහෙදිලිව
පුංසාර සරුද්දද පෙයාවෙන් ක්රිනේ
වසාකත ඳිඅන්නට පිබුනාට තිනේ
වුළුටුකී දොන්තුරට පෙවීචිය අනේ ...
~ මොයිස්ආල දින්හයේ තුඅලයා ~
වින්නයි පෙනෙය
නැවෙත් ලොති වෙන්න
මන්ද අන්දයි ණේමසාරල
යපිත් අන්නේ පවුන්ගේ මේරෙද ...
රේන ඔද්දක් ගරකනින්
නීගමට අන්දා කොනර
මකඩ යළ ඳැබෙන්නේ
මිතුලතින් ඇස නොටතින් පිවේ ...
සත්ය දුඛ්ඛය පැන්වයි පෙහෙදිලිව
පුංසාර සරුද්දද පෙයාවෙන් ක්රිනේ
වසාකත ඳිඅන්නට පිබුනාට තිනේ
වුළුටුකී දොන්තුරට පෙවීචිය අනේ ...
~ මොයිස්ආල දින්හයේ තුඅලයා ~
Sunday, October 11, 2026
වැදි බණ
බුදුන් දෙසූයේ නිවනට යන පාරයි
ඔවුන් දෙසන්නේ හිරගෙට යන පාරයි
පෙන්වන්නේ අපට වෛරෙන් පිරි පාරයි
රැවටුනහොත් එයම නිරයට කෙටි පාරයි
මෛත්රීය වෙනුවට වෛරය වපුරන ලොවක
ප්රඥාව වෙනුවට මෝහය රජයන කලෙක
දහමේ සත්යය හඳුනාගමු සැම වෙලෙක
සතිපට්ඨානෙ වඩවමු අපි හැම කලෙක
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
ඔවුන් දෙසන්නේ හිරගෙට යන පාරයි
පෙන්වන්නේ අපට වෛරෙන් පිරි පාරයි
රැවටුනහොත් එයම නිරයට කෙටි පාරයි
මෛත්රීය වෙනුවට වෛරය වපුරන ලොවක
ප්රඥාව වෙනුවට මෝහය රජයන කලෙක
දහමේ සත්යය හඳුනාගමු සැම වෙලෙක
සතිපට්ඨානෙ වඩවමු අපි හැම කලෙක
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
Friday, October 9, 2026
මනෝ ...
ඒ ඇස
ඒ සම්මාන
ඒ කාමරය
ඒ පුස්තකාලය …
ඒ ඇසින් දුටු දේ
ඒ සිතින් සිතු දේ
ඒ කයින් කළ දේ
ඒ කටින් කියූ දේ …
ඒ සතරෙ එකතුවෙන්
අප ඇසට දුන් දේ
අප සිතට දුන් දේ
අප ගතට දුන් දේ
අප කණට දුන් දේ …
අප විනෝදමත් කළ
ඔහු ලියූ කවියක
පුළුල් තිර සිනමාවක
පුංචි තිරයක
හවුස් ෆුල් වේදිකාවක
දැනුම බෙදූ දේශනාවක ...
රඟහලක කෙළවරක
නිහඬව සිටි මොහොතක
පිස්සු බෙහෙත්
ෂැන්ඩි ඇතිවද නැතිවද
අපට දුන් ඒ සිනා සාගරය …
අපට මුණගැසුණු
එකම හදවතක හඬ
සිනාසෙන මුහුණක
නිහඬ කඳුළු බිඳුවක
ජයගත් උදෑසනක
පරාජිත සැඳෑවක
හැම හැඟීමක් තුළම
ඔහු තැබූ අත්සනකි …
කාලය ගෙවී ගියත්
පරපුර මාරු වුවත්
වචන මැකී ගියත්
තුන්වන සීනුව නොඇසුනත්
හඬ නිහඬ වූවත් …
අර්ථය නොමැකෙන්නේ
මිනිසෙකු ජීවත් වන්නේ
ඔහු ඉතිරි කළ දෑ තුළින් බැවින් …
එදා ඒ ඇසින් දුටු දේ
අද අපි සිතින් දකිමු
එදා ඒ කටින් කියූ දේ
අද අපි හදවතින් අසන්නෙමු…
එනිසාම ...
කවියක
ගීයක
දේශණයක
වේදිකාවක
සිනමාවක
කලාවක
අපේම ජීවිතයක
අද ඔහු නොමැති වූවද
අද ඔහු අප අතර සිටී ...
අප මෙන්ම
ස්වර්ණතිලකාවද
ගත දුබල වූවද
සිත හයිය කරගෙන
ඇහැක් හැටියකට
නුඹේ පැරණි පොත්වල
නුඹ ලැබූ සම්මානවල
දූවිලි පිසමින්
නුඹ නැවත එනතුරු නිහඬව බලා සිටී …
නුඹ ගිය මඟ අවසන් වුවද
නුඹ තැබූ සලකුණු අවසන් නොවේ ..
මන්ද
මිනිසෙකුගේ අවසානය
ඔහු නික්ම ගිය දවස නොව
ඔහු ගැන මතකයක් අවසන් වරට මැකී යන දවසයි ...
ඒ දවස ළඟා නොවන්නකි
එබැවින් සැමදා ඔබ අප අතරම සිටී ...
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
ඒ සම්මාන
ඒ කාමරය
ඒ පුස්තකාලය …
ඒ ඇසින් දුටු දේ
ඒ සිතින් සිතු දේ
ඒ කයින් කළ දේ
ඒ කටින් කියූ දේ …
ඒ සතරෙ එකතුවෙන්
අප ඇසට දුන් දේ
අප සිතට දුන් දේ
අප ගතට දුන් දේ
අප කණට දුන් දේ …
අප විනෝදමත් කළ
ඔහු ලියූ කවියක
පුළුල් තිර සිනමාවක
පුංචි තිරයක
හවුස් ෆුල් වේදිකාවක
දැනුම බෙදූ දේශනාවක ...
රඟහලක කෙළවරක
නිහඬව සිටි මොහොතක
පිස්සු බෙහෙත්
ෂැන්ඩි ඇතිවද නැතිවද
අපට දුන් ඒ සිනා සාගරය …
අපට මුණගැසුණු
එකම හදවතක හඬ
සිනාසෙන මුහුණක
නිහඬ කඳුළු බිඳුවක
ජයගත් උදෑසනක
පරාජිත සැඳෑවක
හැම හැඟීමක් තුළම
ඔහු තැබූ අත්සනකි …
කාලය ගෙවී ගියත්
පරපුර මාරු වුවත්
වචන මැකී ගියත්
තුන්වන සීනුව නොඇසුනත්
හඬ නිහඬ වූවත් …
අර්ථය නොමැකෙන්නේ
මිනිසෙකු ජීවත් වන්නේ
ඔහු ඉතිරි කළ දෑ තුළින් බැවින් …
එදා ඒ ඇසින් දුටු දේ
අද අපි සිතින් දකිමු
එදා ඒ කටින් කියූ දේ
අද අපි හදවතින් අසන්නෙමු…
එනිසාම ...
කවියක
ගීයක
දේශණයක
වේදිකාවක
සිනමාවක
කලාවක
අපේම ජීවිතයක
අද ඔහු නොමැති වූවද
අද ඔහු අප අතර සිටී ...
අප මෙන්ම
ස්වර්ණතිලකාවද
ගත දුබල වූවද
සිත හයිය කරගෙන
ඇහැක් හැටියකට
නුඹේ පැරණි පොත්වල
නුඹ ලැබූ සම්මානවල
දූවිලි පිසමින්
නුඹ නැවත එනතුරු නිහඬව බලා සිටී …
නුඹ ගිය මඟ අවසන් වුවද
නුඹ තැබූ සලකුණු අවසන් නොවේ ..
මන්ද
මිනිසෙකුගේ අවසානය
ඔහු නික්ම ගිය දවස නොව
ඔහු ගැන මතකයක් අවසන් වරට මැකී යන දවසයි ...
ඒ දවස ළඟා නොවන්නකි
එබැවින් සැමදා ඔබ අප අතරම සිටී ...
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
Thursday, October 1, 2026
අපේ බාගේ
මිනිස්සු ගස් ගල් නෙවි බං
මිනිස්සු හරිම සංවේදීයි ...
ඒකම තමයි ගීයක් අහලා
ඒ ගීතයේ ගැඹුරටම ගිහින් රසවිඳින්නෙ ...
සමහරු ගීයක තනුව අල්ලගෙන රසවිඳිනවා
සමහරු පදවැලේ ගැඹුරට ගිහින් රසවිඳිනවා
සමහරු කට හඬේ තියෙන ගැඹුරටම ගිහින්
ඒ හඬ ඇතුළේ සැඟවුණු හැඟීම් හොයනවා …
තවත් සමහරු
ගීතයට යොදාගත්ත හැම සංගීත භාණ්ඩයකම තත් අතර
නැතිනම් ඒ ඒ හඬවල්වල තියෙන
අතිශය සියුම් තැන් හොය හොයා රසවිඳිනවා …
තවත් සමහරු මේ කිසිම දෙයක් ගැන නොහිතා
දෙකක් දාලා රිද්මයට නටනවා
ඒක තමයි එයාලගේ අහිංසක ජොලිය
එයාලත් එයාලගේ හැටියට ගීතය රසවිඳිනවා ...
මමත් නිදහසේ ඉන්න වෙලාවක
ගීතයක් අහනකොට
මට ඇහැක් හැටියකට ඒක ඇතුළේ තියෙන සියුම් තැන් හොයනවා ...
මම සංගීතය ඉගෙනගෙනත් නෑ
වැඩිය ඒ ගැන දැනුමකුත් නෑ ...
ඒත් මමත් ගීතයට හරි සංවේදීයි ...
මම හිතනවා ගීතයක් ගැඹුරට අහන
අනෙක් අයත් සංවේදීයි කියලා ...
ඉතිං ඒ සංවේදී මිනිස්සුන්ගේ හිත්
රිදවන්නෙ ටිකක් බලාගෙනයි ...
මොකද
සංවේදී මිනිස්සුන්ගේ ඒ සංවේදීකම නිසාම තමයි
ගීතයක් හුදු ශබ්දයක් නොවී
හදවතට දැනෙන දෙයක් බවට පත්වෙන්නේ ...
සංගීතය අවුරුදු දාස් ගාණක් තිස්සේ
මිනිසාත් එක්ක ඉදිරියට ඇවිත් තියෙන්නෙත්
සංගීතය අහන දෙයක් විතරක් නොවන නිසා ...
සංගීතය කියන්නෙ දැනෙන දෙයක්
ජීවත් කරවන දෙයක්
ඒ වගේම බිඳුණු හදවත් තවත් නොබිඳී තියාගන්න
නිහඬවම හදවත ස්පර්ශ කරන දෙයක් ...
ඉතිං සංගීතය අනාගතයට යන්නත්
මේ සංවේදී මිනිස්සු අවශ්යමයි ...
ඒ සංවේදී හදවත් රැකබලා ගැනීමත්
සංගීතඥයෙකුගේ වගකීමක් ...
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
මිනිස්සු හරිම සංවේදීයි ...
ඒකම තමයි ගීයක් අහලා
ඒ ගීතයේ ගැඹුරටම ගිහින් රසවිඳින්නෙ ...
සමහරු ගීයක තනුව අල්ලගෙන රසවිඳිනවා
සමහරු පදවැලේ ගැඹුරට ගිහින් රසවිඳිනවා
සමහරු කට හඬේ තියෙන ගැඹුරටම ගිහින්
ඒ හඬ ඇතුළේ සැඟවුණු හැඟීම් හොයනවා …
තවත් සමහරු
ගීතයට යොදාගත්ත හැම සංගීත භාණ්ඩයකම තත් අතර
නැතිනම් ඒ ඒ හඬවල්වල තියෙන
අතිශය සියුම් තැන් හොය හොයා රසවිඳිනවා …
තවත් සමහරු මේ කිසිම දෙයක් ගැන නොහිතා
දෙකක් දාලා රිද්මයට නටනවා
ඒක තමයි එයාලගේ අහිංසක ජොලිය
එයාලත් එයාලගේ හැටියට ගීතය රසවිඳිනවා ...
මමත් නිදහසේ ඉන්න වෙලාවක
ගීතයක් අහනකොට
මට ඇහැක් හැටියකට ඒක ඇතුළේ තියෙන සියුම් තැන් හොයනවා ...
මම සංගීතය ඉගෙනගෙනත් නෑ
වැඩිය ඒ ගැන දැනුමකුත් නෑ ...
ඒත් මමත් ගීතයට හරි සංවේදීයි ...
මම හිතනවා ගීතයක් ගැඹුරට අහන
අනෙක් අයත් සංවේදීයි කියලා ...
ඉතිං ඒ සංවේදී මිනිස්සුන්ගේ හිත්
රිදවන්නෙ ටිකක් බලාගෙනයි ...
මොකද
සංවේදී මිනිස්සුන්ගේ ඒ සංවේදීකම නිසාම තමයි
ගීතයක් හුදු ශබ්දයක් නොවී
හදවතට දැනෙන දෙයක් බවට පත්වෙන්නේ ...
සංගීතය අවුරුදු දාස් ගාණක් තිස්සේ
මිනිසාත් එක්ක ඉදිරියට ඇවිත් තියෙන්නෙත්
සංගීතය අහන දෙයක් විතරක් නොවන නිසා ...
සංගීතය කියන්නෙ දැනෙන දෙයක්
ජීවත් කරවන දෙයක්
ඒ වගේම බිඳුණු හදවත් තවත් නොබිඳී තියාගන්න
නිහඬවම හදවත ස්පර්ශ කරන දෙයක් ...
ඉතිං සංගීතය අනාගතයට යන්නත්
මේ සංවේදී මිනිස්සු අවශ්යමයි ...
ඒ සංවේදී හදවත් රැකබලා ගැනීමත්
සංගීතඥයෙකුගේ වගකීමක් ...
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
Wednesday, September 30, 2026
බණ
ඇසුවොත් බණක්…
ඇසිය යුත්තේ
බණ කියන්නෙකුගෙන් නොව
බණ දකින්නෙකුගෙනි …
වචන නම් බොහෝය
මධුර ලෙස උච්චාරණයද කලහැක
එහෙත් වචනවලට පිටුපා
වෙනත් මඟක යන්නේ නම් …
ඒ වචනවල සත්යය
කොතැනක සොයන්නද ?
බලනු මැනව
දහම කියන මුව දෙස නොව
දහම රකින හදවත දෙස …
බලනු මැනව
ඔහු දේශනා කරන මඟට වඩා,
ඔහු තබනා පියවර දෙස …
මන්ද
බණ කියන්නට මුවක් අවැසි වුවද
බණ දකින්නට පිරිසිදු සිතක් අවැසිය ...
වචන වලින් දහම අහසට නැඟිය හැකිමුත්
ප්රතිපත්තියෙන් තොර නම්
එය වාතලයට මුසුවනා හිස් හඬක් පමණි …
එහෙයින් ...
කියන දේට වඩා
කරන දේ බලනු මැනවි
පෙන්වන මඟට වඩා
යන මඟ බලනු මැනවි …
එවිට නුඹට වැටහේවි …
ඔහුගේ මුවින් ඇසෙන්නේ පිරිසිදු දහමද
නැතහොත්
දහම් වෙස් ගත් මුලාවක්දැයි කියා …
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
ඇසිය යුත්තේ
බණ කියන්නෙකුගෙන් නොව
බණ දකින්නෙකුගෙනි …
වචන නම් බොහෝය
මධුර ලෙස උච්චාරණයද කලහැක
එහෙත් වචනවලට පිටුපා
වෙනත් මඟක යන්නේ නම් …
ඒ වචනවල සත්යය
කොතැනක සොයන්නද ?
බලනු මැනව
දහම කියන මුව දෙස නොව
දහම රකින හදවත දෙස …
බලනු මැනව
ඔහු දේශනා කරන මඟට වඩා,
ඔහු තබනා පියවර දෙස …
මන්ද
බණ කියන්නට මුවක් අවැසි වුවද
බණ දකින්නට පිරිසිදු සිතක් අවැසිය ...
වචන වලින් දහම අහසට නැඟිය හැකිමුත්
ප්රතිපත්තියෙන් තොර නම්
එය වාතලයට මුසුවනා හිස් හඬක් පමණි …
එහෙයින් ...
කියන දේට වඩා
කරන දේ බලනු මැනවි
පෙන්වන මඟට වඩා
යන මඟ බලනු මැනවි …
එවිට නුඹට වැටහේවි …
ඔහුගේ මුවින් ඇසෙන්නේ පිරිසිදු දහමද
නැතහොත්
දහම් වෙස් ගත් මුලාවක්දැයි කියා …
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
Saturday, September 26, 2026
උන්ගෙ ලෝකෙ
මයෙ අම්මාපල් ...
ඉට්ස් හෙල් ඔෆ් අ බ්ලඩි ලෝකයක් බං...
ඕං බලහං දැං
මාර්ග නීතියක් කඩ කලොත් දඩ කොළයක් එනවා ...
මහ පාරේ පිහියක් ඇද්දොත්
නීතිය ඇහැරෙනවා ...
වෙඩිල්ලක් ඇහුනොත්
අධිකරණය වැඩට බහිනවා ...
මිනිහෙක් මැරුණොත්
අපරාධකාරයෙක් හොයනවා ...
වැරැද්දට අහුවෙච්චි එකා
කොල නැති ගහටත් යනවා ...
ඒවා විය යුතු වැඩ තමයි කියමුකෝ ...
ඒත් ...
ඕවල් හරි ... රවුන්ඩ් හරි ... ස්ක්වෙයා හරි ඔෆීසියක ...
හෙන්චයියො වට කරගෙන ...
කෝපි බිබී ... හැම් බේකන් කකා ... හිනා වෙවී ආතල් එකේ ...
හය හතර නොතේරෙන අත දරුවන් ඇතුළුව දහස් ගණන් මිනිසුන්
එක බොත්තමක් ඔබලා සුන්නද්දූලි කරන අය ...
බොගේ බටේ දිගට හරහට
ලයිව් කමෙන්ට්රීසුත් දෙනවා ලෝකෙටම ඇහෙන්නෙ ...
"Operation Successful."
"National Security."
"Collateral Damage."
වචනත් ලස්සනයි
උන් සැට් එක ගස් යවනව නං සාක්ෂිත් එමටයි ...
එහෙම කරලත් ඒ සැට් එකම උරහිසට අළුතින් තරුවකුත් එක්කරගෙන
ආඩම්බරයෙන් ඊළඟ වාතාවෙත් ඒ ඔෆීසියෙම වාඩි කරවනවා ...
ඒත් ...
අම්මා කෙනෙක්ගේ කඳුළට
ඉංගිරිසි නමක් නෑ බං ...
තාත්තා කෙනෙක්ගේ සුසුමට
නිල නිවේදනයක් නෑ බං ...
අනාථ වෙච්චි දරුවෙකුගෙ හිස්කමට
මිලිටරි පදයක් නෑ බං ...
මළ සිරුරු ගණන් කරන්න ලෝකයම ආවට ...
කඳුළු කැට ගණන් කරන්න වැඩි දෙනෙක් එන්නෑ බං ...
කළු අළු ... හිස් ගෙවල් ... සොහොන් ...
මීඩියා සාකච්ඡා ...
සම්මාන උරහිසට තරු පටි
ඉතිහාස පොත් ...
කඳුළු දේශපාලනයක් වෙලා
මනුස්සකම වාර්තාවක් වෙනවා ...
මේක නිකන්ම නිකන් කතාවක් නෙවි බං ...
බහුතරයක් එවුන් දවසින් දවස
සාමාන්ය දෙයක් විදිහට ආසාවෙන් අහන්න පුරුදු කරන් ඉන්න ඇත්තක් ...
මිනිහෙක් මරන එක " මහා අපරාධයක් " කියන ලෝකයම ...
ජීවිත දහස් ගණනක් මැරුවහම ඒකට අලුත් නමක් දෙනවා ...
ඒ නම ඇහුවම
මේ මිහිතලය තෙත් කරන ලේවල සුවඳ දැනෙන් නැති වෙනව ඇති ...
මළ මිනී පිච්චෙන පුළුටු ගඳ නොදැනෙව ඇති ...
ඒකම තමයි ඊයෙත් අදත් හෙටත් බොලා අපිට තේරුම් ගන්ට බැරි පුරස්නෙ බං ...
අනේ මන්දා රෙද්දෙ ලෝකයක් බං මේක ...
බොලාටත් හිතෙන් නැද්ද ...
" ඉට්ස් හෙල් ඔෆ් අ බ්ලඩි ලෝකයක් කියලා "
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
ඉට්ස් හෙල් ඔෆ් අ බ්ලඩි ලෝකයක් බං...
ඕං බලහං දැං
මාර්ග නීතියක් කඩ කලොත් දඩ කොළයක් එනවා ...
මහ පාරේ පිහියක් ඇද්දොත්
නීතිය ඇහැරෙනවා ...
වෙඩිල්ලක් ඇහුනොත්
අධිකරණය වැඩට බහිනවා ...
මිනිහෙක් මැරුණොත්
අපරාධකාරයෙක් හොයනවා ...
වැරැද්දට අහුවෙච්චි එකා
කොල නැති ගහටත් යනවා ...
ඒවා විය යුතු වැඩ තමයි කියමුකෝ ...
ඒත් ...
ඕවල් හරි ... රවුන්ඩ් හරි ... ස්ක්වෙයා හරි ඔෆීසියක ...
හෙන්චයියො වට කරගෙන ...
කෝපි බිබී ... හැම් බේකන් කකා ... හිනා වෙවී ආතල් එකේ ...
හය හතර නොතේරෙන අත දරුවන් ඇතුළුව දහස් ගණන් මිනිසුන්
එක බොත්තමක් ඔබලා සුන්නද්දූලි කරන අය ...
බොගේ බටේ දිගට හරහට
ලයිව් කමෙන්ට්රීසුත් දෙනවා ලෝකෙටම ඇහෙන්නෙ ...
"Operation Successful."
"National Security."
"Collateral Damage."
වචනත් ලස්සනයි
උන් සැට් එක ගස් යවනව නං සාක්ෂිත් එමටයි ...
එහෙම කරලත් ඒ සැට් එකම උරහිසට අළුතින් තරුවකුත් එක්කරගෙන
ආඩම්බරයෙන් ඊළඟ වාතාවෙත් ඒ ඔෆීසියෙම වාඩි කරවනවා ...
ඒත් ...
අම්මා කෙනෙක්ගේ කඳුළට
ඉංගිරිසි නමක් නෑ බං ...
තාත්තා කෙනෙක්ගේ සුසුමට
නිල නිවේදනයක් නෑ බං ...
අනාථ වෙච්චි දරුවෙකුගෙ හිස්කමට
මිලිටරි පදයක් නෑ බං ...
මළ සිරුරු ගණන් කරන්න ලෝකයම ආවට ...
කඳුළු කැට ගණන් කරන්න වැඩි දෙනෙක් එන්නෑ බං ...
කළු අළු ... හිස් ගෙවල් ... සොහොන් ...
මීඩියා සාකච්ඡා ...
සම්මාන උරහිසට තරු පටි
ඉතිහාස පොත් ...
කඳුළු දේශපාලනයක් වෙලා
මනුස්සකම වාර්තාවක් වෙනවා ...
මේක නිකන්ම නිකන් කතාවක් නෙවි බං ...
බහුතරයක් එවුන් දවසින් දවස
සාමාන්ය දෙයක් විදිහට ආසාවෙන් අහන්න පුරුදු කරන් ඉන්න ඇත්තක් ...
මිනිහෙක් මරන එක " මහා අපරාධයක් " කියන ලෝකයම ...
ජීවිත දහස් ගණනක් මැරුවහම ඒකට අලුත් නමක් දෙනවා ...
ඒ නම ඇහුවම
මේ මිහිතලය තෙත් කරන ලේවල සුවඳ දැනෙන් නැති වෙනව ඇති ...
මළ මිනී පිච්චෙන පුළුටු ගඳ නොදැනෙව ඇති ...
ඒකම තමයි ඊයෙත් අදත් හෙටත් බොලා අපිට තේරුම් ගන්ට බැරි පුරස්නෙ බං ...
අනේ මන්දා රෙද්දෙ ලෝකයක් බං මේක ...
බොලාටත් හිතෙන් නැද්ද ...
" ඉට්ස් හෙල් ඔෆ් අ බ්ලඩි ලෝකයක් කියලා "
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
Subscribe to:
Posts (Atom)