පාසැල් සිස්ටම් එකේ එදා හිට තියෙන්නෙ පන්තියෙ ඉස්සරහ පේලිවල ඉන්න එවුන් ගොඩ ගන්න ක්‍රමයක් විතරමයි ...
මැද පේලිවල හිටි එවුන් හම්බානක මහන්සි උනොත් ගොඩ
අනෙකුන් යුරෝපෙයි මැද පෙරදිගයි අහල පහල රටවලුයි නොතිබුනානං අනාතයි ...
අන්තිම පේලියෙ හිටිය සැට් එකට අම්මගෙ අප්පගෙ බූදලයක්
එහෙමත් නැතිනං දෑතේ කරුමාන්තයක් නොතිබුනානං ඇඩ්‍රස් ඉල්ලේ ...
අපේ පන්තිවලත් හිටිය මුළු ලංකාවම බබලවන ඒ වගේම ජාත්‍යන්තරයටත් ගිය
පන්තියෙ මුල්ම පේළිවල හිටිය සැට් එකක් ...
සමහර සගයො තාමත් රටේ වගකිවයුතු තැන්වල වගකිවයුතු වැඩ කොටහක් කරනවා ...
එවුන් ඉස්කෝලෙ ආවෙත් ක්ලීන් සූට් ගහගෙන සපත්තු හෙම කිරි ටොයියො වගේ පොලිෂ් කරල ...
ඒ කාලෙ එවුන්ම තමයි පංති නායකයො ශිෂ්‍ය නායකයො
ඉස්කෝලෙ හැම වැඩකදිම පොලිෂ් වෙලා ඉස්සරහට යන්නෙත් ඒ සැට් එකමයි
ත්‍යාග ප්‍රදානෝත්සවයෙ තෑගි ටික සුද්ද කරගන්නෙත් එවුන්මයි
එදාට පහළ ඉඳන් උන්ට හුරේ දාන්නෙ අපිම තමයි ...
හැබැයි ඉතිං එහෙමෙයි කියල එවුන් එක්ක අනෙක් එවුන්ගෙ කිසිම ඇරියස් එකක් තිබුනෙ නෑ ...
අපි ගොඩාක් දේවල් එවුන්ගෙන් ඉගෙන ගත්තා
ඇහැක් හැම වෙලාවකම ගුරුවරුන්ගෙන් ගුටි නොකන හැටියට එවුන් අපිව ආරක්ෂා කරා ...
එලෙසින්ම තවමත් අපි එක්කුස උපන් සහෝදරයො වගේ
ආයෙ ඒකෙ කිසී වෙනසක් නෑ ...
මැද පේලිවල හිටි එවුන්ටත් ගුරුවරුන්ගෙන් පොඩි සැලකිල්ලක් තිබුනා හැබැයි අරිට වඩා අඩුයි
එවුන් ඇහැක් හැටියට ෂේප් එකේ කල්ගෙව්වා ජීවිතෙත් සාමාන්‍ය හැටියට ජයගත්තා ...
අන්තිම පේලිවල හිටිය එවුන්ටනං අබම සරණයි
සමහර ගුරුවර ගුරුවරියො කතා කලේ හරියට එවුන් එයාලගෙ වෛරක්කාරයො වගේ ...
එවුන්ට ආමන්ත්‍රණය කරන්න සත්තු වත්තෙ නම් සැට් එකම පාවිච්චිකරා ...
සත්තුන්ගෙ අඩුපාඩුවක් උනහම කාළකණ්ණියා වලතුකොල්ලා ගල්මූසලය යන වචනත් එළිබැස්ස ...
ඒ විතරක් නෙවි එවුන් ඈනුමක් ඇරියත් ඇහිල්ලක් බැලිල්ලක් නැතිව උන්ට තඩිබෑවා ...
උන් විෂයන් ඔක්කෝම කරේ එකම පොතක නැතිනම් පොත් දෙකක
ඒ එවුන් සන්තකේම තිබුනෙ එච්චර නිසා
තීන්ත පෑන් ගන්න කාසි හිඟ එවුන් පාවිච්චි කලේ අතටවත් අහුවෙන් නැති පැන්සල් කොට ...
එවුන්ට ක්ලීන් සූට් තිබ්බෙ නෑ
හැට්ට කටු ගහං පටි අමුන ගත්ත රබර් සෙරෙප්පු කුට්ටම තමයි
හැතැප්ම ගානක් ඉස්කෝලෙ එන පාරෙ තාර වලින් සිනිඳු යටිපතුල් නොපිච්චෙන්න තිබ්බ එකම පිහිට ...
ඒකටත් එවුන්ට තඩිබෑව
එවුන් ඈනුම් ඇරල පන්තිය ඇතුලෙ කලන්තෙ දාන්නෙ වේල්ගානක් බඩගින්නෙ හිටි නිසා කියල ගුරුවයො හෙව්වෙ නෑ ...
කමීසෙ පොඩිවෙලැයි කියලත් තඩිබෑවා
ටීචර්ල දන්නෑ ඒ උඩ පැන පැන තඩිබෑවෙ දුප්පත් කමටයි කියලා ...
එවුන් පැලක් අටවගෙන හිටිය වත්තටම ඉස්තිරික්කයක් නෑ කියල දවසක් එකෙක් මට කිව්වා ...
අපේ ගෙදර පොල්කටු අඟුරු ඉස්තිරික්කයක් තියෙයි කිව්වම ...
එදා ඉඳලා ඉස්කෝලෙ යන ගමන් එවුන් අපේ ගෙදර ආවා කමීසෙ මැදගන්න ...
එවුන් දුප්පත් උනත් මම ඒ ගෙවල් වල ගියා
එනිසා ඒ අම්මල තාත්තල ජීවත් වෙන්න කරන සටන මයෙ දෑහින් හොඳටෝම දැක්කා
මුළු පවුලම බුදියගත්තෙ බිම මැටි ගෑ පොල් අතු හෙවිලි කරගත්
අහසෙ තරුපේන හතරැස් කොටුවක
වැහි රෑට උන් ඇහෑරල හිටියෙ ...
උන්ගෙ දුප්පත්කම නිසාම මං උන්ට ආදරය කලා
ඒ කිව්වෙ අනෙක් උන්ට ආදරේ නෑ කියන එක නෙවි ...
මුන්ගෙ දුප්පත්කම අසරණකම දැකල මං ඒ පැත්තට වැඩිය බරවුනා එච්චරයි
ඒ මාත් අසරණ නිසා ...
උනුත් පවුල් පිටින්ම මට ආදරය කලා
අදටත් ගියාම එහෙමමයි ...
පන්තියෙ වෙච්චි හැම බඩ කඩුත්තුවකටම ගුටි කාපු උන් සැට් එක ...
පන්තියෙ අන්තිම පේලියෙනුත් හැලිල
අන්තිමට කාටවත් නොදන්වාම ඉස්කෝලෙනුත් හැලුනා ...
එවුන් නොදකින කොට අපිට හරිම වේදනාවක් තිබුනේ
හැබැයි එවුන් අතරෙ හොඳ දක්ෂයො හිටිය ...
ඒත් උන්ව තෝරල බේරල ගන්න සිස්ටම් එකක් අපිට තිබුනෙ නෑ
අන්න ඒ වගේ අය ගොඩ දාන්න ක්‍රමයක් අපිට අවශ්‍යයි
එහෙව් එකක් තාමත් අපිට තියෙද හැකයි ...
පහුකාලෙක සමහරක් එවුන් තමන්ගෙම මහන්සියෙන්ම දක්ෂතාවන් අනුව එක එක ක්ෂේත්‍රවල උඩටම ගියා ...
සමහර එවුන් හිරේ විලංගුවෙ වැටුනා
තවත් සමහරු මත් රකුසට ගොදුරු උනා ...
දුප්පතකම විසින්ම එවුන් අතරමං කලාට
අදටත් මං ඒ හැම එකාටම ආදරෙයි
ඒ උන්ගෙ බොක්ක හොඳ නිසා ...
අදටත් ගමේ ගියාම තාමත් මං එවුන්ව හොයනවා ...
ඒත් සමහර එවුන්ගෙ ආගිය තැන් දන්න එකෙක් අද ගමේම නෑ ...
මෙය කියවන නුඹලාත්
අනිවාර්යෙන්ම මෙම ගොඩවල් තුනෙන් එකකට වැටුන පිංවන්තයින් යැයි සිතමි ...
පවතින ක්‍රමේට අනුව
ඇති එවුන් නැති එවුන්ව පාගලා නැති බංගස්තාන කරලා ...
එවුන් අමාරුවෙන් පැලක් අටවගෙන ජීවත්වුන වතු මුඩුක්කු ඔක්කෝම යට කරගෙන
අද මහා තප්පදෝරු බිල්ඩින් ඉලිප්පිල ඇවිත් ...
ගමත් අද හරියට අමුතුවෙලා
එදා තිබිච්ච සොබා සෞන්දර්ය අද නෑ ...
හුඟක් එවුන් ඒකට කියන්නෙ දියුණුව කියලයි
එක පැත්තකින් දියුණු වෙච්චි කොන්ක්‍රීට් වනාන්තර අහස උසට දුටුවත්
තවත් පැත්තකින් මිනිස් සිත් ඉරිසියාවෙන් තණ්හාවෙන් වෛරයෙන් පිරිලා ඉතිරිලා ...
ඉස්සර ගහක් යට ඈඳි වෙලා ඉන්නකොට
ගස් අතරින් අපිට හැමදාම ඇහැ ගැටුන සුන්දර සන් රයිස් එක සන් සෙට් එක බලන්න ...
අද අර තප්පදෝරු බිල්ඩින් වල ස්කයි ඩෙක් එකට නගින්ටෝනැ
උන් ඒකටත් ගමේ එකාගෙන් සල්ලි ගන්නවා
නැති නම් දකින්න ලැබෙන්නෙ තමන්ගෙම හෙවනැල්ල විතරමයි ...
හුඟාක් එවුන් හිතාන ඉන්නෙ දියුණුව කියන්නෙ රුපියල් සත කියලයි ...
ඒත් රුපියල් සත වලින් දියුණුව දකිනකොට හුඟාක් අය අමු තිරිසන් වෙනවා ...
ධර්මයෙන් පෙන්වන සැබෑ දියුණුව නම්
ලෝභ ද්වේශ මෝහ වලින් මිදුන මිනිස් සිතේ දියුණුවයි ...
මග හැරුණු අන්තිම පෙළේ අන්තිම එකාවත්
අත අල්ලලා ගොඩ දාන දවසට පමණමයි
අපේ අධ්‍යාපනයෙ නියම දියුණුවක් දකින්ට ඇහැක් වෙන්නේ ...
එය ඈතක නොවේවායිද
එය දකිනතුරු මේ හුස්ම පොද වැටෙනු ඇතැයිද සිතමි ...
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
කියවූ තරම්
Monday, February 23, 2026
Monday, January 19, 2026
පිරිවෙන
හිච්චි එවුන් කාලෙ ...
අපි හැදුන වැඩුන ගාල්ලෙ අයිස්මෝල හන්දියෙ
ගෙදර දෙපැත්තෙම තිබුනෙ පිරිවෙන් ...
පිරිවෙන් දෙක මැද්දෙන් කඹබානෙ මුස්ලිම් පල්ලිය
ඊට මීටර සීයක් විතර ගිහින් කෝච්චි පාරෙන් එගොඩ උනහම පෙන්තකොස්ත සභාව
ඊටත් ටිකක් එහායින් කන්ද මුදුනෙ කතෝලික පල්ලිය
පල්ලියට අනෙක් පැත්තෙන් කන්‍යාරාමෙ
කන්‍යාරාමෙට තවත් මීටර පනහක් සීයක් විතර දුරින් කෝවිල් දෙක ...
ඉතිං මේ හැම ආගමික ස්ථානයකටම අපි ආවා ගියා
හැම ආගමික නායකයෙක්ගෙන්ම
හොඳ නරක ඉගෙන ගත්තා
හැබැයි වැඩියෙන්ම ලංවුනේ පිරිවෙනට ...
(පිරිවෙන = ලංකාවෙ බෞද්ධ භික්ෂූන්ගේ අධ්‍යාපනය සඳහා පවත්නා ආයතනයක් ...
පාලි, සංස්කෘත, සිංහල, බෞද්ධ දර්ශනය භික්ෂු විනය වගේ විෂයයන් ඉගැන්වූ ප්‍රධාන බුද්ධිමය උරුමය රැකගත් මහා අධ්‍යාපන පද්ධතියක්)
ගෙදරට දකුණු පැත්තෙ ටිකක් ඉස්සරහින් ශ්‍රී පුඤ්ඤසාර පිරිවෙන
වම් පැත්තෙන් විද්‍යාලෝක පිරිවෙන
ගෙදර ඉඳලා මේ දෙකටම තිබුනෙ මීටර සීයක් දෙසීයක් විතර දුර ...
ඒ කාලෙ හුඟක් දරුවො ඉස්කෝලෙ යන ගමන් පිරිවෙනටත් ගියා
ගමේ දහම් පාසැල්වල ඉගෙන්නුවෙත් පිරිවෙනේම ඉගෙන ගන්න අයියල අක්කලයි
පිරිවෙනේම උගන්වන හා ඉගෙන ගන්නා ස්වාමීන් වහන්සේලායි තමයි ...
නොමේරූ කාලෙ අපිත් නරුමයො තමයි
හිච්චි වයසට කරතෑකි හැම කඩප්පුලි වැඩක්ම කරා ...
හැබැයි හිත් ගැඹුරෙ පිරිවෙන් ඉගැන්වීම් පැළපදියම් වෙල තිබිල
වයසින් මුහුකුරා යනකොට මග වැරදිච්ච වෙලාවට
ඒවා උඩට මතුවෙනවා අපිටම මාර්ගය හදාගන්න
එතනයි වෙනස ...
මට මේ ගැන කොටන්න හිතුනෙ මේං මේ නිසා ...
~~~~~
අම්මපා බං පහුගිය ජෙන් ගනනාවකම
වැඩිමනක් තරුණ පරපුර කරන කියන මනස්ගාත දැක්කහමයි
මහ එවුන් කරන පිස්සුයි දැක්කම
රටේ අධ්‍යාපනය කොච්චරට පිරිහිලාද කියල හිතා ගතෑකිනෙ …
හරි ඒක එහෙමයි කියල ඩිංගිත්තකට පැත්තට කරමුකෝ ...
දැං වැඩේ කියන්නෙ බං ...
ඔය ගිරිය පුප්පං පිඹින වැඩිමනක් සඟ පරපුර කරන කියන මනස්ගාත දැක්කහම
බොලැයි දෑහට පැහැදිලිවම පේන්නෙ පිරිවෙන් අධ්‍යාපනේ පිරිහීමක් නෙවිද බං ???
මට නං පේන්නෙ එහෙමයි ...
ඕං දැන් බලහං ...
වැඩිමනක් අපේ ඇත්තන් අති උතුම් කෝටියක් සංවර සීලය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වැළඳ ගෙන
කරදණ්ඩ ටිකක් ලොකු මහත් වෙනකොට ඔවුන් විසින්ම ඒ සීලයෙන් නිර්වස්ත්‍ර වෙලා
ප්‍රඥාවෙන් කරකුට්ටං වෙන්නම හිත වේලගෙන
විනයෙන් නැති බංගස්ථාන වෙලා
පැවිද්ද බිමටම වට්ටලා …
ඔවුන් විසින්ම ප්‍රඥාව භාෂාවේ ශබ්දයකට විතරක්ම හිරකරගෙන
පැවිද්ද කහ වස්ත්‍රයකට පමණක්ම සීමා කරගෙන …
ධර්මය පොත් පිටුවකට පමණක්ම වෙන්කරලා ...
ධර්මය වෙනුවට ආගම පෙරට ඈඳගෙන
ආගමත් පැවිද්දත් දිවියකට වඩා රැකියාවක් බිස්නස් එකක් කරගෙන …
කහවනු පොදි බර වුණාට හිත් පොජ්ජ හිස් කරගෙන ...
ඒ අති උතුම්ම ධර්මය මනාව ඉගෙන ගෙන
සංසාරය කියන ගංගාව තරණය කරන්ට අවශ්‍ය ශක්තිමත් පාරුවක් කර නොගෙන
ඒ අති උතුම් දර්ශනය පිළිපදින්න කැපනොවී වෙළඳ භාණ්ඩයක් කරගෙන ...
මොන මහා විගඩමක්ද බං මේ නටන්නෙ ???
ඇයි බං ගඟ හරහා එතෙර වෙන්න තියෙන ඔරුව ...
උස්සගෙන හිස මත තියාන යන කොට
මිනිස්සු ඒ ගඟේම ගිලිල මැරෙනවනෙ බං
ඒක ඉතිං ආයෙ අහන්න කියන්න දෙයක්යැ …
ප්‍රවජ්ජාව මුල් කරගෙන බැස්ස සැට් එක සංසාරේ නව නාම වලින් තවත් වට ගානක්ම කැරකෙයි වගේ ...
හා නැද්ද මං අහන්නෙ ???
අන්ධයන්ට අන්ධයන්ම පාර පෙන්නනකොට
වළට වැටෙන්නෙ එකෙක් නෙවෙයි බං
පරම්පරා හැට හුට හමාරක්ම ...
ඒත් අපියි කියල දොස් කියන්නෙ කාටද බං ...
පහනුත් තියෙනං
තෙලුත් තියෙනං
තිරත් තියෙනං ...
සැඩ සුළඟකටවත් නොනිවී ආලෝකය දෙන්න නොදන්නවානං අපි මක් කොරන්නද බං ...
හැබැයි ඉතිං දෝෂය ඇත්තෙ තරුණ සිත්වලමත් නෙවි බං …
මයෙ ගොන් මොළේට අහුවෙන හැටියටනං දෝෂය ඇත්තේ ...
දල්වන්න අසූහාර දාහක් පහන් තිබුණත් ...
ඒ පහන් වලට පිළියෙල කල තෙල් ටිකත්
පහන් තිරත් දාන්න අමතක කළ හැම එකාගෙම අතේ …
අනේ මන්දා බං
අඳුරෙම ඉඳගෙන
අඳුරටම පිරිත් කිය කිය
කවදා අඳුරෙන් ගැලවෙයිද බං අපි ...
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
අපි හැදුන වැඩුන ගාල්ලෙ අයිස්මෝල හන්දියෙ
ගෙදර දෙපැත්තෙම තිබුනෙ පිරිවෙන් ...
පිරිවෙන් දෙක මැද්දෙන් කඹබානෙ මුස්ලිම් පල්ලිය
ඊට මීටර සීයක් විතර ගිහින් කෝච්චි පාරෙන් එගොඩ උනහම පෙන්තකොස්ත සභාව
ඊටත් ටිකක් එහායින් කන්ද මුදුනෙ කතෝලික පල්ලිය
පල්ලියට අනෙක් පැත්තෙන් කන්‍යාරාමෙ
කන්‍යාරාමෙට තවත් මීටර පනහක් සීයක් විතර දුරින් කෝවිල් දෙක ...
ඉතිං මේ හැම ආගමික ස්ථානයකටම අපි ආවා ගියා
හැම ආගමික නායකයෙක්ගෙන්ම
හොඳ නරක ඉගෙන ගත්තා
හැබැයි වැඩියෙන්ම ලංවුනේ පිරිවෙනට ...
(පිරිවෙන = ලංකාවෙ බෞද්ධ භික්ෂූන්ගේ අධ්‍යාපනය සඳහා පවත්නා ආයතනයක් ...
පාලි, සංස්කෘත, සිංහල, බෞද්ධ දර්ශනය භික්ෂු විනය වගේ විෂයයන් ඉගැන්වූ ප්‍රධාන බුද්ධිමය උරුමය රැකගත් මහා අධ්‍යාපන පද්ධතියක්)
ගෙදරට දකුණු පැත්තෙ ටිකක් ඉස්සරහින් ශ්‍රී පුඤ්ඤසාර පිරිවෙන
වම් පැත්තෙන් විද්‍යාලෝක පිරිවෙන
ගෙදර ඉඳලා මේ දෙකටම තිබුනෙ මීටර සීයක් දෙසීයක් විතර දුර ...
ඒ කාලෙ හුඟක් දරුවො ඉස්කෝලෙ යන ගමන් පිරිවෙනටත් ගියා
ගමේ දහම් පාසැල්වල ඉගෙන්නුවෙත් පිරිවෙනේම ඉගෙන ගන්න අයියල අක්කලයි
පිරිවෙනේම උගන්වන හා ඉගෙන ගන්නා ස්වාමීන් වහන්සේලායි තමයි ...
නොමේරූ කාලෙ අපිත් නරුමයො තමයි
හිච්චි වයසට කරතෑකි හැම කඩප්පුලි වැඩක්ම කරා ...
හැබැයි හිත් ගැඹුරෙ පිරිවෙන් ඉගැන්වීම් පැළපදියම් වෙල තිබිල
වයසින් මුහුකුරා යනකොට මග වැරදිච්ච වෙලාවට
ඒවා උඩට මතුවෙනවා අපිටම මාර්ගය හදාගන්න
එතනයි වෙනස ...
මට මේ ගැන කොටන්න හිතුනෙ මේං මේ නිසා ...
~~~~~
අම්මපා බං පහුගිය ජෙන් ගනනාවකම
වැඩිමනක් තරුණ පරපුර කරන කියන මනස්ගාත දැක්කහමයි
මහ එවුන් කරන පිස්සුයි දැක්කම
රටේ අධ්‍යාපනය කොච්චරට පිරිහිලාද කියල හිතා ගතෑකිනෙ …
හරි ඒක එහෙමයි කියල ඩිංගිත්තකට පැත්තට කරමුකෝ ...
දැං වැඩේ කියන්නෙ බං ...
ඔය ගිරිය පුප්පං පිඹින වැඩිමනක් සඟ පරපුර කරන කියන මනස්ගාත දැක්කහම
බොලැයි දෑහට පැහැදිලිවම පේන්නෙ පිරිවෙන් අධ්‍යාපනේ පිරිහීමක් නෙවිද බං ???
මට නං පේන්නෙ එහෙමයි ...
ඕං දැන් බලහං ...
වැඩිමනක් අපේ ඇත්තන් අති උතුම් කෝටියක් සංවර සීලය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වැළඳ ගෙන
කරදණ්ඩ ටිකක් ලොකු මහත් වෙනකොට ඔවුන් විසින්ම ඒ සීලයෙන් නිර්වස්ත්‍ර වෙලා
ප්‍රඥාවෙන් කරකුට්ටං වෙන්නම හිත වේලගෙන
විනයෙන් නැති බංගස්ථාන වෙලා
පැවිද්ද බිමටම වට්ටලා …
ඔවුන් විසින්ම ප්‍රඥාව භාෂාවේ ශබ්දයකට විතරක්ම හිරකරගෙන
පැවිද්ද කහ වස්ත්‍රයකට පමණක්ම සීමා කරගෙන …
ධර්මය පොත් පිටුවකට පමණක්ම වෙන්කරලා ...
ධර්මය වෙනුවට ආගම පෙරට ඈඳගෙන
ආගමත් පැවිද්දත් දිවියකට වඩා රැකියාවක් බිස්නස් එකක් කරගෙන …
කහවනු පොදි බර වුණාට හිත් පොජ්ජ හිස් කරගෙන ...
ඒ අති උතුම්ම ධර්මය මනාව ඉගෙන ගෙන
සංසාරය කියන ගංගාව තරණය කරන්ට අවශ්‍ය ශක්තිමත් පාරුවක් කර නොගෙන
ඒ අති උතුම් දර්ශනය පිළිපදින්න කැපනොවී වෙළඳ භාණ්ඩයක් කරගෙන ...
මොන මහා විගඩමක්ද බං මේ නටන්නෙ ???
ඇයි බං ගඟ හරහා එතෙර වෙන්න තියෙන ඔරුව ...
උස්සගෙන හිස මත තියාන යන කොට
මිනිස්සු ඒ ගඟේම ගිලිල මැරෙනවනෙ බං
ඒක ඉතිං ආයෙ අහන්න කියන්න දෙයක්යැ …
ප්‍රවජ්ජාව මුල් කරගෙන බැස්ස සැට් එක සංසාරේ නව නාම වලින් තවත් වට ගානක්ම කැරකෙයි වගේ ...
හා නැද්ද මං අහන්නෙ ???
අන්ධයන්ට අන්ධයන්ම පාර පෙන්නනකොට
වළට වැටෙන්නෙ එකෙක් නෙවෙයි බං
පරම්පරා හැට හුට හමාරක්ම ...
ඒත් අපියි කියල දොස් කියන්නෙ කාටද බං ...
පහනුත් තියෙනං
තෙලුත් තියෙනං
තිරත් තියෙනං ...
සැඩ සුළඟකටවත් නොනිවී ආලෝකය දෙන්න නොදන්නවානං අපි මක් කොරන්නද බං ...
හැබැයි ඉතිං දෝෂය ඇත්තෙ තරුණ සිත්වලමත් නෙවි බං …
මයෙ ගොන් මොළේට අහුවෙන හැටියටනං දෝෂය ඇත්තේ ...
දල්වන්න අසූහාර දාහක් පහන් තිබුණත් ...
ඒ පහන් වලට පිළියෙල කල තෙල් ටිකත්
පහන් තිරත් දාන්න අමතක කළ හැම එකාගෙම අතේ …
අනේ මන්දා බං
අඳුරෙම ඉඳගෙන
අඳුරටම පිරිත් කිය කිය
කවදා අඳුරෙන් ගැලවෙයිද බං අපි ...
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
Tuesday, January 6, 2026
හිච්චි අයියා
ගිනියම් වූ තාර පාරෙ
ඕර්සියර් ලොකු සමරේ ...
ගස් සෙවනෙයි බංකු උඩයි
හරිත පොළොවෙ පහස සැපයි
හැම එකාම ගොඩ ගන්නට
දීපු සටන දැනට නිමයි ...
උන් හිටි තැන්
ආ ගිය තැන්
අපටම වෙන්වූ රහසක් ...
දුක සැප සිනහව කඳුළද
නැත දන්නේ වෙන කිසිවක්
අයිස් මෝළ හන්දිය ළඟ
පේදිකුඹුර මිහිඳුව තුළ
පුඤ්ඤසාරෙ දහම් පියස
සංඝරාමෙ රෑ පාසැල
කොම්පඤ්ඤවීදියෙ හන්දිය
පීරිස් රෝඩ් ජුබිළි කණුව
පිටකෝට්ටෙ වලේ ගෙදර
වත්තෙගෙදර කැළණිමුල්ල ...
දූපත්වල කල්පිටියේ
බල කරවල වාඩි ඇතුලෙ
ඇළේ දොලේ වැවේ ගඟේ
සී බාත් නං ගාලු කොටුවෙ
පොළොන්නරුවෙ අනුරපුරේ
මඩුපල්ලියෙ කොච්චිකඩේ
කඳසුරිඳුගෙ කතරගමේ
ජමි අල්ෆර් කොළඹ කොටුවෙ
සුගතදාසෙ ප්‍රේමදාසෙ
සීටීබී ශාලිකාවෙ
කටුකුරුන්දෙ ෆෝමියුලා
ගෙදර ආවෙ වෙරි හිඳිලා ...
ලුම්බිණියෙයි ටවර් එකෙයි
රියෝ එකෙයි සැවෝයි එකෙයි
බුහාරියෙයි තෝසෙ කඩෙයි
ෆලූඩ බිව් නානා කඩෙයි ...
කරවට අත දමායන්න
නුඹ මිස වෙන කවුරු එයිද ...
ගාලු සමාජය සරසන්ස්
ටැමිල්ස් සිංහලීස් මුවර්ස්
බීආර්සි කෝල්ට්ස් නොමැඩ්ස්
එයා ෆෝස් ආමි ග්‍රවුන්ඩ්ස්
හැව්ලොක් පාර්ක් පොලිස් ග්‍රවුන්ඩ්ස්
බ්ලූම්ෆීල්ඩ් රීඩ් ඇවනිවු
අස්ගිරියෙයි ඇතුගල්පුරෙයි
ඩී සොයිසා මොරටුවෙනං ...
ගියවිට අදටත් නැගෙන්නේ
ඒ සුන්දර වූ මතකයි ...
සිය මිතුරන් පුරවාගෙන
පිටිය කොනේ රාගෙ දාන
සදර්න් ගාමිණී රන්තරු
ගෝල් යූත් හා සමගිද
වොලි බෝලය පාපන්දුව
බැට් එක බෝලෙද අතැතිව
කුඹුරෙ කෙතේ පොල් වත්තේ
කුණු වත්තේ ග්‍රවුන්ඩ් එකේ
රෑම් පාට්ස් ගාලු කොටුවෙ ...
ගෝල් ග්‍රවුන්ඩ්ස් එස්එස්සී
ඕවල් ඇන්ඩ් ඇන්සීසී
මෙකී නොකී හැම පිටියක
උඹෙ ඉස්පින් වැඩ කෙරුවොත්
හැන්දෑවට අපි යයි ගොඩ ...
පාටියකදි කෑ බිව් විට
අනෙක් එවුන් හෙලවෙනවිට
උඹේම නැටුමක් උඹහට
තිබුනා මතකයි ...
මෙත්තා මුදිතා කරුණා
ඔවදන් තරවටු ආදර
සාදය මංගල පාටිය
මරණය බණ සහ දානය
පල්ලිය පන්සල පිංකම
දන්සල සහ වෙසක් තොරණ ...
අපි ආ ගිය හැම තැන්වල
හිස් වී ඇත ඔබ නැති තැන ...
හිනාව විහිළුව පුරවන
නුඹ සිටිනා තැන හිස් නැත ...
සංසාරේ කවදා හෝ
අපි ආයෙත් හමුවුනවිට
සුපුරුදු උණුහුම පිරිච්චි
සුපුරුදු ලෙන්ගතු කමකින්
අනෙ ආයෙත් වැළඳගනින්
මේ මාවම ...
ආං එදාට උඹට කියතෑකි නං ...
“බච් ... මං මේ උඹේ හිච්චි අයියා කියලා"
මං එන්නං ආයෙත් උඹෙ අතේ එල්ලිලා ...
නිවන් දක්නා ජාති දක්වා ...
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
ඕර්සියර් ලොකු සමරේ ...
ගස් සෙවනෙයි බංකු උඩයි
හරිත පොළොවෙ පහස සැපයි
හැම එකාම ගොඩ ගන්නට
දීපු සටන දැනට නිමයි ...
උන් හිටි තැන්
ආ ගිය තැන්
අපටම වෙන්වූ රහසක් ...
දුක සැප සිනහව කඳුළද
නැත දන්නේ වෙන කිසිවක්
අයිස් මෝළ හන්දිය ළඟ
පේදිකුඹුර මිහිඳුව තුළ
පුඤ්ඤසාරෙ දහම් පියස
සංඝරාමෙ රෑ පාසැල
කොම්පඤ්ඤවීදියෙ හන්දිය
පීරිස් රෝඩ් ජුබිළි කණුව
පිටකෝට්ටෙ වලේ ගෙදර
වත්තෙගෙදර කැළණිමුල්ල ...
දූපත්වල කල්පිටියේ
බල කරවල වාඩි ඇතුලෙ
ඇළේ දොලේ වැවේ ගඟේ
සී බාත් නං ගාලු කොටුවෙ
පොළොන්නරුවෙ අනුරපුරේ
මඩුපල්ලියෙ කොච්චිකඩේ
කඳසුරිඳුගෙ කතරගමේ
ජමි අල්ෆර් කොළඹ කොටුවෙ
සුගතදාසෙ ප්‍රේමදාසෙ
සීටීබී ශාලිකාවෙ
කටුකුරුන්දෙ ෆෝමියුලා
ගෙදර ආවෙ වෙරි හිඳිලා ...
ලුම්බිණියෙයි ටවර් එකෙයි
රියෝ එකෙයි සැවෝයි එකෙයි
බුහාරියෙයි තෝසෙ කඩෙයි
ෆලූඩ බිව් නානා කඩෙයි ...
කරවට අත දමායන්න
නුඹ මිස වෙන කවුරු එයිද ...
ගාලු සමාජය සරසන්ස්
ටැමිල්ස් සිංහලීස් මුවර්ස්
බීආර්සි කෝල්ට්ස් නොමැඩ්ස්
එයා ෆෝස් ආමි ග්‍රවුන්ඩ්ස්
හැව්ලොක් පාර්ක් පොලිස් ග්‍රවුන්ඩ්ස්
බ්ලූම්ෆීල්ඩ් රීඩ් ඇවනිවු
අස්ගිරියෙයි ඇතුගල්පුරෙයි
ඩී සොයිසා මොරටුවෙනං ...
ගියවිට අදටත් නැගෙන්නේ
ඒ සුන්දර වූ මතකයි ...
සිය මිතුරන් පුරවාගෙන
පිටිය කොනේ රාගෙ දාන
සදර්න් ගාමිණී රන්තරු
ගෝල් යූත් හා සමගිද
වොලි බෝලය පාපන්දුව
බැට් එක බෝලෙද අතැතිව
කුඹුරෙ කෙතේ පොල් වත්තේ
කුණු වත්තේ ග්‍රවුන්ඩ් එකේ
රෑම් පාට්ස් ගාලු කොටුවෙ ...
ගෝල් ග්‍රවුන්ඩ්ස් එස්එස්සී
ඕවල් ඇන්ඩ් ඇන්සීසී
මෙකී නොකී හැම පිටියක
උඹෙ ඉස්පින් වැඩ කෙරුවොත්
හැන්දෑවට අපි යයි ගොඩ ...
පාටියකදි කෑ බිව් විට
අනෙක් එවුන් හෙලවෙනවිට
උඹේම නැටුමක් උඹහට
තිබුනා මතකයි ...
මෙත්තා මුදිතා කරුණා
ඔවදන් තරවටු ආදර
සාදය මංගල පාටිය
මරණය බණ සහ දානය
පල්ලිය පන්සල පිංකම
දන්සල සහ වෙසක් තොරණ ...
අපි ආ ගිය හැම තැන්වල
හිස් වී ඇත ඔබ නැති තැන ...
හිනාව විහිළුව පුරවන
නුඹ සිටිනා තැන හිස් නැත ...
සංසාරේ කවදා හෝ
අපි ආයෙත් හමුවුනවිට
සුපුරුදු උණුහුම පිරිච්චි
සුපුරුදු ලෙන්ගතු කමකින්
අනෙ ආයෙත් වැළඳගනින්
මේ මාවම ...
ආං එදාට උඹට කියතෑකි නං ...
“බච් ... මං මේ උඹේ හිච්චි අයියා කියලා"
මං එන්නං ආයෙත් උඹෙ අතේ එල්ලිලා ...
නිවන් දක්නා ජාති දක්වා ...
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
Thursday, January 1, 2026
අනේ මන්දා ...
අනේ මන්දා …
හැමෝටම පන්සිල් දෙන ඇත්තන්ටත් පන්සිල් දෙන්න කෙනෙක් නැති හැටි දැක්කම අපි මක්කා කරන්නද හිතෙනවා …
අන් අයගේ සිත් සනසන්න දහස් වාර ගිලිහුණු අත් අල්ලලා තමාගේම සිත නිහඬව පන්සිල් ඉල්ලද්දී
ඒ හඬ අහන්න කෙනෙක්වත් නැති ලෝකෙක
ඇත්තටමද සිවුරත් බරක් වගේ දැනෙනවා ඇති …
ඒත් ...
එහෙම හිතෙන එකත් පව් නොවෙයි කියලා හිතට පන්සිල් දීලා මේ කාම ලෝකෙ තුන් දොර පිනවමින්
තවත් දවසක් ජීවත් වෙන්න ඔවුන් උත්සාහ කරනවාත් ඇති …
ඒ උත්සාහය අතරේ නමස්කාරයක්වත් නැති හිතාගත් පන්සිලක් කඳුළු තුලින්ම ඔවුන් තමන්ටම දීගෙන
නිහඬව බුදුන් වෙත සිත් නමාගෙන ඉන්නවාත් ඇති …
නිමක් තියේවිද සංසාරේ ...
සියළු සත්වයෝ නිදුක් වෙත්වා
නීරෝගී වෙත්වා
සුවපත් වෙත්වා
සත්‍යම අවබෝධ වී
මෙදුකින් මිදෙත්වා !!!
🙏🙏🙏
Saturday, June 15, 2024
කපිතාන්
ඇත්තටම බං ඔය කැප්ටන්සිය කියන්නෙ මොකක්ද බං ...
අපි ඉතිං ඔය රූප පෙට්ටියෙ කෑගහන ක්‍රිකට් ඔස්තාර්ල වගේ හෙන හෙන එක්ස්පර්ට්ල නොවුනත්
ඉතිං ඕං ඔහෙ නිකං ඉන්නේ එකේ ටිකක් හිතල බලමුද ඒ ගැන අපිට තේරෙන හැටියට ...
මං අහල කියවල තේරුම් අරන් තියෙන හැටියට නං කැප්ටන්සිය කියන්නේ ...
ඉතාමත් කුතුහලය දනවන අභියෝගාත්මක වගකීම් සහගත එහෙත් ඉතාමත් උද්යෝගිමත්ව කරගෙන යායුතු ගෞරවනීය චාරිකාවකි
Yes its a journey ...
නැතිනම් ඇන ගැනීම පස්වාන් දහසකට සිකුරුය ...
මේ සියල්ලක්ම මැද නායකයකු කිසිවෙකුටවත් අහංකාර නොවී සැමට ඉතාමත් නිරහංකාරව නිහතමානීව සිටීම වැදගත් විය යුතුය ...
Down to earth but still above all ...
පුස් නැති නියම නායකයෙක්ට අවශ්‍ය ප්‍රධානම සහ මූලිකම සුදුසුකම තමයි හොඳ ස්ට්‍රෝන්ග් කැරට්ටුව ...
තම සගයන් කණ්ඩායමේ ආචාර ධර්ම වලට අනුකූලව ක්‍රියා කරන්නේ නම්
කෑල්ලෙන් කෑල්ල ගියත් මුළු කණ්ඩායමේම එකිනෙකාට ඇති අන්නෝන්‍ය අවබෝධය විශ්වාසය හා ගෞරවය ශක්තිමත් කරගනිමින් ඉදරියට යෑම නායකයෙකුට ඉතා වැදගත්ය ...
එවන් කණ්ඩායමක් වැට්ටීම පහසු නැත ..
අනිවාර්යෙන්ම නායකයෙක් එක පැත්තකින් සමබර විය යුතු වන ගමන්ම අනෙක් පැත්තෙන්
අවශ්‍ය අවස්ථාවල ඇඟට පතට නොදැනී කූල් එකේ නිර්දය (Ruthless) තීරන ගන්නා සූක්ෂම උපාය මාර්ගිකයෙක්ද විය යුතුය ...
අනෙක් අතට ඔහු තම සගයන්ට හොඳම මිතුරා වන ගමන්ම ඔවුනගේ උපදේශකයෙකු හා මනෝ විද්‍යාඥයෙකු ලෙස කටයුතු කිරීමද ඇහැක් නම් යෙහෙකිය ...
(මෙය වැදගත් වන්නේ තම කණ්ඩායමේ සගයන්ගේ විවිධ අවස්ථාවන්හිදී ඔන් ඇන්ඩ් ඕෆ් ෆීල්ඩ් උඩ පහළ යන විවිධ මානසික තත්වයන් හඳුනාගෙන අවශ්‍ය උපදෙස් ලබාදීම නායකයෙකු වශයෙන් සුවිශේෂ වගකීමක් ඇති නිසාය)
මේ සියල්ල හඳුනාගත් නායකයා තම කණ්ඩායම මෝටිවේට් කරනා මෝටිවේටර් කෙනෙකුද විය යුතුය ...
(A faithful " People's Person" who is in touch with the human frailties and moods of his players)
මස්තිෂ්කය උඩ වාඩිවී සිටිනා නිළධාරීන් ඇති ආයතනයකින් නායකයාට බලපෑම් ඇති විය හැකි වුවද ...
ඒ මැටි මෝලන්ගේ බලපෑම් වලින් ඇතිවන ආතතියන් පාලනය කරගනිමින් ජයග්‍රහණයේ ඉලක්කය කරා යෑමට බොහෝ විට දුෂ්කර වූවද ...
මිනිසකු ලෙසින් හා නායකයෙක් ලෙසින් ඔහුගේ භූමිකාවන් සහ වගකීම් හරියාකාරව සිතා බලා තම සිතට අවංකව ක්‍රියාකල යුතුය ...
කිසි විටෙකවත් නායකයා තමන් පත්කළ එවුනගේ රූකඩයක් නොවිය යුතුය ...
මන්ද ඔහු එකොළොස් දෙනෙකු පමණක් මැද්දට රැගෙන ගොස් ක්‍රිඩා කළද ...
ඔහු නියෝජනය කරන පිරිස මිලියන ගනනකටත් වඩා වැඩිවිය හැකි නිසාය ...
කොටින්ම කියුවොත් නායකයා තම රටෙත් රසිකයන්ගෙත් ජනතාවගෙත් ගෞරවය ආරක්ෂා කරගනිමින්
එය තවත් ඉදිරියට ගෙනියන රාජ්‍ය තාන්ත්‍රිකයෙකි ...
~~~~
නායකයෙකුට ආදර්ශයෙන් නායකත්වය දීමට හැකියාව තිබිය යුතුවන අතර එමඟින් තම ක්‍රීඩකයන්ගේ ගෞරවය හා විශ්වාසය දිනා ගත යුතුය ...
Trust and Respect
Respect and Trust
තම කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුටම
ඔවුන්ගේ උපරිමයෙන් දස්කම් දැක්වීමට පෙළඹවීමට හැකි වන්නේ කුමක් දැයි ඔහු දැන සිටිය යුතුය ..
මෙය ක්ෂේත්‍ර නිපුනතාවයන් මත ප්‍රායෝගික බවට පරිවර්තනය කලයුතුය ...
(තම පන්දු රකින්නන් ස්ථානගත කිරීම පිතිකරණ ලැයිස්තුව පන්දු යවන පිළිලෙවල මේ සියල්ලක්ම පන්දුවෙන් පන්දුව වෙනස්විය හැක ...
එනිසා මේ අවස්ථාවන් හඳුනා ගෙන ජයග්‍රහණය කරා තම කණ්ඩායම මෙහයවීමට අවශ්‍ය සූක්ෂම දැනුමක් ඔහුට තිබිය යුතුමය)
ප්‍රහාර එල්ල (Attack) කළ යුත්තේ කුමන අවස්ථාවකද සහ
ආරක්ෂා සහිතව (Defend) ක්‍රීඩා කළ යුත්තේ කුමන අවස්ථාවකද යන්න ඔහු හොඳින් ක්ෂණිකව අධ්‍යයනය කල යුතුය ...
පිතිකරුගේ දුර්වලතා හඳුනාගෙන ඒවා ප්‍රයෝජනයට ගැනීමට ඔහුට හැකි විය යුතු අතර
පිතිකරුගේ පිතිකරණය මත පන්දු රකින්නන් ස්ථාන ගත කිරීමේ සම්පූර්ණ පාලනය හා දැනුම ඔහුට තිබිය යුතුය ...
නිවැරැදි තීරණ ගැනීමට සහ නිසි ප්‍රතිචාර දැක්වීමට හැකි වන පරිදි නායකයා ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම නීති දැන සිටිය යුතුමය ...
නායකයාට තම ක්‍රීඩකයින් සෑම විටම නිවැරදි මාවතේ සිටිනා බවට වග බලා ගැනීම සඳහා
සමහර අවස්ථාවන්වල කසය අතට ගැනීමට වුවද සිදු විය හැක ...
තම ප්‍රතිවාදීන්ට මොහොතක හෝ විවේකයක් ලබා නොදී තරගය නිමා කිරීමට නායකයාට මරුමුස් (Killer instinct) සහ බුද්ධියක් තිබිය යුතුය ...
එමෙන්ම නායකයා හොඳ පරිපාලකයෙකුද විය යුතුය ...
ක්‍රීඩකයින් හා ඔවුන්ගේ යහපැවැත්ම හොඳින් රැකබලා ගැනීම
තරඟ දිනවලදී කඩුල්ල නිවැදි ලෙස තක්සේරු කිරීම
කණ්ඩායම දිරිමත් කරමින් පිතිකරණ අනුපිළිවෙල සකස් කිරීම සහ ඔහුගේ මූලික අදහස් සහ උපාය මාර්ගයන් කණ්ඩායමේ සගයන්ට එකසේ තේරුම් යන ලෙස සන්නිවේදනය කිරීමේ හැකියාවද තිබිය යුතුය ...
ඔය ඉතිං මයෙ හිතට එන ඒවා ...
බොලාත් දන්න දෙයක් තියෙනං යටින් කොටහල්ලා
හැබැයි ඉතිං පුද්ගලිකව එකෙක් කෙනාට මඩ ගහන්න නං මෙතන පාවිච්චි එපා බොලල්ලා ...
මෙය හුදෙක්ම දන්නා නොදන්නා අපි අපි දැනුවත්වීම සඳහාම පමණි ...
වැරදි ඇතොත් සමාවෙයල්ලා මොකද අපි වැඩි යමක් දන්න එවුන් නෙවිනේ ...
Monday, June 10, 2024
පුංචි බොරැල්ල

අසූ දෙකේ මුල
මම නැවතිල හිටියෙ පුංචි බොරුල්ලෙ බෞද්ධ මධ්‍යස්ථානෙ ...
පුංචි බොරුල්ලෙ බෝගහ හන්දියෙ මාතර කඩේ ලඟ තිබුන පුංචි ගුරු පාරෙන් තමයි ඕකට යන්නෙ
අපිත් එක්ක ක්‍රිකට් ගහපු ප්‍රීතියගෙ විමලධර්ම බ්‍රදර්ස් ඔරලෝසු කඩෙත්
ඒ අහලමයි ...
බෞද්ධ මධ්‍යස්ථානයට ඇතුළුවෙල දකුණු අත පැත්තෙ තිබුන දිය සෙවෙල බේරුන පාට බිල්ඩිමේ දෙවෙනි තට්ටුවෙ කෙලවරේ කාමරේ අපි
නරකත් නෑ දිය බේරුන සෙවලෙත් ලස්සන රටා තියෙනව බං ...
දැන් ඔය ගොඩනැගිලි තියෙනවද දන්නෙත් නෑ
දේශපාළකයො එකතුවෙල රට කොයික වෙතත්
ඝණයන්ව අන්දල පන්සල්ම සංවර්ධනය කරල නිසා ...
මුළු ගාල්ලටම එහෙමත් නැතිනම් මුළු සිරිලකටම මිණි පහනක් වූ තිළෝක සුන්දරී කාරියවසම් මාතාවගෙ ගෙදර තිබුනෙ
අපි හිටිය ගොඩනැගිල්ල ඉදිරිපිට ගුරුපාරෙන් අනෙක් පැත්තෙ ...
අපිටත් ඉතිං හරී ආඩම්බරයි ඒ ගෙදර ලඟ ඉන්‍නව කියන්නත්
ඒ පහනෙ එළිය අපිටත් වැටුන කාලයක් මගෙ අක්කලගෙ මාර්ගයෙන් ...
මයෙ අක්කල දෙන්නා ඉගෙන ගත්තෙ මිණි පහන විදුහල්පතිනිය වෙල හිටියෙ ගාල්ලෙ ඝංමිත්තෙ ...
ගෙදර ඉස්තෝප්පුවෙ එතුමිය හිටියොත් සිරස නවල හිනාවක් දාල සංඤක ළයන්න වගේ ඇඹරිල තමයි
අපි බෞද්ධ මධ්‍යස්ථානෙට යන්නෙ ...
කාරියවසම් මාතාවටත් වඩා අපෙ උන්ගෙ ඇහැ ගියෙ මිණි පහනගෙ දෝණිට ...
මොකද ඒකිත් ඇහැට කනට පේන එකී ...
උඩ තට්ටුවෙ අපේ පැත්‍තට පේන කෙලවරේම කාමරේ තමයි දෝණි හිටියෙ
හා ... හා ... ඒ ගැන දැං ඇති ...
අපේ උන් මනෝමෙන් රටා මැවූ කාලෙනෙ ඒ දැරිවි දන්නෙත් නැතිව ඇති ඕවා ...
අපෙ සුම්මට (උපුල් සුමතිපාල) බෞද්ධ මධ්‍යස්ථානෙ පුංචි කාමරයක් තිබුන මීටර හතරයි හතරෙ ...
ඒකෙත් බාගයක් විතර අයිතිකාරයගෙ ලට්ට ලොට්ට පුරවල අපිට තිබුනෙ පුංචි තීරුවක් ...
කුලිය රැපියල් හතලිහයි මාසෙට
එකා රුපියල් දහය ගානෙ දාල අපි හතරක් ඕකෙ ලගේ
ඒ කියන්නෙ එකාට වර්‍ග මීටරයයි ...
අපි කොහොමටත් මීටරේ හොඳම එකනෙ ...
මගේ මිත්‍රයන් වන විජේ (සරත් විජේරත්න ), පිට්ට (ගජබා පිටිගල) සහ මගේම හිච්චි අයිය ඒජේ
හිච්චි අයිය හිටියෙ ඉඳල හිටල වැඩ කරන ෂිෆ්ට් එක අනුව ...
එතකොට අයිය පියෝ බෙවරේජර්ස් මම බ්‍රවුන්ස්
විජේ මොබයිල් මැරීන් පිට්ට ටුබැකෝ ...
හැබැයි ඉතිං අපි වැඩ කල කොම්පැණිවල සුද්දගෙ නම් තිබ්බට පඩිය පිච්චියයි
රස්සාවක් තියෙයි කියන්න නං හොඳයි ...
හැබැයි ඩෙසිග්නේෂන් ජූනියර් එක්සෙකටිව් කාටද ආඩම්බර නේහ් ...
ඕනෙ තැනක ගිහිල්ල කියන්න පුළුවන් කටක් ඇරල එක්සෙකටිව් කෑල්ලක් තියෙන නිසා ...
පඩි පත මාසෙ අන්තිමට අතට ආවම එක්සකටිව් කෑල්ල උරල සූප්පු කරන එක තමයි අපි කරන්නෙ
ඇයි බං වෙන මක්කරන්නෙයි ...
වැරදිලාවත් ඇහැට කනට පේන කෑල්ලක් අපි දිහා හැරිල බැලුවත් ...
ඇහැක් ගහල හන්දියෙ කඩෙන් කස ඇට දාපු අයිස් සරුවත් එකක් වත් ඔෆර් කරන්න සත පනහක් රුපියලක්වත් සාක්කුවෙ තිබ්බෙ නෑ බං
මයෙ අම්මාපල් ...
ඒ නිසා අපි උන් දිහා බැලුවෙත් නෑ බං උන් බැලුවත්
ඕං ඒකාලෙ එක්සෙකටිව්ලගෙ රඟේ ...
අසහනේ උපරිමේ ඒත් අපි උපරිම සැනසුමේ ...
මක්කරන්නද බං කොටින්ම කියුවොත් සීසන් ටිකට් එක නැති තැන්වලට යන්නෙ පයින් ...
ඒ මාසෙ අන්‍තිමට පඩි පත පන අදින කොට ...
ඇයි බං බස් ටිකට් එක ගන්න කාසි නෑ
ඒ කාලෙට පුහුණුවීම් වලට පුංචි බොරුල්ලෙ ඉඳල වනාතෙටම
බෑග් එකත් උස්සන් පයින් ...
බෞද්ධ මධ්‍යස්ථානෙ අපි හිටිය ගොඩනැගිල්ලට
අනෙක් ගොඩනැගිල්ලෙ බිම් මහලෙ කන්ඩම්බි අයියගෙ අයියගෙ කාමරෙ ...
Harithalal Sirikumara Kandamby
ඒක නං ඕං ෆුල් ලක්ෂරි
කාමරේ ලොකුයි ඩබල් බෙඩ් සමග ලියන මේසයක් ...
රේඩියෝව සහ රෑප පෙට්ටිය ස්ටීරියො ඩොල්බි ටූ වේ ඔටෝ රීවයින්ඩ් ඩබල් කැසට් ප්ලෙයර්
හොට් ප්ලේට් හීටර් මොස්කිටෝ නෙට් ඇටෑච් බාත් ...
ඒ කියුවෙ කාමරේටම අල්ලල එලියෙ පොඩි වතුර ටැංකියක් එයාලටම වෙන් කරල
ඉබ්බෙක් සමග දොරකුත් දාල ...
නැතිනං බං පුංචි බොරුල්ලම ඇවිල්ල ඕකෙන් නාල යයි ...
කණ්ඩම්බි අයියගෙ අනුකම්‍පාවෙන් අපිටත් පඩිපෙල බැහැල ගියාම ඇටෑච් බාත් ...
නැතිනම් කෝකටත් තෙෙලය නාන නොනාන දෙකටම පොදු පයිප්පෙ
බල්ලො කාක්කො සහ උනහපුලළුවො නාන්නෙත් ඒකෙ ...
බෞද්ධ මධ්‍යස්ථානෙ ප්‍රධාන ගොඩනැගිල්ල අපි හිටිය ගොඩනැගිල්ලට අනෙක් පැත්තෙ ...
ඒක පිටිපස්ස තමයි ඔය කාමර සියල්ලටම තිබුන වැසිකිලි පේලිය
පේමන්ට් කඩ පේලිය වගෙ එකට එක අල්ලල ...
ඒ කියන්නෙ කාමරේ පුංචි බොරැල්ලෙ
වැසිකිලිය බොරැල්ලෙ ...
හැම කාමරයකටම නොම්මරයක් දාල වැසිලියක් වෙන් කරල දොරට පුංචි ඉබ්බෙකුත් දාල
ඉබ්බට ඇහැට පේන නොපෙනෙන යතුරක් දෙනව ...
අවශ්‍යතාවය ආවම යතුරත් අරගෙන පනිට්ටුවෙ වතුර එකක් පුරවගෙන
වැසිකිලියට යන්‍න බස් එකේ ටිකට් එකක් ගන්නෝන ...
සමහර වෙලාවට යතුර අමතකවෙලා පඩිපෙල නැගගෙන කාමරේට ඇවිත් යතුර අරගෙන ආපසු දුවපු වාරත් එමටයි ...
සයිවර් කාල මහ රෑක හදිසියක් උනොත්
ලයිටුත් නැතිව කට්ට කළුවරේ ඉබ්බගෙ හිලත් හොයපංකො යතුර දාන්න ...
ඔය දාන වෙලාවට ඇටිකිච්චෙක් වගෙ යතුර බිම වැටෙන වාරත් එමටයි
යතුරෙත් හරි පැත්‍තක් වැරදි පැත්තක් තියෙනවනෙ බං ...
ඇයි බං අනෙක ලාබ ඉබ්බොනෙ ඕවට දාන්නෙත් ...
පොඩ්ඩක් ඇස් දෙක වහගෙන හිතපං මම කියුවට නිකං සීන් එක මොන වගේ ද කියල ...
හිරිගඩු පිපිල ඇඟ සීතල වෙල හිරිවැටෙනව නේ ...
හදිසියෙවත් එකෙකුට රෑට නැගිටල එලි පෙහෙළියට යන්න උනොත්
හතරදෙනාම නැගිටින්න ඕන පැක් කරල තියෙන විදියට ...
එහෙම නැත්නම් කාමරේ දොර අරින්න බෑ
දෙන්නෙක් දිගට එකෙක් හරහට අනෙකා දනිස් නවාගෙන තුන්මුලස් ඒතරමටම හිච්චියි
තුන් මුලස් එකා උදේ නැගිටල ටික වෙලාවක් ඇවිදින්නෙත් තුන්මුලස්
දනිස් දිග අරින්න බෑ...
සමහර රෑට ලඟ ඉන්න එකාගෙන් ෆුට් බෝල් පාරවලුත් කනව ලයින් මැච් යනකොට
රෑට හන්දියෙම තිබුන බත් කඩෙන් එක කටට ගල් තුන අනුපාතෙන්
නිවුුඩු හාලෙ බත් බාගයක් අරන් රෑට කාල රෙද්‍දක් බිම එලාන බුදියනව
ඒක කනවට වෙනම ගානක් අපි කඩෙන් අය කරන්නෝනෙ
ඇයි බං කාබ්ස් විටමින් මිනරල් විතරක් පාෂානත් පිරිල ...
පිට්ටට විතරක් හිස තියන්න කොට්ටයක් බොරැල්ලෙ පුංචි අම්මගෙ ගෙදරින් ...
අපි ටික ඔය තියෙන මක්‍කවත් නවල ඔලුවට තියාගන්නව...
එකාලෙ ඉතිං අපේ ඇඟේ මසුත් නෑනෙ බං
උදේ නැගිටින කොට බෙලි කටු ඔක්කෝම පොලීසියෙන් ගහල වගේ ...
ඇයි බං සිමෙන්ති පොලොවෙ ඇට කටු වදින කොට පැය හය හතක් ලේසි කෙලියක්ද ...
පාන්දර නැගිටල තේකක් ...
ඈ... මක්කැයි බං තේ කියන්නෙ
ප්ලග් පොයින්ට් හොට් ප්ලේට් ඒවයෙ නෑ බං තේ බොන්න
අඩුම ගානෙ අපිටම කියල පිඟානක් කෝප්පයක් ...
ප්ලෙන්ටිය ගහන්නත් හන්දියෙ කඩේට යන්නෝන ...
උදේට උණු උණුවෙ රොටියක් නැතිනම් රෝස්පාන් ගෙඩියක් වඩයක් හා කහට එකක් සමග පාරෙන් අනෙක් පැත්තෙ තිබුන ඩිමෙල් එකෙන් ...
(ඒක තමයි ලොකුම සැප)
දවල්ට කන ඒව නං උඹළට කියන්නෙම නෑ ඉරිසියා හිතෙන නිසා ...
ඇයි කියන්න දෙයක් තියෙන්න එපැයි බං ...
ඕනෑම එකෙක් රැකියාවට ගොහින් හරි පන්ති ගොහින් හරි මොන කඩුත්තුවක් කරල හරි
දවසෙ වැඩ කටයුතු අහවර වෙලා කාමරේට නැතිනම් ගෙදර යන්නෙ පුදුම සන්තෝසෙකින්නෙ බං ...
අන්න ඒකට අපි ...
කාමරේට යන්නෙ මරන්න යනව වගේ ...
ඇයි බං වැඩි පඩි නැතත් වැඩ කරන තැන සැප කාමරේට වඩා ...
ෆෑන් පුටු මේස පියන්ගෙන් අතටම එළකිරි තේක
බිම දිලිසෙන ටොයිලට් අප්පේ වැඩක් නෑ කියල ...
අනෙක කාමරේට කලින් ගියා කියල මක්කරන්නෙයි බං පොතක් පතක් කියවන්න
ඉඳගන්න පුටුවක් නැතිනම් ඇලවෙන්න ලෑල්ලක්වත් නැතිනම්
බුදියන්න බිමට එලාගන්න රෙද්දක්වත් නැතිනම් ...
මොන මගුලකටද කලින්ම කාමරේට ගොහිං ...
ඉතිං රෑ වෙනකන් වීදි දිගේ ඔහේ ඇවිදගෙන යනවා එල්ලයක් ඉලක්කයක් නැතිව
සමහර දවසට මරදානටම නැතිනං බොරුල්ලටම එහෙමත් නැතිනම් වෙස්ලි පිට්ටනියට අනෙක් පැත්තෙන් ඇස් වාට්ටුව හන්දියට ...
එතකොට පාරවල ට්‍රැෆික් හරී අඩුයි ...
රෑට විලි වහගන්නත් සරම බෙඩ් ෂීට් එකටත් සරම පොරවන්නත් ඒ සරම
මූණ ඇඟ පත පිහින්නත් ඒ සරමම ...
ඕක තමයි බං ගමෙන් සිදාදියට එන හැම එකාගෙම කල් කිරියාව ...
ඒකාලෙ අද වගේ පෙන්තහවුස් අපාට්මන්ට්ස් නෑ ...
මක්කා කියුවත් පුංචි බොරුල්ලෙ බෞද්ධ මධ්‍යස්ථානෙදි නං දුක කියන එක උපරිමයෙන්‍ම වින්ද බං ...
ඕකෙ විස්තර තව තියෙනව කියන්න පුළුවන්
ඒත් ඉතිං ඕව කියල මක්කටෙයි බොලාට
කොච්‍චර කියුවත් දුකම තමයි රංජනී කියුවළු
අනෙක ඉතිං බෞද්ධ මධ්‍යස්ථානෙත් බෞද්ධ නොවන දේවල් තියෙනවනෙ බං ...
ආයෙ මක්කටෙයි මගෙ කට වැරදුනොත්
ඕං ඔය ඇති දැනට ...
*****
දිවිය කොයිතරම් සුන්දරදෝ
දුකම කොයිතරම් සැපතක්දෝ ....
Wednesday, May 15, 2024
අමුතු එකක්
රට වටේම මුහුදක් ...
අති සුන්දර පාරාදීසියක් කරවල කෑල්ලත් පිටින් ...
ඕනෑම බඩ කඩුත්තුවක් මුල් ඇද ඵල දරණ සරුසාර බිමක්
මිරිස් කරලත් ඉම්පෝටඩ් ...
තේ රබර් පොල් කුළුබඩු අපනයනයෙන් ලෝ සුපතල
රබර් පටියත් පිටින් ගෙන්වන අරුම පුදුම ඇටයක් ...
අසාමාන්‍ය ජෛව විවිධත්වයක් මෙන්ම ලොව වටිනාම මැණික් පිරුන මිණි බිමක් ...
ගංඟා දිය ඇලි වැව් අමුණු තුරුලතා වැහි වනාන්තර ඇතුළු
ස්වාභාව්ක සම්පත් වලින් සපිරුණ දවසින් අඩක්ම හිරු දෙවියාගෙන් ආශීර්වාදලත් දිවයිනක් ...
හිම හැර ලොව සෑම කාළගුණික තත්වයක්ම එකම දිනෙක සුළු පැය ගනනක ගමනකින් ලැබිය හැකි වාසනාවන්තම දේශයක් ...
මන්ද බුද්ධික බංකොලොත් හාල්පාරු දේසපාළුවන්ගේ මෙහෙයවීමට හැම බිජුවටම කුලල්කා ගත්තත්
පුදුමාකාර ජනවාර්ගික විවිධත්වයකින් ආශීර්වාදලත් අරුම පුදුම දිවයිනක් ...
බහු ආගමික සංස්කෘතීන්ගෙන් පෝෂණය වූ පින්බර දිවයිනක්
එහෙත් එය ධනාත්මකව අගය නොකර ඒ හේතුවෙන්ම ලේ විලක් කරවූ ...
සංස්කෘතියෙන් හා ස්වභාවික සුන්දරත්වයෙන් සැමට වඩා පොහොසත්
හොර කමෙන් දූෂණයෙන් අනෙකුන්ටත් වඩා එහා ගිය
පර පණ නසන්නන්ගෙන් ගහන වූ බියකරු දේශයක් ...
සාක්ෂරතාවයෙන් උසස් වූවද
අමන හොරුන් තෝරා පත්කර වැඩියෙන්ම ණය ගත හැකි නායකයා තෝරන ජාතියක් ...
ලෝකයේ වැඩියෙන්ම මිත්‍රශීලී රටවල් දහයෙන් එකක් වූවද පනපිටින් මිනිසුන් පිච්චූ දේශයක් ...
ලොවින් අඩකට ආහාර සැපයිය හැකිවූවත්
ආර්ථික වශයෙන් දුප්පත් වූ රාජ්‍ය ණය ඉහළම මට්ටමකට ගෙනා
රටේ සම්පත් හූරන්කා පිට රටින් ණය හිඟන පාළකයින් පිරිසක් ...
ඈත අතීතයේ සිට දස දහස් ගනන් වීරයින් තම ජීවිත දන් දී
නිදහස් නිවහල් සෛවරී රාජ්‍යයක් ගොඩ නැගුවද
තමන් තවත් රටක කොටසක් යයි පාරම්බා ප්‍රසිද්ධියේම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනා
ලැජ්ජා විය යුතු කොමඩි කන්ට්‍රියක් ...
වසර තුන්දහසකටත් වඩා ඉපැරණි ආඩම්බර ඉතිහාසයක් විකුණන් කන අමන හැත්තක් ..
ජය ශ්‍රීමා බෝධිය කිරෙන් නහවා දළදා වහන්සේ වැඳපුදා
උන්ම පත්කල ජනතාවට කොකා පෙන්වන දූෂිත නායකයින් පිරිසක් ...
ඒහෙත් එය පින් කෙතක් රන් දෙරණක් ...
හා හා දැං ඉතිං බොලා මේවාට කලබල වෙන්ට ඕනැන්නෙ නෑ බොලාට මං මක්කාවත් කීවෙ නෑ ඕං ...
අන්තර් ජාලෙ බලලා කොහේදෝ තියෙනා අමුතුම අමුතු උතුම් දේශයක් ගැනයි ඔය දෙඩුවෙ හොඳේ ...
(තවත් දේවල් තිබුනා ඒත් ඒවා මේවයෙ කියන්න බෑ ඕයි)
Subscribe to:
Comments (Atom)
.jpeg)
.jpeg)