කියවූ තරම්

Sunday, July 24, 2022

ඉරයි හඳයි අඳුරයි ...

ඉර පායා සිනා සෙනා
අපි ඉන්නද අඳුරෙ ගිලීලා //

සඳ පායා සිනා සෙනා
අපි ඉන්නද අඳුරෙ ගිලීලා //

දෝත පුරා කඳුළු ගලා එයි
සාගරයක් ඊට මදී වෙයි // ...

~ මෙය වීදි නාට්‍යකින් උපුටාගත් ගීයකි ~

මෙම පද පේලි හයේ සැඟව ඇත්තෙ නුඹේත් මගේත් කතාවයි ...

********

සමහර තැන්වල ඉර පායල සිනාසෙනවා
සමහර තැන්වල සඳ පායල සිනාසෙනවා ...

ඒ ඒ තැන්වල ජීවත් වන අය බොහෝම සතුටින් ජීවිතය විඳිනවා
ඒ අයගේ දරුවන් බොහෝම උජාරුවෙන් විනෝද වෙනවා ...
ඒ දරුවන් පහසුවෙන් පූර්ණ අධ්‍යාපනය ලබනවා
ඒ දරුවන්ගේ දියුණුව බලලා
ඒ දෙමාපියන් සන්තෝස වෙනවා
ඒ ඉර පායන හැම තැනටම වගේ හරීම ලස්සනට සඳත්‍ පායනවා ...

අපි ????

අපිටත් ඉර පායනවා
අපිටත් සඳ පායනවා ...
ඒත් අපි විසින් අපේම ඇස් වසාගෙන අඳුරේ අත පත ගානවා
අපිම තෝරාගත් පාලකයන් අපිටම කොකා පෙන්වනවා
කොටින්ම අපි ජීවිතය විඳවනවා ...

අපේ අම්මා තාත්තා තමන්ගේ දරුවන් ස්නේහයෙන් වැළඳ ගෙන
ඒ දරුවන්ගේ හෙට දවස ගැන හිත හිතා හැමදා කඳුළු වගුරනවා ...

ඒ ඇයිද කියා අපිම තේරුම් ගන්නා තුරු
අපි කඳුළු සයුරක හැමදා ගිලෙනවා ...

*****

ශ්‍රී ලාංකා නූතන වීදි නාට්‍ය රඟහලේ පියා
කලා කීර්ති ආචාර්ය ගාමිණී කල්‍යානදර්ශ හත්තොටුවේගම මහතාය ...
ඔහු ගෞරවනීය නාට්‍ය රචකයෙක් අධ්‍යක්ෂකවරයෙක් නළුවෙක් විචාරකයෙක් සහ අධ්‍යාපනඥයෙක් විය ...  
එතුමාට මා ඉතා ගෞරව කරමි ...

1939යේ නොවැම්බර් 29දා උපන් එතුමා 2009 ඔක්තෝබර් 30වනදා අප අතරින් සමුගත්තේය ...

එතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏



Saturday, July 2, 2022

නී



24/07/2021 FB

වෝනිංග්
ඇඹරෙන්නෙපා ටිකක් දිගයි
*****

ඉන් වින්ඩ්සර් මැල්බෝන්හි දී ඇවනියු ගිලන් ඇඳේ
ඔන් මයි බැක් ලයින් ඩවුන් අන්ද මන්ද බකන් නිලමි

ඉස්ටේජ් ෆෝ ලෙක්ඩවුන්ලු නෝ විසිටර්ස් ඉන්සයිඩ්ලු
මොලේ කචල් නොම වන්නට නෙට්ෆ්ලික්ස් එක දාගන්නලු ...

ත්‍රාසය ඇන්ඩ් ඩොකියුමන්ට්‍රි භීතිය හා ගන් ෆයිටිං
ෆැන්ටසි කොමඩිද සමගින් හොලිවුඩ් බොලිවුඩ් ජර්මන්
ෆ්‍රාන්ස් ඉටලි ඇන්ඩ් රෂියන්  භාෂා ඕනෑ එකකින්
මනකල්පිත සිහින ලෝක තිර රචකගෙ ෆැන්ටසියෙන් ...

එත් මචෝ ගිලන් ඇඳේ සීලිම බෝරිං වෙනකොට
නෙට්ෆ්ලික්ස් ෆොක්ස් ටෙල් නැති නං දවස් පහක් මක් කරම්ද ...

හායි හනී ගුඩ් මෝනිං බ්‍රෙක්ෆස්ට් එයි ඇඳ උඩටම
හව් ඉස් යුව කැතීටරේ පූ ගියාද නයිට් එකේ ...

ඔපරේෂන් සක්සෙස්ෆුල් රිකවරි ඉස් ලෝංග් ප්‍රොසෙස්
ස්ලෝලි ස්ලෝලි යූ වර්ක් අවුට් ඉෆ් පේනිං ඩෝන්ට් පුෂ් ඉට්

හව් ඉස් යුව නී ඩාලිං එනි ඩිස්කම්ෆර්ට් කමිං
පේන් කිලස් ඕනිම නං අයි විල් ගෙට් ප්‍රෙස්ක්‍රිප්ෂන්

පැනඩීන් එක ස්ට්‍රෝන්ග් මදියි ෆෝටේ නං ඩ්‍රවුසි වැඩියි
ඉන්ජෙක්ෂන් ඇඟ හිල්වෙයි
එන්ඩෝන් පෙති රොකට් වගෙයි දෙක ගැහුවම හඳේ තමයි ...

නර්ස් නෝන කේලා ඩොයිල් සිරියාවයි ප්ලසන්ට් ස්මයිල්
කැන් අයි ගෙට් ඔරෙන්ජ් ජූස් ටී ඕ කොෆි පෲන් ජූස්   ...

කපල කොටල සරුවාංගෙ ෆ්‍රීසිං මම ගිනි සීතලෙ
අනේ යකෝ පිස්සු එපා දීපං මට නිදි පෙත්තක්
තව දවසක් බුදිය ගන්න ...

ඇනෙස්තටිස් නෝන එමලි ෆුල් ඇක්ටිව් මාර කොමලි
දයාවෙනුත් බොහොම සපිරි කයින්ඩ් හාට් ඒත් මුඛරි ...

පැතලොජි ඇන්ඩ් කාඩියොග්‍රෑම් බ්ලඩ් ටෙස්ට් ඔක්කාම නෝමල්
සීටී ඇන්ඩ් එක්ස්රේ පටි එම් ආර් අයි ඇබ්නෝමල් ...

එම්ආර්අයි ඩිමොන්ස්ට්‍රේට් ට්‍රයිකම්පාට් ඔස්ටියොත්‍රොසිස්
කන්ඩ්‍රෝපති ආටිකියුලේෂන්  බයි ලැටිරල් සුපර් ටිබියො
පටෙලොෆෙමොරා කම්පාට්මන්ට් තව මක්කද අණ්ඩ්‍ර දෙමළ ...

ඩීජෙනරේෂන් ටියර් ඔෆ් මෙඩියල් මෙනිකස් ප්ලස් ප්ලස්
ඇන්ටීරිය පොස්ටීරිය පොමිනන්ට් ඔස්ටියෝෆයිට්ස්

පටෙලා ටැපලා පැටලෙනවා මාර්ක්ඩ් ඇටෙඒෂන් බෝන් ඔඩිමා
මෙඩීයල් කොන්ඩයිල්බයි මෙඩිකල් මෙනිස්කස්
සබ්කොන්ඩ්‍රාල් ජිඔඩස්
ඇන්ටීරිය පොස්ටීරියර් තේරෙන් නෑ මළ රෙද්දක් දොස්තරලගෙ ඩික්ෂනේඒරි
බ්ලි බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා අපිට හිකෙයි බ්ලා බ්ලා බ්ලා ...

*****

ඒ කාලේ අපි ඇතිලුවෙ සිද්ධාර්ථෙ සරුවාංගෙ
පයින්ම ගොස් ගිනි අව්වේ වෙද මහතගෙ කිරි නැළියේ
ඇදල බැඳල කෝටු තියල සෙම් කෙම් සහ වස්ති දමල

කොත්ත මල්ලි වෙනිවැල්ගැට අරළුද නෙල්ලිද රසකිඳ
කොමාරික පැපොල් ගැටද සූකිරි මීපැණි සමගද
වට්ටෝරුවකට කසාය රුපියල් දෙකකුයි වියදම ...

කලං අටක් එකට හිඳේ  පත්තු හතයි ඇටේ වටේ ...

#####

නාකි උනත් දෙස්තර යංග් ඩේවිඩ් නම වෙරි ෆේමස් ...
ලාස්ට් වීක් රොඩ්නි මාෂ් ප්‍රීවියස්ලි ග්‍රැහැම් යැලොප්
ඊට කලින් නෙට්බෝලර්ස් ආෆ්ට දැට් ෆුට්බෝලර්ස්
ඇක්ටර්ස් ගොල්ෆර්ස් ක්‍රිකටර්ස් හයි ප්‍රොෆයිල් කැරෙක්ටර්ස්
දෙසයි ඔහුගෙ ෆුල් වැඩ කිඩ ආතල් දෙයි මගෙ සවනට ...

කාටිලේජ් කිසිවක් නැත බෙහෙතකටත් හොයාගන්න
කලව ඇටෙයි කෙන්ඩ ඇටෙයි දෙකම වැදෙයි එක පොදියට
ටුගෙදර් වෙන් දේ ග්‍රයින්ඩින් අන්බෙයරබල් පේන් කමින් ...

ඉෆ් යූ ඩූ ෆුල් සර්ජරි කැන් ගෙට් යූ ස්පිනිංග් අගේන්
බැක් ඉන් යුව ස්ට්‍රෝක් ප්ලෙයින්
ඇන්ඩ් බෝලිං යුව ඕෆ්ස්පින් ...

ඉන්ඩ්පෙන්ඩන්ට් ලයිෆ් අගෙන් ලෙෂර් ලයිෆ් ඉම්පෲවින්
සිටිං ඩවුන් ස්ටෑන්ඩිං අප් වෝකිං විතවුට් පේනින්

බෝත්ම ලෙග් දනිස් කටූස් කම්ප්ලීට්ලි රිප්ලේස්මන්ට්
සුදු සෙරෙමික් පටෙලා කැප් ටයි ටේනියම් ස්පෙයා පාර්ට්
ප්ලීස් ටේක් ප්‍රී ඔප් ඩොක්ස් රීඩිට් ඇන් බී ප්‍රිපෙයාර්ඩ් ...

බ්ලඩ් ක්ලොට් නං ප්‍රොබ්ලොමැටික් එපිඩියුරල් ඇනස්තටික් ...

*****
මහමෝදර රෝහලෙ මෙන් මජං නොමැති දඬු අඬුවෙන්
ග්‍රයින්ඩර් ඇන්ඩ් කියත් නියං වක් කියතෙන් දෙකට බෙදන් ...
දඩං බඩං නොයිසුත්  නෑ ආතල් එක නැත්තෙත් නෑ ...

ගමෙ පට්ටලේ නෙවි බං කන්ටැක්ලස් ෆුල් සර්ජරි
ටුවෙන්ටි ෆස්ට් සෙන්චරියේඅළුත් තාලෙකටළු දෙන්නෙ
ෆුල් රොබෝ පර්ෆෝමන්ස ඔන් ලයින්ලු ඔපෙර්ෂන් ...

මෙෂමන්ට් එක තිතට අරං යැව්වලු මාසෙකට කලිං ...
ඇමරිකාවෙ හෙඩ් ඔෆිසෙන් දනහිස කස්ටමයිස් කරං
කම්පියුටර් ප්‍රෝගෑමිං ටයිටෙනියම් හරිම ගනං ...

දොස්තරයා උතුර බලං රෝබෝලා නිරිත බලං
කොම්පියුටර් අතර මැදිං කකුල කැපුවෙ මවුස් එකෙං

*****
නයිකි ඇසික්ස් අඩිමඩාස් බෲක්ස් පූමා නිව්ම බැලන්ස්
වෑන් එලිස් ටිම්බර්ලෑන්ඩ් රීබොක් නැත අපෙ කාලේ ...

ගින්යම් වූ තාර පාරෙ අඩියක් නැති සපත්තුවේ
මීටර නොව සැතපුම්මයි 1බෙයා ෆුට්නෙ අපි දිව්වේ ...

පාං පොඟල කහට එකේ දෙවේලකින් ෂේප් උනේ
ඩිමෙල් එකේ රෝස් පාං වඩේ තමයි පිහිට උනේ ...

රණසිංහගෙ දර මඩුවේ දර පලලයි ඇඟ හැදුවේ
ගල්රෝලය කල්ලු කරල අපි සැට් එක් ෆිට් වූයේ
නොකා නොබී අගුපිල්වල ලගේ ගහල අපි ගැහුවේ ...

ඒවයෙ ප්‍රතිඵල  මෝරල එලියට එයි හිටිහැටියේ
ජෝයින්ට් කෙටිල කුෂන් ගෙවිල ඇවිද ගන්න බැරි සකියේ ...
මේව තමයි අපි කාටත් වෙන වින්නැහි සැඳෑසමේ ...

පැඟිර කාලෙ දුවපු දිවුලි පැඟිර කාලෙ පැනපු පැනිලි
පැඟිර කාලෙ ගහපු ගැහිලි කෝටු ඇඟට නෑ දැනුනේ ...

ග්‍රයින්ඩරෙන් ඇඹරුවාට අපෙ ජීවිත නැත වැටුනේ
ගත අටවාගෙන දිව්වට හිතේ හයිය නැත සිඳුනේ

පැඟිර කාලෙ මේ රෑපෙට වද දෙනකොට නැත සිතුවේ
චමින්දවී හැටත් පැනලා ගෙවපං කරුමය හම්මේ ...

****

අයි තින්ක් යූ නීඩ් මෝ එන්ඩෝන්
ලුක්ස් ලයික් යු ආ ඉන් පේන් හනී
ඒ හඬ අපෙ මෝනිං මිසී ලුවිස්ගේ ...

එන්ඩෝන් පෙති වැඩි උනාම මොලේ කචල් අංජ බබල්
ඒ ආතල් වැඩි උනාම හඳේ තමයි නවතින්නේ
තව එන්ඩෝන් පෙති මොකටද හඳට මොටද මං යන්නේ

බුදු හිමිගේ ශ්‍රී මුඛයෙන් සතිපට්ඨානය දෙසුනේ
අකාලිකයි සද්ධර්මය අපි මක්කට ලතැවෙන්නෙ
වේදනානුපස්සනාව මෙනෙහි කරන් දැං ඉන්නේ ...

*****

ගෙට් වෙල් සූන් කාඩ් ඇන්ඩ් මල්වඩම් අනවශ්‍යය ...

~ අයිස්මෝල හන්දියේ අතුලයා ~

****************************

දැනට අතුලයාගේ ශරීරයෙ ඇති ලෝහ ලිස්ට් එක

* කම්ප්ලීට් රයිට් නී රිප්ලේස්මන්ට් - 2022 වසරෙ ...
* කම්ප්ලීට් ලෙෆ්ට්ට් නී රිප්ලේස්මන්ට් - 2021 වසරෙ
* ලෙෆ් ෂෝල්ඩර් විත් ඉස්කුරුප්පු ඇණ - 2020 වසරෙ...
* ලෙෆ්ට් අපර් චීක් බෝන් විත් ටයිටේනියම් ප්ලේට් ඇන්ඩ් ඉස්කුරුප්පු ඇණ - 1995 වසරෙ ...

ඕල් දීස් ඉන් අයිස්මෝල හන්දියෙ අතුලයාස් ටයිටෙනියම් බොඩි ...

ඕං බලහල්ලකො ඒකෙත් හැටි ...

කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං නහරු ටයිටේනියම් ... කියල
සර්වඤ්ඤයන් වහන්සේ වදාල
දෙතිස් කුනප භාවනාවත් මටම කියල වෙනස් කරගන්න වෙච්චි ...

මෙදා පාර මෝස්ට් එක්සයිටිං ඇන්ඩ් සුන්දරම දෙය තමයි
මුල සිට අග දක්වා මුළු ශල්‍යකර්මයම අතුලයගෙ දෑහින් ලයිව්ම අඟල් හැටේ ෆුල් HD තිරයේ දැකගැනීම ...

ත්‍රී ඇන්ඩ් අ හාෆ් අවර් ෂෝ ජස්ට් ෆෝ මී ...