කියවූ තරම්
Thursday, June 25, 2026
කට්ට ...
විටෙක ජීවිතය සුන්දරය
විටෙක මහා කටුකය ...
ආපිට හැරී ජීවිතයට එබී බැලූ කල
සුන්දරත්වයට වඩා
කටුකත්වය ඉදිරියෙන් සිටිනු පෙනේ ...
ඒ මන්ද ...
ජීවිතයේ සුන්දරත්වය අත්විඳීමටද
සෑහෙන කට්ටක් කෑ යුතු බැවිනි ...
කට්ටක් නොකෑ සුන්දරත්වක්
මේ මුළු ගැලැක්සියේම නැත ...
රජෙකුට වුවද ඒ යථාර්ථයෙන්
කෙසේවත් මිදිය නොහැක ...
අපි සාමාන්‍ය මිනිසුන් සාමාන්‍ය කටු කන විට
රජා කන්නේ රජ කටුය ...
අපි සාමාන්‍ය කට්ටක් කා
සාමාන්‍ය ලෙස විඳවන විට ...
රජා රජ කටු කා දිරවාගත නොහැකිව
ආතක් පාතක් නොමැතිව අතරමංව සිටී ...
කට්ට කෑම සැමට පොදු වූවද
විඳවීමේ බර තරාතිරම අනුව වෙනස් වේ ...
ඉහළට නැඟෙන තරමටම ඔටුන්නද බරය
කටුවද ගැඹුරට ඇනෙයි ...
එබැවින් රජෙකුට වූවද
කට්ටෙන් තොර ජීවිතයක් නැත ...
මන්ද රජ කට්ට ලෙහෙසියෙන් දිරවන්නේ නැති බැවිනි ...
අපි කන කට්ට අපිට දිරවන්නේය
වමාරන්නේ නැත ...
එහෙත් රජුන් කන කට්ට
මුළු රජ පෙළපතමද ඇමති මඩුල්ලද
සතර බළඇණිද
ගම්භාර වහන්සේලාද වමාරන්නේය ...
ඒ අතින් බැලූවිට ...
රජා සැපෙන් කන කට්ටට වඩා
අපි දුකෙන් කන කට්ට ෆුල් ලක්ෂරිය ...
අපි කන කට්ටටද
කට්ට කන අපිටද ජයවේවා !!!
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
Subscribe to:
Posts (Atom)