කියවූ තරම්

Friday, December 31, 2021


නව වසරට ආසිරි ???
අනේ මන්දා නව වසර ඇරඹීමත්
සමගම සිය පවුලේ
ප්‍රියයන්ගේ වෙන්වීමක් ...

ඒහෙත් ඉතිං ...

ස්තූතියි ඔබ සැමගෙ
අවුරුදු සුපැතුම් වලට
විවිධත්වයෙන් සපිරි
මිහිරි මි් පැණි වදන් වැලට
විවිධ භාෂා වලින්  ...

එහෙත් ...
නුඹළා කියනා ලෙසට
නොලැබුනිය කිසිවක්ම
ලෙහෙසියෙන් අත මිටට
එදා සිට මෙදා තෙක් මෙමට

නොපසුබට විහිරියෙන් 

ගත පිරුන දහඩියෙන්
කට්ට කා හැමදාම
හිච්චි කාලේ පටන්
ලබා ගති සැමදේම ...

ඉතිං උඹ ඔය කියන
සබ්බ සකල මනාවම
රිදී බන්දේසි මත
නව වසරෙ  ලැබුනහොත්
හරිම  බෝරිං  වේවි ...
මේ අළුත් අවුරැද්දම ...

මෙමා හට සිත් නොදේ
එස‍ේම ව‍ේවා යයි පතන්නට
ඔය කියන ඒ දිවියෙ
කිසිම ස‍ොමියක් න‍ොමැත ...

ධර්මයක් ඇත ලොවෙහි
නිර්මානයත් සමග
විශ්වයටම පොදුයි එය
අටල‍ෝ දහමයි මෙය  ...

ලාබෝ - අලාබෝ - දුඛ්ඛෝ - සුඛෝ  
නින්දා - ප්‍රසංසා - අයසෝ - යසෝ ...

මේ දමෙන් අප විඳිති
ගෙවන හැම අසුරු සැන
එහෙයින්ම පතමි මා
ඉත සිතින් සැමදාම ...

ලැබේවා ශක්තිය හා විරිය බොට
නොවැටී නොසැලී සිටින්නට
මහා පර්වතයක්සේ
සත්‍යයක්ම වූ අටලෝ දහමින් ...

නිදුක් නිර‍ෝගී වේවා තුණුරැවන් සරණින්ම ...

ආවඩා ආයුබෝවේවා !!!

🙏🙏🙏🙏🙏


අයිස්මෝල හන්දියේ අතුලයා
ඇතුළු පවුලේ සැම ...

Sunday, December 26, 2021

මෙරි ක්‍රිස්මස් !


සැමට සුභ නත්තලක් !

ඔෆීෂියලි අපිට නත්තල් නෑ ...

ඒ ඉතිං අපේ උප්පැන්න සහතිකේ
ආගම ඉදිරියෙන් බුද්ධාගම කියල දාල තීන නීසා ...
ඒ කියන්නෙ අපි තෝරගන්ටත් කලියෙන්
අපිට ආගමක් තෝරල දීල ...

කොටින්ම කීවොත් උප්පැන්නෙන්ම අපිව බෙදල
උන්ගෙ පහසුවට ...

අනේද බං කියන්නෙ ඒයි
ආණ්ඩුවෙ අච්චු කන්තොරුවෙ උන්ටත් තීන පිස්සු
ඇයි බං උං උප්පැන්නෙ මව්පියන් විවාහකද/අවිවාහකද කියලත් අහල තීනවනෙ ...
චීයා ඒගොල්ලො හරීඊ වල්නේහ් ...

විවාහක නැතිනං බබ්බු හම්බ වෙනවැයි බං ...
අපේ ගමේ අයිස් මෝල හන්දියෙ එකෙක් ගෙන් ඕව හෙම ඇහුවනං
මුං අහ ගනියි උංගෙං හොඳවැයින් දෙකක් ...

මම දන්න විදියට නං
බුදුන්ගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරල තීන්නෙ
ධර්මයක් මිස ආගමක් නං නෙවි ඕං ...

පරම සත්‍ය වන චතුරාර්ය සත්‍ය ධර්මයක්
ආර්ය අෂ්ටාංගික මාර්ගය ධර්මයක්
හේතු ඵල වාදය ධර්මයක්
බුදුන්ගෙ ශ්‍රී මුඛයෙන් පිට වුන හැම වදනක්ම ධර්මයක්
ඇසට පෙනෙන නොපෙනෙන
මුළු මහත් සත්ව වර්ගයාටම බලපාන ධර්මයන් ..

ආණ්ඩුවෙ අච්චු කන්තොරුවෙ
ඔය පෝරම අච්චු ගහපු මහත්තුරු දන්නෙ නැතිව ඇති
බුදුන් දෙසුවෙ
සාරාසංඛ කල්ප ලක්ෂයක්  පෙරුම් පුරල හොයා ගත්තු ධර්මයක් මිස
සාරාසංඛ කල්ප ලක්ෂයක්  පෙරුම් පුරල හොයා ගත්තු ආගමක් නෙවි කියල ...

හෙනම හෙන බහුශෘත පොරක්ගෙන් ඇහුවම ඌ කියනව
ඔය ඔක්කොම එකතු කරල පහසුවටලු ආගම කියල දාල තීන්නෙ
ඕ බලහං උං කරන කොලොප්පං
උප්පැන්නෙන්ම අපිව බෙදල වෙන් කරන්න උංගෙ පහසුවට වෙන්ටැ ...

බුදුන් විතරක් නෙවි බං
ජේසු තුමා දෙසුවෙත් ධර්මයක්  නබිනායක තුමා දෙසුවෙත් ධර්මයක් ...
ඒකනෙ බං බුද්ධ ධර්මය ක්‍රිස්තු ධර්මය ඉස්ලාම් ධර්මය කියන්නෙ ...
මං හිතන්නෙ ඔය ආගම් කියල දාගත්තෙ
පහුකාලෙක බොල අපිව අන්තයටම බේද බින්න කරල
උන්ට වැජඹෙන්න මිසක්ක වෙන මක්කටවත් හෙම නෙවි ...

උප්පැන්නෙ අපිට නත්තල් නැතිවට
හිච්චිම කාලෙ ඉඳල අපිත් නත්තල් සැමරුවා
අපේ යාළු මිත්‍රයො සහ ඒ පවුල්වල අය සමග ...
 
මුලින්ම කෑවෙ අපේ ගේ ඉස්සරහ හිටිය
කෝච්චි ඩ්‍රයිවර් කනිංග්හැම් මහත්තයැයි නෝන
මිසිස් කනිංග්හැම්ගෙ නත්තල් කේක්
ඒ නවසිය හැට ගනන්වල ...

එදා ඉඳල
නත්තල් රාමසාන් දීවාලි වෙසක් පොසොන් අවුරුදු
මේ ඔක්කෝම එකට එකම මේසෙ
සමහර විට එකම පළංගමේ අත් හත අටක් ...

ඒ කාලෙ හිටිය අපේ හූඟක් එවුන් දැං නෑ
තැන තැන විසිරිල ගොහිං සමහරක් මියෑදිල 😭 ...
ඒ සැමට නිවන් සුව

අපේ නං තාම හුස්ම වැටෙනව ...
ඉතිරිව ඇති අනෙක් අයටත් මෙය කියවන නුඹටත් මටත්
උප්පැන්නෙ ආගමක් ඇති/නැති උනත් ...
 
කෝවිඩ් වලින් තොර පැණියෙන් පිරුන
සාමය සතුට පිරි අති උත්තම සුභම සුභ නත්තලක් ...

ඔය මක්කා නැතත්
ස්ටේ සේෆ් එව්රිවන් හරියෙයි ...

*****

Saturday, December 25, 2021

කැරට්ටුවක්

චරිතයක් .....

අවුරැදු ගානකින් පරණ යාළුවෙක් මුනගැහුන ...

Hi Machan how u doing ...

කියල වැඩක් නෑ මචං සැප කැඩෙනව
ඉල ඇදෙනව ...

Ooo that's great Machan ....

Good to here ...

Good to hear ...

ඉතිං මචං So ... So....So

සෝ සෝ නෙවි බං අපි ඉන්නව සනීපෙන් ...

Ok ok what r u doing now ...

ජොබ් කට්ටක් කරන් ඉන්නව බං කෝචිං පාරකුත් දාගෙන ...

That's great ...that's great

I'm a ______ ,

machan I m doing good ...

Very well ...

very well ...

[මොකද බං මූට වෙලා තියෙන්නෙ බඩ යන්නෙත් ඉංගිරිසියෙන් වගෙ ...

ඇයි ඇක්සන්ට් එක ...
ඉස්සර මෙහෙම නෑ ...
ගම පලාබද්දරද කාෙහෙද ...

ඉස්සර නං ගැරඬිය වගෙ හිටියෙ
දැන් තමයි නයාවෙලා තියෙන්නෙ ...

මමත් ඉතිං චීනකොරටුවෙ ...
සංඝාරාමෙ රෑ ඉස්කෝලෙටත් ගියා
ඉංගිරිසි ඉගෙන ගන්න ...

මූට මොකටද සෙකන්ඩ් වෙන්නෙ කියල හිතුනත් ...

මව් බාසාවෙන්ම කතා කරා
මූව පොඩ්ඩක් බස්සන්න ...

හැබැයි ඒත් ඌ යවන්නෙම නයා]

මචං උඹ බැඳලද ...

Yes machan, I'm married to a kandyan ...

අාාාහ් මගේ වයිෆුත් නුවර
මහාමයා ඉගෙන ගත්තේ ...

No machan my wife from  _____

Very good family ....

Very good family ....

මූට නං උණ තදවෙල ප්ලේට් කවුන්ට් එක හොඳටම බැහල වගෙ

What's your wife doing mate ...

ගෙදරට වෙල ඉන්නව බං ලමයිත් බලාගෙන ඉස්කෝලෙ ගෙනියනවා ගේනවා ...

අමතර පංති ගෙනියනවා ගේනවා ...
ක්‍රීඩා වලට ගෙනියනවා ගේනවා
මට වැඩිය වැඩ එයාට ...

Oh .... My wife is a _____

She is in Brisbane with my daughter and she is in the Uni doing a Masters ...

එතකොට උඹ මෙහේ ???

Yaaa machan ...

I m here with my son he is doing VCE ...she has her own house I have mine ...

I visit them on the holidays
We are very independent machan ...

Lovely weather up there machan
Soo tripical close to the beach ...

අම්මපා ....

අපිටත් නිදහස තියෙනව හැබැයි උඹට වගෙ නිදහසක් නෙවි ...

කමක් නෑ බං ...
මට උඹ ගැන දුකයි බං ...

ලුනුයි බතුයි කාල හරි
අපි පස්දෙනා එකට ඉන්නව එක ගෙදරක ...
ඒකනෙ අපි බැන්දෙ ...

හොඳයි මචං මම යන්නං ...

උඹත් ඔය යන ගමන් පුස්තකාලෙන් පොතක් අරගෙන ගොහිං
සිංහල ටිකක් මතක්කර ගනිං ...

ලංකාවට ගියාම පලාබද්දර නෑදෑයන්ට කතා කරන්නත් එපැයි ...

(ඌ නං ආයෙත් මට කතා කරන එකක් නෑ ...)


Thursday, December 16, 2021

ඇතිද නැතිද

මොළේ කචල් අංජ බබල් රඹටල් කුඩල් ජාන් ...

ඇති එකා කැමති නෑ නැති එකාට ඇති වෙනවට
එහෙම උනොත් නැති එකාට ඇති වෙල ඇති එකා නැති වෙයි කියල
ඇති එකාට ඇති බයට  ...

නැති එකා කැමති නෑ අනෙක් නැති එකාට ඇති වෙනවට
ඒ ඉරිසියාවට ...

ඇති එකා කැමතියි නැති එකාගෙ දෝලාවෙන් ගොහිං ...
අනෙක් ඇති එවුන්ටත් එවුන්ට නැති ඒව
මට තියෙයි කියල පෙන්නල ආතල් ගන්න  ...

නැති එකා කැමතියි අනෙක් නැති එවුන්ට පේන්න ඇති එකාව දෝලාවෙන් ගෙනිහින්
ඇති එකාව දන්නව කියල අනෙක් නැති එකාට පෙන්නල ආතල් ගන්න  ...

ගොබ්බ සේන ...

ඇති එකාට අවශ්‍ය නැති එකා නැති වෙල ඉඳල නැතිම වෙනවට ...

නැති එකා බයයි ඇති එකා නැති උනොත්
නැති එකා නැත්තටම නැතිවෙයි කියල ...

ඉතීං ඇති එකායි නැති එකායි තව තවත් ඇති නැති එවුන් එක්කාසු කරගෙන
ඇති එකා නැති වෙන්න නොදී
කම්බ හොරුන් මංකොල්ල කරුවන් දූෂකයන් මිනීමරුවන් බෝ පැළ වැනි හාවුන් යැයි කෑමොර දෙමින්  
සුරතලුන් සේ ආරක්ෂා කර බලා කියා ගෙන නැති එකාට ඇති  දෑද නැති කරගන්න ...

නැති එකා දන්නෑ ඇති එකා නැති වෙන්නෑ කියල ...

ඇති එකා විහිළුවට වගේ නැති එකාට පේන්න නැති උනත්
ඇති එකාගෙ ඇති තරම් ඒව තියෙන්නෙ
ඇති හැටි රටවල කියල නැති එකා දන්නෙ නෑ ...

නැති එකා හිතන්නෙ
ඇති එකාගෙ ඇති හැටි දෑ ඇත්තෙ සණස ග්‍රාමීය බැංකුවෙ කියල ...

නැති එකා ඒ තරමටම ගොබ්බයි

ගොබ්බ සේන ...

ඇති එකා දක්ෂ නැති එකා අනෙක් නැති එකාත් එක්ක අවුළුවල
ඇති එකත් එක්ක නැති එකාට හොරෙන්
නැති වෙන්න කාල බීල නටල තරු පහේ සාද පවත්වන්න  ...

නැති එකා දක්ෂ ඇති එකා වෙනුවෙන් සටන් කරල
තමාගෙම අල්ලපු වැටේ සිටින අනෙක් ඇති නැති එකාත් නැති ඇති එකාත් නැති කරගන්න ...

ඇති එකා කරන්නෙ නැති එකාට ඇති එකාට ඇති ඒව පෙන්නල
නැති එකාත් ඇති එකා වගේම ඇති සැටි කරනව කියල ගිරිය පුප්පල කෑ ගහල
නැති එකාට නැති එවැයි රූප ශබ්ද ගන්ධ රස පහස පෙන්නන එක ...

නැති එකා දක්ෂ ඇති එකා නැති එකාට පෙන්වන රූප ශබ්ධ ගන්ද රස පහසට රැවටිල
ඌටත් ඒව ඇති කරගන්න රෑ වැටුන වලේ උදේටත් වැටිල මද්දහනෙත් වැටිල
හවහටත් වැටෙන්න ...

ගොබ්බ සේන ...

ඇති එකා ඇති කිරීමේ කලාව ප්‍රගුණ කරන ගමන්ම ...
නැති එකාව නැති කිරීමේ කලාවත් ප්‍රගුණ කරනව ...

නැති එකා ඇති වීමේ කලාව යයි සිතමින්  නැති වීමේ කලාවම ප්‍රගුණ කරනව ...

ගොබ්බ සේනලා ...

ඇති එකා දක්ෂයි නැති නොවී සිටීමේ ආරක්ෂාවට
වටේටම තව තවත් නැති එවුන් ඇති කරගන්න ...
හුඟ වෙලාවට මේ ගාන බහුතරය පනිනව ...

ඇති එකා දක්ෂයි නැති එකාව පාවිච්චි කරල
ඇති එකා වෙනුවෙන් නැති එකාගෙ රීරි මංශෙ හූරගෙන කාල නැති එකා නැත්තටම නැති කරන්න ...

ඇති එකා දක්ෂයි නැති එකා නැත්තටම නැති උනාම ඇති එකාට  පවන් ගහන්න තවත් නැති එකෙක් ඇති කරන්න  ...

නැති එකාට ඇති එකා පස්සෙ ගොහිං ඇතියි කියල තේරුම් යනකොට
නැති එකා නැත්තටම නැති වෙල අහවරයි ...

ගොබ්බ සේනලා ...

ඊට පස්සෙ ඇති එකා කරන්නෙ ඇති එකා ගෙනාපු බැටන් එක
ඇති එකාගෙ දරු පරපුර ඇතුළුව ඤාතීන්ට  පාස් කරන එක ...

නැති එකා කරන්නෙ නැති එකා ගෙනා බැටන් එක නැති එකාගෙ දරු පරපුරට පාස් කරන එක ...

ගොබ්බ සේනලා ...

ඇති එකා තව තවත් ඇති වෙනතුරුත්
නැති එකා සුන්නද්දූලි වෙනතුරුත් ඔය බැටන් එක මාරු වෙනව ...

නැති එකා කරන්නෙ නැති එකාගෙ සිහිනය ඇති එකාගෙ දරුවන්ගෙන්
ලබාගනින් කියල පරම්පරාවෙන් පරම්පාවට එන උන්වත් නැති කරන එක ...

ගොබ්බ සේනලා ...

දෙගොල්ලන්ම
නැති වෙන්න ඇති සිහිනයත් ඇති වෙන්නෙ නැති සිහිනයත් සැබෑ වෙනකම්ම
ඇති එකාත් නැති එකාත් බැටන් එක නං අතාරින්නෙ නෑ ...

ගොබ්බ සේනලා ...

මම ඇති තරමට නැති වෙල ඉඳල  
නැති තරමට ඇති වෙච්චි එකෙක් ...

තව කාලෙකින් කර්මයට අනුව මමත් නැත්තටම නැතිවෙල යයි ...

උඹ ඉන්නෙ ඇති පැත්තෙද නැති පැත්තෙද කියල උඹම හිතා ගනින්

මොළේ කචල් අංජබබල් රඹටල් කුඩල් ජාන් කරගන් නැතිව ...

*****


 


Sunday, December 12, 2021

බ්‍රෙන්ඩා

 

 

 


අපේ කාලෙ මගේ වයසෙ ...

ක්‍රීඩා කල සෑම ක්‍රීඩකයෙක්ම වගේ විවිධ පාසැල් වල ඉගෙනුම ලැබුවත්
එකම කාලෙ එකට හිටිය එවුන් ...
 
දිස්ත්‍රික්ක හා පළාත්‍  (District & Provincial)
අන්තර් ක්‍රීඩා සමාජ  (Inter Club)
ජනසතුසේවා  ක්‍රිකට් (Nationalised Services)
මර්කන්ටයිල්  (Mercantile)
මෙකී නොකී සෑම තරඟාවලියන් හිදීත් ...

එකම ක්‍රීඩා කණ්ඩායමකට ක්‍රීඩා කලත්
වෙනත් ක්‍රීඩා කණ්ඩායම්වල ක්‍රීඩා කලත්
අපි අපිම තමයි එකිනෙකා සමගින් හෝ එකිනෙකාට එරෙහිව හිටියෙ ...

මේ නිසාම අපි සියලන්ම දැන හැඳූනුම් කම් ඇති එවුන් ඉස්කෝල කාලෙ පටන් ...
තවමත් එහෙමමයි ...

මැද්දෙදි මරාගෙන කන්න හැදුවත්
මම මොකටද මූට සෙකන්ඩ් වෙන්න කියන අභියෝගය අපි හැම එකාටම තිබුනත් ....
(ඒකම තමයි තරඟය කියන්නෙත්)
තරඟෙන් පස්සෙ සුමිහිරි පානෙත් එකටමයි ...

දැන් නැතිවට ඒ දවස්වල මමත් මූඩියෙන් හීන් එකක් දෙකක් කටට හලා ගත්ත ...

දත් කැක්කුමකට බඩේ රුදාවකට හෙම ආදි කාලෙ ඉඳල එන අත් බෙහෙතක් නොවැ
ගානකට ගත්තොත් ...

අපි සංචිතයෙ හිටියෙත් එකට ....
පුහුණුවීම් වලට ලංගමේ ආවෙ ගියෙත් එකට ....

(සීසන් ටිකට් එකෙන් තමයි ආවෙ ගියෙ වැඩි හරියක් ඒකයි ලංගමේම අල්ලන්නෙ)

අපි කෑවෙ බිව්වෙ එකට සමහරවිට ගමන් බිමන් ගියෙත් එකට
ඉඳල හිටල සෙට් වෙන්නෙත් එකට
ඉතින් යාළු මිත්‍රකම වැඩියි ...

අපි හැම එකෙකුගෙම පීක් එකත් එකම කාලෙම තමයි ...

හැම එකාම සීයෙ කෑලි පනහෙ කෑලි ගහන්නෙත් නැති නම් විකට් පහේ කෑලි ගන්නෙත් එකට
කඩුළු රකින්නෙක් නම් ඒකත් එකට ...

ඔය නිසා අපි අතර තරඟය හරි තියුම්
ඒ එකම ප්ලේස් එකට තරඟ කරන්නෙත් අපි අපිම නිසා ...

හැබැයි එහෙම උනාට එකෙක්වත් අනිකගෙ බෙල්ල දියරෙද්දන් කපාගෙන යන ගති
විහිළුවටවත් තිබුනෙ නෑ
අදටත් අපි එකයි ...

මැද්දට ගිහිල්ල බොක්කෙන්ම අපිට කරන්න පුළුවන් දේ උපරිමයෙන් කරල අපි ආව ...

ලැබුනොත් ගැහුව හැලුනොත් උදේ නැගිටල වැඩට ගිය ...
ඒ තරමටම සරලයි අපේ ජීවිතෙයි ක්‍රීඩාවයි ...

බුකියක් තිබුනෙත් නෑ රසිකයන්ට ඇරගන්න ...
ඒ නිසා රසිකයින් සෙට් වෙන්නෙත් එකට
උන් බෙදිලත් නෑ ...

අපි රසිකයන් සමගත් රසිකයන් අපි සමගත්
තරඟයෙන් පසු එකම බීර භාගෙ බෙදාගත්‍ත දවස් අනන්තවත් තිබුන
එකාට බීර බෝතලේ ගානෙ ගන්න අතමිට සරුවට තිබුනෙ නෑ ...

හැම එකාම වගේ එනදේ එන විදියට බාර ගත්ත ...

අරෑගෙ මූගෙ පස්සෙ ගිය එවුන් එකෙක් දෙකෙක් හිටිය තමයි එහෙන් මෙහෙන් ෂේප් එකේ ...
උන් තමයි දැනටත් වාතෙ වෙලා ඉන්නෙ ...
උන් ගැන අපි කතා නොකර ඉමු ...

දැන් ඉන්න උන් ක්‍රීඩාව තමන්ගෙ අම්ම අප්පගෙ බූදලයක් කියල හිතාන ටයි පොලු දාගෙන ඇඹරුනාට ...

ලෝක යුද්දෙටත් කලින් ඉඳල ක්‍රීඩා කල සෑම ක්‍රීඩක මහත්මයෙක්ගෙම
දාඩිය මහන්සිය හා කඳුළු වලට පින්සිදුවන්ට
අසූ දෙකේ මුල අපිට ටෙස්ට් වරම් ...

(මේ ඇත්තන්ට මහත්වරු කියුවෙත් හේතුවක් ඇතුව )

පළමු තරඟය අසූ දෙකේ පෙබරවාරි  දාහත
වනාතෙ ඕවල් එකේ තම් මැට්ටම් ගැටබෙර හඬ මැද්දෙම ...

අසූ දෙකේ අග කැරළිකාර දකුණ අප්‍රිකානු සංචාරය ...
අපේ රොත්තක්ම එහේ අප්‍රිකාවෙ වයිල්ඩ් ලයිෆ් බලන්න ගිහිල්ල ...

(එයාලට එහෙ යන්නත් එයාලගෙ පැත්තෙන් බැලුවම සාධාරන හේතු තිබුන )

අසූ තුනේ මැද කළු ජූලිය මම එතකොට ටැමිල් යූනියන් ...

මටත් හිටිය රත්තරන් හදවත් තියෙන යහළුවො රොත්තක් ටැමිල් එකේ ...
උන් ටික කොහොම හරි බේරගත්ත ඒ උනාට දේපල හානිය ????

ඉන් පස්සෙ දශක ගානක් කොටි කේස් ...

උන්ගෙ විතරක් නෙවි අත්ත පනත්තගෙ ඉඳල
සිරි ලංකාවෙ සංවර්ධනය වෙනුවෙන් කැප කල සෑම දෙයක්ම සුන්නත් දූලි ...
දසක ගනනක් රට ආපස්සට ...

දෙපැත්තෙම කාළකණ්ණි පාහර අඥාණ දේශපාලුවන්ගෙ දුර දැක්මක් නොමැතිකම නිසා ...
රටේ සංවර්ධනයට උර දෙන්න හිටි  අහිංසක තරුණ ජීවිත දෙපැත්තෙන්ම බිල්ලට ...

"නොවේ මෙවන් විපත් ලොවේ"

ඕං ඉතිං මේ හේතූන් නිසා ක්‍රිකට් ක්‍රීඩාවට රටවල් ලංකාවට එන්න අදි මදි කලා ...
ආවත් කොහේ හරි මුල්ලක බෝම්බයක් ගියාද සුරුස් ගාල ආයෙත් ගියා
දොර මුල්ලෙ හරි කමක් නෑ උන්ට ...

රිටර්න් ටිකට් එක උඩ සාක්කුවෙ දාගෙනමයි
උන් බැට් කරෙත් ...
ඒක එවුන්ගෙ යුනිෆෝම් එකේම කොටසක් වෙච්චි කාලෙකුත් තිබුන ...

මට විතරක් නෙවෙයි මගේ කාලෙ ක්‍රීඩා කල හැම එකෙකුට වගේම ක්‍රීඩාවට සම්බන්ධ සෑම කෙනෙකුටමත් දැනුන ඒ පාඩුව
පිටියෙ තණ කොළ හිටවපු අමරාවතීගෙ ඉඳල
පත්තර මහත්තය දක්වා ...

ඒ කාලෙ හිටිය පත්තර මහත්වරුත්  නියම සෙට්‍ එක මහත්තුරු කියුවට ණය නෑ ...

අපි එකෙකුටවත් ජාත්‍යන්තර ක්‍රීඩකයන්ව ...
ජාත්‍යන්තර තරඟ වැඩිය දකින්න ලැබුනෙ නෑ ඒකාලෙ
දැක්කත් කළු නික දැක්ක වගෙ ...

ඉතිං කොහොමද ඔය කියපු එකෙක්වත් ජාත්‍යන්තරෙත් එක්ක තරඟ කරන්න ජාත්‍යන්තර පලපුරැද්ද ගන්නෙ ...

නැතිනම් ඒ දවස් වල හිටිය පහු කාලෙක සෙල්ලම් කල නැතිනම් 

දැනට සෙල්ලම් කරන සෑහෙන උන් කරේ එල්ලගෙන ගහන්න පුළුවන් කොට්ටාශයක් .....

උදාහරන කීවොත් දෙන්න පුළුවන් ලොරි ගානට
ඒත් කෙටියෙන් එකක් දෙන්නම් නැතිනම් ...
 
නැතිනම් ලිස්ට් එක දිග වැඩිවෙයි  ...

බ්‍රෙන්ඩා ...

Brendon Kuruppu ...

1st Sri Lankan Batsman to score a
Test double hundred on debut
කුළුඳුල් තරඟයෙන්ම ද්විත්ව ශතකයක් ලබාගත් එකම ශ්‍රී ලාංකික පිතිකරු ...

3rd Batsman in the world after Tim Foster (England 1903) and Lawrence Rowe (West Indies 1972)

ලෝකයෙන්ම තෙවැනි පිතිකරු ටිම් ෆොස්ටර් (එංගලන්ත - 1903 ) හා ලෝරන්ස් රෝ (බටහිර ඉන්දීය කොදෙව් - 1972) ට පසු.

බ්‍රෙන්ඩ කාලෙක ඉඳල පුහුණු සංචතියෙ හිටිය එකෙක් මාත් එක්ක ...
බ්‍රෙන්ඩ ආනන්දෙට ගහනකොට මම මහින්දෙට ...

මම ටැමිල් ගහනකොට බ්‍රෙන්ඩ බ්ලූම්fපීල්ඩ් ...
අපි දෙන්න බ්ලූම්fපීල්ඩ් ගැහුවෙත් එකට අවුරුද්දක් දෙකක් ...
කාලයක් බ්‍රවුන්ස් එකේ රස්සාවත් එකටමයි ...

දෙන්නම ආරම්භක පිතිකරුවන්
එම නිසාම අපි දෙන්නම ප්ලේස් එකට fපයිට් කලෙත් එකට

1983 එංගලන්තෙ ලෝක කුසලානයත් අපි දෙන්නගෙම කුළුඳුල් සංචාරය ...
(ඒකත් හරි ලස්සන කතාවක් ඒක පසුවට)
කුළුඳුල් සංචාරයෙ කුළුඳුල් රෑම් මේටුත් බ්‍රෙන්ඩා ...

කාලෙක ඉඳල සංචතියෙ හිටියත් බ්‍රෙන්ඩට දුන්නෙ ටෙස්ට් මැච් හතරයි ...

මේ මම කියන තරඟය බ්‍රෙන්ඩගෙ කුළුඳුල් ටෙස්ට් තරඟය
කොළඹ සීසීසී ක්‍රීඩාංගනයෙ නවසීලන්තෙ සමග ...

ඉඳල ඉඳල දුන්න බ්‍රෙන්ඩට අවස්ථාවක්
ගැහුව බ්‍රෙන්ඩ දෙසිය එකක් ඕපන් කරල
නිකන්ම නිකන් නෙවි නොදැවී .....

පන්දු 548 විනාඩි 777ක් .....
 
ඒ කියන්නෙ පන්දු ඕවර 91
පැය 13.5 ක් පිටිය මැද්දෙ තනියෙන්ම ...
ලේසිපාසු වැඩක්නෙවි ...

හාබර් එකේ කම්කරු වැඩ මුර දෙකක් එකට කලා වගේ තමයි ...

ඒ අමාරුකම මම හොඳට දන්නව මමත් ආරම්භක පිතිකරුවෙක් නිසා
හැඩ්ලියත් සමග හොඳම සෙට් එක හිටිය අනික් පැත්තෙ ...

පිටකොටුවෙ බස් නැවතුමෙ පිපිරුවා බෝම්බයක් ...
ආයෙ ඇහිල්ලක් බැලිල්ලක් නෑ නවසීලන්තෙ එවුන්ගෙන් බාගයක්ම අකුලගෙනම ගියා ගමරට ...
නූල් පොටක්වත් තියල ගියෙ නෑ ආයෙත් එන්න බලාගෙන ...

අපෙ බ්‍රෙන්ඩ ...
එදා එදාමයි ආයිත් ටෙස්ට් එකක් ගැහුවෙ මාස දහයකින්
ඒ දෙවෙනි එක ...

තුන ???
තවත් මාස දාසයකින් ...

එතකොට හතර ???
තවත් වසර තුනකින් ...

පොඩ්ඩක් කොණ්ඩෙ පීරන්න තියෙන ඔලුවෙන් හිතල බලපල්ල
දැන් ඉන්න සමහර බිංදුමතීල එක මාසෙට හතරක් ගහනව
එක මාසෙට බං ...

ඉතිං කොහොමද fපෝම් එක කියන දේ දිගටම ගෙනියන්නෙ ...

දෙවෙනි තරඟෙ එනකොට උගෙ දෙසීය එක සිලෙක්ටරලටත් අමතකයි  
ලකුණු දාපු එකාටත් අමතකයි ...

බ්‍රෙන්ඩටත්  නැවත පටන් ගැනීම නවකයෙක් නොවුනද නවකයෙක් ලෙසමයි ...

එහෙම ගහලත් බ්‍රෙන්ඩ ටෙස්ට් තරඟ හතරට 320 ක් ...
ටෙස්ට් ලකුණු සාමන්‍ය 53.33 ...

ඒකාට දිගටම දුන්න නං කොහොම හිටින්න තිබුනද
ඕව තමයි ඒකාලෙ අපේ උන්ට උන හදි ...

හැබැයි ඉතිං කුරිරු යුද්දෙන් උනෙ රටවල් මෙහෙ නාව එක විතරයි ...

බ්‍රෙන්ඩ ඇතුළු අනෙක් උන්ට තරඟ නොලැබෙන්න හේතුව යුද්දෙම නම් නෙවෙයි ...

කාලෙන් කාලෙට ආව ගිය හාල්පාරු තේරුම් කමිටුම තමයි ....

 
සැ:යු:

සමාවෙයල්ල කියනවට මම මේ බින්දුමතීල කියුවෙ අපහාසෙකට හෙම නෙවෙයි ...
මේ ඉනිමෙ වටිනාකම ගැන කියන්න ...

ෆිට්නස්ම බලපල්ලකො
පැය 13.5 ශාරීරික පමණක්ම නෙවි
මානසික තාක්‍ෂණික හැඩ්ලි ඇන්ඩ් ද ගැංග්ට එරෙහිව ...

කොළඹ මැද්දෙ ගිනි කාශ්ඨක අව්වෙ
කුළුඳුල් තරඟයෙ පන්දු ඕවර අනූ එකක් ...

ලේසි පාසු කෙලියක්ද පොඩ්ඩක් ඇනලයිස් කරල බලපල්ල ...

ඇයි දෙයියනේ මුංව කව්රුවත් අගය කරන්නෙ නැත්තෙ ?

Thank you for entertaining us Brenda ...




Saturday, December 4, 2021

මෙතනින් මාරුවෙනු

පහුගිය දොහේම කීදෙනෙක්ද බං ...

ඕං ඊයෙ පෙරෙයිද සම්පතුත් ගියා සරත් මලයත් ගියා
සුන්දර මතකයන් පමණක්ම ඉතිරි කර ...

සම්පත් තෙන්නකෝන් 

සරත් චන්ද්‍රසිරි

තෑන්ක්ස් අ ලොට් ෆෝ ද
ආත්ම ගානක එනටර්ටේන්මන්ට්
මයෙ අම්මාපල් වී හැඩ් අ බෝල්  ...

සුන්දර නිහඬ මිතුරනි නුඹළාට සුභ ගමන් ...
මරුවා ජයගෙන නිර්වානයෙන් සැනසුම ලැබෙත්වා ...

🙏🙏🙏🙏🙏

පහුගිය දොහේ මරණ දැන්වීම්ම කොටා ඉතාමත් තෙහෙට්ටුය ...

මරුවාණනි ඉතිං ඉස්ටොප්
මෙතනින් මාරුවෙනු දැන්මම  ...

කලාපුරයට නොහැරෙනු
අසරණ ජීවිතවලට ගෑස් ටැංකි වලින් නොබසිනු
පල්ලි පන්සල් කෝවිල් වලට නොපැමිනෙනු ...

මරුවාණනි බොගෙ කම්මැලිකමට
බොට නිකන් බලා සිටීමට නොහැකිම නම්
දියවන්නාවට පමනක්ම හැරෙනු
කර්මයත් විකුනං කන
දැන දැනම අනුන්ට වින කරන
පව්කාර නරුමයන් පදමට එහි ඇත ...
එනිසා බොට ඕනෑ තරම් වැඩද ඇත
හෝල් සේල් ඕ ටී ද ඇත ...

වඩිනු මැනවි ට්‍රැක් එක මාරුකර
වන් වේ පාරකින් දියවන්නාවට උඩින්
ඔබ සුන්දර පෙම්බර මරුවකු වනු ඇත එවිට ...





Thursday, November 18, 2021

ජුබිලි කණුව


ජුබිළි කණුව ....

මේ පින්තූරය උඹලන්ට තුට්ටුවකට වටින්නෙ නැති උනාට
මට නං  කෝටි බර ගානක් වටිනවා ...

ඔය අනෙක් පැත්තෙන් ඉන්නෙ මගෙ ආදරණීය  හිච්චි අයිය
ඒ කියුවෙ උඹල කවුරුත් දන්න/නොදන්න ඒජේ ...

මේ  පින්තූරය  කාචයට හසුවුනෙ මගේ කුළුඳුල් ශ්‍රී ලංකා සංචාරය
අසූතුනේ ලෝක කුසළානෙට යන්න කලින් දවසෙ රෑ ...

එදා රෑත් වෙනද වගේම පුරුදු විදියටම
හිච්චි අක්ක උයල දීපු බත් ගෙඩියටත් වග කියල
පෘඩෙන්ෂල් වර්ල්ඩ් කප් යන්න  සූට්කේස් එකත් ලැහැස්ති කරල
බුදිය ගන්න කලින් ...

ඔය තමයි අපි දෙන්නගෙ ඩිවයින් ඇඳන් දෙක ඒ දවස්වල ...

හෙලවුනත් හෙලවෙන්නෙ භූමි කම්පාවකට විතරමයි  ...
හින්නි කිතරවත් කිරිකිරි සද්දයක් නෑ
කොන්දෙ අමාරුත් නෑ හොඳ සොලිඩ් ඇඳ ...

එංගලන්තෙට ගියත් එකම කටුගේකවත් ඔයිං එකක් නං දැක්කෙ නෑ ...

පුරුදු විදියටම පාන්දර කප්පි ළිඳෙන් වතුර ඇදන් නාලා
ව(ර්)ල්ඩ් කප් යන්න පාන්දර සූට්කේස් එකත් උස්සගෙන
ක්‍රිකට් බාේඩ් එකට මාර්ග අංක 115 පිටකෝට්ටෙන් ...

මගේ හෙවනැල්ල හිච්චි අයියත් ෆුට් බෝඩ් එකේ
වැඩි ආරක්‍ෂාවට මාව ඇතුලටම දාල ...

ඩ්‍රයිවර් කොන්දා තියා ගමේ එවුන් දන්නෙත් නෑ අපි යන්නෙ වර්ල්ඩ් කප් කියල ...

(ඒකාලෙ බෑග් වලට රෝද තිබුනෙ නෑ,අත්දෙක මාරු කරකර උස්සන් යනව 

අමාරුමනං බිම තියල රෙස්ට් එකක් ගන්නව.ගමන පරක්කු නං ගට දාල අත කැඩුනත් උස්සන යනව - 

වැඩේ අතාරින්නයැ - වර්ල්ඩ් කප්නෙ බං)

අවුරුද්දට ගමේ යනව වගෙ තමයි ...

එකසිය පාළහෙන් ක්‍රිකට් බෝඩ්
එතනින් එයාපෝට් එකට ගමනාගමන පහසුකම් මංඩළෙන් ...

ටැමිල් ක්ලබ් එකෙන් ටුවර් එකට ඉල්ල ගත්ත බැට් එකේ ආරක්‍ෂාවට
දෙපැත්තෙන් ක්ලබ් එකෙන්ම ඉල්ල ගත්තු පැඩ්ස් දෙක තියල බකල් ටික දාල
තිරස් අතට සූට් කෙස් එකට රිංගව ගත්ත ...

සූට් කේස් එකත් යාළුවෙක්ගෙ මට කොහින්ද බං එච්චර ලොකු ඒව ...

ඒකටම ඇඳුම් කෑලි දෙක තුනකුයි ක්‍රිකට් ඇඳුනුයි ...
නුවරඑළියෙ පේව්මන්ට් කඩේකින් යාළුවෙකුටම කියල ගෙන්න ගත්ත
සීතලට අඳින ජැකට් එකකුත් බස්ස ගත්ත
දැන් බෑග් එක පැක් ...

මයෙ අම්මපා සීතල ජැකට් ඔයිට කලින් දැකල තිබුනෙත් නෑ
ගිරිස්මෙට අයිස්මෝල හන්දියෙ හැදුන අපිට මොන ජැකට්ද බං ...

එතකොට රෝද තියෙන ක්‍රිකට් බෑග් නෑ
කරේ එල්ලං යන අළු පාට ඩී එස් අයි  බෑග් එක තමයි මගෙ හිතවතා ...

ඕනෑම සෙනග ඉන්න බස් එකක සීට් එකක් අස්සට ලේසියෙන් රිංගවන්න පුළුවන්  ....
බැට් එක තියා මිට වත් ඕක ඇතුලට දානව බොරු ...

ඔය හාන්සිවෙල ඉන්නෙ සත වරුස ගානක් අපි නිදියපු ෆුල් ලක්ෂූරියස් ඇඳේ ...

කකුල් හතර කැපුවෙ යටින් සද්දෙට මීයො යන නිසා 😜
ඔය එවරෙඩි පූසත් පිටිපස්සෙන් ඉන්නෙ මීයො බය කරන්න ...

සමහර දවසට බිමට දාන රෙද්ද නැතිවත් බුදියනව කොට්ටෙ විතරයි ...
ඇයි ඉඳල හිටල හරි බෙඩ් කවර් එක හෝදන්නත් එපැයි ..

ඔය තද කොළ පාටට තියෙන්නෙ රතුපාට බෝඩරෙත් එක්ක අම්මගෙ පරණ සාරියක්  
අම්ම හිටිය එතකොට ගාල්ලෙ ගෙදර 

අම්මගෙ පුසුඹ  දැනෙන්න සාරිය ...

එහෙම කියුවට කකුල් නොකැපූ ඇඳන් දෙකකුත් තිබුන
අයිති වාසිකම් නැති අපිට ඉස්තෝප්පුව ...

එක ඇඳක් ගෙදර හිටිය එකම ගෑණු පරාණෙ මගේම හිච්චි අක්කට කාමරේකුත් සමග ...

අනෙක් ඇඳ චොනාට දෙවෙනි කාමරෙත් සමග ...
සම්පූර්ණනම සුයි චොන් ...
අත්ත පනත්තගෙ ඉඳල චීන ඒකයි ඒ නම ...

චොනාගෙ නමට තමයි කුලිය ඒ නිසා ඒ වාසිය ඒකාට අනෙක තමයි චොනා රෑ වැඩ
මහන්සිවෙල ඇවිල්ල දවල්ට බුදියන්නත් ප්‍රායෝගිකයි ...

පින්තූරෙ ගත්තු කැමරාවත් චොනාගෙ පින්තූරෙ ගත්තෙත් චොනා ...

චොනා වැඩ කලෙ කොම්පඤ්ඤවීදියෙ නිපොන් හෝ‍ටලේ කැෂියර් හැටියට ...
මං ව(ර්)ල්ඩ් කප් යන සන්තෝසෙට ඌ තමයි වැඩියෙන් බීල තියෙන්නෙ ...

අපි බිව්වෙ නෑ බොන්න කාසි නැති නිසා ...
ගෙවල් කුලිත් මාස දෙකක් හිඟයි ...

අපිට ඉතිං මොකත් එකයිනෙ බං වහලක් තිබ්බනං ඒ ඇති ...
නිදාගන්න අවශ්‍ය නිදිමත විතරමයි ...

අපේ ඇඳටම අල්ලපු  කකුල් කපපු අනෙක් ඇඳේ රෙද්ද එලාගෙන බුදිය ගත්තෙ
අපේ විජේ මල්ලි ...
 
අපේ විජේ මල්ලි ටිකක් සුනිල් දත්ගෙ මල්ලිගෙ යාළුවෙක්ගෙ
පුංචි අම්මගෙ පුතාගෙ බාප්‍ප වගේ තමයි පෙනුම ...
 
හොඳ හැන්ඩිය කියල තමයි  හිතාගෙන ඉන්නෙ 😜
 Sarath Wijerathna
මගෙ පාසැල් මිත්‍රයා ක්ලාස් මෙට් ටීම් මේට් එකට ගුටිකන මේට් ...
කියලාාාා වැඩක් නෑෑෑහ් ...

ඒකා ඒ දවස් වල මොබයිල් මැරීන් වැඩ කලෙ ...
දැන් මින්නේරියෙ පෙට්රල් ෂෙඩ් එක කරනව ...

කවුරුහරි පොළොන්නරුව පැත්තෙ ගියොත් හන්දියෙන් බැහැල මගෙ නම කියුවොත්
තෙල් ටික නිකන් ගහගන්න පුළුවන් ...

යනකොට ගාන ඉල්ලයි අවුලක් නෑ හිමින් සැරේ ගෙවන එකයි තියෙන්නෙ ....

අපෙ උපුලගෙ අයියගෙ Upul Chandana
සෝමෙ අයියගෙ ලීබඩු කඩෙත් ගල්විහාරෙ බලල එන පාරෙමයි ...

දෙන්නම දිවිගෙවුම පොළොන්නරුවෙ ...
සිරිසේන මහත්තයටත් මචං කියන සයිස් එකෙන් දැන් ඉන්නෙ ....

ඔය අපි හිටිය ජුබිළි කණුවෙ ගෙදර කාමර දෙකයි
අසූ තුනේදි කුලිය තුන්සි  පනහයි ...

ඔප්ෂන්ස් එකක් නෙවි ඔක්කොම ෆුල් ඔප්ෂන් ....

ඇටෑච් බාත් ඩැමේජ් කොමෝඩ් ජනෙල් හිල් වලින් ෆුල් ඒ සී ...

වතුර අත ලඟ බාල්දිය ළිඳ ලඟ ඒක නැත්තම් තව ටිකක් එහා අනෙක් ළිඳ
ඒ කියන්නෙ ටූ බාත්ස් ....

ඔප්ෂන් ලිස්ට් අන්ලිමිටඩ් ...

ගෙදර වැසිකිලි දොර තාමත් මොරටුවෙ ....
හදන්න ලී ඉරන්න සිංහරාජෙන් ගහක් හාෙයනව ....

දොර රෙද්ද ගලවල වැසිකිලි දොරට එල්ලල තමයි ඇතුලට යන්නෙ ...
 
ටොයිලට් ට්‍රැෆික් නවත්වන්න සද්දෙට සිංදුවක් ගහගෙන ඉන්නව ඉතිං කවුරුත් එන්නෙ නෑ  ...

රියැලිටි ස්ටා(ර්) ඒකාලෙ තිබ්බනං අපිටත් ට්‍රයියක් දෙන්න තිබුන ...
එපමනටම වොයිස් ට්‍රේනිංග්

කුස්සිටම අල්ලල කක්කුස්සිය ...
කුස්සියෙ කවුරුහරි ඉන්නවනං කක්කුස්සියෙ වැඩ කටයුතු ටික සද්දෙට බෑ ....

ක්ලච් එක අල්ලගෙනම තමයි ඇක්සලේටරේ දෙන්න ඕන ....

වැරදිලවත් ක්ලච් එක ස්ලිප් උනොත් කුස්සියෙ එකා දුවනව ....

ඉස්ටෝරිය තව දෙන්න පුළුවන් වෙලාව මදි ...
ඕං ඉතිං කතාවෙ සාරංශය ගත්තොත් ...

ඔය කකුල් කපපු ඇඳේ බුදියගෙන ඉඳල
පෘඩෙන්ෂල් වර්ල්ඩ් කප් එකට 115හේ එංගලන්තෙට ගිහිල්ල ව(ර්)ල්ඩ් කප් එකත් ගහල
බකිංහැම් මාලිගාවෙ බෝල් රෑම් එකේ මහ රැජිනයි ෆිලිප් ආදිපාදි තුමා ඇතුළු
රජ පෙලපතත් සමග කොක් ටේලුත් ගහල
වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තුවෙන් දවල්ට කෑමත් කාල ...

(දියවන්නාවෙ එකෙන් තාම කාල නෑ ,කාල තියෙන්නෙ එතන ඉන්න කාළකණ්ණි දෙන ලණු විතරයි)

ජුබිලි කණුවෙ එක්වත්ත පාරෙ කකුල් කපපු ඇඳට ආයෙත් 115හේම ආපු එකෙක් තමයි  
චීනකොරටුවෙ අයිස්මෝල හන්දියෙ අතුලයා ...

අනෙක් පිං ඇති එවුන්ව පිළිගන්‍න බුරුතු පිටිං මණ්ඩලේ වාහන පුරවල ...
උං වර්ල්ඩ් කප් ගොහිං ආ සන්තෝසෙට
කොක් හඬලන හිනා කතා
රැජිනගෙ බාසාවෙන්ම වෙරි නායිස් වෙරි නායිස්...


ඇයි යකෝ ලේසි පාසු දෙයක්ද වර්ල්ඩ් කප් එකක් ගහල එනව කියන්නෙ අයිස්මෝල හන්දියෙ එකෙක් ...
මිලියන ගානකින් වර්ල්ඩ් කප් ගිය දාහතරෙන් එකෙක් කියන්නෙ ....

උන්ගෙ කාගෙවත් සොමිය කඩන් නැතිව
මම බෑග් එකත් උස්සගෙන සද්ද නැතිවම ආයෙත් පාරට ...
නෝමෑඩ්ස් එක ළඟට පයින් එතන ඉඳල 115හ පිටකෝට්ටෙට ...

ඒත් ගෙදරටම එනකොට ගෙදර එකෙක් නෑ ...
උන් ඔක්කෝම වැඩට ගිහින්

නොයා කෙහොමෙයි බං මාසෙ අන්තිමට
ගෙවල් කුලී ගෙවන්නත් එපැයි ...

දැන් ඉතිං කාපං පරිප්පු කියල පඩිය උඩ වාඩිවෙල දොරට හේත්තුවෙල
පොඩි ඇලට් එකක් දාගෙන හිටිය ගෙදර උන් හැන්දෑවෙ වැඩ ඇරිල  එනකන් ...

කිව්ව වගේම රෑටත් පානුයි පරිප්පුයිම තමයි ...

මක්කා කියුවත් හිච්චි අක්කගෙ පරිප්පුවට ගහන්න නං
බකිංහැම් එකේ  කොක්ටේල් එකටවත් බෑ ...

හරියට හීනයක් දැකල ඇහෑරුන වගේ ....
වර්ල්ඩ්කපුත් ගියා එලිසබෙත් රුජිනයි පිලිප් කුමාරයයි එක්ක චියර්ස් කියල කොක්ටේලුත් ගැහුව ....
 
ඕං ආයෙත් ජුබිලි කණුවෙ කකුල් නැති ඇඳේ ...
සරං කොටෙත් ගහං ...

මාාාර අප්සෙට් එක ඕයි ...

Friday, November 12, 2021

 


අමතක නොවේය කිසිදා ඔබ හඬ
කඳුළක් මතුවිය ඇසු කල ඒ හඬ
නිහඬවූ වග දැන ...

කියන්නට ඇතත් ටෙරා බයිටයක් පිරෙන්නට
අප සැම ගොළු වී ඇත අද ඔබ ගිය බව දැන ...

නිවාඩුවක හමුවුන විට පෙරදාක
දොඩමළු වුනේ අප සැම මධු ඇති තැනක
මී පැණි වගේ ඔබ ගැයු පද පේලියක
සෙනෙහස තිබුනි සරලව හද පිරෙන්නට ...

ගීයක් සේම රැව් දුන් ඔබෙ කතාවද
ඝන උඩු රුවුල සහ දිලිසෙන කොණ්ඩයද
නිරහංකාර සුන්දර ඔබෙ සිනහවද
අමතක නොවේ අප හදකින් කිසිදාක ...

දශක ගනනක් තිස්සේ
රසික සිත් සතන් සැනසූ නිහතමානී සහෘදයා ...

ලකී සුන්දර මිත්‍රයා ඔබට නිවන් සුව ...



Monday, November 1, 2021

පණ්ඩිත සර්

26.2.17 FB

1981 මම මහින්දෙ ක්‍රිකට් නායක ...

දවසක් පණ්ඩිත සර් ...
අපේ ක්‍රීඩා භාර ආචාර්යතුමා ගෝන් මිසිං
our master in charge of cricket

අපේ සූදානම ...
බ්‍රහස්පතින්ද දවල් 2:48 කෝච්චියෙ කොළඹ යන්න ...
සිකුරාද සෙනසුරාද නාලන්ද මැච් එක ...

බදාදා පුහුණුවෙන් පසුව කණ්ඩායමත් තෝරා අවසන්
බ්‍රහස්පතින්දා උදේ ඉස්කෝලෙ ආම්පන්න කාමරය අසල මුණ ගැසුන අපි
බැට් බෝල සහ අනෙක් අඩුම කුඩුමත් කර තියාන
හරියටම දවල් 2කේ කනිසමට ගාලු ඉස්ටේසමේ  ...

පණ්ඩිත සර් නෑ හැමෝම දැන් කලබලෙන් ...
සර් නැතුව කොහොමෙයි අපි කොළඹ යන්නෙ ...
දැන් දෙකයි කාලත් වෙල කෝච්චිය දෙකයි හතලිස් අට ...

හැමෙකාගෙම පැනික් බට්න් ප්‍රෙස් වෙලා ඇයි බං අපි මක්කැයි කොළඹ රට ගැන දන්නෙ
අනික අපි කොහොමෙයි කොළඹ රටේ යන්නෙ පිච්චිය අතේ නැතිව ...

එතකොටම වගේ මම දැක්ක පණ්ඩිත සර් බස් නැවතුම පැත්තෙ ඉඳල දුවගෙන එනව දාඩිය පෙරාගෙන ...
සර්ගෙ කට කපල හිනාව අපිට හරී සැට ...

සර් කතාවක් නෑ කෙලින්ම ගියෙ ප්‍රවේශ පත්‍ර කවුළුවට ...
විනාඩි පහෙන් අපි පාලහයි ශාන්ත අයියයි අමාරියසුයි  ඇතුලෙ ...
(ශාන්ත අයිය කෝච් අමාරියස් ග්‍රවුන්ඩ් බෝයි)

සංයමයෙන් ඇතුලට ගිය අපි මුහුද පැත්තෙ ජනේලයක් අල්ල ගන්න පොඩි කලබලයක් ...
ඒ ඉතිං ගල්කිස්සෙ මුහුදු වෙරලෙ  කපල්ස් ගනින්න ...

කෝච්චිය ඇද්දුවහම මම හිමීට ගිහිං සර්ගෙන් ඇහුව
ඇයි සර් පරක්කවුනෙ අපි පපුවෙ බිත්තර තම්බ තම්බ හිටියෙ කියල ...

පණ්ඩිත සර් හැමදාම කියාපු වෙලාවට කියාපු තැන ඒකයි ඇහුවෙ ...
සමරසේකරට දැනගන්නම ඕනද ...
සර් උත්තර දුන්න හිමන් සැරේ වෙන කාටවත්ම නෑසෙන්න ...

අයිසෙ සමරසේකර ...
ප්‍රින්සිපල් කියුව ඉස්කෝලෙ සල්ලි නෑ කියල මැච් එකට කොළඹ යන්න
කෝච්චි ටිකට් ගන්න ...

ප්‍රින්සිපල්ගෙ අතෙත් තිබුනෙ නැහැලු  ගමට යවපු නිසා...

ඉතිං මම ඉන්ටවල් එකෙන් පස්සෙ හික්කඩුවෙ අපෙ ගෙදර ගිහින්
වයිෆ්ගෙ මාලෙ උගස් කරල සල්ලි ටිකක් ගෙනාව කෝච්චි ටිකට් වලටයි මග වියදමටයි
මිස්ට ගුණතිලක දෙපාර්තමේන්තුවෙ මුදල් ලැබුනම දෙයි
නැතිනං ලබන පඩියෙන් බේරගන්න බැරියැ ...

එහෙම කියල සර් කවුළුවෙන් ඈත බලාගෙන බර කල්පනාව ...

මගේ පපුව හෝස් ගාල ගියා ...
අගහිඟ කම් අපි හැමෝටම එදත් තිබුන අදත් තීනව හෙටත් තියෙයි ...
ඒත් බං මොන නෝනද ලෝස් නැතුව මහත්තයට මාලෙ උකස් කරන්න දෙන්නෙ
කොල්ලන්ට ක්‍රිකට් ගහන්න යන්න ...

සමහරවිට  පණ්ඩිත සර් ඒ උත්තමාවියගෙ ගෙලේ බැඳපු මගුල් මාලෙද දන්නෙත් නැහැ
මාලෙ පඩි දවසටවත් බේරගන්න පුළුවන් වෙයිද කියල වෙන්ටැ සර් මුහුද දිහා බලාන හිතන්නෙ ...

මගෙ ඇස් දෙකට කඳුළු ආව
පණ්ඩිත සර් බදාගෙන ඉඹින්න හිතුන ...

ගුරු භක්තිය නිසා එහෙම කලේ නෑ
සර්ට අපමණ භක්තියකින් වැඳල ගිහින් කවුළුවක් තියෙන තැනකින් වාඩි උනා
කොල්ලො ටිකත් එක්ක සෙටේවෙන්න ...
 
ගායකයෙක්ව හම ගහන්න ...

උං එකෙක් වත් මේ කතාව දන්නෙ නෑ
අද වෙනකන් ...

ඇයි සර් එදා කියුව මේක දන්නෙ මායි සමරසේකරයි මගෙ නෝනයි විතරයි
කිසිම කෙනෙකුට කියන්න එපා කියල ...

සමාවෙන්න සර් අද කියන්න වෙනව
ඒ වෙන මක්කටවත් නෙවි
සර්ගෙ මහා කරුණාව ගැන මතක් කරන්න ...

අපිට හිටිය අනෙක් ගුරුවරුත් එහෙමයි
ඔය තමයි අපේ දෙවිවරු ...

ඒ ඇත්තන් රාජකාරිය දේවකාරියක් වගෙ කලේ ...

මෙම සටහන පණ්ඩිත සර් ඇතුළු සෑම ගුරු භවතෙකුටම ප්‍රණාමයක් වේවා !

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏


Sunday, October 31, 2021

උන්ට පිස්සුද අපිට පිස්සුද

මං ක්‍රිකට් වලට තවමත් ආදරෙයි බං
හරියට නිකං ඔපරේෂන් කලත් වෙන් කරන්න බැරි දෙබිඩ් දරුවො වගෙ
බොක්කෙන්ම තාමත් එකට ඇලිලා

ඒ ආදරේ නිවන් දක්නා ජාති දක්වා තියෙයි ...

ක්‍රිකට් ගහන්න ෆිට් වෙන්න අඩිය හිල් වෙච්චි සපත්තු දාගෙන
කකුල් පිච්චි පිච්චි තාර පාරෙ හැතැප්ම ගනන් දිව්වෙ අපි ...
ක්‍රිකට් ගහන්න කොළඹ ඇවිත් නොකා නොබී අගුපිල්වල පැදුරු එලං බුදිය ගත්තෙ අපි ...

අතේ ඇඟිලි දහයෙම ඇට කඩාගෙන
උරිස් කටු දනිස් කටු මැණික් කටු කෙන්ඩ කොන්ද
තියෙන තව හැම ජොයිට් එකකටම පත්තු බැඳගෙන ...
ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ජීවිතේ  ගොඩාක් දේවල් කැප කල උන් අපි ...

මගේ මේසෙ උඩට තවමත් බත් ගෙඩිය ඇන්න එන්නෙ ක්‍රිකට්
මගේ පවුල ජීවත් කරන්නෙ ක්‍රිකට්
මගේ දරුවන්ගෙ ඇස් පෑදුවෙ ක්‍රිකට්...

මට ලෝකය පෙන්නුවෙ ක්‍රිකට්
මට බොලාවත් බොලාට මාවත් මුණ ගැස්සුවෙ ක්‍රිකට්
තවමත් මට ජීවය දෙන්නෙ ක්‍රිකට්
ඒ කියන්නෙ ක්‍රිකට් මගෙ දෙවැනි ආගම 

🙏🙏🙏 ...

ඉතිං අනේ ඒක නිසා බං ...

අර ජනතාව උකස් කරල කේ අමාරුවට ඇඟ පුම්බං ගොං ආතල් ගන්න
ක්‍රිකට් ගහන පියුර බබාලගෙ පින්තූර මට එවන්න නං එපා ඕං හොඳේ ...

ඒවා මුළු මහත් ක්‍රීඩාවටත්
එතෙක් මෙතක් කට්ට කාගෙන ක්‍රීඩා කල සියළුම ක්‍රීඩකයන්ටත්
බොක්කෙන්ම නරඹන රසිකයන්ටත් කරන මහා අපහාසයක් බං ...

වියතෙක් නොවෙයි නං 

අනිවාර්යෙන් බොලාට මං කියන දේ තේරුම් ගන්න ඇහැක් වෙයි ...

අනේ බං මෙහෙම කීවට බොලා අමනාප නොවෙතැයි සිතමි ...

ඩිවිෂන් වන් මෙච්චරටම මස්ත බාල්දු වෙච්චි එක ගැන
ලය පැලී මැරේදෝයිත් හැකයි බං ...

එසේ උවහොත් ගීතිකා හා මල් වඩම්ද අනවශ්‍යයි ...

Monday, October 18, 2021

ඇසට කඳුලක් ...


Adios Amigo ...

මා දන්නා තරමින් උඹේ බොක්ක සුදුය ...
වයසින්  ජේෂ්ඨ වුවත් වරෙක කර වටා අත දා මචං කියන මිතුරෙකි ...
වරෙක ඇඩ්වයිස් කෝටියක් දෙන ගුරු පියෙකි
තවත් වරෙක ආරක්ෂකයෙකි
තරු පටි වලට වඩා මිනිස්කමට සැලකූ මිනිසෙකි
මිතුරන් අතරින් සැබෑ මිතුරෙකි ...
බන්දුලා අතරින් අපේ බන්දුල මහත්මයෙකි ...
පිදිය යුත්තෙකි ...
නායකයන් හිටිය නුමුදු එහෙමත් නායකයෙක් නොදුටිමි ...
මහ එවුන් නියෝජනය කල නායකයන් අතර
පොඩි එවුන් වෙනුවෙන් පෙනීසිටි නායකයා නුඹය ...

නුඹ සදා අමරණීයය ...

බන්දු අයියේ උඹට අජරාමර නිවන් සුව ...

🙏🙏🙏🙏🙏🙏

Wednesday, October 13, 2021

ඩිමොක්‍රසි ...


 ඕං බොලා දන්නැත්තං අහගනිල්ලා ...

"Democracy" කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය හරියෙයි ...

ඩිමොක්‍රසිය බොටයි මටයි විතරක්නෙවි බං
ඒක ජාත්‍යන්තරයි ...

මෙතනදි ඩිමොක්‍රසි මතක් උනේ මේකයි හොඳේ ...

කැන්ගරු දේසෙ මට කිට්ටුම යාළුවන්ගෙන් එකෙක් තමයි කාරි ...

ගාල්ලෙ මහින්දෙම සගයෙක් ...
හවස් ජාමෙ සෙට් උන අපෙ ගාලු කොටුවෙ  
රෑම්පාට් ක්‍රිකට් ටීම් එකේ මැම්බර් කෙනෙක් ...
ඉස්කෝලෙදි කියුවෙ ඩීඑස් ඒ කියන්නෙ දයා ශ්‍රී ලාල්

වාසගම කාරියවසම් ...
ගම බද්දේගම ...
කරන්ට්ලි ලිවිං ඉන් කැම්බවෙල්,වික්ටෝරියා ඔස්ට්‍රේලියා ...
ඇඹණිය ලක්ෂ්මි ... Lak Kari
දෙන්නම මහෞෂධ පරම්පරාවෙ ...

කාරි මගේ මිත්‍රයා වගේම පවුලේ දොස්තර ...
අපි දෙන්නගෙ ජන්ම මාසයත් එකයි
සමරන්නෙත් දෙකම එකතුකරල ඉටිපන්දං එකසිය ගානට ගහල කාරිගෙම ගෙදර ...

දෙගොල්ලොම එකතුවෙල මක්කාවත් තියෙන දෙයක් උයාගෙන පිහාගෙන දරුමල්ලො සැට් එකත් සමගම සප්පායම් වෙල
ලක්ෂ්මි හදන කේක් ගෙඩියත් කපල ...

ඉපදීම දුකක් උනත් හැමෝම එකතුවෙල ඉපදුන දුකට සන්තෝස වෙනව ...

අපි දෙන්න එකතු උනාමත් කතා නොකරන විෂයක් නෑ ...

මානුෂික විද්‍යාත්මික දේශපාළනික ආගමික ක්‍රීඩා  ...
යූ නේම් ඉට් වී ටෝක් ඉට් ...

අද බෙහෙත් ගන්න දිස්පැන්සරියට ගිය වෙලේ
අපෙ කෙටි සාකච්වාවෙ හිච්චි කෑල්ලක් තමයි ඩිමොක්‍රසි ...

කොරෝනා කේස් නිසා ලෙඩ්ඩු වැඩිය බැහැරට එන්නෑ ...
ට්‍රීට්මන්ට් බයි එපොයින්මනට් ඇන්ඩ් ඔන් ලයින්
ඉතීං වාඩිවෙලා විනාඩි දහයක් පාලහක් අපි දෙන්න මල් කැඩුව ...

මෙහෙම නෙ මචං ඩිමොක්‍රසි වර්ග දෙකක් තීනවනෙ ...
ඇත්ත ඩිමොක්‍රසි ඇන්ඩ් බොරු ඩිමොක්‍රසි ...
ඇත්ත ඩිමොක්‍රසි ඇඟට ගුණයි රටට වැඩයි ලෝකෙටම හොඳයි ...

ඇත්තටම මචං ඇත්ත ඩිමොක්‍රසි කියල එකක් තියෙනව හරියෙයි ...
හැබැයි ඒකෙ තියෙන්නෙ අපි කියවපු පොත්වල විතරයි ...

වැඩේ තිනේනෙ බොරු  ඩිමොක්‍රසිය තමයි
ලෝකෙ බලවත්ම රටවල ඉඳල අන්ත දුප්පත් රටවල් දක්වා
හැම රටකම වගෙ රජ කරන්නෙ අපේ රටත් ඇතුළුව ...

ඕක නිසාම ඇත්ත ඩිමොක්‍රසිය කරන්න ඕනෙ එකා දේශපාළණයට එන්නෑ බොට තේරුනැයි ...
ආවත් අනෙක් උන් ඔක්කොම ඌට විතරක් නෙවි උගෙ සනුහරේටම වටවෙල අරිනව ...

අපේ රටේ නං පරංගිය ලන්දේසිය ඉංගිරිසි කාරයගෙ කාලෙ ඉඳල උනෙ
බොරු ඩිමොක්‍රසියම තමයි මචං ...

උන් මුළාදෑණියො ආරච්චිල ඒජන්තල කියල එවුන් ටිකක් දාගෙන
උන්ට දිලිසෙන පිත්තල බොත්ංත එක්ක දිගකෝට් අන්දල
අනෙක් එවුන්ට වැඩිය මූ උසස්ය කියල හිච්චි එකාව අන්දල

මුළාදෑණියට ආරච්චියට ඒජන්තලට පහසුකම් දීල උන්ගෙ වැඩ ටික කර ගත්ත ...

ගමේ හේනක් කුඹුරක් කොටාගෙන හිටපු එකාට බදු ගැහුව ...

අදත් ඕකමනෙ බං ...
වැඩ කරන ජනතාව විතරනෙ බං බදු ගෙවන්නෙ ...

අපිට ඩියුටි උන්ට ඩියුටි ෆ්‍රී ...
ගමේ පන්සලටත් එහෙමයි
නින්ද ගම් ප්‍රධානය කරල පන්සල් ටික  බා ගත්ත ...

නියම ධර්මය පතුරවන රහතන් වහන්සේලා ඉන්න ආරණ්‍ය වලට කිසිම සැලකීමක් නෑ ...

උන්නාන්සෙල එදත්  ගල්ගුහාවල අදත් ගල්ගුහාවල ...

මොකද රහතුන්ගෙන් උන්ට වැඩක් නෑනෙ බං ...

රහතුන් දොඩන්නෙ අනිත්‍යයි දුක්ඛයි අනත්තයිමනෙ බං ...

මුන්ට ඕනෙ හැමදාම ජීවත් වෙන්නනෙ ...

ඉතින් ඕං මිනිස්සු යන්න පටන් ගත්තෙ නින්ද ගම් තියෙන පන්සලට ...

පන්සල වටේටම හැතැප්ම ගානක් දිග
කිරි සුදුවට බැබලි බැබලි ආරුක්කු මූරුක්කු දාපු තාප්පයක් තීනව

ඒක ඇතුලෙ මහා විසාල  වෙහෙරක් බෝධියක් තියෙනව ...
පංකාදු චිත්‍ර ඇඳපු පින්තාරු කල බුදු ගෙයක් තියෙනව
නිලමෙලා කියල නරුමයො අන්දන් නාගසලං ගහගෙන
නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන
ධාරණ මණ්ඩන විභූසනට්ඨාවෙන් මතවෙලා
උච්චා සයන මහා සයනයෙන් මහා දිග පෙරහැරවල් යනව
අලියො ඉන්නව කුඹුරු තියෙනව පොල් තියෙනව ...
වත්ත මායිම පෙනෙන තෙක්  මානෙක නෑ ...

ඉතිං වෙන්දේසියෙ විකිනෙන
මුදල් වැඩිපුර ගැවසෙන පන්සල් වලට මිනිස්සු ආකර්ෂණය වෙනව ...
මිනිස්සු ආසයිනෙ බං ඇස් බැන්දුම් වලට උන් ආස නෑ රියල් පික්චර් එකට ...

සාමාන්‍යයෙන් ලංකාවෙදි ට්‍රිප් යන්නෙත් ඔය වගෙ පන්සල් බලන්නනෙ බං ...
ගිහිං පුළුවන්කමක් තියෙනං නායක හාමුදුරුවො කොහොම හරි හමුවෙල
වැඳල කතාකරල පිං කැටේටත් ගානක් දාලනෙ එන්නෙ ...
ඇයි ලොකු පන්සල්වල සංදර්ශන දාන හාමුදුරුවන්නෙ බං ප්‍රසිද්ධ  ...
ඉතිං එයත් එක් සෙල්ෆියක් ගැහුවම කොහොමද තැනහ් ...
 
හොඳයි කියහං බලන්න ...
කිසිම දෙයක් නැතිව සිවුරටයි පාත්තරේටයි
පමණක් හිමි
ආරණ්‍යයක භාවනා කරන හාමුදුරුවන්ට දන්වේලක් දෙන්න යන්නෙ කීයෙන් කීදෙනාද බං ...
උන්නාන්සෙල දවසට වළඳන්නෙත් එක වේලයි ...
එතන කුඹුරුත් නෑ පොල් වතුත් නෑ පිං කැටත් නෑ ...

අනෙක දිලිලි දිලිසි තියෙන ගමේ පන්සලට එන්නෙ
ගම්මුළාදෑණියගෙ ඉඳල ගමේ කළු සල්ලි ප්‍රභූන්නෙ බං ...

ඉතිං ගමයා කැමතියි මේ නෙට් වර්ක් එකට ...
මොකද ඌට ප්‍රභූන්ගෙ වත්තෙ පොල් ටික කඩල කුඹුර අස්වද්දල ගස් ටික මැදල වත්ත සුද්ද කරල ...
ගෑණිට කුස්සියෙ උයල පිහල තුට්ටු දෙකක් හොයා ගන්න පුළුවන්නෙ බං ...

එතන ආහාර හා රැකියා ප්‍රශ්නෙ විසඳෙනවා ...

ඔය ෆ්‍රේම් එකම තමයි ආණ්ඩු කරන්නෙත් ...

බොටයි මටයි අනෙක් එකාටයි ත්‍රිවිධ හමුදාවයි පොලෝසියයි උසාවියයි නීතියයි සීරුවෙන් තියල
ලෝ එන්ෆෝස්මන්ට් ස්ට්‍රික්ලි සීරෝ ටොලරන්ස් කරල කර්ෆිව් දාල
උන්ගෙ එකාගෙ අතට කරෆිව් පාස් එකක් දෙනවා ...

ඉතිං අපි කර්ෆිව් එකට ඇතුලෙ උන් කර්ෆිව් එකට එලියෙ ...

උඹ පෝලිමේ යනව උන් ගෙදරටම ගෙන්න ගන්නව ...

බැංකු හොරු දූෂකයො මිනීමරුවො එලියෙ ඉන්නවා බඩගින්නට කොස් ගෙඩියක් කඩපු එකා ඇතුලට යනවා ...

ඕවනං කියන්න පුළුවන් බං හෝල් සේල් ගානට ...

ඕවට නික්සන්ද ගොර්බචොෆ්ද මා ඕ සේතුංද අපේ එකාද කියල නෑ ...

හැම එකාම එකම වරහනක් ඇතුලෙ තමයි ඉන්නෙ ...

හමුදාවටත් මච‍ං නෝ චොයිස්
සීරුවේන් සිටීන් කියුවම සීරුවෙන් ඉන්නව
පහසුවෙන් සිටීන් කියුවම පහසුවෙන් ඉන්නව ...

හමුදාවට අණදෙන්න එක් කෙනෙක් හිටියම ඇතිනෙ මචං ...
විනය හදල තියෙන්නෙ ඒක එහෙමම වෙන්නනෙ බං ...

අකමැති උනත් සැලියුට් එක ගහල අණ පිළිපදින්න ඕනෙ
ඒකෙන් පිට ගියොත් කෝට් මාෂල් ...

ඩිමොක්‍රසි නාමෙන් නීතිය උඩින් දාලා උන්ගෙ වැඩේ උන් යටින්  කරගන්නව ...

නිකං හරියට බොරු වලවල් දාල නොපෙනෙන්න අතුවලින් වහල වගේ ...

කකුල තියන්න බෑ සිය දාස් ගනනක් බොරු වලවල් හැමතැනම ...
 
උඹටයි මටයි සමහරවිට ඉඳල හිටල වලක් දෙකක් පෙනුනට ...

මෙජෝරිටි එකට එකම වලක්වත් පේන්නෑ බං ...

උන්ට හරියට ඒ පැත්තට ඇඟිල්ල දික් කරල ඉන්ජු කියනකොට ඒ පැත්තට යන්නව
මේ පැත්තට ඇඟිල්ල දික් කරල ඉන්ජු කියන කොට මේ පැත්තට යනව ...

බඩ පොත්තට ඇලෙන අන්ත අසරණයට නෝ චොයිස් මචං ...

හැබැයි ඩිමොක්‍රසිය දාපු එවුන් දන්නව කොහෙද හැම හිච්චි වලක්ම තියෙන්නෙ කියල ...

උන් දන්නව ඒව මග ඇරල උන්ගෙ ගමනාන්තයට යන හැටි ...

ඩිමොක්‍රසියෙ මහ එකාගෙ ඉඳල ඒවට පහසුකම් ලබාගෙන ඉන්නෙ ...

ඕක තමයි මචං ඩිමොක්‍රසි නාමෙන් ලෝකෙ හැම රටකම වෙන්නෙ ...

දියුණු රට වලත් ඕව වෙනව හැබැයි අඩුවෙන්
මොකද නීතිය
ක්‍රියා කරන්නෙ වෙනම එන්ජින් එකකින් නිසා ...
 
දියුණුවෙමින් පවතින රටවල ඕව නොවෙන්නෙ අඩුවෙන්
ඒ මචං නීතියක් තිබුනත් නැති නිසා ඒකයි  මචං වෙනස ...

ලෝ ඇන්ඩ් ඕඩර් ඩිමොක්‍රසි කන්ස්ටිටියුෂන් හැම රෙද්දක්ම හුප් ...
ඔන්න මචං අනෙක් ලෙඩා ආව
හරි මචං එහෙනං බුදුසරණයි !

මං හිමින් සැරේ කැපෙන්නං පස්සෙ සෙට්වෙමු ...

*****
මෙය අඹයාළුවන් දෙදෙනෙකු අතර නිදහසේ ඇතිවූ ඩිමොක්‍රටික්ම  ප්‍රජාතන්ත්‍රවාදී දෙබසක් පමනි ...

මෙහි දමන්නේ බොලාගේ දැනගැනීමට මිසක් කිසිවෙකුටවත් අපහාසයකට නොවේ ...





Saturday, October 9, 2021



 17.08.2019 FB

තාජිනී මගෙ නංගියේ නුඹ දැල් පන්දු කෙලියට ගියේ ...

ඩඟ ඩඟ ඩං ඩං ඩං ඩං
ඩඟ ඩඟ ඩං ඩං ඩං ඩං //

සනුහරේ උන් ගිනි බිඳින විට බොලා පන්දුව ඇල්ලුවා
දැලෙන් ලෝකය ජය අරන් නුඹ සිරි ලකට ගෞරව ගෙනා ...

ඩඟ ඩඟ ඩං ...

කොටි කොඩිය උන් අතට දෙන විට
බොලා තල් වැට පැන ගියා ...
දේශයේ අභිමානෙ රකිමින් සිහ ධජය නුඹ ලෙළෙවුවා ...

ඩඟ ඩඟ ඩං ...

*****

නගේ මේ සක්වලේ උසම නෙට්බෝල් ක්‍රීඩිකාව උඹයි බං ...

උඹේ ඔය අඩි හයයි අඟල් දහයෙ රාමුව
මූණු පොතට උස වැඩි වෙයිදෝ හිතු නිසාමයි
වාඩි වෙච්චි පින්තූරයක් දැම්මෙත් ...
නැතිනං ස්ක්රීන් එකෙ උඹෙ ඔලුව හැප්පිල නලල තඩිස්සි වෙයි ...

හිච්චි කාලෙ  බොටත් අනෙක් එවුන් හිනාවෙන්න ඇති නේ
බොගේ ඔය අසාමාන්‍ය උසට ...

දුකයිද කියන්නෙ බං නගේ ...
උඹ වගේම කීදාහක්  නංගිල මල්ලිල උතුරෙත් දකුණෙත්
අපිට අහිමි වෙන්න ඇතිද බං ...

වරද නං උන්ගෙ නෙවි බං නංගියේ ...
ඒ අහිංසකයන්ගෙ මොළ ටික ලොන්ඩරියට දාපු නරුමයන්ගෙ ...

නගේ අමාරුවෙන් හරි උඹ තල්වැට පැනල ආ එකම කොච්චර දෙයක්ද බං ...

අපෙත් හිටිය බං ඒකාලෙ පාලම පැන ගන්න බැරිවෙච්චි කොල්ලො කෙල්ලො සෑහෙන්න
එක එකාගෙ ලණු කාපු ...

උඹගෙ එවුන් වගේම අපේ උනුත් ආයෙ නොඑන්න ගඟේම ගියා ...

කාළකණ්ණි පාහර දේශපා .........
නෑ එපා ආයෙ ඉතිං මක්කටෙයි බං ඒ පැත්තට යන්නෙ ...
ඒ කතා මෙතනට අවශ්‍ය නෑ බං ...
 
උන් ගැන කතා කරන කොට මලලසේකර ඩික්ෂනරියෙවත් නැති
අයිස්මෝල හන්දියෙ වචන සැට් එකටම තමයි මගෙ දිව නැවෙන්නෙ ...  

අපි ඒව නැතිව උඹ ගැන කතා කරමු ...

උතුරෙ පමනක්ම නෙවි දකුණෙ ජීවිතත්
උඩුකුරු යටිකුර කල කුරිරු යුද්ධෙන් ගෙවල් දොරවල් විනාශ වෙච්චි
උඹේ මුළු පවුලම නොවිඳිනා දුක් වලට ඇදල දාල අහිකුන්ඨිකයො වගෙ තැන තැන ඇවිද්දවල ...

තල් වැටෙන් එහා ඉන්දැද්දි අම්මගෙ තාත්තගෙ එලවළු කොරටුවෙන් කුසගිනි නිවාගන ...

මඩකලපුව විශ්ව විද්යාලය හරහා කාෙළඹ ආ
තාජිනී සිවලිංගම් ...
තවත් වෘතාන්තයක නොමැකෙන චරිතයක් බං ...

නගේ උඹ සරව පිත්තල උලාගත් සිහින කුමාරියෙක් නෙවි බං ...
මයෙ අම්මාපල් උඹ නං ලේ මස් ඇට නහර වලින් පිරි හැබෑ කුමාරියෙක් බං ...

අම්මපා බං නගේ විස්ස පනිනකන්ම දැල් පන්දුවක් නොඇල්ලූ   උඹ 

හතලිහ පනිනකම් ඔය දාපු කැටයම් ශිල්ප ටිකම මදෑ බං ...

හැබැයි ඉතිං ඒ මක්කා කලත් අපෙ උන්ටත් ජන්මෙන්ම උරුම අමන කෙණෙහිලි කං
උඹටත් අඩුවක් නැතිව තිබුන  ...

(බොට විතරක් ඕව අඩු නැත්තෙ මොකෝ බං
දකුණෙ අපිටත් ඉහ උඩින්ම තිබිච්චි කොට)


නැතිනං දෙදාස් එකොළහෙ ෂූටින් වලින් සියයට 98 ක  නිරවද්‍යතාවක් තිබුන උඹව අයින් කරාවියැ බං ...

ලංකාවෙන් කුමන ක්‍රීඩාවකින් හරි කපන කපන හැම එකාම බාර ගන්න කැන්ගරු රටේ වික්ටෝරියා ප්‍රාන්තෙ ...
ෆැල්කන් නෙට්බෝල් කණ්ඩායම අපේ හාල්පාරුවන්ට එපාවෙච්චි උඹව වැළඳ ගත්තෙ දෝතින්මනෙ බං ...

ඉන් පස්සෙ හේතු සාධක රහිතව අහක් කරල හිටිය උඹව ...
තිලකා නෝන වැඩ බාර ගත් ගමන්ම කිසිම පැකිලීමක් නැතිව ...
නැවතත් ගෙනාවෙ නංගියෙ උඹ ගැන තිබිච්චි විශ්වාසය නිසාමයි ...   

තිලකා නෝනගේ විශ්වාසය කඩ නොකල උඹ ...
කණ්ඩායමේ සමහර සාමාජිකයින්ගේ වයස මෙන් දෙගුණයක් උනත් ...

උඹගෙ වටිනාකම නැවත වතාවක් තහවරු කරමින් පහුගිය සැප්තැම්බරේ ආසියානු ශූරතාවෙදි ...

"තරඟාවලියේ ක්‍රීඩිකාව ලෙස කිරුළු පැළැන්දා "  

නගේ උඹ කොටි කොඩිය අහක දාල ...
සිහ කොඩිය ලෙලවපු අපේ කාලේ අපේම වීරවරියක් බං ...

සමාවෙයං මේ ටික මම කලින් දොහක ලියා දන්වන්න හිටියත්
වැඩ අධිකකම නිසා දිනෙන් දින කල් ගියා  ...
නැතිව උඹ අමතක වෙලා හෙම නෙවි බං ...

තාජිනී  නංගියේ ...
උඹටත් උඹව හොයාගත් තිලකා ජිනදාස නෝනටත්
 
උඹව මෙලොවට බිහිකර සියළු දුක් කරදර අතුරු ආන්තරා මැද
රැක බලාගත් උඹේ ආදරණීය  දෙමාපියන්ටත් යෝධ බල යෝධ විරිය ...

උඹගෙ අනාගත බලාපොරොත්තු සියල්ලක්ම සාර්ථක වේවා !

තෙරුවන් සරණයි ...

මීට
අයිස්මෝල හන්දියේ අතුලයියා
...

Wednesday, October 6, 2021

ගිලන් රියෙන්


FB 19.07.2017

ගිලන් රියෙන් ...

1986 පෙබරවාරි  කොළඹ සීසීසී ක්‍රීඩාංගනය
ශ්‍රී ලංකා බී එංගලන්ත බී තෙවැනි නිළනොවන ටෙස්ට් තරඟය ...

එංගලන්ත නායක මාක් නිකලස් ලංකාවෙ රන්ජන් මඩුගල්ල ...

කණ්ඩායම් දෙකේම නව හා පැරණි ටෙස්ට් තරුත් ගොඩයි ...

අපේ සංචතියම ඊට පෙර දින එන් සීසී පිටියෙ කට්ට කාගෙන
පුහුණුව ...

හෙට මැච් එකෙත් මගේ නම නෑ
දැනට නිළ නොවන ටෙස්ට් තරඟ දෙකක් දෙකේම මම නෑ ...

තව ටෙස්ට් දෙකයි මේකෙත් නෑ කියන්නෙ බඩුම තමා ...

බී එකෙත් ටෙස්ට් නැතිනම් කොහෙද බං මහ එකේ ටෙස්ට් ...

හෙට ඉඳල චක්ගුඩු ගහන්නවත් පටන් ගන්නව කියල හඬා නොහඬා
හූල්ල හූල්ල ගෙදර යන්න ආව ...

ඇස් වාට්ටුව හන්දියට ඇවිද ගත්තනං බස් තුන හතරක්ම පිට කෝට්ටෙට ...

නැතිනම් 115 එනකම් ඉන්න වෙනව ...

ඒ දවස් වල අපි හිටියෙ පිටකෝට්ටෙ කුලියට
වලේ ගෙදර කියල තමයි පළාතෙ කව්රුත් කියුවෙ ...

තද වැහි දවසට වේල්ලෙ දොර ඇරල වගේ වතුර පාර
ඉස්සරහ දොරින් ඇවිල්ල පස්සෙ දොරින් පිටවෙනව කාමරත් හෝදගෙනම ...

තද වැහි දාට මුලු පාරෙම වතුර ගලන්නෙ අපේ ගේ මැදින් තමයි ...

අපි එතකොට ඉන්නෙ පුටු උඩ ...
( Sarath Wijerathna )

අහිකුන්ඨිකයො වගෙ තමයි
ගේ හරි කාමරේ හරි අයිතිකාරය ඉල්ලනකොට අකුලගෙන යනව ...

නැතිනම් කුලිය වැඩි කරනව
පුළුවන් නම් ගෙවල ඉන්නවබැරි නම් ආයෙ අකුලගෙන යනව ...

මේක කුලියට ඉන්න හැමෙකුටම වගේ පොදුයි
දිනුමක් ඇත්තෙම නෑ ...

දැන් රෑ අටත් පහුවෙල ඇති
එන්සීසී එකේ ගේට්ටුව පහුකලා විතරයි පිටිපස්සෙන් අත්පුඩි සද්දයක් ...

අයිසෙ  "අතුල"  "අතුල" මමත් හැරිල බැලුව ...
වෑන් සිල්ව එනව දුවගෙන (W.A.N.Silva)
ඒකයි වෑන් සිල්ව කියුවෙ ...

වෑන් සර් තමයි ඒ කාලෙ ශ්‍රී ලංකා පුහුණුකරු
එයාට කෝචිං මොන ලෙවල් තිබුනද තාම දන්නෑ

මෝබයිලුත් නෑ වැඩිය ඒ දවස්වල තිබුන ඒවත් ගඩොල් භාගෙ සයිස්
කකුල උඩ වැටුනොත් වකාර්ගෙ යෝකර් එකක් වැදුන වගෙ තමයි ...

මොබයිල් එකෙන් උස්සල ගැහුවොත් එකෙක් මැරෙනව ...
අපේ ලලියටත් තිබුන එහෙම එකක්
( Lalith Sagara )

මම නැවතුනා වෑන් කතා කරා ...
"අයිසෙ අතුල" කන්ග්‍රැජුලේෂන්ස්
යූ ආ ප්ලේයින් ටුමාරෝ
ඇන්ඩ් යූ විල් බී ඕපනින් විත් "සුමිත්‍ර" ...

"අතුල සුභ පැතම්,තමුසෙ හෙට සුමිත්‍රත් එක්ක ආරම්භක පිතිකරු" ...

අම්මපා ඇයි සර්මනෙ දැන් ටිකකට කලින් මම ගහන්නෑ කියුවෙ

දවස් දෙකක් ප්‍රැක්ටිස්වල බැටිනුත් නෑ
ඔහොම කොහොමද සර් ඉන්ටනැෂනල් ගහන්නෙ ...
මම හෙට වැඩට යන්නයි හිටියෙ
දැන් දවස් හතරකට ලීව් චිට් එකක් යවන්නන්ත එපැයි  සංස්ථාවට ...

දීපාලයගෙ අතේවත් පනිවිඩේ යවනව
අපි එක යුනිට් එකේ වැඩ බොසාල හොඳ නිසා හොඳයි ...
( Deepal Madurapperuma )

නෑ අයිසෙ සොරි සොරි මේකයි ප්‍රශ්නෙ ...
 
අර ____ යකාට අසනීපයිනෙ බලනවකො
වෙන කවුරුත් නෑ මේ වෙලාවෙ හා කියනවකො හිනා වෙලා ...
 ප්‍රෙස් එකට ටීම් එක දෙන්නත් ඕන  අයිසෙ ...

වෑන් සර් හිටගෙන කතාව හදිසියෙ දැම්මට නිදහසට කරුණු ...

ආ ඒකයි මේ වෙන කවුරුත් නෑ
මොකාගෙ හරි නමක් දාල ප්‍රෙස් එකට යවන්නත් එපැයි අද රෑම ...

ඒ කියන්නෙ සර් වෙන කවුරු හරි මේ වැයික්කියෙ කැරකුනා නම් ...
මම එලියෙ ...

නොකීවට මටත් සැට කාලෙකින් ඉන්ටනැෂනල් මැච් එකක්
හරි මං එන්නං ඇයි බෑ කියන්නෙයි ...

තෑන්ක් යූ අතුල ...

අම්මට සිරි තෑන්ක් යූ ත් කියනව ගහනවට ...
මාර කේස් එක ෆුල් හොල්මන් ...

හැබැයි ඉතිං වෑන් සර්  හිත හොඳ මනුස්සය අහිංසකය ...

උන්නාන්සෙ අණ පිළිපදින්නත් එපැයි ජාම බේරගෙන ඉන්න
නැතිනම් වෑන් සර්ටත් වෙන්නෙ ටයිටැනික් වගේ
අපේ බෝට්ටුවට ඇවිල්ල ගිලෙන්න ...

සෙල්ලම්කරන්න වුවමනාව තිබුනත් එහෙම ගහන්න අමාරුයි ඉන්ටනැෂනල්

කජුවත්ත එක්සත් නම් කමක් නෑ කියමුකො ...

මුං ඉන්ග්ලන්ඩ් බී ඕයි ...

ප්‍රැක්ටිස්වල බැටිනුත් නෑ  
එහෙම තමයි ඒ කාලෙ ගහන් නැතිනම් බැටිං නෑ
තාමත් එහෙමද ඈ ...

හැබැයි අපිට බෝල් කරන්න දෙනව එළිවෙනකන්
බෝලර්ලට සැප ගන්න ...

ඉංග්ලන්ඩ් බී සැට් එකේ උන් දානව ගිනි කසයො වගේ ...
උං එන්නෙත් අපිව මරං කන්න මුං එන්නෙත් අපිව මරං කන්න ...
වෙනසකට තියෙන්නෙ උං මරං කන්න එනව කියල අපි දන්නව
මුං මරං කන්නෙ ඔලුව අතගාල මූණ ඉඹල ...

ලෝර එන්නෙ රෝලෙ වගේ එනකොට පොළොව දෙදරනව ...
 කවන්ස් දෙන්නෙ චිස් පිස් ගාල ...
අනෙකා ඇග්නිව් ගෑවීගෙන ගියත් පුක කිස් කනව ...
ට්රෙම්ලට් යවන්නෙ නයා ...

මේ හතරෙන් මුල තුනම එංගලන්තෙට ටෙස්ට් ගැහුව ...

දැන් මක්කැයි කරන්නෙ ගෙදර ගිහින් එන්නත් මහන්සියි ...

දහයයි තිහට මැච් එක අටටවත් පිටියෙ සිටිය යුතුයි
දැන් රෑ නමයටත් කිට්ටුයි ...

කතා කලා ජේසියට
මගෙ කෝකටත් තෙෙලට හිටිය එවුන්ගෙන් එකෙක්

ජේසිය කියුවට මේ  Janak Gamage නෙවෙයි ...

දොස්තර හොඳ හිත ජේ සී ආරියරත්න මගෙ මිත්‍රයෙක්
මහින්දෙම ජේෂ්ඨ සගයෙක් ...

" Wayo " එකේ
Mihindu Ariyaratne ගෙ තාත්ත ...

ඒ දවස්වල මිහිඳුව හිටියෙ ජේසියගෙ කොණ්ඩෙ අග්ගිස්සෙ විතර ...

ජේසිය හිටියෙ බාන්ස් ප්ලේස් එකේ ඩොක්ටස් ක්වාටස් වල
කියුව විතරයි ජේසිය ආව මාව ගෙනියන්න ...

ජේසියට තිබුන හැට ගනන් වල පරන ෆොක්ස්වැගන් කාරෙකක් ...

දැන් අතුල සමරසේකර බාන්ස් ප්ලේස් ඩොක්ටස් ක්වාටස් වල
උඩ තට්ටුවෙ කාමරේක අපෙ සිලෙක්ටර්ලට පින්සිද්ද වෙන්න ...

නැතිනම් කොහෙද බං අයිස්මෝල හන්දියෙ අතුලයට
ඩොක්ටස් ක්වාටස් ...
ඕං ඉතිං දැන් වමෙත් දොස්තරල දකුණෙත් දොස්තරල
උඩත් දොස්තරල යටත් දොස්තරල ...

ඒ විතරක්යැ අල්ලපු ඇඳෙත් දොස්තර ...

වසංගතයක් ආවත් දැං මක්කටෙයි  බයවෙන්නෙ ...

ටිකකට ප්‍රශ්න අමතක කරල හොඳට අතපය දිග හැරල බුදිය ගත්ත
කාලෙකින් මෙට්ටයක් දාපු ඇඳකුත් හම්බවෙච්චි එකේ ...

ඒ දවස් වල අපෙ ජේසියත් ජී එම් ඕ එකේ හිටිය තද පොරක් වෙල
එත් උන් නං වර්ජනය කරේ නෑ මං දන්න තරමින් අද කාලෙ එවුන් වගෙ...

දැන් රෑ කූඩාරම ඇටෙව්වයි කියමුකො
උදේ මට පත්තු වෙලා ඇයි කොහොමෙයි මැච් එකට යන්නෙ ...

ජේසිය උදේ වැඩ බාන්ස් ප්ලේස් එකේ බස් නෑ ...

ඇයි බං බාන්ස් ප්ලේස් වල කොහෙද බස් වල යන එවුන්
ඉන්නෙ ඔක්කොම තඩි මෝරුනෙ
ඒකටත් තිබුන ජේසියට ප්ලෑනක් මට නොකීවට ...

තරප්පු පෙලෙන් පහලට එනකොට තිබුන ඇම්බියුලන්ස් එකක්
ජේසිය කතා කරා ඩ්‍රයිවර් මහත්තයට ...

" ______ අයියෙ මෙහාට ආවනං "
ඩ්‍රයිවර් මහත්තය එක පිම්මෙ ජේසිය ළඟ ...
"මේ මහත්තය සීසීසී එකට දැම්මනං"
"ආ මේ අපේ ක්‍රිකට් මහත්තයනෙ"
ඒකත් ක්‍රිකට් පිස්සෙක් නිසා හොඳයි ...

පීපෝ ...පීපෝ ... පීපෝ ...

ඩ්‍රැයිවරුත් සමග බ්‍රෙකෆස්ට් කෙලින්ම රහුමානියා ...
රෑටත් කාල හිටියෙ නැති නිසා මෙනියු එක
එකාට  ඉඳිආප්ප 25යි පරිප්පු 1යි
මිරිස් මාළු 1යි අන්ලිමිටඩ් හොදියි වැඩි සීනි ප්ලේන්ටියයි ...
ඕං බිෆෝර ටෙස්ට් මැච්
ෆයිව් ස්ටා එකොමඩේෂන් ඇන්ඩ් ෆයිව් ස්ටා මීල් ....
 ඒකටත් වග කියල ආව සුරුස් ගාල සීසීසී ...

පීපෝ ... පීපෝ ... පීපෝ ...

සර් විකට් එක ළඟටම දාන්නද
එපා එපා ගේට්ටුව ළඟින් දැම්මම ඇති
එයත් හරි විහිළුකාරය ...

හැබෑටම තරඟයක් අතරතුරදි හරි ඉවරවෙලා හරි
ක්‍රීඩකයො ලොරි ගානට ඇම්බියුලන්ස් වල ගිහිල්ල ඇති ...

ඒත් ජාත්‍යන්තර තරඟකෙට සහභාගී වෙන්න
ඇම්බියුලන්ස් එකේ ගිය  එකම එකා මං වෙන්න පුළුවන් ...

ගිනස් පොතටත් යන්න තිබුන කලින් දන්වල හිටිය නම්
ඇම්බියුලන්ස් එකේ ගියා විතරක් නෙවි සීයකුත් ගැහුව
ගිලන් රියෙන් ගොහින් දෙවෙනි දවසෙ ...

කියුව වගේම මමයි චාලියි ඕපනිං අපරාදෙ චාලිය කලින්ම ඇතුලට ගියා ...

සුමිත්‍ර වර්ණකුලසූරිය ...

තාක්ෂණයෙන් හා මානසික සංයමයකින් පිරිපුන්
අතිදක්ෂ ක්‍රීඩකයෙක්
ටෙස්ට් පිතිකරු ලැයිස්තුවක මුලටම යන නමක් ...
 
අවාසනාවකට ඔහුගේ සේවයත් අපට අහිමි වුනා
දුර දිග නොබලපු අලකපන මැටි මෝල් තේරැම් කමිටු නිසා ...

චාලියට වගේම පාඩුව ශ්‍රී ලංකාවටත් ...
 
Sumithra Warnakulasuriya  ...
A Great  guy ...
One of the best top order batsman
I've seen in our time,his techniques and the temperament would have made an ideal player in the longer format ...
But never got the chance to play in the big league ...
Dirty  politics in Sri Lanka cricket at its best ...

හොඳයි ඉතිං මම සීය ගහල ඇතුලට ආව කියමුකො ...
මැනේජර්ගෙයි සිලෙක්ටර්ලගෙයි මූණු ඉදිමිල නිල්වෙල සංඤ්ඤක ළයන්න වෙල
හරියට මෝහිණී ගහල වගෙ
උන්ට දැන්  මාර අප්සෙට් මම සීය ගහපු එක ...

උන් ටික එකතුවෙල වෑන් සර්ට දෙහි කපනවද දන්නෙ නෑ
ඇයි උන් හලපු එකානෙ මේ ගහල තියෙන්නෙ
කාල වරෙන් කියල වෙන්න ඇති දාන්න ඇත්තෙ ප්‍රැක්ටිසුත් නැතිව ...

එකෙක් කියුවෙ නෑ වෙල් ප්ලේඩ් කියල අද වෙනකන් ...

හැබැයි කොල්ලො ටික නං බදාගෙන ඉම්බ අපේ එකෙක්නෙ හිතල  ...

එදා ඉඳල ඇම්බියුලන්ස් මහත්තය මාව දැක්ක ගමන් උඩ පනිනව ෆුල් සැට
මොකද එයාගෙ ඇම්බියුලන්ස් එකේ ගිහින්නෙ සීය ගැහුවෙ ...

ඒ විතරක්යැ අනෙක් ඩ්‍රයිවර්ලටත් ෆුල් නයා පාර ...

මේවගෙ යහළුවො එහෙම නැතිනම්
දෙයියො දුන්න වගේ කඩන් වැටිච්ච අහිංසකයො තමයි අපිට උදව් කලේ
වාසි බලාගෙන නෙවෙයි බොක්කෙන්මයි ...

මෙවැනි අය නිසාම තමයි තවමත් අපෙ ක්‍රිකට් රැකෙන්නෙ ...
 
තවත් හිටිය ගස් යට රබර් සෙරෙප්පු දෙක පස්සට තියාන
වාඩි වෙල අත්පුඩි තලන රසිකයො කියල කොට්ටාශයක් ...

කඩල ගොට්ටක් කාල ඒකත් නැතිනම් නොකා නොබී මැච් බැලුවෙ ඒ අය
ඒ තරම්ම කැපවීම ...

මැච් බැලුව කියල ඒ අයට කිසිම ආර්ථික වාසියක් තිබුනෙ නෑ පාඩුවක්ම මිස ...

ඒ ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන ආලවන්තකමටයි භක්තියටයි ...

උන් තමයි එදා ඉඳලම අපි ළඟ හිටියෙ ...

අපි සෙල්ලම් කලෙත් අපිට දිරි දුන් ඔවුන් නිසාමයි ...

අපේ යෝධබල ශක්තිය උනෙ ඔවුන් මිස 

ටයි කෝට් දාගෙන ලාච්චු වලට බැහැල සුද්දෙ දෙන එවුන් නෙවෙයි ...

එදා මෙදා තුර සෑම ක්‍රීඩකයෙක් වෙනුවෙන්ම හඬ දුන් රසිකයන්ටයි ප්‍රේක්ෂකයන්ටයි ...

අපේ කාලෙ සියළුම ක්‍රීඩකයන් වෙනුවෙන් මගේ අවංක ස්තූතිය ...

ආචාරය නමස්කාරය !!!

මෙය ඔබ සැමට උපහාරයක්ම වේවා !!!

සමාවෙයල්ල මීට වැඩි දෙයක් අපිට නුඹලා වෙනුවෙන් කරගන්න බැරිවීම ගැන
පාළණයෙ නූල අපි ලඟ නෙවෙයි තිබුනෙ ...

මට මේ වෙලාවෙ "පාර දිගේ" චිත්‍රපටියෙ
විජේකුමාරතුංග කියූ දෙබසක් මතක්ව වෙනව ...

"අපි හරියට අහක විසි කල එරඬු ඳඬු වගේ
මුලක් නෑ ඒත් දළු ලනව"



http://static.espncricinfo.com/db/ARCHIVE/1980S/1985-86/OTHERS+ICC/ENG-B_IN_SL/ENG-B_SL_16-19FEB1986.html

Monday, October 4, 2021

බූට් සපත්තු




 FB 15.6.18

බූට් සපත්තු ...

1977ට පෙර විවිධ සේවා සමූපකාර සමිතිය
ජනතාවගෙ හදවත් වලට ඉතාමත් ලඟින්ම අත්වැල් බැඳගෙන  
හිටි කාලයක් ...

මහජන සේවය වඩාත් හොඳින් සැලසීමට
හැම වැයික්කියකම සමූපකාර කඩත් තිබුන ...

මේ ක්‍රමේ මට දැනුන හොඳ පැත්තක් තමයි
පොඩි මිනිහට පාළණ මිළකට බඩු ගැනීමට තිබූ හැකියාව ...

මිළ පාළණය වගේම භාණ්ඩ පාළණයත් තිබුන
ඉතිං හැමකෙනාටම වගේ භාණ්ඩත් තිබුන ...

ඒ වගේම රුකියාව සමූපකාර කඩේක නම් එයාට ගමේ ෆුල් තැන ....
සමූපෙ මැනෙජර් කෙනෙක් නම් ඊටත් එහා ...
කොටින්ම කියුවොත් සමූපෙ මැනේජර් කෙනෙකුට වැදගත් පවුලකින කසාදෙකුත් කරගන්න පුළුවන්
යි කාල ඇඳල ඉන්න පුළුවන්නෙ මොකා නැති උනත් ....

ආයිත් කතා දෙකක් නෑ ඒ කාලෙ ඉතිං
වැදගත් කියන එවුන් හිටිය අදට වඩා ....

ඇයි ඒ විතරක් යැ
සමූපෙ බඩු කිරන මහත්තය මැනෙජර් මත්තයටත්  ඉහලින් ...

හැම ගෙදරකටම සලාක පොතකුත්
දීල තිබුන සමූපෙන් බඩු ගන්න ...
හාල් පොත මෙයට කියූ තවත් නමක් ...

ගම්මු සමූපෙන් හාල් පොතට දෙන හාල් එකෙන්  
සම්බෝලෙකුත් එක්ක  බතක් උයාගෙන ගෙදර හැම එකාගෙම කුසගින්න නිවාගන්නව ...

නැතිනම් මංඤඤාෙක්ක අලයක් හරි බතල අලයක් හරි උදුරල ගන්නව වත්තෙන් ...

බත් කෑවම ඉක්මනටම බඩගිනි ඇති වෙන්නෙ නැති නිසා
මේ ක්‍රමය අපිටත් වැඩ කරා ...

අමාරුකම් අඩුපාඩු වැඩි උනහම
හාල් පොත උකස් කරන අයත් ගමේ අහල පහල සෑහෙන්න හිටිය ...

ඒ අය හාල්‍ පාෙත උකස් කරල
මක්කා කෑවද කියල දෙවියො තමයි දන්නෙ ...

අපේ ගෙදරටත් ඉස්‍සර කිහිපදෙනෙක් හැම මාසෙකම වගේ හාල් පොත්
උස්‍සන් එනව
උගස්‍ තියල කීයක් හරි ඉල්‍ල ගන්න ...

ඒ ආවෙ අපි සල්ලි කාරයො නිසා නං නෙවි ...

ඒ උදවිය අපිටත් වඩා අමාරුවෙන් හිටිය නිසාත්
අම්ම අහක බලන්නෙ නෑ කියල හොඳාකාරවම දන්න නිසාත් ...

හාල් පොත අම්මට දීල කීයක් හරි ඉල්ලගත්තට
ඒ හැමගෙන් බාගයක්ම කෑම වෙලාවට අපේ ගෙදර ...

අම්මත් ඉතිං තීන විදියට අපේ පිඟානෙන් අඩු කරල හරි
කෑම එකක් බෙදල දෙනව කන්න ...
 
අම්ම අපිට නිතරෝම කියුවෙත් බඩගින්නෙ ඉන්න කෙනෙකුට කෑම දෙන එකම ලොකුම පිනක් කියල
අම්මට අපි හැමෝම එකයි ...

පහු කාලෙක පාන් කාඩ් එකකුත් දුන්න ආණ්ඩුවෙන්
පාන් බෙදුවෙත්  සමූපෙන් නිසා ...

හතර දෙනෙකුගෙ පවුලකට එකාට කාල බැගින් පාන් ගෙඩියයි ...

පවුලෙ නාහෙට අහන් නැති කෑමදාස කෙනෙක් හිටියනං
අනික් උන්ට අබ සරණයි ...

තාත්ත නැති නිසා අපේ ගෙදර හයයි ඒ කියන්නෙ පාන් එකහමාරයි ...
අපි ඉතිං දෙන පාන් කාලට වග කියල පැත්තකට වෙලා හිටිය ...

මස්ල්ස් නැතිවට ඒකාලෙ අපි හරි ස්ලිම් මෙයා ...

ආණ්ඩුවෙන් දෙන පාන් කාඩ් එක ලකුණු කරගෙන
සමූපෙන් හෝ බේකරියෙන්  පාන් ගන්න පුළුවන් මේ ක්‍රමේට ...

සමූපෙන් කාඩ් ක්‍රමේට සීමිතව පාන් බෙදන නිසා
තමන්ගෙම පාන් තමන්ම පුළුස්ස ගන්නෙ නැති ටවුමෙ හෝටල් වලට
පාන් ඉල්ලුමක් ඇති වුනා
උදේ දවල් රෑට කෑම කන්න එන අයගෙ අවශ්‍යතාවයන් පියවන්න ....

චීනකොරටුව අයිස්මෝල හන්දියෙ අතුලය  සීන් එකට එන්ටර් වෙන්නෙ ඔන්න ඔතනදියි ...

මට එතකොට දාහතරක් පාලහක්  
විතර ආති ...
තාත්තත් නෑ ආර්ථිකෙත් ටිකක් අමාරුයි

අපෙ ගමේ හුඟක් අය පාන් කනව අඩුයි

ඉතිං මම ලකුණු කරගෙන හිටිය පාන් කන්නෙ නැති හිතවත් පවුල් කිහිපයක් ...

සමූපකාර ඉස්පිරිතාලෙ අපේ අල්ලපු වත්ත ...

ඉතිං මම මොකද කරන්නෙ
ඉස්පිරිතාලෙ ලැබ් එකේ වැඩ කරන ඩැනි මාමගෙ හම්බ(ර්) බයිසිකලේ ඉල්ලගෙන
අර ලකුණු කරගත්ත ගෙවල් වලට ගිහින් පාන් කාඩ් ටික එකතු කර ගන්නව ...

ගාල්ලෙ කොටුවෙ මීඩින් අන්කල් සහ ඇන්ටි මම ඉතාමත් ආදරය කල චරිත දෙකක්
සිරියාවන්තකම කරුණාව ක්‍රියාවෙන්‍ම පිරිල ඉතිරිල ...
මගේ සහෝදර මිත්‍රය Tuan A. Meedin ගෙ පියා සහ මව ...

අක්‍රමුයි අයිය ජූනියි මල්ලි බබයි මමයි ...
ගාල්ලෙ කොටුවෙ අක්‍රම්ගෙ ගෙදර ඉස්සරහ පාරෙ ක්‍රිකට් ගහන්නෙ හවහට

කොඩිත් සෙට්වෙනව ඒකට ...
(කොඩිකාර)
ඔය මීඩින් සෙට් එකම හොඳ ක්‍රීඩකයො කොඩියත් එහෙමමයි ...

මේ හැමෝම ඇලෝසියස් මම මහින්දෙ ඉතිං මට බයිට් එකෙත් ඉවරයක් නෑ ...

බබා නැති වුනා කොටි ත්‍රස්තවාදීකාලෙ
සමාදානයෙන් සැතපේවා බබා ...

අක්රම්ගෙ ගෙවල් ඉස්සරහ කොටුතාප්පෙන් මුහුදට බහින්න පඩි නෑ
අපි කරන්නෙ කොටු තාප්පෙ දිගේ මුහුදට බහිනව ගල්වල එල්ලිල
රොක් ක්ලයිම්බින් ...

ඔය ළිහිණි ගලෙන්ද මොකෙන්ද නාන්න මුහුදට පැනල දවසක් ගිලුන මාව
හනික පැනල බේරගත්තෙත් අක්රම් ...

ඉන්දියන් සාගරෙන් කාල් බාගයක්ම බොන්න ඇති එදා මම
බඩ ඔබල වතුර හිස් කරෙත් අක්රම් ...

අපි පවුල් පිටින්ම හොඳ හිතවත්තු
මීඩින් අන්කල් හම්බන්තොට මගෙ අම්මගෙ ගමේ ...

රස්සාව ගාල්ලෙ කච්චේරියෙ
ඉතිං මීඩින් අන්කල් කච්චේරියෙ වැඩ කරන අනෙක් යාළු මිත්‍රයන්ගෙන්
මට පාන් කාඩ් හත අටක් ඉල්ලල දෙනව

අනෙක් යාළු දන්න කියන අයගෙ කාඩ් ටිකයි ඔය කාඩ් ටිකයි එකතු කරගෙන
කූඩ දෙක තුනකුත් එල්ලගෙන නැතිනම් කාඩ්බෝඩ් පෙට්ටියක් බයිසිකලෙ බැඳගෙන
මගෙ ඊළඟ නැවතුම ළඟම තියෙන සමූපකාරෙ හෝ බේකරිය ...

පාන් කාඩ් තිබුනත් මට පහසු තැනකින් පාන් ගන්නත් බෑ ...
කාඩ් එක අයිති කෙනාගෙ වැයික්කියෙ කඩේකින් විතරයි පාන් ගන්න පුළුවන් ...

ඉතිං කකුල් දෙකට වැඳල පස්ස පැත්තෙ කරගැට එනකම් පදිනව සමූපකාරෙන් සමූපකාරෙට ...

ගාල්ලෙ කොටුවෙ නැෂනල් බේකරියෙන් පටන් ගෙන එන් ඕ බී හරහා
වක්වැල්ල පාර දිගේ විස්කම් පාරටම පදිනව ...

කාඩ් අයිති හැම සමූපකාරෙනුයි බේකරියෙනුයි පාන් එකතු කරගෙන ...

එළියට් පාරත් අතාරින්නෙ නෑ ...
අපෙ රත්තරංගෙ අක්ක ස්වීටි තමයි ඒකෙ මැනේජරී
විමල අක්කගෙයි විජෙ අයියගෙයි
ලොකු දෝණි...
 Neil Algewatta ගෙ ලොකු නෑන...

ඔතනදි ඇඬෙනම වැඩේ තමයි
පාන් පෝලිමේ ඉඳල ඉඳල පාන් පුසුඹ දැනෙන ළඟටම යනකොට ...
 
"පාන් ඉවරායි" පෝලිමෙ ඉඳල වැඩක් නෑ "පාන් ඉවරායි" ...

ඒ වෙලාවට ඕක කියන එකාගෙ පාන් නෙවෙයි
මාළු තමයි කන්න හිතෙන්නෙ ...

මක් කරන්නෙයි බං ...
ඉතීං පදිනව ළඟම තියෙන අනෙක් එකට ...
හැබැයි ඉතිං පස්සෙ දොරෙන් අඳුනන ගෙවල් වලට ඉතිරි පාන් යනව ...

අපි නිකන්වත් ඇහුවොත් ඒ මක්කැයි ඒ කියල ...

"ඒවා ඩැමේජ් පාන් තමුසෙලට දීල අපිට ලොකු මහත්තයගෙන් බැනුං අහන්න බෑ "

බඩු කිරන එකාගෙ රුස්පොට් එක සමූපකාර අධිකාරිටත් වැඩිය ...

මක්කරන්නෙයි බං අපි ඉතිං ලොකු නෑනෙ ...

කොහොමෙන් කොහොම හරි අමාරුකම් මැද්දෙම
පාන් ටික එකතු කරගත්ත කියමුකො ....

ඊට පස්සෙ එකතු කර ගත්තු පාන් ටිකත් පෙට්ටියෙ දාගෙන
බයිසිකලේ පැදගෙන කෙලින්ම එන්නෙ ටවුමට ...

පාන් ගෙඩි විස්සක් විසිපහක් එකතු කරගන්න පුළුවන් එක රවුමෙන් ...
මහන්සිය අනුව තමයි ප්‍රතිඵළ ...

ඊට පස්සෙ ඔය එකතු කරගත් පාන් පෙට්ටියම
ටවුමෙ කලින් ලැහැස්ති කර ගත්තු හෝටල දෙක තුනකට ගෙනිහින් අලෙවි කරනව ...

සමූපෙන් පාන්ගෙඩියක් සත හැත්තෑ පහකට හරි අසූවකට හරි මිලට අරන්
රුපියලට එකයි දහයට තමයි මම විකුනන්නෙ
ඔය තමයි මගෙ පොකට් මනී ...

හත් හවුලෙ ආණ්ඩුව සමාජවාදී පැත්‍තට ගියාට
මම මිළ නියම කරෙ ධනවාදී ක්‍රමේට ඉල්ලුම හා සැපයුම අනුව ...

මගෙ පාන් විකිනිල්ල නම් කෙරුනා දිගටම ගජරාමෙට
77තේ ජේ ආර්ගෙ ඇට අටේ ආණ්ඩුව එනකන් ...

මට ගමේ යාළුවෙකුත් හිටිය සහේට
තල හාමිනේගෙ කඩේ ජයන්තය ...
"තිලකරත්න"

ප්‍රියන්තයගෙ අයිය
ප්‍රියන්ත කියුවෙ දැන් ටයිනි මුදලාලි ...

මගෙ අසල්වාසී හිතවත්ම මිත්‍රය හිච්චි එකා කාලෙ ඉඳල ...
ඒ ගැන පෙර ලිපි වලිනුත් සඳහන් කරල ඇති ...
 Kingsly Chitraratne

එහෙම පාන් විකුනල ඉතිරි කරපු සල්ලි වලින් මම ටවුමෙ කඩේකින්  
ක්‍රිකට් සපත්තු දෙකකුයි සුදු මේස් කූට්ටමකුයි ගත්ත ...

අන්නාසි කඩේ තියෙන පේමන්ට් පේළියෙ  පිට්ටනිය පැත්‍තට වෙන්න
පරණ කැරකෝප්පුව ඉස්සරහ තිබුන කොනේම සාප්පුව ...

මතකෙ හැටියට නම "සදර්න් ෂූ පැලස්"

බූට් සපත්තු දෙක රුපියල් හැට හැත්තෑවක්  විතර වුනා ඒ දවස්වල ...

බූට් සපත්තු දෙක සුදු පාට ගෝනි වගේ රෙද්දක් ...
ටෝ එකට රෙද්දට යටින් හයිය තුනී හීනි තහඩු කෑල්ලක්
ගල් බෝලෙ වැදුනොත් ඇඟිලි ආරක්‍ෂා වෙන්න ...
අද කාලෙ තියෙන බාස්‍කට් බෝල් සපත්තු වගේ ඇන්කල් එකටම උසයි ...

හුනු ගෑම අවශ්‍යයි ගෝනි රෙද්ද සුදුවෙන්න ...
නැතිනම් මේජර් සර් ගෙන් බේරිල ඉන්නව බොරු ...

ඉස්සර සපත්තු සුදු කරන්න අඟලක් විතර උස රවුම්
හරි හයියට සබන් කෑල්ල වගෙ පයිප්ලේ කියල කැටයක්‍ තිබුන ...

ඕක බ්ලේඩ් එකෙන් හූරල පොඟල සපත්තුවෙ ගෑවම කිරි කොකා වගෙ
පාට වෙනව ...

අපි ඉතිං පයිප්ලේ  ගනන් නිසා චෝක් කෑල්ලක් හූරල වතුරෙ දිය කරල
සපත්තු සුදු කරගන්නව ...

පයිප්ලේ වගෙ කල් පැවතුනෙ නැතිවට චෝක් කුඩු අපට හොඳා ...

බූට් සපත්තු දෙක කිලෝ බාගයක් විතර බරයි ...

ඒත් ඉතිං මට හරි ඉහලයි
හරීම ආඩම්බරෙන් තමයි ඕක පැළඳගෙන හිටියෙ ..

අඩියට හම් පටි තට්ටු පහක් විතර...
දැන් වගේ තනි අඩිය නෙවි ...
සාමාන්‍ය සපත්තු වගේ තමයි අඩිය කෑලි දෙකට ...
විලුඹ තියන කෑල්ල උසයි අනෙක් කෑල්ල ෆ්ලැට් ...

හම් අඩිය ලිස්සනවට ඇන ගහල
හොබ් නේල්ස් කියල තමයි කව්රුත් කීවෙ ඒවට ...

දැන් තියෙන ඉස්කුරුප්පු වගෙ
කරකවන ඇන නෙවි ඒකාලෙ තිබුනෙ ...
කෙලින්ම උල් ඇනේ සපත්තු අඩියට තියල මිටියෙන් යටටම ගහල ...

ඇතුලෙන් අඩිය පසාරු කරන් ඇවිත් ඇන කකුලෙ ඇනුන වාරත් එමටයි ...

ඒ වෙලාවට ඉතිං පිහිටවෙන්නෙ
සිඩ්නි එක ඉස්සරහ පාරෙ බිම ඉටිකොලයක් එලාගෙන සපත්‍තු රෙපයාර් කරපු
අපේ දොරේ අයිය

බුලත්‍ කහට පිරුන දත් තිස්දෙක පෙන්නල ඇස් ලොකු කරල
දොරේ අයිය දාන හිනාව අපිට රටක් වටිනව ...
දොරේ අයියගෙන ගාන ඇහැව්වම දොරේ අයිය කියන්නෙ සල්ලි එපා ඔහේ අද පනහක් ගහනෝ ඒ ඇති කියල

ඕං මගේ මුල්ම ක්‍රිකට් බූට්ස් දෙක
කාටද ඉතිං ආඩම්බර මටම මිසක් ...

ඔක්කෝටම වැඩිය මට ආඩම්බර බූට් සපත්තු දෙකගත්තු විදිය ...

පහු කාලෙක ටිකෙන් ටික කකුල් ලොකු වෙන කොට
හිච්චි අයිය පාව්ච්චි කරපු බූට් සපත්තු මගේ කළුඳුල් බූට් දෙකේ තැන ගත්ත ...

බූට් විතරක්‍ නෙවි ලොකු කාලෙදි කලිසම් කමිසත් ලෙකු අයියගෙයි හිච්චි අයියගෙයි තමයි ...

හිර උනත් පළමු බූට් සපත්තු දෙක කාලයක්ම මගෙ ළඟ තිබුන අතාරින්න ලෝබ කමට ...

******

නවසිය අසූ එකේ මම මහින්දෙ නායක උනහම
ගාල්ලෙ කොටුවෙ ගැමුණු බළසේනාවෙ කැප්ටන් ගජමන්ගේ අයිය
කිරිටොයිය වගේ මයිටර් බූට්ස් දෙකක් රුපියල් දෙසිය පනහකට කොළඹ චාන්ඩ්ස් එකෙන් මට අරගෙන දුන්න ...

එතුමා දැන් නෑ එතුමාගෙ නෝන විතරක් ඉන්නව මහරගම ...

ඒ උත්තමයටත් නිවන් සුව !!

Saturday, October 2, 2021

පියසේනයියා


 

 29.10.17 FB

මේ පින්තූරෙ මගේ අනෙක් පැත්තෙ ඉන්නෙ පියසේන අයිය ...

පියසේන අයිය දඩෝරියන් පොර උස අඩි හයකටත් එහා ...
තරුණ කාලෙ අත පය යකඩ පොලු වගේ හයියයි
ෆෝවඩ් ලයින් එක ෆුට් බෝලෙ අරගෙන
පියසේන අයිය පහුකරනව බොරු ...
පහුගිය මාර්තුවෙ බිග් මැච් ගිය වෙලේ
හමුවුනාම ගත්තු පින්තූරයක් ඔය ....

මම කලකට ඉහත ලියපු
ගාලු මහජන ක්‍රීඩාංගනය සටහනේ සඳහන් කල
අපේ කාලෙ වීරයන්ගෙ නම් වැලේ පියසේන අයියත් එකෙක් ...

පියසේන අයිය මම ඇතුළු මගේ මහින්දෙ සගයන්ගෙ පාපන්දු පුණුකරු ...
හැබැයි නිළනොවන ....

ඒකට හේතුවක් තිබුන ...
ඒක මහින්දෙ ප්‍රශ්ණයක් නං නෙවි
මහින්දෙ ඒ කාලෙ හිටිය විදුහල්පතිගෙ ප්‍රශ්ණයක් ...

පියසේන අයිය ඇන්දෙ සරම
පාපන්දු තරඟවලට විතරක් තරඟය වෙලාවට ෂෝට ගැහුව ...
 
කලිසමක් ඇඳල ඉන්නව මගෙ ජීවිතේටම දැක්ක නෑ
මම දන්න හැටියට ඒකම තමයි අපෙ හිටපු විදුහල්පතිගෙ ප්‍රශ්ණෙත් ...

සරම අඳින එකෙක් කොහොමද
මහින්දෙ ෆුට්බෝල් කෝච් කරන්නෙ ????

එයා හිතාන ඉන්නෙ මහින්දෙ කියන්නෙ
ඩලිච් කොලේජ් එකේ බ්‍රාන්ච් එකක් කියල වෙන්ටැ

එතුමාට අමතකයි සරම ඇඳපු ගුරුවරු විතරක් නෙවි
සරම ඇඳපු විදුහල්පතිවරුත් මහින්දෙ හිටිය කියල ...

හැබැයි පියසේන අයිය කොහොම හරි
මහින්දෙ පාපන්දු පුහුණු කරා එවකට සෙල්ලම් කල
පළමු පෙළ ක්‍රීඩකයන්ගෙ බලවත් ඉල්ලීම පිට ...

ඒ පේ රෝල් එකට සුනිමල් අයියගෙ නම ඇතුල් කරල ...

සුනිමල් අයිය එතකොට ගාල්ලෙ සදර්න් ක්ලබ් එකේ නායක
සෙල්ලම් කලේ හාෆ් බැක් ...

විදුහල්‍පති හිතාන හිටියෙ සුනිමල් අයිය පුහුණුකරු කියල
හැබැයි පියසේන අයිය තමයි වැඩේ කරෙ ...

පහු කාලෙක ගෝල් කීපර් මහින්ද අයියත්
පියසේන අයියට එකතු වුනා
හැබැයි අර විදුහල්පතිය නං ඒ බව දැනගෙන හිටියෙ නෑ ...

ඒ නිසාම මහින්දෙ පාපන්දු වලටත් කල දවසක් ගියා ....

හිතා ගන්නත් අමාරුයි ඔය කියපු විදුහල්පති
සරම ඇඳපු ගුරුවරු එක්ක ස්ටාෆ් රූම් එකේ
එකට ප්ලේන්ටිය ගැහුවෙ කොහොමද කියල
ඒ විතරක්යැ සරම ගහපු විදුහල්පතිවරයෙක් යටතෙත් එතුමා වැඩකලා ...

මාන්නෙ හොඳම එක ...

ඔතනින් ඔය ටික නවත්තල ආයෙත් පසුව ඔතනට සම්බන්ධ වෙමු ...

ගාල්ලෙ ඒ කාලෙ තිබුනෙ පාපන්දු ක්‍රීඩා සමාජ දෙකයි ....

සදර්න් - ගාමිණී

පහු කාලෙක නං සමගි කටුගොඩ එෆ් සී  ගෝල් යූත් දිලෙන තරු රන්තරු
ඒ තරු මේ තරු අර තරු කියල හෝල් සේල් කණ්ඩායම් ආව ...

 
සදර්න් - ගාමිණී දෙක ගහනව කියන්නෙ
ගාල්ලෙ පාපන්දු බිග්මැච් එක ....

මුළු ගාල්ලෙම හිටිය පාපන්දු ලෝලියො
ඔය කියපු ක්‍රීඩා සමාජ දෙකට බෙදිලයි හිටියෙ ....

අපි ගාමිණී
ඒ අපෙ තාත්ත ගාමිණී එකේ නිළයක් දරපු නිසා ...
සදර්න් කණ්ඩායම චීනකොරටුවෙ බණ්ඩයියගෙ
ඒක නම් ස්ටාර් පැක්ඩ් ...

පියසේන අයියත් එකෙක්
පියසේන අයිය ගැහුවෙ ෆුල් බැක් එකෙක්වත් ළඟට යන්නෑ ...

ගහන පාරවල් යන්නෙ සමනළ පාලමටත් එහා ....

අනෙක් පැත්තෙන් වැල්ල අයිනෙ පී එච් අයි කන්තෝරුවට ....
ඒ තරමටම පාරවල් සැරයි ...

අපිත් ගාමිණී උනාට පියසේන අයිය සෙල්ලම් කරනව බලන්න ආසයි ...
ඒ පියසේන අයියගෙ පොල් අඩි කික් නිසාමයි ....

පියසේන අයියත් චරිතයක්ම තමයි ...
පාපන්දු වලට කොතරම් දක්‍ෂයෙක්ද කියනවනම්
පියසේන අයිය ලංකාවෙ පාපන්දු කණ්ඩායම නියෝජනය කරන්න
එකොළොස් දෙනාට තේරුන ....
හැබැයි පියසේන අයිය ලංකාවට සෙල්ලම් කලේ නෑ හේතු දෙකක් මත ...

එක ...
ශ්‍රී ලංකා පාපන්දු සංගමේ ලේකම්ගෙ බෑණ ...

දෙක ...

සරම ...
ශ්‍රී ලංකා  පාපන්දු සම්මේලනයෙන්
පියසේන අයියට සරම ගලවල
කලිසම අඳින්න කිව්ව ටුවර් එක යන්න ....

පියසේන අයිය අම්ම අප්‍ප කිව්වත් සරමනං ගැලෙව්වෙ නෑ ...
ඉතිං පියසේන අයියගෙ ලංකාවට ගැසීමත් එතනින්ම නිමා වුනා ...

මාව දක්‍ෂනම් ගස්සව පල්ල මගෙ සරම ප්‍රශ්ණයක් කරගන්න එපා
කලිසම් වන්දි භට්ටයන්ට පියසේන අයිය නොකියා කිව්ව ...

පියසේන අයිය ලංකාවටවත්  ගලවපු නැති සරම
මහින්දෙ කලිසමට වඳින විදුහල්පතිට ගලවයිද බං ....

හරි උනත් වැරදි උනත් ඔය තමයි ඒකාලෙ උන්ගෙ ප්‍රතිපත්ති ...

පියසේන අයියට තමන්ගෙ ප්‍රතිපත්ති අගෙයි  
ලංකාවට ගහනවට වඩා ...
අනෙක සරම ඇන්ඳම මක්කැයි  බං වෙන්නෙ
එතකොට ෆුට් බෝ‍ල් ගැහෙන්නෙ නැතෙයි ....

කලිසමට වඳින එවුන් එදත් හැමතැනම ඉඳල තියෙනව ...

අද කාලෙ එකෙකුට කියුවනම් කොහොමද ....
ඒකාගෙ වැඩේ කරගන්න කලිසම අඳිනව විතරක් නෙවි
ඌ ගොනාටත් අඳී ....

පියසේන අයියේ ...
 
එදා වගේම උඹ අදටත් අපිට වීරයෙක් ....


විකට ඇඳුම්



 

 

 

මාගේ මේ විකට ඇඳුම බවලත් කෙනෙකුට අපහාසයකට උපහාසයකට නම් නොවේ ...

ඉට්ස් වෙරි සිම්පල් මෙයා ...
ටුවර් එකක් ගිය වෙලාවක රාමා නිලන්තිට තෑගි දෙන්න 

ගවුමකුයි කණ්ණාඩි කූට්ටමකුයි ගත්ත ...

Champaka Ramanayaka
මම ඒක ඇඳල බැලුව හරියනවද කියල එච්චරයි ...
නරකත් නෑ ගානට තියෙනව ...

නිලාත් ඉතිං උසට හැඩට හිටිය එකීනෙ බං ...
එතකොට රාමා නිලා ආදර අන්දරය ලියලමින් යන කාලෙ
උන් දෙන්නා බැඳළ නෑ ...

බඳින්න යමින් පවතිනව පහු කාලෙක බැන්ද ...

බලහං ඉතිං ඔය හින්නි හින්නි මල් වැටිච්ච ගවුම උනත් කොච්චර චාම් ද කියල
ඒකෙන්ම කියන්න පුළුවන්නෙ ...

අද කාල වගෙ එහෙං පලල මෙහෙං පලල ඒසී හයිකරල නෑනෙ බං ...

අනෙක ඉතිං අමාරුවෙන් හම්බ කරල
පැලිච්චි නැති සල්ලි දීල
පලාපු ඇඳුං ගන්නෙ මක්කටෙයි බං

ඇස් වහක් කටවහක් නෑ
නිලන්ති නංගි රාමටම හරියන සීදේවි කෙල්ල
රෑපෙන් ගති ගුණෙන් කිසිම අඩුවක් නෑ
කොයි වෙලේ දැක්කත් කට පිරෙන්න සිරියාවන්ත හිනාව ...

ඒ වගේම හොඳ කරුණාවන්‍ත ගුරුවරියක් ...

නිලන්‍ති නංගි බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ලංකාව නියෝජනය කල
ඉස්තරම්ම ක්‍රීඩිකාවක් ...

විහිළුවට අපි රාම උඹට නිලා හොඳ වැඩියි බං කියුවොත් ...

"ඔව් ඉතිං බොලාට ඉරිසියා ඇතිනේ" කියල රාමා දත් විරිත්තල හිනාවෙන එක තමයි කරන්නෙ ...

ඒ වෙලාවට රාමාගෙ මූණ වගේම දත් සැට් එකත් කිරි කොකාගෙ වගෙ
කලු කැරලි කොණ්ඩෙට යටින් බබලනව ...
 
රාමත් ඉතිං නරක එකෙක් නෙවි අපේම ගමේ එකා
මම වගේම අමාරුවෙන් ගොඩ ආපු එකෙක් ...

නිලා රාමටත් රාමා නිලාටත් කදිමට ගැලපුනා
තකට තක ...

නිලා නංගි ගිංතොට පාළම යට ගෙදර ...
රාම ගාලු කොටුවෙ පන්සල පිටිපස්සෙ  ගෙදර ...

ඒ ගෙවල් දෙකටම මම අමුත්තෙක් නං නෙවි ...
රාමගෙ හත්මුතු පරම්පරාවම මම දන්නව ...

රාමගෙ මල්ලිල අම්ම තාත්ත නැන්දල පුංචි අම්‍මල ලොකු අම්මල මාමල ලොකු තාත්තල බාප්පල සීයල කසින්ස්ල රොත්තම ...

මාමල සෙට් එකම මගේ තාත්තගෙ පාපන්දු සගයො ...

ඉස්‍සර මම ඉස්කෝලෙ මැච්‍ ගහන දවසට ටීම් දෙකටම විතරක් නෙවි
බලන එවුන්ටත් ලුනුමිශ්‍ර මිරිස් කුඩු දාපු අන්නාසි කවන්නෙ රාමගෙ සීය
අපෙ කියුවෙ අන්නාසි මාම කියල ...

ඒ කියුවෙ ෆුට්බෝල් රෙෆ්රි ජිනදාස මාමගෙයි නන්දෙ මාමගෙයි තාත්ත ...
අපෙ මාළුවගෙ සීය ...

එදාට අන්නාසි පාලයියගෙ මිරිස් කුඩු සහ ලුනු කුඩු දවටපු අන්නාසි බේසම
දවල් දොළහ වෙනකොට හාේදල වේලලත් අහවරයි ...

රාමගෙ අල්ලපු වත්තෙ පන්සල උනාට 

මුහුදෙ කිමිදිල පොකිරිස්සො අල්ලන්න රාම හරිම රුසිය ...

එදාට රාම පානාතිපාතා කියන්නෙ නෑ
අපිට කියල කියව ගන්නව
ඒ තමයි උගෙ පොකට් මනී ...

හරියට මම බයිසිකලේ පෙට්ටිය බැඳන්
පාන් විකුනල පොකට් මනී හෙව්ව වගේ ...

ඒකාලෙ නිවාඩුවට ගම ගිය දවසට අපි දෙන්න කරන්නෙ
හවහට රාමගෙ ගාලු කොටුවෙ ගෙවල් ඉස්සරහ
රෑම්පාට්ස්වල ගල්තලාවක් උඩ වාඩිවෙල
මුඩු නැති තෙල් බෝ‍තලයක් කඩල තෙල්‍ බෙදන ගමන් ගායකයො මරණ එක ...

පදම අප්සෙට් ගිහිං සිංදු ෂෝටෙජ් එකක් උනොත්
එදාට අපි මැරිච්ච බොබ් මාලිවත් ගොඩ අරන් ආයෙත් මරනව 

බොබ් මාලිගෙ සිංදු සිංහලෙන් අපි කීවෙ    බෆලෝ සෝල්ජ පැන පැන අවා තමයි අපේ ෆේවරිට් ...

අර ලංකාවෙ දේශපාළකයො චන්ද කාලෙට
රටේ මියගිය අය ගොඩ අරං ආයෙ යටකරනව කරනව වගේ ...

අපි හැම එකාගෙම ප්‍රියතම කපුගේ මාස්ටර්  ...

චමින්ද මල්ලිත් වෝකල්ස් සමග ගිටාරයෙන් සපෝර්ට් එක ...

චමින්ද මල්ලිගෙ හැකියාව නං මල් හතයි
Chaminda Deviligoda Gamage ...

දැන් චමින්ද මල්ලි සිංදු කියන්නෙ සුද්දන්ට සිංහලෙන් ...

අනෙකා අපෙ දිලීපය ...
දිලීපයත් මාත් එක්ක ලැංග්හම් බැක් යාඩ් එකේ ඉඳල
"ශ්‍රී ලංකා ඒ" වෙනකන් එකට ක්‍රිකට් ගහපු නැඹ ක්‍රිකටර් කෙනෙක්‍ ...

මුඩු නැති බෝතලෙන් බාර්ලි වීදුරු දෙකක් දාගත්‍තම
ශෘතිය හිතේ තදකරගෙන තමයි දීලීපය සින්දු කියන්නෙ ...

නම - Dileepa Wickramasinghe
විනෝද වෙලාවට - ඌ මක්කා කරනවද කියල ඌ දන්නෙත් නෑ ...
නිකන් ඉන්න වෙලාවට -
නිකන්ම තමයි ...
ප්‍රියතම ගීය - සුදු මල් වඩම් ...
ක්ලාසි ප්ලේය(ර්) ...

දිලීපයත් ඇඬෙන සිංදු කියනකොට ඔරිජිනල් ගායකයටත් ඇඬෙනව ...
 
පහුගිය වතාවෙ ආ වෙලේ දිලීපයත් එක්ක තව වැඩක් උනා ...
රාමා දිලීප ඇතුළුව අපි ටික දෙනෙක් සෙට්වෙල කැරිඕකි පාරක් යන අතරෙ 

මම ගායකයෙක් හම ගහන කොට දිලීපයට ඇන්ඩ්‍රොයිඩය දුන්න විඩියෝ කරන්න ...

විඩියෝ කරන නිසා පටියෙන් තැටියක් ගහන්න හිතාන තටමල උපරිමයෙන්ම හඬ දුන්න ...
(කොහොමටත් අපි කියන සිංදු අහං ඉන්න උන්ට ඇඬෙනව බං
සිංදුවලට කරන අපරාදෙට)

සින්දුව ඉවර උනහම දිලීපය ඇන්ඩ්‍රොයිඩය ගෙනත් දෙනව ...

"මචං සින්දුව නියමෙට ගියා හොඳට වැදිල ඇති" කියල ...

මම ගෙදර ගොහින් කට්ටියම සෙට්වෙලා දාල බැලුවා ...

විඩියෝව පුරාම මගේ පින්තූරෙ තිබුනට ...
හඬ දිලීපයගෙ ...

ඇයි බං ඌ කැමරාව මට අල්ලගෙන මට වැඩිය හයියෙන් සින්දුව කියනව ...

නෑ නෑ බොලාට පිස්සුද එවෙලෙ දිලීපය බීල හිටියෙ නෑ ...

හරියට "මිලි වැනිලි" වගේ
ඕං බං අපිට වෙන හදි
මදෑ සින්දුවක් විඩියෝ  කරන්න දුන්න ...

අපි හැමෝගෙම අවාසනාවකට අපේ කතා නායිකාව රත්තරං නිලන්ති නංගි අද අපි අතර නෑ ...

සම්පූණයෙන්ම ගේයි ෆවුන්ඩේෂන් එකයි අඹරගෙන ගිය සුනාමියෙන් බේරුනත්
නිලන්ති නගාට ඒ කාලකණ්ණි ලෙඩෙන් බේරෙන්න බැරි උනා ...

අපි ඔක්කෝම අතෑරල නිලන්‍ති නංගි යන්නම ගියා ...
හොඳ එවුන්‍ටමයි ඔය වගේ නස්පැත්ති වෙන්නෙ ...
නිලන්ති නංගි හොඳ තැනක ඇති ...
ඇයි ඒකි නරක එකියක් නෙවිනෙ ...

ඇයට දෙව් මිනිස් සැප කෙලවර
අමා මහ නිර්වාන සම්පත්තිය ...

එතෙක් ජාති ජාතිත් අප අතරම ඉපදේවා ...

රාමත් තනියෙන් කොහොම හරි ඇදගෙන යනව පොඩි එවුනුත් එක්ක ...

ඔය පින්තූරෙ ගත්තෙ එංගලන්තෙ හරි ඉන්දියාවෙ හරි වෙනටැ මයෙ හිතේ

ඔය තමයි ටුවර් ගියහම ෆ්‍රී ටයිම් එකේ ...
කාටවත් කරදරයක් නැති අපේ අහිංසක විනෝදය ...

ඇසූ පිරෑ අයට නම් මේවා මෝඩ චූන් වෙන්ටැ ...
අපේ ඉතිං ඇසිච්ච පිරිච්ච තැන් නැති නිසා කමක් නෑ ...

ඔය ජාතියෙ අහිංසක විදියට කෙලින පිස්සු හොඳයි ...
 
ලෙජන්ඩ්ල වෙල සැන්ටක්ලෝස්ලගෙ කරට අත දාගෙන
හවසට ඇවිදින්න ගොහිං බෑග් මළු පුරවං එනවට වඩා ...

අනෙක් පින්තූර ගැන උඹළ ඕනෑම දෙයක් හිතා ගනිල්ල ...

එක පින්තූරයක් බලල ප්‍රමෝ නම් මට කියුවෙ පාප්ප වහන්සෙ වගේ කියලයි                      

එහෙම කීවට මයෙ අහිතක් නෑ ...
Pramodya Wickramasinghe
උන්නාන්සෙට අපහාසයක් නෙවි ඕං ...   

පවුකාරයාට අනුකම්පා කරන සේක්වා ...
ඔතනදි කැමරාව අතට ගත්තෙ ප්‍රමෝයි මදුයි ...
Ranjith Madurusinghe

අනේ බං ඔය පින්තූර නං ඩවුන්ලෝඩ් කරල උස්‍සන්‍න එපා ...

නොඋස්සයි කියල උඹළන්ව විශ්වාස කරලයි දැමුවෙ ...

ඕව වැඩිය එළියට දාන පින්තූර නෙවි ...
හොඳ එවුං වගේ බලල කියවල අමතක කරල දාපල්ල ...

උඹළන්ගෙ කලෙක්ෂන් එකට බාගෙන අතින් අත
නොයැව්වොත් හොඳයි කියල තමයි මට නං හිතෙන්නෙ
පුද්ගලික දේවල්නෙ බං ...




Sunday, September 5, 2021

Mr Roy Dias


 මිස්ට රෝයි ඩයස් ...

මම මුලින්ම දකින්නේ හැත්තෑව දශකය අවසාන බාගයේ ගාලු පිටියේදීය  ...
 
හිච්චි අයියා එතකොට  ගෝල් සීසීය
මිස්ට රෝයි ඩයස් කළම්ඹු කෝල්ට්ස්ය ...
මම මහින්දෙ ජූනියර්ස්ය ...

නවසිය හැත්තෑව කාලෙත් මිස්ට රෝයි ඩයස්ගේ බැටිං ෆීල්ඩිං ගැන අසා තිබුනද
ශිල්ප වැඩ කිඩ  දැක්කෙ නං එදාමය ...

මොකෝ අපි හිච්චි එවුං කාලෙ ටැලිවිසොං තිබ්බැයි බං ...

අයිස්මෝල හන්දියෙ තම්බි මාමගෙ කඩේ හත හමාරට ගුවන් විදුලියෙ ගිය
බ්‍රිස්ටල් ඉස්පෝට්ස් නිවුස් අපිට තිබුන එකම පිහිටය
ඒකත් තම්බි මාමගෙ පුතා හිච්චි තම්බිට වැඳලම විනාඩි දහයකට දාගන්නෝනේය
නැතිනං එහි යන්නේ පැරණි රසාංගය ...

පරණ ගෝල් සීසී බිල්ඩිමේ
කොට්ටම්බ ගහ පැත්තෙ තිබුන ඩ්‍රෙසිං රෑම් එක විසිටර්ස්ලාටය ...

සයිට්ස්ක්‍රීන් එක පැත්තේ හෝම් ටීම්ය ...

මම හැමදාම මැච් බලන්නෙ
පැවීලියන් එකේ හෝම් ටීම් පැත්තෙ බංකුවක් උඩ වාඩි වෙලාය ...

එකම හේතුවක් නිසා
ඔය කියාපු දවස් දෙකේ විතරක් මැච් එක බැලුවේ
විස්ටර්ස් ටීම් එක පැත්තෙ
තුන්වෙනි පඩිය උඩ  සුරුට්ටුව වගෙ රෝල් කරපු හම ගිය පරණ මැටිම උඩ ඉඳගෙනය ...

හේතුව මගෙ හිච්චි අයියා මිස්ට රෝයි ඩයස්ගේ බැටිං ගැන මට දී තිබුන පම්පෝරියය ...

මිස්ට රෝයි ඩයස් පමණක් ක් නොව
හැට හැත්තෑ ගනන් වල ජාත්‍යන්තරේ හිටි සුපිරි ක්‍රීඩකයන් හැමෙකෙක් ගැනම මට කියා දුන්නෙ හිච්චි අයියාය ...

හිච්චි අයියා නැතිනං මම විස්තර ගත්තෙ
ගාල්ලෙ කැරකෝප්පුව පිටුපස තිබුන පුස්තකාලේ දිනපතා පත්තර කියවලාය ...

ඉංගිරිසි බැරි උනාට මම ඉස්පෝට් පේජ් එක කියව්වේ
හන්දියෙ ගෙදර සෝමරත්න මාම ඉංගිරිසි බැරි උනත් රේස් කොලේ කියෙව්වා වාගේමය ...

ඒකාලෙ සරා ගැහුවෙ ට(ර්)ෆ්ය
ඩොනවන් ඇඩ්‍රෲ ඇන්ඩ් ඩේලි නිවුස් මැටිංය ...

මම ඒ දින දෙකේම මැච් එකට වැඩිය බලාන හිටියෙ
මිස්ට රෝයි ඩයස් දිහාය ...

මිස්ට රෝයි ඩයස් බැට් කරනව ෆීල්ඩ් කරනව වගේම ...
බත් කනව තේ බොනව වතුර බොනව දිහාත් බලාන හිටියා අද වගේම මතකය ...

හදිසියෙ වත් මිස්ට රෝයි ඩයස් මිසිං උනොත්
ඩ්‍රෙසිං රූම් එකේ දොර ලඟට ගොහිං
අසව්වයි දොරයි අතර තිබුන හිච්චි කිතර දාරෙ අස්සෙන්
මම මිස්ට රෝයි ඩයස් හොයනවාය ...

ඒ මතකය තාමත් පැළපදියම් වී ඇත්තේ
මිස්ට රෝයි ඩයස් වගෙ (Eligant)
පෙනුමෙන් හා පිත්ත හැසිරවූ ආකාරයෙන්
ප්‍රියමනාප පිතිකරුවෙක් මගෙ දෑහින් තවමත් නොදැක්ක නිසාය ...

එදායින් පසු ආයෙ මිස්ට රෝයි ඩයස් හැබැහින් මම දුටුවේ
අසූ දෙකේ අසූ තුනේ විතර කොළඹ ආවහාමය ...

එතකොට මිස්ට රෝයි ඩයස් එස්එස්සීය
හිච්චි අයියයි මමයි ටැමිල්ස්ය ...

ඒ වරුසෙ එස්එස්සී ටැමිල් තරඟේදී
පළමු දින ටැමිල්ලා එස්එස්සියට ෆස්ට් ඉනිංග්ස් පැරදුනද දෙවෙනි දින අවසානයේ මැච් එක දිනුවාය ...

කොහොමෙන් කොහොම හරි
ඒ මැච් එකේ මම ලකුණුත් ගසා මිස්ට රෝයි ඩයස්ට බෝලුත්  කරාය ...

දෙවෙනි දින මැච් එක  අවසානයේ
එස්එස්සියෙන් පිනට ලැබුන බීර වීදුරුවක් තොල ගාන ගමන්ම
මිස්ට රෝයි ඩයස් සමග කතා කිරීමටද අගනා අවස්ථාවක් ලැබුනාය ...

මගේ හිච්චි පිතිහරඹය ගැන වර්ණනාවෙන් උපදෙස් දෙමින්ම
මිස්ට රෝයි ඩයස් කියුවේ
මල්ලි මිස්ට කෑල්ල කපලා මට රෝයි ඩයස් කියන්න කියලාය ...

එදා සිට මිස්ට රෝයි ඩයස්
රෝයි ඩයස් උනාය

පසුව අසූදෙකේ මම සංචතියට එකතුවී එකට පුහුණු වීම් කිරීමට පටන් ගත්දා සිට
එවන් ක්‍රීඩකයෙක්ට නමින් කතාකිරීමට හිත නොදුන් නිසාම
රෝයි ඩයස් අපි සියල්ලටම රෝයි අයියා උනාය ...

හරි හමන් පුහුණු කරුවකුද නැති  සංචතියේ
ඉවක් බවක් නොමැතිව පන්දුව එන එන අතට පහර ගැසූ  මා වැන්නවුන් හට
රෝයි අයියාගෙ ඔවදන් ඉල්ලමක් වූ වාර අනන්තයි අප්‍රමානය ...

මේ අතරේ බන්දු අයියා අජිත් අයියා බර්නාඩ් අයියා සිදත් හා රංජන්ටද  
ප්‍රධාන තැනක් හිමිය ...

වැඩියෙන් පහසුවන ලෙස මගෙ ස්ටාන්ස් එක
ටිකක් වෙනස් කලෙත් රෝයි අයියාය ...

රෝයි අයියා පහුකාලෙක "අ" යන්නයි "යි"යන්නයි ලොප් වී ...
රෝයියා යන සුරතල් නාමෙන් අප අතරේ නම්ප්‍රසිද්ද උනාය ...

මම වැඩියෙන්ම ලං උනේ රෝයියා සීසීසී ක්‍රීඩා සමාජයට බැඳුනායින් පසුවය
ඒ ඔහුගේ අගනා ගුණයන් නිසාමය ...

හැත්තෑව අග බාගේ මිස්ට රෝයි ඩයස් වූ ඔහු ....

අසූව මැද බාගේ වන විට රෝයියා වී  
ඉඳහිට මාත් සමග ගොම්මනේ ලාවට හිච්චි කිතර දෙකක් දාන පාට්නර් කෙනෙක්වන  තරමටම නිහතමානී විය  ...

අපි සීසීසී ඉන්නතාක් කල් අවුරුදු ගානක්
මහා මම  චරියා කපිලවිජේ පොඩිජුරා   ඇතුළු තවත් කිහිප දෙනෙක් ...
හැම සති අන්තයකම වාගේ ගොම්මනේ සැට් උනෙත් රෝයියාගෙ නිවහනේය ...

බයිට් ඇතුළුව රට බීම සහ ෆයිව් ස්ටාර් ඩිනර්ස් රෝයියා ගෙන්ය
අපේ ගානේ පැමිනීම පමනමය ...

අරමුණක් නොමැතිව එහෙ මෙහෙ ගිය අපිව බලාගත්
රෝයියා තරංගා අක්කා අම්මා මල්ලිලා ඇතුළු පවුලේ සියලු දෙනාටම හා
කිචන් ඩිපාර්ට්මන්ට් හෙඩ්
මාස්ටර් ෂෙෆ් අනුලක්කා ඇතුළු සේවක මඩුල්ලටම අනේක වාරයක් තුතිය ...

රෝයියාත් සමග අසූව දශකයේ සංචාර කිහිපයක් ගිය මේ ලියන්නා ...

රෝයියා වැනි වන් ඉන් අ මිලියන් ක්‍රීඩකයකුට ...
මණ්ඩලයෙන් ඒකාලේ සැලකූ ආකාරය ගැන ඉතාමත් කේන්තියෙන් කනගාටුවෙමිය ...

මා සමග රෝයියාගේ මෙහි ඇති පින්තූරය
අසූව මැද බාගයේ ෂාජ සංචාරයේදි ඩුබායි රටේදී ගත් එකකිය ...
අරාබිකාරයා දැං ලෝකෙටම පේන්න තප්පදෝරු බිල්ඩින් ගැහුවද
ඒ කාලේ ඩුබායි වල පංචිකාවත්ත වැනි ප්‍රදේශ අනන්තවත් තිබුනාය ...

මේ සංචාරයේ දුක්ඛම සත්‍යය නම් ...

ද්වේශයෙන් පිරි හාල්පාරු සිලෙක්ටර්ලා විසින්
රටක් වටින ශ්‍රී ලංකා වයිස් කැප්ටන් බංකුවේ තැබීමය ...

නාවල රෝයියා බංකුවේ තැබූ උන්
අයිස්මෝල හන්දියේ අතුලයා ගැස්සවූහ ...

ඒ අයිස්මෝල හන්දියේ අතුලයාට තිබූ ආදරයට නොව ...
රෝයියාට උන්ගේ තිබූ ද්වේශයටය ...

අයිස්මෝල හන්දියේ අතුලයාට පොළොව පලාගන යාමට සිතුනද කරකියා ගත කිසිවක් නොතිබූයේ
ඔහුද සිටියේ ෂාජා මිස අයිස්මෝල හන්දියෙ නොවන නිසාය ...

එහෙම කියුවේ ෂාජා කිරිමෙල් "ලෝ" එක අයිස්මෝල හන්දියේ කිරිමෙල් "ලෝ" එකට වඩා වෙනස් නිසාය ...  

රෝයියා ඉතාමත් නිහතමානීව අතිරේක ක්‍රීඩකයෙකුගේ කටයුතු සියල්ල අඩුවක් නැතිව කලාය ...

එපා කියද්දිත් මගේ දහවල් කෑම එක බෙදා ගෙනත් දුන්නේද රෝයියාය
දහඩිය ඇඳුම් වේලා ගෙනත් දුන්නේද රෝයියාය ...

ශ්‍රීමත් අයිසැක් විවියන් රිචඩ්ගේද
සදාතනික වීරයෙක් වූ අපේ රත්තරං රෝයියාට
අමුතු ඇටේ අමන කාළකණ්ණී සිලෙක්ටර්ලා මානසිකව පහර දුන්නෙ එසේය ...

රෝයියා වැනි ක්‍රීඩකයකුට එසේනම්
අයිස්මෝල හන්දියේ අප වැනි උන්ට
කෙසේ සැලකුවාදැයි උඹළාට සිතාගත හැකිය ...

සිලෙක්ටර්ලා වැඩි කල් ජීවත් වූයේ නැතිය ...
එවුන් නිවන් ගියාදැයි නොදනිමිය ...
ගියානං හොඳය  
එවිට ලබන ආත්මේ ඔවුන් සිලෙක්ටර්ලා වී අපසු නොපැමිනේය ...

රෝයියා නං යහපත් කර්ම ශක්තීන්ගේ බලයෙන් තවමත් දැහැමින්  වැජඹේය ...

රෝයියාට හා තරංගා අක්කාට
යෝධ බල යෝධ විරිය හා දීර්ඝායුෂ ලැබේවායි
ඔබ සැම වෙනුවෙන් මා පතමිය ...

මීට
අයිස්මෝල හන්දියේ අතුලයා ...

Roy Dias Tharanga Dias

FB 23.08.2020

Sunday, August 29, 2021

නිවන් දකිත්වා


මචං ආනන්ද

අපිට උඹ ගැන හරි ආඩම්බරයි බං ...

කඹ කෑලිවල එල්ලිල පිස්සු කෙලින
සුපර්මෑන්ල බැට් මෑන්ල රොබින් හුඩ්ලට වැඩිය
උඹ අපිට වීරයෙක් බං ...
ආඩම්බර වැඩි කමටද කොහේදෝ
ජීවිත ගොඩදාන්න උඹල කරන කැපවීම සිහිවෙන වෙලාවට
කම්මුල් පිම්බිල රතුවෙල ඇස් වලට කඳුළු උනනව බං ...

උඹට වැඩිය දුරකථනයෙන් කතා නොකරට අමනාප වෙන්න එපා
ඒ ඉතිං උඹ වගේ
රත්තරන් ජීවකයෙක්ගෙ රන් හා වටිනා කාලය
මං වගේ එකෙක් නිකං බයිල ගහල අපතේ යවන එක අපරාධයක් කියල  හිතෙන නිසා ...
ඇයි බං ඒ වෙලාවෙත් උඹට තව ජීවිතයක් දෙකක් බේරගතෑකිනේ ...

මං හිතන්නෙ උඹ බෝවෙන රෝග විශේෂඥයෙක් උනේ
දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙ පිනටම වෙන්ටෝනැ ...

නැතිනං අර මහ එවුන් ගහන පදේට හතළිස් පහට නැවිල නටන
පොඩි එවුන්ගෙ දේකේ කොලේටත් ඉස්ට්‍රැයික් කරන අපතයෙක් උඹෙ ජොබ් එක කරානං
ජනතාවට පුහ්හ් ...

මක්කීවත් උඹත් ටිකක් පරිස්සමෙන්
බොක්ක ඉඹං හිටියත් අපේ මහ එවුන් විශ්වාස කරන්න බෑ බං
උන්ට අරහං නං දුන්නා ගේම ...
අර පේන්නෑ මුල් වටේදිම සීරෝ එකට කොරෝනා හාන්සි ගස්සපු
එකම පන්තියෙ හිටපු අනිලයත් පරිසරේට යැව්වෙ හුළං වැදි වැදී ඉන්න ...
අපෙ මණ්ඩලවත්තයත් හෙන සපෝර්ට් එකක් දුන්න බං අපෙ හිච්චි අයියට ...

මං දන්නව බොක්කෙන්ම කොරෝනා එක්ක
ෆේස් ටු ෆේස් හැප්පෙන තව හෙන ජීවකයො සැට් එකක්  ඉන්නව කියල ...
ඒත් උඹ ගැන විශේෂයෙන්ම මතක් කරන්නෙ
උඹල අපි එකම ගල් කූරෙන් අකුරු ලියපු මිසක්ක
අනෙක් ඇත්තන් අමතක වෙලා නං නෙවි ඕං ...

අපේ සැට් එකේ කව්රු හරි එකෙක්ට කතා කරොත් මම උඹ ගැනත් නිතරෝම අහනව ...
ඒ හැම වතාවකම උන් කියන්නෙ
උඹ හරියට කන්නෙ බොන්නෙ නිදියන්නෙත් නැතිව
කොටින්ම කියුවොත් තමන්ගෙ ශරීර සෞඛ්‍ය ගැනවත් හිතන් නැතිව
අනෙක් අය වෙනුවෙන් මාරාන්තික කොරෝනත් එක්ක දෙන අමුම අමු ගේම ගැන ...

උඹළ දෙන ගේමෙන්
දශම බිංදුවයි බිංදුවයි බිංදුවයි එකක හරි වුවමනාවක්
පැණි බිබී මුට්ටි ගඟේ දාන මෝඩ මැටි මෝල් ගොං තඩියන්ට තිබුනනං
අපි මෙලහටත් ගොඩ බං ...

ඇයි බං ඔය ලෑටි ගාපු හින්නි කිතර අඹ ඇටයක් වගෙ
මුහුදෙන් වට වෙච්චි රත්තරං දූපතවත්
උන්ට ආරක්ෂා කර ගන්න බැරි නං
ආයෙ මොන කතාද බං ...

අනේද කියන්නෙ
මෝඩ චූන් ගන්න උන්ගෙ පුරසාරම උන්ටම හොඳා ...

උඹල තමයි බං රියල් වීරයො
උඹගෙ ඔය රත්තරං අත් දෙකෙන් අන්ත අසරණ ජීවිත කීයක් ගොඩ දාන්න ඇතිද බං ...
ඒනිසා උඹ ප්‍රවේසම් වෙයං ඔක්කෝටම කලියෙන් ...
මොකද උඹ වැටුනොත් මුළු අයිඩීඑච් පද්ධතියම වැටෙනව ...

දුප්පතුන්ගෙන් පූජා වටිටි හිඟන ගම්බාරල විශ්ණු කතරගම පත්තිනිල කාලිල නෙවි බං
ඕං උඹළ වගේ ජීවකයො සැට් එක තමයි මේ මිහිපිට ජීවමාන දෙවිවරු ...
ඔක්කොම එක්කාසුවෙල උඹළන්ට තමයි මල් තියල හඳුන්කූරු පත්තු කරන්ටෝනැ ...

ආයෙ කතා දෙකක් නෑ
උඹට නං ඊළඟ මහෞෂධ පඬිය වෙන්න හැම සුදුසු කමක්ම තියෙනවා ...
වේකන්සිය ආවොත් ඇප්ලිකේෂන් එකක් දාපං අපිත් ෆුල් සප
මොකා නැතත් හෝඩියෙ ඉඳල එකට ආ සැට් එක උඹට ඉන්නව ඕනෑම වෙලාවක ...

රත්තරං ආනන්දයෝ රත්තරං උඹට යෝධ බල යෝධ විරිය
උඹළන්ට දෝත් මුදුන් දී නමස්කාර කරනව බොක්කෙන්ම දෙන ගේමට ...
උඹටත් උඹගෙ ලොකු දොස්තර මහත්තයගෙ සිට කසල ශෝදක මහත්තයා දක්වා
ලොකු කුඩා  සියළුම කාර්ය මණ්ඩලයටත් අපේ භක්තිය ප්‍රණාමය ...

මේ කරගන්නා වූ මහා පින් මහිමයෙන්
බොලා සැම දෙනාටත් බොලැයි පවුල් වල සැම දෙනාටත්
ඒ පවුල් වලට ගෑවිච්ච ගෑවිච්ච සියළු දෙනාටත් ...

මේ ආත්මයෙත් නිවන් දක්නා ජාති දක්වා උපදින සෑම ආත්මයක් ආත්මයක් පාසාත්
කිසිදු ලෙඩක් දුකක් කරදරයක් අතුරු ආන්තරාවක් නොවී
සියළුම සැප සම්පතින් සපිරි නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිත උදාවේවා ...

සසර මග කෙටි කරගැනීමට අවශ්‍ය  ධෛර්යය ශක්තිය වීර්ය ලැබේවා ...

දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිර්වාණ සම්පත්තියද  උදාවේවා ...

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

මීට
අයිස්මෝල හන්දියේ අතුලයා ...