කියවූ තරම්

Monday, October 18, 2021

ඇසට කඳුලක් ...


Adios Amigo ...

මා දන්නා තරමින් උඹේ බොක්ක සුදුය ...
වයසින්  ජේෂ්ඨ වුවත් වරෙක කර වටා අත දා මචං කියන මිතුරෙකි ...
වරෙක ඇඩ්වයිස් කෝටියක් දෙන ගුරු පියෙකි
තවත් වරෙක ආරක්ෂකයෙකි
තරු පටි වලට වඩා මිනිස්කමට සැලකූ මිනිසෙකි
මිතුරන් අතරින් සැබෑ මිතුරෙකි ...
බන්දුලා අතරින් අපේ බන්දුල මහත්මයෙකි ...
පිදිය යුත්තෙකි ...
නායකයන් හිටිය නුමුදු එහෙමත් නායකයෙක් නොදුටිමි ...
මහ එවුන් නියෝජනය කල නායකයන් අතර
පොඩි එවුන් වෙනුවෙන් පෙනීසිටි නායකයා නුඹය ...

නුඹ සදා අමරණීයය ...

බන්දු අයියේ උඹට අජරාමර නිවන් සුව ...

🙏🙏🙏🙏🙏🙏

5 comments:

  1. පීචං නොවුණු මිනිහෙකු ලෙස වර්ණපුර
    ඉතිහාසයට එක්වී වෙනවා අමර
    පිනුම් ගහන අතරේ සමහරු යමර
    නොසැලුණු බන්දු ඇත මතකය ඉතිරි කර!

    ReplyDelete
  2. ම්ම්ම්... මෙතන දි මම තට්ට අයිය එක්ක එකඟයි. බන්දුල වර්ණපුර ඝාතනය කළේ මීට දශක තුන හතරකට පෙර ය.

    https://thattayagekolama.blogspot.com/2021/10/221.html

    ReplyDelete