කියවූ තරම්

Sunday, May 29, 2022

බොරැල්ලෙ කාසල් රෝහලේ ඉපිද ...

චීනකොරටුව අයිස්මෝල් හන්දියෙ හැදී වැඩී
🙏 මිහිඳුවේ දෙවි දේවතාවුන්ගෙන් අකුරු කර 🙏🙏🙏

කොළඹ ජෝර්ජ් ස්ටුවට් ආයතනයේ
රුපියල් හාරසීයෙ පඩියට ලිපිකරු සේවයෙන් පටන් අරන්
බ්‍රවුන්ස් සමාගමේ හා ඛනිජතෙල් සංස්ථාවෙහි
වසර දාහතරක් සේවය කර ...
 
කැන්ගරු දේසෙ
පිල්කිංටන් ඇන්ඩ් ඕෂියානියා ග්ලාස් කොම්පැණියෙ වසර 22ක ස්ථීර සේවයකට පසු ...
(ඒ අතරතුරැ අනේක විධි ඇඟපත කකියන කැෂුවල් කෑලිද මහමෙරක් සේ ඇද්දෙමි.මොකෝ බං ඩිග්රි පිට ඩිග්රි ගහන්න අපි රාජපස්සලැයි)

අයිස්මෝල හන්දියෙ අතුලයා
පහුගිය දොහේ පැන්ෂන් ගිය වග
මා හිතවත් ටොයි බයි ජෙපි වන පාට පක්ෂ වලට වහල් නිවහල්
තා තෙපි තොපිලා සියල්ලටම මෙයින් දැනුම් දෙනු ලැබේ ...

අයිස්මෝල හන්දියේ අතුලයා දැන්
තේ කඩේ බලා කියා ගෙන දිවිගෙවමි ...

අයිස්මෝල හන්දියේ අතුලයාගෙ තේ කඩයද
රජයට බදු ගෙවමින්
බදු ගෙවන ඔසියන් පාළහකටද රැකියා සපයමි  ...

~~~~

ඉපදුන දා සිට අද දක්වාද ...

පළමු රුකියාව පටන් ගත්දා සිට අද දක්වාද ...

කොන්ද නොනමා කෙලින් සිටීමට
දශක ගනනක් කාපු කට්ට උපරිමය ...
මානසික ශාරීරික හැල හැප්පීම් බොහෝය ...

මේ දක්වා මම බොලාට කියූ කතා අල්පය
තවත් කීමට ඇති දෑ බොහෝය ...

පොත දොරට වැඩුමටද
පටන් ගත් හැම විටකම අනේක බාධා ඇතිවිය
දැන් කරදාසි නැත ...

හුස්ම වැටුනහොත්  මේ සියල්ල සමගින්
නැවතත් ඔබ අතරට
අරගලයෙන් පසු යම් දිනෙක ...

~~~~

මාද ගතින් නැතත් සිතෙන්
සැමදා අරගලයේ සිටිනා ඔබ සමගය ...

මන්ද ...
මාද එක්තරා අරගල කරුවෙකි
මා මෙතැන සිටින්නේද
මේ දක්වා කල එක්තරා අරගලයක ප්‍රතිඵලයක් ලෙසිනි ...

ඔබ මෙන් මාද මතක ඇති දා සිට වැටි වැටී නැගිටියෙමි ...

නුදුරු දිනකදී අප සැම එකම රටක් ලෙස
නොවැටෙන්නටම යළිත් නැගිටිනු ඇත ...

කම්බ හොරුන්ගෙන් මිනීමරුවන්ගෙන් තොර රටක් උදෙසා ...

අරගලයට ජය !!!

🙏🙏🙏🙏🙏🙏

වහළුන් බොහෝය ...

එහෙත් ...
 
නිවහල් සිතිවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිවවුම් මවනා සිතත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැළුම් වරජෝතිය පිනෙන් උදාරයි ...

සැ.යු. ජාතිය = ශ්‍රී ලාංකික

Sunday, May 22, 2022

අද කැන්ගරු දේසෙ මහ ඡන්දෙන්
ලිබරල් පක්ෂෙ පැරදිලා ලේබර් පක්ෂෙ දින්නා ...

මොරිස සමුගැනීමේ කතාව කරා
ඇල්බො 31 වෙනි අගමැති ලෙස වැඩබාර ගැනීමේ කතාව කරා ...

මොරිස ඇල්බොට විෂ් කරා
ඇල්බො මොරිසට විෂ් කරා

දෙන්නට දෙන්නා තමාට ඡන්දය දුන් නොදුන්
සෑම කෙනාටම ස්තූති කලා

ඒ වැඩේ එතැනින් හමාරයි ...

අපි ඇඳට ආවා සුභ රාත්‍රියක් කියල ...

ඔවුන් අමතන්න හොනරරි කෑලි මක්කාවත් නෑ ...
ඔවුන් දෙන්නත් ජාතිය ඇමතුවෙ කට පුරාම "මයි ෆෙලෝ ඔස්ට්‍රේලියන්ස්"

කෙතරම් සුන්දර වදනක්ද
"මයි ෆෙලෝ ඔස්ට්‍රේලියන්ස්"

ජාති ආල ආගම් ආල කුල මල මක්කාවත් නෑ
හැම කෙනාම එකම ගොඩක එක සමානයි
රටේ නායකයම අපි හැම කෙනාම වචන තුනකින්
එකම මට්ටමකට ගත්ත ...

ඉතිං අපිට වන් තිංග් ෆො ෂුවර් ...

අද රෑට කාගෙවත් ගෙවල් පිච්චීමක්
ගල් ගැහීමක් ඇඳුම් ගලවා පහරදීමක් නැතිව
දිනපු පැරදුන හැම එකාටමත්
ඡන්දය දුන් නොදුන් හැම එකාටමත්
සුව පහසු නින්දක් ...

හෙට තවත් නව දවසක්
හෙට සිට නව රජයක් ...

අනෙක් එකාගෙ දිනුම බලාන ඉන්න බැරිව
ගොං ටෝක්ස් දැම්මත් ඒ අපේ එකෙක්ම වෙන්ටැ
උං නං තාම හැදිල නෑ ...
~~~~~

අපේ උන්නං ...

බාගෙ බෝතලයකුයි බත් පැකට් එකකුයි දීල
පන්දාහෙ කොලයකුත් සාක්කුවට දාලා ...
නගර සභාවෙන් බස් පුරවං කස්ටිය ගෙනල්ල
නළුවො නිළියො ගායකයො ගායිකාවො
නිවේදක නිවේදිකයො  මහානායකයො
ඇතුළු මෙකී නොකී හැම එකාම අගනුවරට ගෙන්නල ...

පොලිස්පතියි ආමි පතියි නේවි පතියි එයාෆෝස් පතියි
සීරුවෙන් ගොනාට අන්දල ...

පලමුවත් රට
දෙවනුවත් රට
තෙවනුවත් රට කියල
රට ජාතිය ආගම ඉස්සරහට දාලා ...

අපේ එකා වැරදි කලා තමයි
ඒ උනාට අපි කිරිබිලි හවුස් එකේ ගේට්ටුව කඩල
මරල හරි ආයෙ ආණ්ඩුව ගන්න ඕනෙ කියල
ගෝතයො ගෝතියො ෆෝම් කරල  ...

මයෙ අප්පච්චියේ අවසානෙනං හිතාගන්නවත් බෑ බං ...
~~~~~

වැවයි දාගැබයි ගමයි පන්සලයි
බෞද්ධ රටයි බෞද්ධ සංස්කෘතියයි
කෙතරමි සුන්දරද ...

ඒත් සිතිවිලි කෙතරම් ම්ලේච්ඡද ...

ගුඩ් නයිට් ඕල් !