කියවූ තරම්

Sunday, May 22, 2022

අද කැන්ගරු දේසෙ මහ ඡන්දෙන්
ලිබරල් පක්ෂෙ පැරදිලා ලේබර් පක්ෂෙ දින්නා ...

මොරිස සමුගැනීමේ කතාව කරා
ඇල්බො 31 වෙනි අගමැති ලෙස වැඩබාර ගැනීමේ කතාව කරා ...

මොරිස ඇල්බොට විෂ් කරා
ඇල්බො මොරිසට විෂ් කරා

දෙන්නට දෙන්නා තමාට ඡන්දය දුන් නොදුන්
සෑම කෙනාටම ස්තූති කලා

ඒ වැඩේ එතැනින් හමාරයි ...

අපි ඇඳට ආවා සුභ රාත්‍රියක් කියල ...

ඔවුන් අමතන්න හොනරරි කෑලි මක්කාවත් නෑ ...
ඔවුන් දෙන්නත් ජාතිය ඇමතුවෙ කට පුරාම "මයි ෆෙලෝ ඔස්ට්‍රේලියන්ස්"

කෙතරම් සුන්දර වදනක්ද
"මයි ෆෙලෝ ඔස්ට්‍රේලියන්ස්"

ජාති ආල ආගම් ආල කුල මල මක්කාවත් නෑ
හැම කෙනාම එකම ගොඩක එක සමානයි
රටේ නායකයම අපි හැම කෙනාම වචන තුනකින්
එකම මට්ටමකට ගත්ත ...

ඉතිං අපිට වන් තිංග් ෆො ෂුවර් ...

අද රෑට කාගෙවත් ගෙවල් පිච්චීමක්
ගල් ගැහීමක් ඇඳුම් ගලවා පහරදීමක් නැතිව
දිනපු පැරදුන හැම එකාටමත්
ඡන්දය දුන් නොදුන් හැම එකාටමත්
සුව පහසු නින්දක් ...

හෙට තවත් නව දවසක්
හෙට සිට නව රජයක් ...

අනෙක් එකාගෙ දිනුම බලාන ඉන්න බැරිව
ගොං ටෝක්ස් දැම්මත් ඒ අපේ එකෙක්ම වෙන්ටැ
උං නං තාම හැදිල නෑ ...
~~~~~

අපේ උන්නං ...

බාගෙ බෝතලයකුයි බත් පැකට් එකකුයි දීල
පන්දාහෙ කොලයකුත් සාක්කුවට දාලා ...
නගර සභාවෙන් බස් පුරවං කස්ටිය ගෙනල්ල
නළුවො නිළියො ගායකයො ගායිකාවො
නිවේදක නිවේදිකයො  මහානායකයො
ඇතුළු මෙකී නොකී හැම එකාම අගනුවරට ගෙන්නල ...

පොලිස්පතියි ආමි පතියි නේවි පතියි එයාෆෝස් පතියි
සීරුවෙන් ගොනාට අන්දල ...

පලමුවත් රට
දෙවනුවත් රට
තෙවනුවත් රට කියල
රට ජාතිය ආගම ඉස්සරහට දාලා ...

අපේ එකා වැරදි කලා තමයි
ඒ උනාට අපි කිරිබිලි හවුස් එකේ ගේට්ටුව කඩල
මරල හරි ආයෙ ආණ්ඩුව ගන්න ඕනෙ කියල
ගෝතයො ගෝතියො ෆෝම් කරල  ...

මයෙ අප්පච්චියේ අවසානෙනං හිතාගන්නවත් බෑ බං ...
~~~~~

වැවයි දාගැබයි ගමයි පන්සලයි
බෞද්ධ රටයි බෞද්ධ සංස්කෘතියයි
කෙතරමි සුන්දරද ...

ඒත් සිතිවිලි කෙතරම් ම්ලේච්ඡද ...

ගුඩ් නයිට් ඕල් !

4 comments:

  1. නිදියනකොට බණ නැගිටිනකොට බණ
    කරන්නේම මජර වැඩ.
    එහේ එහෙමයි.... මෙහේ මෙහෙමයි... එහේ ඉන්නා උන් මෙහෙට ආවම කරන්නේ එහේ හිටපු විදිහටද මෙහේ කරනා විදිහටද? මොලේ නහර ගැට පිට ගැටගැහෙනා පුරස්න නෙව.

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
  2. තේ කඩයක් කිව්වෙ, කොෆි ශොප් එකක්ද?

    ReplyDelete
  3. "මයි ෆෙලෝ ඔට්ටේලියන්ස්" ඊයා...!!! මොන ජරා ආමන්ත්‍රණයක්ද. ඒ වගේද අති පූජනීය වන්දනීය අපේ හාන්දුරුවනේ කියලා පටන්ගෙන අපි බුඩ්ඩදරුමයට හීලෑවුනු යක්ඛු බොලව් දක්වා අමතනකොට තියෙන ගැම්ම.

    ReplyDelete