26.2.17 FB
1981 මම මහින්දෙ ක්‍රිකට් නායක ...
දවසක් පණ්ඩිත සර් ...
අපේ ක්‍රීඩා භාර ආචාර්යතුමා ගෝන් මිසිං
our master in charge of cricket
අපේ සූදානම ...
බ්‍රහස්පතින්ද දවල් 2:48 කෝච්චියෙ කොළඹ යන්න ...
සිකුරාද සෙනසුරාද නාලන්ද මැච් එක ...
බදාදා පුහුණුවෙන් පසුව කණ්ඩායමත් තෝරා අවසන්
බ්‍රහස්පතින්දා උදේ ඉස්කෝලෙ ආම්පන්න කාමරය අසල මුණ ගැසුන අපි
බැට් බෝල සහ අනෙක් අඩුම කුඩුමත් කර තියාන
හරියටම දවල් 2කේ කනිසමට ගාලු ඉස්ටේසමේ ...
පණ්ඩිත සර් නෑ හැමෝම දැන් කලබලෙන් ...
සර් නැතුව කොහොමෙයි අපි කොළඹ යන්නෙ ...
දැන් දෙකයි කාලත් වෙල කෝච්චිය දෙකයි හතලිස් අට ...
හැමෙකාගෙම පැනික් බට්න් ප්‍රෙස් වෙලා ඇයි බං අපි මක්කැයි කොළඹ රට ගැන දන්නෙ
අනික අපි කොහොමෙයි කොළඹ රටේ යන්නෙ පිච්චිය අතේ නැතිව ...
එතකොටම වගේ මම දැක්ක පණ්ඩිත සර් බස් නැවතුම පැත්තෙ ඉඳල දුවගෙන එනව දාඩිය පෙරාගෙන ...
සර්ගෙ කට කපල හිනාව අපිට හරී සැට ...
සර් කතාවක් නෑ කෙලින්ම ගියෙ ප්‍රවේශ පත්‍ර කවුළුවට ...
විනාඩි පහෙන් අපි පාලහයි ශාන්ත අයියයි අමාරියසුයි ඇතුලෙ ...
(ශාන්ත අයිය කෝච් අමාරියස් ග්‍රවුන්ඩ් බෝයි)
සංයමයෙන් ඇතුලට ගිය අපි මුහුද පැත්තෙ ජනේලයක් අල්ල ගන්න පොඩි කලබලයක් ...
ඒ ඉතිං ගල්කිස්සෙ මුහුදු වෙරලෙ කපල්ස් ගනින්න ...
කෝච්චිය ඇද්දුවහම මම හිමීට ගිහිං සර්ගෙන් ඇහුව
ඇයි සර් පරක්කවුනෙ අපි පපුවෙ බිත්තර තම්බ තම්බ හිටියෙ කියල ...
පණ්ඩිත සර් හැමදාම කියාපු වෙලාවට කියාපු තැන ඒකයි ඇහුවෙ ...
සමරසේකරට දැනගන්නම ඕනද ...
සර් උත්තර දුන්න හිමන් සැරේ වෙන කාටවත්ම නෑසෙන්න ...
අයිසෙ සමරසේකර ...
ප්‍රින්සිපල් කියුව ඉස්කෝලෙ සල්ලි නෑ කියල මැච් එකට කොළඹ යන්න
කෝච්චි ටිකට් ගන්න ...
ප්‍රින්සිපල්ගෙ අතෙත් තිබුනෙ නැහැලු ගමට යවපු නිසා...
ඉතිං මම ඉන්ටවල් එකෙන් පස්සෙ හික්කඩුවෙ අපෙ ගෙදර ගිහින්
වයිෆ්ගෙ මාලෙ උගස් කරල සල්ලි ටිකක් ගෙනාව කෝච්චි ටිකට් වලටයි මග වියදමටයි
මිස්ට ගුණතිලක දෙපාර්තමේන්තුවෙ මුදල් ලැබුනම දෙයි
නැතිනං ලබන පඩියෙන් බේරගන්න බැරියැ ...
එහෙම කියල සර් කවුළුවෙන් ඈත බලාගෙන බර කල්පනාව ...
මගේ පපුව හෝස් ගාල ගියා ...
අගහිඟ කම් අපි හැමෝටම එදත් තිබුන අදත් තීනව හෙටත් තියෙයි ...
ඒත් බං මොන නෝනද ලෝස් නැතුව මහත්තයට මාලෙ උකස් කරන්න දෙන්නෙ
කොල්ලන්ට ක්‍රිකට් ගහන්න යන්න ...
සමහරවිට පණ්ඩිත සර් ඒ උත්තමාවියගෙ ගෙලේ බැඳපු මගුල් මාලෙද දන්නෙත් නැහැ
මාලෙ පඩි දවසටවත් බේරගන්න පුළුවන් වෙයිද කියල වෙන්ටැ සර් මුහුද දිහා බලාන හිතන්නෙ ...
මගෙ ඇස් දෙකට කඳුළු ආව
පණ්ඩිත සර් බදාගෙන ඉඹින්න හිතුන ...
ගුරු භක්තිය නිසා එහෙම කලේ නෑ
සර්ට අපමණ භක්තියකින් වැඳල ගිහින් කවුළුවක් තියෙන තැනකින් වාඩි උනා
කොල්ලො ටිකත් එක්ක සෙටේවෙන්න ...
ගායකයෙක්ව හම ගහන්න ...
උං එකෙක් වත් මේ කතාව දන්නෙ නෑ
අද වෙනකන් ...
ඇයි සර් එදා කියුව මේක දන්නෙ මායි සමරසේකරයි මගෙ නෝනයි විතරයි
කිසිම කෙනෙකුට කියන්න එපා කියල ...
සමාවෙන්න සර් අද කියන්න වෙනව
ඒ වෙන මක්කටවත් නෙවි
සර්ගෙ මහා කරුණාව ගැන මතක් කරන්න ...
අපිට හිටිය අනෙක් ගුරුවරුත් එහෙමයි
ඔය තමයි අපේ දෙවිවරු ...
ඒ ඇත්තන් රාජකාරිය දේවකාරියක් වගෙ කලේ ...
මෙම සටහන පණ්ඩිත සර් ඇතුළු සෑම ගුරු භවතෙකුටම ප්‍රණාමයක් වේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
👌🙏😊
ReplyDeleteඇත්තයි අපි මල් තියල වඳින්න ඕනෙ, එහෙම උත්තමයොන්ට. හ්ම්...a unsung hero!
Deleteඒවගෙ උත්තමයො හිටියෙ නැතිනං
Deleteඅද අපිත් නෑ බස්සො ...
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම දෙවිවරු.
ReplyDelete👏👏👏👏
ReplyDeleteඒම අය අදත් ඉන්නව. ඒත් ගොම රිටි මිසක් මැණික් දිය මත පාවෙන්නෑ නෙව
ReplyDeleteඅතුලගේ කතාව අස්සේ සුනාමියෙන් වෙනස් වෙන්න ඉස්සර තිබුනු ගාලු බස්ටැන්ඩ් එකයි සමණල පාලම ගවුන්ඩ් එකයි ඒක ලග තිබුන බස් නැවතුමයි ස්ටේෂමයි මැවිලා පෙනුනා.
ReplyDeleteඅසංග පහළින් ඇති "මට හිතෙන හැටි" කියල ලියවිල්ලක් ඒකෙ තියෙන්නෙ පරණ ගාල්ල ගැන ...
Deleteඅර කිව්ව වගේ එහෙම අය හැම ක්ෂේත්‍රයකම ඉන්නව
Deleteඋඩට මතුවෙන්නෑ නෙවි මතුවෙන්න දෙන්නෑ
මතු උනොත් බොරුවෙන් රජ වෙන උන්ට
යන එන මං නෑ
ඒකයි ...
මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "4. එන්න මගේ ප්‍රිය මිතුරෝ (නැවුම් බ්ලොග් නිර්මාණ)" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න
ReplyDeleteමාරයි!!!
ReplyDeleteමං දහයේ පන්තියට ආනන්දෙට ගියාම මාත් එක්ක එකම පන්තියේ හිටියා මහින්දෙන් ආපු කොල්ලෙක්, නම කමල් ධර්මසිරි. ක්‍රිකට් ගහන්න ම ලයනල් මෙන්ඩිස්ගේ (කෝච්) ඇරයුමෙන් ආවා කියායි කියවුණේ.
ReplyDeleteඌ දිගටම ක්‍රිකට් ගැහැව්වා. ස්පිනර්. පස්සේ ඌ බයෝ කරන්න, මං මැත්ස් කරන්න ගිය නිසා මග හැරුණා.