කියවූ තරම්

Wednesday, October 13, 2021

ඩිමොක්‍රසි ...


 ඕං බොලා දන්නැත්තං අහගනිල්ලා ...

"Democracy" කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය හරියෙයි ...

ඩිමොක්‍රසිය බොටයි මටයි විතරක්නෙවි බං
ඒක ජාත්‍යන්තරයි ...

මෙතනදි ඩිමොක්‍රසි මතක් උනේ මේකයි හොඳේ ...

කැන්ගරු දේසෙ මට කිට්ටුම යාළුවන්ගෙන් එකෙක් තමයි කාරි ...

ගාල්ලෙ මහින්දෙම සගයෙක් ...
හවස් ජාමෙ සෙට් උන අපෙ ගාලු කොටුවෙ  
රෑම්පාට් ක්‍රිකට් ටීම් එකේ මැම්බර් කෙනෙක් ...
ඉස්කෝලෙදි කියුවෙ ඩීඑස් ඒ කියන්නෙ දයා ශ්‍රී ලාල්

වාසගම කාරියවසම් ...
ගම බද්දේගම ...
කරන්ට්ලි ලිවිං ඉන් කැම්බවෙල්,වික්ටෝරියා ඔස්ට්‍රේලියා ...
ඇඹණිය ලක්ෂ්මි ... Lak Kari
දෙන්නම මහෞෂධ පරම්පරාවෙ ...

කාරි මගේ මිත්‍රයා වගේම පවුලේ දොස්තර ...
අපි දෙන්නගෙ ජන්ම මාසයත් එකයි
සමරන්නෙත් දෙකම එකතුකරල ඉටිපන්දං එකසිය ගානට ගහල කාරිගෙම ගෙදර ...

දෙගොල්ලොම එකතුවෙල මක්කාවත් තියෙන දෙයක් උයාගෙන පිහාගෙන දරුමල්ලො සැට් එකත් සමගම සප්පායම් වෙල
ලක්ෂ්මි හදන කේක් ගෙඩියත් කපල ...

ඉපදීම දුකක් උනත් හැමෝම එකතුවෙල ඉපදුන දුකට සන්තෝස වෙනව ...

අපි දෙන්න එකතු උනාමත් කතා නොකරන විෂයක් නෑ ...

මානුෂික විද්‍යාත්මික දේශපාළනික ආගමික ක්‍රීඩා  ...
යූ නේම් ඉට් වී ටෝක් ඉට් ...

අද බෙහෙත් ගන්න දිස්පැන්සරියට ගිය වෙලේ
අපෙ කෙටි සාකච්වාවෙ හිච්චි කෑල්ලක් තමයි ඩිමොක්‍රසි ...

කොරෝනා කේස් නිසා ලෙඩ්ඩු වැඩිය බැහැරට එන්නෑ ...
ට්‍රීට්මන්ට් බයි එපොයින්මනට් ඇන්ඩ් ඔන් ලයින්
ඉතීං වාඩිවෙලා විනාඩි දහයක් පාලහක් අපි දෙන්න මල් කැඩුව ...

මෙහෙම නෙ මචං ඩිමොක්‍රසි වර්ග දෙකක් තීනවනෙ ...
ඇත්ත ඩිමොක්‍රසි ඇන්ඩ් බොරු ඩිමොක්‍රසි ...
ඇත්ත ඩිමොක්‍රසි ඇඟට ගුණයි රටට වැඩයි ලෝකෙටම හොඳයි ...

ඇත්තටම මචං ඇත්ත ඩිමොක්‍රසි කියල එකක් තියෙනව හරියෙයි ...
හැබැයි ඒකෙ තියෙන්නෙ අපි කියවපු පොත්වල විතරයි ...

වැඩේ තිනේනෙ බොරු  ඩිමොක්‍රසිය තමයි
ලෝකෙ බලවත්ම රටවල ඉඳල අන්ත දුප්පත් රටවල් දක්වා
හැම රටකම වගෙ රජ කරන්නෙ අපේ රටත් ඇතුළුව ...

ඕක නිසාම ඇත්ත ඩිමොක්‍රසිය කරන්න ඕනෙ එකා දේශපාළණයට එන්නෑ බොට තේරුනැයි ...
ආවත් අනෙක් උන් ඔක්කොම ඌට විතරක් නෙවි උගෙ සනුහරේටම වටවෙල අරිනව ...

අපේ රටේ නං පරංගිය ලන්දේසිය ඉංගිරිසි කාරයගෙ කාලෙ ඉඳල උනෙ
බොරු ඩිමොක්‍රසියම තමයි මචං ...

උන් මුළාදෑණියො ආරච්චිල ඒජන්තල කියල එවුන් ටිකක් දාගෙන
උන්ට දිලිසෙන පිත්තල බොත්ංත එක්ක දිගකෝට් අන්දල
අනෙක් එවුන්ට වැඩිය මූ උසස්ය කියල හිච්චි එකාව අන්දල

මුළාදෑණියට ආරච්චියට ඒජන්තලට පහසුකම් දීල උන්ගෙ වැඩ ටික කර ගත්ත ...

ගමේ හේනක් කුඹුරක් කොටාගෙන හිටපු එකාට බදු ගැහුව ...

අදත් ඕකමනෙ බං ...
වැඩ කරන ජනතාව විතරනෙ බං බදු ගෙවන්නෙ ...

අපිට ඩියුටි උන්ට ඩියුටි ෆ්‍රී ...
ගමේ පන්සලටත් එහෙමයි
නින්ද ගම් ප්‍රධානය කරල පන්සල් ටික  බා ගත්ත ...

නියම ධර්මය පතුරවන රහතන් වහන්සේලා ඉන්න ආරණ්‍ය වලට කිසිම සැලකීමක් නෑ ...

උන්නාන්සෙල එදත්  ගල්ගුහාවල අදත් ගල්ගුහාවල ...

මොකද රහතුන්ගෙන් උන්ට වැඩක් නෑනෙ බං ...

රහතුන් දොඩන්නෙ අනිත්‍යයි දුක්ඛයි අනත්තයිමනෙ බං ...

මුන්ට ඕනෙ හැමදාම ජීවත් වෙන්නනෙ ...

ඉතින් ඕං මිනිස්සු යන්න පටන් ගත්තෙ නින්ද ගම් තියෙන පන්සලට ...

පන්සල වටේටම හැතැප්ම ගානක් දිග
කිරි සුදුවට බැබලි බැබලි ආරුක්කු මූරුක්කු දාපු තාප්පයක් තීනව

ඒක ඇතුලෙ මහා විසාල  වෙහෙරක් බෝධියක් තියෙනව ...
පංකාදු චිත්‍ර ඇඳපු පින්තාරු කල බුදු ගෙයක් තියෙනව
නිලමෙලා කියල නරුමයො අන්දන් නාගසලං ගහගෙන
නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන
ධාරණ මණ්ඩන විභූසනට්ඨාවෙන් මතවෙලා
උච්චා සයන මහා සයනයෙන් මහා දිග පෙරහැරවල් යනව
අලියො ඉන්නව කුඹුරු තියෙනව පොල් තියෙනව ...
වත්ත මායිම පෙනෙන තෙක්  මානෙක නෑ ...

ඉතිං වෙන්දේසියෙ විකිනෙන
මුදල් වැඩිපුර ගැවසෙන පන්සල් වලට මිනිස්සු ආකර්ෂණය වෙනව ...
මිනිස්සු ආසයිනෙ බං ඇස් බැන්දුම් වලට උන් ආස නෑ රියල් පික්චර් එකට ...

සාමාන්‍යයෙන් ලංකාවෙදි ට්‍රිප් යන්නෙත් ඔය වගෙ පන්සල් බලන්නනෙ බං ...
ගිහිං පුළුවන්කමක් තියෙනං නායක හාමුදුරුවො කොහොම හරි හමුවෙල
වැඳල කතාකරල පිං කැටේටත් ගානක් දාලනෙ එන්නෙ ...
ඇයි ලොකු පන්සල්වල සංදර්ශන දාන හාමුදුරුවන්නෙ බං ප්‍රසිද්ධ  ...
ඉතිං එයත් එක් සෙල්ෆියක් ගැහුවම කොහොමද තැනහ් ...
 
හොඳයි කියහං බලන්න ...
කිසිම දෙයක් නැතිව සිවුරටයි පාත්තරේටයි
පමණක් හිමි
ආරණ්‍යයක භාවනා කරන හාමුදුරුවන්ට දන්වේලක් දෙන්න යන්නෙ කීයෙන් කීදෙනාද බං ...
උන්නාන්සෙල දවසට වළඳන්නෙත් එක වේලයි ...
එතන කුඹුරුත් නෑ පොල් වතුත් නෑ පිං කැටත් නෑ ...

අනෙක දිලිලි දිලිසි තියෙන ගමේ පන්සලට එන්නෙ
ගම්මුළාදෑණියගෙ ඉඳල ගමේ කළු සල්ලි ප්‍රභූන්නෙ බං ...

ඉතිං ගමයා කැමතියි මේ නෙට් වර්ක් එකට ...
මොකද ඌට ප්‍රභූන්ගෙ වත්තෙ පොල් ටික කඩල කුඹුර අස්වද්දල ගස් ටික මැදල වත්ත සුද්ද කරල ...
ගෑණිට කුස්සියෙ උයල පිහල තුට්ටු දෙකක් හොයා ගන්න පුළුවන්නෙ බං ...

එතන ආහාර හා රැකියා ප්‍රශ්නෙ විසඳෙනවා ...

ඔය ෆ්‍රේම් එකම තමයි ආණ්ඩු කරන්නෙත් ...

බොටයි මටයි අනෙක් එකාටයි ත්‍රිවිධ හමුදාවයි පොලෝසියයි උසාවියයි නීතියයි සීරුවෙන් තියල
ලෝ එන්ෆෝස්මන්ට් ස්ට්‍රික්ලි සීරෝ ටොලරන්ස් කරල කර්ෆිව් දාල
උන්ගෙ එකාගෙ අතට කරෆිව් පාස් එකක් දෙනවා ...

ඉතිං අපි කර්ෆිව් එකට ඇතුලෙ උන් කර්ෆිව් එකට එලියෙ ...

උඹ පෝලිමේ යනව උන් ගෙදරටම ගෙන්න ගන්නව ...

බැංකු හොරු දූෂකයො මිනීමරුවො එලියෙ ඉන්නවා බඩගින්නට කොස් ගෙඩියක් කඩපු එකා ඇතුලට යනවා ...

ඕවනං කියන්න පුළුවන් බං හෝල් සේල් ගානට ...

ඕවට නික්සන්ද ගොර්බචොෆ්ද මා ඕ සේතුංද අපේ එකාද කියල නෑ ...

හැම එකාම එකම වරහනක් ඇතුලෙ තමයි ඉන්නෙ ...

හමුදාවටත් මච‍ං නෝ චොයිස්
සීරුවේන් සිටීන් කියුවම සීරුවෙන් ඉන්නව
පහසුවෙන් සිටීන් කියුවම පහසුවෙන් ඉන්නව ...

හමුදාවට අණදෙන්න එක් කෙනෙක් හිටියම ඇතිනෙ මචං ...
විනය හදල තියෙන්නෙ ඒක එහෙමම වෙන්නනෙ බං ...

අකමැති උනත් සැලියුට් එක ගහල අණ පිළිපදින්න ඕනෙ
ඒකෙන් පිට ගියොත් කෝට් මාෂල් ...

ඩිමොක්‍රසි නාමෙන් නීතිය උඩින් දාලා උන්ගෙ වැඩේ උන් යටින්  කරගන්නව ...

නිකං හරියට බොරු වලවල් දාල නොපෙනෙන්න අතුවලින් වහල වගේ ...

කකුල තියන්න බෑ සිය දාස් ගනනක් බොරු වලවල් හැමතැනම ...
 
උඹටයි මටයි සමහරවිට ඉඳල හිටල වලක් දෙකක් පෙනුනට ...

මෙජෝරිටි එකට එකම වලක්වත් පේන්නෑ බං ...

උන්ට හරියට ඒ පැත්තට ඇඟිල්ල දික් කරල ඉන්ජු කියනකොට ඒ පැත්තට යන්නව
මේ පැත්තට ඇඟිල්ල දික් කරල ඉන්ජු කියන කොට මේ පැත්තට යනව ...

බඩ පොත්තට ඇලෙන අන්ත අසරණයට නෝ චොයිස් මචං ...

හැබැයි ඩිමොක්‍රසිය දාපු එවුන් දන්නව කොහෙද හැම හිච්චි වලක්ම තියෙන්නෙ කියල ...

උන් දන්නව ඒව මග ඇරල උන්ගෙ ගමනාන්තයට යන හැටි ...

ඩිමොක්‍රසියෙ මහ එකාගෙ ඉඳල ඒවට පහසුකම් ලබාගෙන ඉන්නෙ ...

ඕක තමයි මචං ඩිමොක්‍රසි නාමෙන් ලෝකෙ හැම රටකම වෙන්නෙ ...

දියුණු රට වලත් ඕව වෙනව හැබැයි අඩුවෙන්
මොකද නීතිය
ක්‍රියා කරන්නෙ වෙනම එන්ජින් එකකින් නිසා ...
 
දියුණුවෙමින් පවතින රටවල ඕව නොවෙන්නෙ අඩුවෙන්
ඒ මචං නීතියක් තිබුනත් නැති නිසා ඒකයි  මචං වෙනස ...

ලෝ ඇන්ඩ් ඕඩර් ඩිමොක්‍රසි කන්ස්ටිටියුෂන් හැම රෙද්දක්ම හුප් ...
ඔන්න මචං අනෙක් ලෙඩා ආව
හරි මචං එහෙනං බුදුසරණයි !

මං හිමින් සැරේ කැපෙන්නං පස්සෙ සෙට්වෙමු ...

*****
මෙය අඹයාළුවන් දෙදෙනෙකු අතර නිදහසේ ඇතිවූ ඩිමොක්‍රටික්ම  ප්‍රජාතන්ත්‍රවාදී දෙබසක් පමනි ...

මෙහි දමන්නේ බොලාගේ දැනගැනීමට මිසක් කිසිවෙකුටවත් අපහාසයකට නොවේ ...





13 comments:

  1. Replies
    1. එයැයි දේසපාලනේ දැක්කම බස්සා වෙනවා.🤣
      එතකොට බස්සො කතා කරන්න ගන්නවා.🤔

      Delete
  2. +++++++++++. තිත්ත ඇත්ත.🤔🙏👌

    https://www.youtube.com/watch?v=UNWUb_6U2Og

    ReplyDelete
  3. ඇත්තටම අතුල මේ ලියන දේ මාර සුරතල්... මිනිස්සුන්ව කියවන්න පෙළඹවනවා. ඒක මරු. නියමයි අතුල. මම උඹ්ට පොඩි යෝජනාවක් කරනවා. ඒ වෙන මොකුත් නිසා නෙමේ. උඹ ලියන හුත්තවල් වල සොඳුරු රසයක් තියෙන නිසා/ මම ඒකට ආසයි. උඹේ බ්ලොග් එක කියවන සහ කමෙන්ට් කරන අය වැඩිවුනාම , ඒක ලියන විදිය වෙනස් කරන්න එපා. එහෙම වුනොත් අතුල උඹටත් . බොහොම බ්ලොග් ලියන්නන්ට වෙච්ච වැඩේ උඹටත් වෙනවා. වර්ණනා වලට ඕන කෙනෙක් ආසයි අතුල....ඒත් අහුවෙන්නේ නැතුව ලියපන්. අන්‍ය වර්ණනා වැඩි වෙනකොට තමන් තවකෙකුගේ ආතල් තමන්ගේ කර ගන්නවා. උදාහරණ උඹට දෙන්නම් තොග පිටින්. මේ පුම්බන බැලුමේ උඹ උඹ වෙයන් මචන්. වෙනස් වෙන්න එපා. සෝශල් මීඩියා අමතක මතක අතුල.ලියපන් ..දිගටම ලියපන්. පාන් සහ රෝස් පාන් හිතේ තියා ගනින්. උඹ ප්‍රසිද්ධ මිනිහෙක් නිසා උඹව වඩා වටිනාවෙයි. ඒක හබලක්. ඒත් උඹ ලියපන්.

    ReplyDelete
    Replies
    1. කැමතියි නං පිලිගත්තාවේ කියලා දෙයක් කියන්න හිතුණා. අතුල මහත්තයෝ, ඔයාගේ post එකේ අකුරු ගොඩාක් පුංචියි මට නං. මම ලෝකේ ඉන්න blogs කියවන එකම පොට්ටයා නං ඉතිං කරන්න දෙයක් නෑ, තමා... ටිකක් හොයා බලන්නකො තව කීප දෙනෙකුගේ අදහස්....

      Delete
    2. මමත් ඒක ස්ථීර කරනවා. හතලිස් ඇඳිරි වුනාට, මට නං අවුලක් නෑ,මගේ බ්‍රව්සරේ Zoom එක අත ලඟම තියන නිසා. By default, බ්ලොගර් එන්නෙ pt 12 අකුරු එක්ක, පෝස්ට් සහ කමෙන්ට් දෙකම.
      එක එක පෝස්ට් එක වෙන වෙනම වෙනස් කරන එක , ඉල ඇදෙන වැඩක්.

      සෙටිංග්ස්---> Templates ගිහින් ඕක pt 14 හෝ 15 වලට වෙනස් කලෑකි. අහිම්සක නිදි ගැනවත් හිතලා, මේක සුදීකට පෙන්නන්න, එයා තත්පරෙන් කරලා දේවි.🤗🙏😉

      Delete
    3. මීඩියම් සයිස් එකට දැම්මා,දැන් කොහාමෙයි

      Delete
    4. ඔය තියෙන්නෙ යස අගේට, දැන්? මට නං මේ ගාන හොඳා, නිදි උන්නැහේත් එන්නෙ නැතෑ? කට්ටියම අවුල් වෙලා ඉන්නෙ, මිත්‍රයෙක්ගෙ අකල් වියෝවීමක් නිසා😢.

      https://kolompure.blogspot.com

      Delete
    5. ප්‍රත්චාරයට ප්‍රත්චාර දැක්වීම ගැන ගොඩාක් ස්තුතියි අතුල!

      Delete
  4. ///මිනිස්සු ආසයිනෙ බං ඇස් බැන්දුම් වලට උන් ආස නෑ රියල් පික්චර් එකට ...////
    උපුටා ගත්තේ අයිස්මෝලේ අතුලයා ගෙන්. අයි ලව් ඉට්.

    ReplyDelete
  5. 1984 ඇනිිමල් ෆාම් ෆැරන්හයිට් වගේ ඩිස්උටෝපියන් ස්ටෝරීස් එළියට එන්නෙත් ඔය වචනෙ අවභාවිතා වීම ගැන නේද

    ReplyDelete