කියවූ තරම්

Sunday, May 29, 2022

බොරැල්ලෙ කාසල් රෝහලේ ඉපිද ...

චීනකොරටුව අයිස්මෝල් හන්දියෙ හැදී වැඩී
🙏 මිහිඳුවේ දෙවි දේවතාවුන්ගෙන් අකුරු කර 🙏🙏🙏

කොළඹ ජෝර්ජ් ස්ටුවට් ආයතනයේ
රුපියල් හාරසීයෙ පඩියට ලිපිකරු සේවයෙන් පටන් අරන්
බ්‍රවුන්ස් සමාගමේ හා ඛනිජතෙල් සංස්ථාවෙහි
වසර දාහතරක් සේවය කර ...
 
කැන්ගරු දේසෙ
පිල්කිංටන් ඇන්ඩ් ඕෂියානියා ග්ලාස් කොම්පැණියෙ වසර 22ක ස්ථීර සේවයකට පසු ...
(ඒ අතරතුරැ අනේක විධි ඇඟපත කකියන කැෂුවල් කෑලිද මහමෙරක් සේ ඇද්දෙමි.මොකෝ බං ඩිග්රි පිට ඩිග්රි ගහන්න අපි රාජපස්සලැයි)

අයිස්මෝල හන්දියෙ අතුලයා
පහුගිය දොහේ පැන්ෂන් ගිය වග
මා හිතවත් ටොයි බයි ජෙපි වන පාට පක්ෂ වලට වහල් නිවහල්
තා තෙපි තොපිලා සියල්ලටම මෙයින් දැනුම් දෙනු ලැබේ ...

අයිස්මෝල හන්දියේ අතුලයා දැන්
තේ කඩේ බලා කියා ගෙන දිවිගෙවමි ...

අයිස්මෝල හන්දියේ අතුලයාගෙ තේ කඩයද
රජයට බදු ගෙවමින්
බදු ගෙවන ඔසියන් පාළහකටද රැකියා සපයමි  ...

~~~~

ඉපදුන දා සිට අද දක්වාද ...

පළමු රුකියාව පටන් ගත්දා සිට අද දක්වාද ...

කොන්ද නොනමා කෙලින් සිටීමට
දශක ගනනක් කාපු කට්ට උපරිමය ...
මානසික ශාරීරික හැල හැප්පීම් බොහෝය ...

මේ දක්වා මම බොලාට කියූ කතා අල්පය
තවත් කීමට ඇති දෑ බොහෝය ...

පොත දොරට වැඩුමටද
පටන් ගත් හැම විටකම අනේක බාධා ඇතිවිය
දැන් කරදාසි නැත ...

හුස්ම වැටුනහොත්  මේ සියල්ල සමගින්
නැවතත් ඔබ අතරට
අරගලයෙන් පසු යම් දිනෙක ...

~~~~

මාද ගතින් නැතත් සිතෙන්
සැමදා අරගලයේ සිටිනා ඔබ සමගය ...

මන්ද ...
මාද එක්තරා අරගල කරුවෙකි
මා මෙතැන සිටින්නේද
මේ දක්වා කල එක්තරා අරගලයක ප්‍රතිඵලයක් ලෙසිනි ...

ඔබ මෙන් මාද මතක ඇති දා සිට වැටි වැටී නැගිටියෙමි ...

නුදුරු දිනකදී අප සැම එකම රටක් ලෙස
නොවැටෙන්නටම යළිත් නැගිටිනු ඇත ...

කම්බ හොරුන්ගෙන් මිනීමරුවන්ගෙන් තොර රටක් උදෙසා ...

අරගලයට ජය !!!

🙏🙏🙏🙏🙏🙏

වහළුන් බොහෝය ...

එහෙත් ...
 
නිවහල් සිතිවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිවවුම් මවනා සිතත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැළුම් වරජෝතිය පිනෙන් උදාරයි ...

සැ.යු. ජාතිය = ශ්‍රී ලාංකික

5 comments:

  1. පැන්ෂන් ගියා කියලා බ්ලොගයට පැන්ෂන් දෙන්නෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. නැත නමුත් මේ දිනවල ලියන්නට සිත දෙන්නේ නැත.පිටරටක ජීවත් වුවත් අපේ මිනිසුන් විඳිනා දුක ගැන නිතරම සිතමි මට ඒ ගැන කිසිවක් කරකියා ගත නොහැකි නිසා දුක් වෙමි

      Delete
  2. සුබ පැතුම් !

    ReplyDelete
  3. මෙතෙක් අපගේ සින්ඩියේ දුහුනන් මැවුම් සඳහා වෙන්කොට තිබෙන "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමේ පෙල ගස්වා තිබුනු ඔබගේ බ්ලොගය; ප්‍රවීණයන්ගේනිර්මාණ සඳහා වෙන් කොට ඇති "බ්ලොග් සඟරා" කොලමට යොමුකොට ඇති බව දන්වන්නේ හදපිරි සතුටිනි! අපගේ සින්ඩිය සඳහා ඔබගේ බ්ලොගය තුල ඉඩක් වෙන් කොට ප්‍රචාරනයක් ලබා දෙන්නේ නම් එය ඉතා අගේ කොට සලකන්නෙමු!

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොගය ඔබගේ කොලමේ පෙල ගැස්වූවාට තුති.🙏🙏
      ඔබ සැමගේම බ්ලොගයන් මා ලියනා තීරුවෙ පලකිරිම ඉතාමත් සන්තෝසයෙන් කල හැක,
      ප්‍රශ්ණය නම් එසේ කරන්නෙ කෙසේදැයි මගේ නොදන්නා කමය.ඔබට හැකි නම් එය කරන්නේ කෙසේදැයි පහදා දෙන්න.
      මම දන්නේ සිතට එනදෑ ඇන්ඩ්‍රොයිඩයේ කෙටීමට පමණි

      Delete