කියවූ තරම්

Sunday, July 24, 2022

ඉරයි හඳයි අඳුරයි ...

ඉර පායා සිනා සෙනා
අපි ඉන්නද අඳුරෙ ගිලීලා //

සඳ පායා සිනා සෙනා
අපි ඉන්නද අඳුරෙ ගිලීලා //

දෝත පුරා කඳුළු ගලා එයි
සාගරයක් ඊට මදී වෙයි // ...

~ මෙය වීදි නාට්‍යකින් උපුටාගත් ගීයකි ~

මෙම පද පේලි හයේ සැඟව ඇත්තෙ නුඹේත් මගේත් කතාවයි ...

********

සමහර තැන්වල ඉර පායල සිනාසෙනවා
සමහර තැන්වල සඳ පායල සිනාසෙනවා ...

ඒ ඒ තැන්වල ජීවත් වන අය බොහෝම සතුටින් ජීවිතය විඳිනවා
ඒ අයගේ දරුවන් බොහෝම උජාරුවෙන් විනෝද වෙනවා ...
ඒ දරුවන් පහසුවෙන් පූර්ණ අධ්‍යාපනය ලබනවා
ඒ දරුවන්ගේ දියුණුව බලලා
ඒ දෙමාපියන් සන්තෝස වෙනවා
ඒ ඉර පායන හැම තැනටම වගේ හරීම ලස්සනට සඳත්‍ පායනවා ...

අපි ????

අපිටත් ඉර පායනවා
අපිටත් සඳ පායනවා ...
ඒත් අපි විසින් අපේම ඇස් වසාගෙන අඳුරේ අත පත ගානවා
අපිම තෝරාගත් පාලකයන් අපිටම කොකා පෙන්වනවා
කොටින්ම අපි ජීවිතය විඳවනවා ...

අපේ අම්මා තාත්තා තමන්ගේ දරුවන් ස්නේහයෙන් වැළඳ ගෙන
ඒ දරුවන්ගේ හෙට දවස ගැන හිත හිතා හැමදා කඳුළු වගුරනවා ...

ඒ ඇයිද කියා අපිම තේරුම් ගන්නා තුරු
අපි කඳුළු සයුරක හැමදා ගිලෙනවා ...

*****

ශ්‍රී ලාංකා නූතන වීදි නාට්‍ය රඟහලේ පියා
කලා කීර්ති ආචාර්ය ගාමිණී කල්‍යානදර්ශ හත්තොටුවේගම මහතාය ...
ඔහු ගෞරවනීය නාට්‍ය රචකයෙක් අධ්‍යක්ෂකවරයෙක් නළුවෙක් විචාරකයෙක් සහ අධ්‍යාපනඥයෙක් විය ...  
එතුමාට මා ඉතා ගෞරව කරමි ...

1939යේ නොවැම්බර් 29දා උපන් එතුමා 2009 ඔක්තෝබර් 30වනදා අප අතරින් සමුගත්තේය ...

එතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏



No comments:

Post a Comment