කියවූ තරම්

Monday, May 18, 2026

$$$


සුයිසයිඩ්ලන්තය  ...

හඬ නැති විලාප
කිසිවෙක්ට නොඇසෙන 
යට ගොස් සැඟවෙන 
මහ උන්ගෙ කෙරුවාව …

ජීවත් වෙන්න හිනා වෙන
ඒත් රෑට තනිව වැටෙන
මිනිස් හිත් පිරුණු
බිඳුණු සමාජයක
ලේ නොව ගලන්නෙ
නිහඬ කඳුළු බං ...

මැරෙන්න හිතෙන තරමට
පණ ගැටගහගෙන ඉන්න 
හුස්ම ගන්නත් බිය
මිනිසුන් ජීවත්වන 
අසරණයින්ගෙ
නිහඬ බවින් පිරුණු
ධර්මද්වීපය …

නිහඬව හිනාවෙන
ඇතුළතින් කඩාවැටුණ
එළිය පෙන්නුවද
ඇතුළතම ඝනඳුර

සුදු ඇඳගත්
කළුවුන් රජ කරන
සුයිසයිඩ්ලන්තය  …

~ අයිස්මෝල හන්දියේ අතුලයා ~

No comments:

Post a Comment