ඇමරිකාවේ පීස් වෝක් එකක් ගියේය
එය පීස්ම පීස්ෆුල් පීස්ම පීස් වෝක් එකකි ...
අනෙක් උන්ගේ පීස් එක ගැන අබමල් රේණුවක් නොදන්නා
ට්‍රම්ප් වෑන්ස් හෙග්සෙත් ඇතුළු වැඩිමනක් ඇමරිකන්කාරයන්ද
පීස්ෆුල් එකේ පීස් වෝක් එක දිහා හැබැහින් හෝ රූප පෙට්ටියෙන් බැලුවේය ...
පීස් වෝක් එකේ නොගිහින්
පීස් වෝක් එක දිහා බලා සිටියත් ගත සිත පීස් වෙනවාය ...
එය නෙතටත් සිතටත් සුන්දර දසුනකි සැනසීමකි පීස් එකකි ...
ඇමරිකන් පීස් වෝකයෙන් හම්බානක වෝම් අප් වූ උන්වහන්සේළා
ඉන්දියන් සාගරෙ මුතු ඇටේටද පීස් වෝක් එකකට වැඩියාය ...
හැබැයි උන්වහන්සේලාගේ ඉර්දි බලයටවත් නොපෙනුනේ
ඇටේ මුතු වූවත් එහි ඉන්නා ජීවීන්ගේ ඇට පට්ටමම පට්ටම පට්ට අමුතු බවය ...
මුතු ඇටේ අමුතු උන්ට පීස් ට්‍රිගර් වෙන්නේ පීස් ඕන් නැති වෙලාවටය
ඒ කියන්නේ උන්ට පීස් අවශ්‍ය වෙලාවට පීස් අවශ්‍ය නැතිය ...
අනුන්ගේ පීස් එකත් උදුරාගෙන උන්ගේ පීස් ටික වැඩි කරගත්තොත් උන්ට ඇතිය ...
උන්ට සාමයද අවශ්‍ය නැත ඒ සාමය විකුනන් කන්ට බැරි නිසාය
උන්ට අවශ්‍ය අනෙක් උන්ගේ සාමය ගියත්
සාමයේ නාමයෙන් උන්ගේ සායමේ පාට වැඩිකර ගැනීමටය ...
ආරම්භයටත් පෙර සිට ආවසානය තෙක්
අපේ පීස් වෝක් එකේ නොතිබුනේම පීස් එකය ...
ඒත් ආලෝකාටත් දනගසා වඳින ආතල් පීස් ටිකක් ජීවමානවම පාර දෙපස වැඩ සිටියේය ...
ආලෝකා සුනඛයකු වුවද මක්කීවත් අනෙක් සුනඛයන්ට වඩා පින්කර ඇත ...
නැතිනම් බුද්ධ ප්‍රත්‍රයන් ගේ ඔඩොක්කුවෙ වාඩිවී
ශ්‍රද්ධාවෙන් පිළියෙල කල දානය ගිලන්පස පිරිකර හා නොමිලේම වෛද්‍ය ප්‍රතිකාර ලබමින්
එරොප්ප්ලේන් එකේ ලෝකෙ වටේ රවුම් ගසන්ට ලැබෙන්නේ නැත ...
ආලෝකාට වඳින උන්ට ඇමරිකන් වීසා නැතිවාට
ආලෝකාට ඇමරිකන් වීසාද දන්නා තරමින් රෙසිඩන්සිද ඇත තව කාලෙකින් සිටිසන්ය
ආලෝකාගේ පින එතරම්ය ...
හැබැයි ආලෝකාට දණ නමා වඳින අපේ ඇත්තන්
අමාරුවෙන් මනුස්ස ආත්මයක් ලැබ සිටින්නේ පෙර කල පින් හේතුවෙන් තිස්තුන් කෝටියක් දෙවියන්ටත් උඩින් බව නොදනී
මා එසේ කීවේ "සබ්බේදේවා අනුමෝදන්තූ" කියා දෙවියන්ට පින් දෙන්නෙත් මනුස්සයන් නිසාය ...
එතෙරින් වැඩි බුද්ධ පුත්‍රයන්ගේ පීස් එකද පීස් පීස් කරමින්
අපේ එවුන් පීස් එක නිමා කරේය ...
ඔය ඉතිං අපේ එවුන්ගේ පීස් ඇන්ඩ් බුද්ධාගමය ...
උන්ට කල පුරවං ගොස් වට ගානක් කැරකි කැරකී බෝධිය නෑව්වාම ඇතිය ...
බෝධියේ කොඩි වැල් එල්ලා පඬුරු බැන්දාම උන්ගෙ පරම්පරාවටම ඉනෆ්ය
අවුකන පිළිම වහන්සේට සිවුරු ඇන්දුවාම උන්ට ආතල්ය ...
මහ සෑයට රෙදි පෙරෙව්වාම උන්ට නිවන් යා හැක
ශ්‍රී මහබෝධියේ වැට රන් ආලේප කරාම හත්මුතු පරම්පරාවම ගොඩය ...
එහෙත් උන් නොදන්නවාට
බුදුන් දෙසූ ධර්මය නං වෙරිම සිම්පල්ය
බුදුන් හැමෙකාටම දෙසූ එකම ධර්මය වූයේ ...
සිත
කය
වචනය
ආරක්ෂා කරගෙන මේ මොහොතේ ජීවත් වීමටය ...
බොලා සැමටම පීස් එකක් වේවා !!!
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
No comments:
Post a Comment