කියවූ තරම්

Monday, June 10, 2024

පුංචි බොරැල්ල



අසූ දෙකේ මුල 
මම නැවතිල හිටියෙ පුංචි බොරුල්ලෙ බෞද්ධ මධ්‍යස්ථානෙ ...
පුංචි බොරුල්ලෙ බෝගහ හන්දියෙ මාතර කඩේ ලඟ තිබුන පුංචි ගුරු පාරෙන් තමයි ඕකට යන්නෙ
අපිත් එක්ක ක්‍රිකට් ගහපු ප්‍රීතියගෙ විමලධර්ම බ්‍රදර්ස් ඔරලෝසු කඩෙත්
ඒ අහලමයි ...
බෞද්ධ මධ්‍යස්ථානයට ඇතුළුවෙල දකුණු අත පැත්තෙ තිබුන දිය සෙවෙල බේරුන පාට බිල්ඩිමේ දෙවෙනි තට්ටුවෙ කෙලවරේ කාමරේ අපි
නරකත් නෑ දිය බේරුන සෙවලෙත් ලස්සන රටා තියෙනව බං ...
දැන් ඔය ගොඩනැගිලි තියෙනවද දන්නෙත් නෑ
දේශපාළකයො එකතුවෙල රට කොයික වෙතත්
ඝණයන්ව අන්දල පන්සල්ම සංවර්ධනය කරල නිසා ...

මුළු ගාල්ලටම එහෙමත් නැතිනම් මුළු සිරිලකටම මිණි පහනක් වූ තිළෝක සුන්දරී කාරියවසම් මාතාවගෙ ගෙදර තිබුනෙ
අපි හිටිය ගොඩනැගිල්ල ඉදිරිපිට ගුරුපාරෙන් අනෙක්‍ පැත්තෙ ...

අපිටත් ඉතිං හරී ආඩම්බරයි ඒ ගෙදර ලඟ ඉන්‍නව කියන්නත්
ඒ පහනෙ එළිය අපිටත් වැටුන කාලයක් මගෙ අක්කලගෙ මාර්ගයෙන් ...
මයෙ අක්කල දෙන්නා ඉගෙන ගත්තෙ මිණි පහන විදුහල්පතිනිය වෙල හිටියෙ ගාල්ලෙ ඝංමිත්තෙ ...
ගෙදර ඉස්තෝප්පුවෙ එතුමිය හිටියොත් සිරස නවල හිනාවක් දාල සංඤක ළයන්න වගේ ඇඹරිල තමයි
අපි බෞද්ධ මධ්‍යස්ථානෙට යන්නෙ ...

කාරියවසම් මාතාවටත් වඩා අපෙ උන්ගෙ ඇහැ ගියෙ මිණි පහනගෙ දෝණිට ...
මොකද ඒකිත් ඇහැට කනට පේන එකී ...
උඩ තට්ටුවෙ අපේ‍ පැත්‍තට පේ‍න කෙලවරේම කාමරේ තමයි දෝණි හිටියෙ

හා ... හා ... ඒ ගැන දැං ඇති ...

අපේ උන් මනෝමෙන් රටා මැවූ කාලෙනෙ ඒ දැරිවි දන්නෙත් නැතිව ඇති ඕවා ...
අපෙ සුම්මට (උපුල් සුමතිපාල) බෞද්ධ මධ්‍යස්ථානෙ පුංචි කාමරයක් තිබුන මීටර හතරයි හතරෙ ...
ඒකෙත් බාගයක් විතර අයිතිකාරයගෙ ලට්ට ලොට්ට පුරවල අපිට තිබුනෙ පුංචි තීරුවක් ...
කුලිය රැපියල් හතලිහයි මාසෙට
එකා රුපියල් දහය ගානෙ දාල අපි හතරක් ඕකෙ ලගේ
ඒ කියන්නෙ එකාට වර්‍ග මීටරයයි ...
අපි කොහොමටත් මීටරේ හොඳම එකනෙ ...
මගේ මිත්‍රයන් වන විජේ (සරත් විජේරත්න ), පිට්ට (ගජබා පිටිගල) සහ මගේම හිච්චි අයිය ඒජේ
හිච්චි අයිය හිටියෙ ඉඳල හිටල වැඩ කරන ෂිෆ්ට් එක අනුව ...
එතකොට අයිය පියෝ බෙවරේජර්ස් මම බ්‍රවුන්ස්
විජේ මොබයිල් මැරීන් පිට්ට ටුබැකෝ ...
හැබැයි ඉතිං අපි වැඩ කල කොම්පැණිවල සුද්දගෙ නම් තිබ්බට පඩිය පිච්චියයි
රස්සාවක් තියෙයි කියන්න නං හොඳයි ...

හැබැයි ඩෙසිග්නේෂන් ජූනියර් එක්සෙකටිව් කාටද ආඩම්බර නේහ් ...
ඕනෙ තැනක ගිහිල්ල කියන්න පුළුවන් කටක් ඇරල එක්සෙකටිව් කෑල්ලක් තියෙන නිසා ...

පඩි පත මාසෙ අන්තිමට අතට ආවම එක්සකටිව් කෑල්ල උරල  සූප්පු කරන එක තමයි අපි කරන්නෙ
ඇයි බං වෙන මක්කරන්නෙයි ...
වැරදිලාවත් ඇහැට කනට පේන කෑල්ලක් අපි දිහා හැරිල බැලුවත් ...
ඇහැක් ගහල හන්දියෙ කඩෙන් කස ඇට දාපු අයිස් සරුවත් එකක් වත් ඔෆර් කරන්න සත පනහක් රුපියලක්වත් සාක්කුවෙ තිබ්බෙ නෑ බං
මයෙ අම්මාපල් ...
ඒ නිසා අපි උන් දිහා බැලුවෙත් නෑ බං උන් බැලුවත්
ඕං ඒකාලෙ එක්සෙකටිව්ලගෙ රඟේ ...
අසහනේ උපරිමේ ඒත් අපි උපරිම සැනසුමේ ...
මක්කරන්නද බං කොටින්ම කියුවොත් සීසන් ටිකට් එක නැති තැන්වලට යන්නෙ පයින්‍ ...
ඒ මාසෙ අන්‍තිමට පඩි පත පන අදින කොට ...
ඇයි බං බස් ටිකට් එක ගන්න කාසි නෑ
ඒ කාලෙට පුහුණුවීම් වලට පුංචි බොරුල්ලෙ ඉඳල වනාතෙටම
බෑග් එකත් උස්සන් පයින් ...

බෞද්ධ මධ්‍යස්ථානෙ අපි හිටිය ගොඩනැගිල්ලට
අනෙක් ගොඩනැගිල්ලෙ බිම් මහලෙ කන්ඩම්බි අයියගෙ අයියගෙ කාමරෙ ...
Harithalal Sirikumara Kandamby
ඒක නං ඕං ෆුල් ලක්ෂරි 
කාමරේ ලොකුයි ඩබල් බෙඩ් සමග ලියන මේසයක් ...
රේඩියෝව සහ රෑප පෙට්ටිය ස්ටීරියො ඩොල්බි ටූ වේ ඔටෝ රීවයින්ඩ් ඩබල් කැසට්‍ ප්ලෙයර්
හොට් ප්ලේට් හීටර් මොස්කිටෝ නෙට් ඇටෑච් බාත් ...
ඒ කියුවෙ කාමරේටම අල්ලල එලියෙ පොඩි වතුර ටැංකියක් එයාලටම වෙන් කරල
ඉබ්බෙක් සමග දොරකුත් දාල  ...
නැතිනං බං පුංචි බොරුල්ලම ඇවිල්ල ඕකෙන් නාල යයි ...
කණ්ඩම්බි අයියගෙ අනුකම්‍පාවෙන් අපිටත් පඩිපෙල බැහැල ගියාම ඇටෑච් බාත් ...
නැතිනම් කෝකටත් තෙෙලය නාන නොනාන දෙකටම පොදු පයිප්පෙ
බල්ලො කාක්කො සහ උනහපුලළුවො නාන්නෙත් ඒකෙ ...
බෞද්ධ මධ්‍යස්ථානෙ ප්‍රධාන ගොඩනැගිල්ල අපි හිටිය ගොඩනැගිල්ලට අනෙක් පැත්තෙ ...
 
ඒක පිටිපස්ස තමයි ඔය කාමර සියල්ලටම තිබුන වැසිකිලි පේලිය
පේමන්ට් කඩ පේලිය වගෙ එකට එක අල්ලල ...
ඒ කියන්නෙ කාමරේ පුංචි බොරැල්ලෙ
වැසිකිලිය බොරැල්ලෙ ...

හැම කාමරයකටම නොම්මරයක් දාල වැසිලියක් වෙන් කරල දොරට පුංචි ඉබ්බෙකුත් දාල
ඉබ්බට ඇහැට පේන නොපෙනෙන යතුරක් දෙනව ...
අවශ්‍යතාවය ආවම යතුරත් අරගෙන පනිට්ටුවෙ වතුර එකක් පුරවගෙන
වැසිකිලියට යන්‍න බස් එකේ ටිකට් එකක් ගන්නෝන ...

සමහර වෙලාවට යතුර අමතකවෙලා පඩිපෙල නැගගෙන කාමරේට ඇවිත් යතුර අරගෙන ආපසු දුවපු වාරත් එමටයි ...

සයිවර් කාල මහ රෑක හදිසියක්‍ උනොත්
ලයිටුත් නැතිව කට්ට කළුවරේ ඉබ්බගෙ හිලත් හොයපංකො යතුර දාන්න ...
ඔය දාන වෙලාවට ඇටිකිච්චෙක් වගෙ යතුර බිම වැටෙන වාරත් එමටයි
යතුරෙත් හරි පැත්‍තක් වැරදි පැත්තක් තියෙනවනෙ බං ...
ඇයි බං අනෙක ලාබ ඉබ්බොනෙ ඕවට දාන්නෙත් ...

පොඩ්ඩක් ඇස්‍ දෙක වහගෙන හිතපං මම කියුවට නිකං සීන් එක මොන වගේ ද කියල ...
හිරිගඩු පිපිල ඇඟ සීතල වෙල හිරිවැටෙනව නේ ...
හදිසියෙවත් එකෙකුට රෑට නැගිටල එලි පෙහෙළියට යන්න උනොත්
හතරදෙනාම නැගිටින්න ඕන පැක් කරල තියෙන විදියට ...
එහෙම නැත්නම් කාමරේ දොර අරින්න බෑ
දෙන්නෙක් දිගට එකෙක් හරහට අනෙකා දනිස් නවාගෙන තුන්මුලස් ඒතරමටම හිච්චියි
තුන් මුලස් එකා උදේ නැගිටල ටික වෙලාවක් ඇවිදින්නෙත් තුන්මුලස්
දනිස් දිග අරින්න බෑ...

සමහර රෑට ලඟ ඉන්න එකාගෙන් ෆුට් බෝල් පාරවලුත් කනව ලයින් මැච් යනකොට
රෑට හන්දියෙම තිබුන බත් කඩෙන් එක කටට ගල් තුන අනුපාතෙන්
නිවුුඩු හාලෙ බත් බාගයක් අරන් රෑට කාල රෙද්‍දක් බිම එලාන බුදියනව
ඒක කනවට වෙනම ගානක් අපි කඩෙන් අය කරන්නෝනෙ
ඇයි බං කාබ්ස් විටමින් මිනරල් විතරක් පාෂානත් පිරිල ...

පිට්ටට විතරක් හිස තියන්න කොට්ටයක් බොරැල්ලෙ පුංචි අම්මගෙ ගෙදරින් ...
අපි ටික ඔය තියෙන මක්‍කවත් නවල ඔලුවට තියාගන්නව...
එකාලෙ ඉතිං අපේ ඇඟේ මසුත්‍ නෑනෙ බං
උදේ නැගිටින කොට බෙලි කටු ඔක්කෝම පොලීසියෙන් ගහල වගේ ...
ඇයි බං සිමෙන්ති පොලොවෙ ඇට කටු වදින කොට පැය හය හතක් ලේසි කෙලියක්ද ...
පාන්දර නැගිටල තේකක් ...

ඈ... මක්කැයි බං තේ‍ කියන්නෙ
ප්ලග් පොයින්ට් හොට් ප්ලේට් ඒවයෙ නෑ බං තේ බොන්න
අඩුම ගානෙ අපිටම කියල පිඟානක් කෝප්පයක් ...
ප්ලෙන්ටිය ගහන්නත් හන්දියෙ කඩේට යන්නෝන ...
උදේට උණු උණුවෙ රොටියක් නැතිනම් රෝස්පාන් ගෙඩියක් වඩයක් හා කහට එකක් සමග පාරෙන් අනෙක් පැත්තෙ තිබුන ඩිමෙල් එකෙන් ...
(ඒක තමයි ලොකුම සැප)
දවල්ට කන ඒව නං උඹළට කියන්නෙම නෑ ඉරිසියා හිතෙන නිසා ...
ඇයි කියන්න දෙයක් තියෙන්න එපැයි බං ...
ඕනෑම එකෙක් රැකියාවට ගොහින් හරි පන්ති ගොහින් හරි මොන කඩුත්තුවක් කරල හරි
දවසෙ වැඩ කටයුතු අහවර වෙලා කාමරේට නැතිනම් ගෙදර යන්නෙ පුදුම සන්තෝසෙකින්නෙ බං ...
අන්න ඒකට අපි ...
කාමරේ‍ට යන්නෙ මරන්න යනව වගේ ...
ඇයි බං වැඩි පඩි නැතත් වැඩ කරන තැන සැප කාමරේට වඩා ...
ෆෑන් පුටු මේස පියන්ගෙන් අතටම එළකිරි තේක
බිම දිලිසෙන ටොයිලට් අප්පේ වැඩක් නෑ කියල ...
අනෙක කාමරේට කලින් ගියා කියල මක්කරන්නෙයි බං පොතක් පතක් කියවන්න
ඉඳගන්න පුටුවක් නැතිනම් ඇලවෙන්න ලෑල්ලක්වත් නැතිනම්
බුදියන්න බිමට එලාගන්න රෙද්දක්වත් නැතිනම් ...
මොන මගුලකටද කලින්ම කාමරේට ගොහිං ...
ඉතිං රෑ වෙනකන් වීදි දිගේ ඔහේ ඇවිදගෙන යනවා එල්ලයක් ඉලක්කයක් නැතිව
සමහර දවසට මරදානටම නැතිනං බොරුල්ලටම එහෙමත් නැතිනම් වෙස්ලි පිට්ටනියට අනෙක් පැත්තෙන් ඇස් වාට්ටුව හන්දියට ...
එතකොට පාරවල ට්‍රැෆික් හරී අඩුයි ...

රෑට විලි වහගන්නත් සරම බෙඩ් ෂීට් එකටත් සරම පොරවන්නත් ඒ සරම
මූණ ඇඟ පත පිහින්නත් ඒ සරමම ...
ඕක තමයි බං ගමෙන් සිදාදියට එන හැම එකාගෙම කල් කිරියාව ...
ඒකාලෙ අද වගේ පෙන්තහවුස් අපාට්මන්ට්ස් නෑ ...
මක්කා කියුවත් පුංචි බොරුල්ලෙ බෞද්ධ මධ්‍යස්ථානෙදි නං දුක කියන එක උපරිමයෙන්‍ම වින්ද බං ...
ඕකෙ විස්තර තව තියෙනව කියන්න පුළුවන්
ඒත් ඉතිං ඕව කියල මක්කටෙයි බොලාට
කොච්‍චර කියුවත් දුකම තමයි රංජනී කියුවළු
අනෙක ඉතිං බෞද්ධ මධ්‍යස්ථානෙත් බෞද්ධ නොවන දේවල් තියෙනවනෙ බං ...
ආයෙ මක්කටෙයි මගෙ කට වැරදුනොත්

ඕං  ඔය ඇති දැනට ...

*****

දිවිය කොයිතරම් සුන්දරදෝ
දුකම කොයිතරම් සැපතක්දෝ ....

5 comments:

  1. මේක නං නියමයි. සුන්දර අතීත සැමරුමක්. කියන්න අතුරු කතා සෑහෙන තියනවා කියල හිතුනා.👌💐😊
    ඒත් "හා ... හා ... ඒ ගැන දැං ඇති ..." කිව්වාම අපි අනාතයි නෙව අපේ හාංදුන්නේ.😋😁

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ බස්සා දුක හොණ්ඩර ගානට තිබුනත් ඒ ජීවිතේ සුන්දරත්වයකුත් තිබුන බං ...

      Delete
  2. Niyama kathaawa,supiri.Eth ithin liyanne kalaathurakin neda?

    ReplyDelete
    Replies
    1. 🙏🙏 ඉඩ ලැබෙන හැටියට ඇන්ඩ්‍රොයිඩෙ අරගෙන කොටනව

      Delete
  3. පුබුදු පසන්August 1, 2024 at 4:16 AM

    කවුද එක්කෙනෙක් කියල තිබුනා පැමිණි දුක් පැණි රසයි කියලා. රහ කර කර ලියන්නේ ඒක හින්දා වෙන්න ඕන

    ReplyDelete