හිච්චි එවුන් කාලෙ ...
අපි හැදුන වැඩුන ගාල්ලෙ අයිස්මෝල හන්දියෙ
ගෙදර දෙපැත්තෙම තිබුනෙ පිරිවෙන් ...
පිරිවෙන් දෙක මැද්දෙන් කඹබානෙ මුස්ලිම් පල්ලිය
ඊට මීටර සීයක් විතර ගිහින් කෝච්චි පාරෙන් එගොඩ උනහම පෙන්තකොස්ත සභාව
ඊටත් ටිකක් එහායින් කන්ද මුදුනෙ කතෝලික පල්ලිය
පල්ලියට අනෙක් පැත්තෙන් කන්‍යාරාමෙ
කන්‍යාරාමෙට තවත් මීටර පනහක් සීයක් විතර දුරින් කෝවිල් දෙක ...
ඉතිං මේ හැම ආගමික ස්ථානයකටම අපි ආවා ගියා
හැම ආගමික නායකයෙක්ගෙන්ම
හොඳ නරක ඉගෙන ගත්තා
හැබැයි වැඩියෙන්ම ලංවුනේ පිරිවෙනට ...
(පිරිවෙන = ලංකාවෙ බෞද්ධ භික්ෂූන්ගේ අධ්‍යාපනය සඳහා පවත්නා ආයතනයක් ...
පාලි, සංස්කෘත, සිංහල, බෞද්ධ දර්ශනය භික්ෂු විනය වගේ විෂයයන් ඉගැන්වූ ප්‍රධාන බුද්ධිමය උරුමය රැකගත් මහා අධ්‍යාපන පද්ධතියක්)
ගෙදරට දකුණු පැත්තෙ ටිකක් ඉස්සරහින් ශ්‍රී පුඤ්ඤසාර පිරිවෙන
වම් පැත්තෙන් විද්‍යාලෝක පිරිවෙන
ගෙදර ඉඳලා මේ දෙකටම තිබුනෙ මීටර සීයක් දෙසීයක් විතර දුර ...
ඒ කාලෙ හුඟක් දරුවො ඉස්කෝලෙ යන ගමන් පිරිවෙනටත් ගියා
ගමේ දහම් පාසැල්වල ඉගෙන්නුවෙත් පිරිවෙනේම ඉගෙන ගන්න අයියල අක්කලයි
පිරිවෙනේම උගන්වන හා ඉගෙන ගන්නා ස්වාමීන් වහන්සේලායි තමයි ...
නොමේරූ කාලෙ අපිත් නරුමයො තමයි
හිච්චි වයසට කරතෑකි හැම කඩප්පුලි වැඩක්ම කරා ...
හැබැයි හිත් ගැඹුරෙ පිරිවෙන් ඉගැන්වීම් පැළපදියම් වෙල තිබිල
වයසින් මුහුකුරා යනකොට මග වැරදිච්ච වෙලාවට
ඒවා උඩට මතුවෙනවා අපිටම මාර්ගය හදාගන්න
එතනයි වෙනස ...
මට මේ ගැන කොටන්න හිතුනෙ මේං මේ නිසා ...
~~~~~
අම්මපා බං පහුගිය ජෙන් ගනනාවකම
වැඩිමනක් තරුණ පරපුර කරන කියන මනස්ගාත දැක්කහමයි
මහ එවුන් කරන පිස්සුයි දැක්කම
රටේ අධ්‍යාපනය කොච්චරට පිරිහිලාද කියල හිතා ගතෑකිනෙ …
හරි ඒක එහෙමයි කියල ඩිංගිත්තකට පැත්තට කරමුකෝ ...
දැං වැඩේ කියන්නෙ බං ...
ඔය ගිරිය පුප්පං පිඹින වැඩිමනක් සඟ පරපුර කරන කියන මනස්ගාත දැක්කහම
බොලැයි දෑහට පැහැදිලිවම පේන්නෙ පිරිවෙන් අධ්‍යාපනේ පිරිහීමක් නෙවිද බං ???
මට නං පේන්නෙ එහෙමයි ...
ඕං දැන් බලහං ...
වැඩිමනක් අපේ ඇත්තන් අති උතුම් කෝටියක් සංවර සීලය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වැළඳ ගෙන
කරදණ්ඩ ටිකක් ලොකු මහත් වෙනකොට ඔවුන් විසින්ම ඒ සීලයෙන් නිර්වස්ත්‍ර වෙලා
ප්‍රඥාවෙන් කරකුට්ටං වෙන්නම හිත වේලගෙන
විනයෙන් නැති බංගස්ථාන වෙලා
පැවිද්ද බිමටම වට්ටලා …
ඔවුන් විසින්ම ප්‍රඥාව භාෂාවේ ශබ්දයකට විතරක්ම හිරකරගෙන
පැවිද්ද කහ වස්ත්‍රයකට පමණක්ම සීමා කරගෙන …
ධර්මය පොත් පිටුවකට පමණක්ම වෙන්කරලා ...
ධර්මය වෙනුවට ආගම පෙරට ඈඳගෙන
ආගමත් පැවිද්දත් දිවියකට වඩා රැකියාවක් බිස්නස් එකක් කරගෙන …
කහවනු පොදි බර වුණාට හිත් පොජ්ජ හිස් කරගෙන ...
ඒ අති උතුම්ම ධර්මය මනාව ඉගෙන ගෙන
සංසාරය කියන ගංගාව තරණය කරන්ට අවශ්‍ය ශක්තිමත් පාරුවක් කර නොගෙන
ඒ අති උතුම් දර්ශනය පිළිපදින්න කැපනොවී වෙළඳ භාණ්ඩයක් කරගෙන ...
මොන මහා විගඩමක්ද බං මේ නටන්නෙ ???
ඇයි බං ගඟ හරහා එතෙර වෙන්න තියෙන ඔරුව ...
උස්සගෙන හිස මත තියාන යන කොට
මිනිස්සු ඒ ගඟේම ගිලිල මැරෙනවනෙ බං
ඒක ඉතිං ආයෙ අහන්න කියන්න දෙයක්යැ …
ප්‍රවජ්ජාව මුල් කරගෙන බැස්ස සැට් එක සංසාරේ නව නාම වලින් තවත් වට ගානක්ම කැරකෙයි වගේ ...
හා නැද්ද මං අහන්නෙ ???
අන්ධයන්ට අන්ධයන්ම පාර පෙන්නනකොට
වළට වැටෙන්නෙ එකෙක් නෙවෙයි බං
පරම්පරා හැට හුට හමාරක්ම ...
ඒත් අපියි කියල දොස් කියන්නෙ කාටද බං ...
පහනුත් තියෙනං
තෙලුත් තියෙනං
තිරත් තියෙනං ...
සැඩ සුළඟකටවත් නොනිවී ආලෝකය දෙන්න නොදන්නවානං අපි මක් කොරන්නද බං ...
හැබැයි ඉතිං දෝෂය ඇත්තෙ තරුණ සිත්වලමත් නෙවි බං …
මයෙ ගොන් මොළේට අහුවෙන හැටියටනං දෝෂය ඇත්තේ ...
දල්වන්න අසූහාර දාහක් පහන් තිබුණත් ...
ඒ පහන් වලට පිළියෙල කල තෙල් ටිකත්
පහන් තිරත් දාන්න අමතක කළ හැම එකාගෙම අතේ …
අනේ මන්දා බං
අඳුරෙම ඉඳගෙන
අඳුරටම පිරිත් කිය කිය
කවදා අඳුරෙන් ගැලවෙයිද බං අපි ...
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
කියවූ තරම්
Monday, January 19, 2026
Tuesday, January 6, 2026
හිච්චි අයියා
ගිනියම් වූ තාර පාරෙ
ඕර්සියර් ලොකු සමරේ ...
ගස් සෙවනෙයි බංකු උඩයි
හරිත පොළොවෙ පහස සැපයි
හැම එකාම ගොඩ ගන්නට
දීපු සටන දැනට නිමයි ...
උන් හිටි තැන්
ආ ගිය තැන්
අපටම වෙන්වූ රහසක් ...
දුක සැප සිනහව කඳුළද
නැත දන්නේ වෙන කිසිවක්
අයිස් මෝළ හන්දිය ළඟ
පේදිකුඹුර මිහිඳුව තුළ
පුඤ්ඤසාරෙ දහම් පියස
සංඝරාමෙ රෑ පාසැල
කොම්පඤ්ඤවීදියෙ හන්දිය
පීරිස් රෝඩ් ජුබිළි කණුව
පිටකෝට්ටෙ වලේ ගෙදර
වත්තෙගෙදර කැළණිමුල්ල ...
දූපත්වල කල්පිටියේ
බල කරවල වාඩි ඇතුලෙ
ඇළේ දොලේ වැවේ ගඟේ
සී බාත් නං ගාලු කොටුවෙ
පොළොන්නරුවෙ අනුරපුරේ
මඩුපල්ලියෙ කොච්චිකඩේ
කඳසුරිඳුගෙ කතරගමේ
ජමි අල්ෆර් කොළඹ කොටුවෙ
සුගතදාසෙ ප්‍රේමදාසෙ
සීටීබී ශාලිකාවෙ
කටුකුරුන්දෙ ෆෝමියුලා
ගෙදර ආවෙ වෙරි හිඳිලා ...
ලුම්බිණියෙයි ටවර් එකෙයි
රියෝ එකෙයි සැවෝයි එකෙයි
බුහාරියෙයි තෝසෙ කඩෙයි
ෆලූඩ බිව් නානා කඩෙයි ...
කරවට අත දමායන්න
නුඹ මිස වෙන කවුරු එයිද ...
ගාලු සමාජය සරසන්ස්
ටැමිල්ස් සිංහලීස් මුවර්ස්
බීආර්සි කෝල්ට්ස් නොමැඩ්ස්
එයා ෆෝස් ආමි ග්‍රවුන්ඩ්ස්
හැව්ලොක් පාර්ක් පොලිස් ග්‍රවුන්ඩ්ස්
බ්ලූම්ෆීල්ඩ් රීඩ් ඇවනිවු
අස්ගිරියෙයි ඇතුගල්පුරෙයි
ඩී සොයිසා මොරටුවෙනං ...
ගියවිට අදටත් නැගෙන්නේ
ඒ සුන්දර වූ මතකයි ...
සිය මිතුරන් පුරවාගෙන
පිටිය කොනේ රාගෙ දාන
සදර්න් ගාමිණී රන්තරු
ගෝල් යූත් හා සමගිද
වොලි බෝලය පාපන්දුව
බැට් එක බෝලෙද අතැතිව
කුඹුරෙ කෙතේ පොල් වත්තේ
කුණු වත්තේ ග්‍රවුන්ඩ් එකේ
රෑම් පාට්ස් ගාලු කොටුවෙ ...
ගෝල් ග්‍රවුන්ඩ්ස් එස්එස්සී
ඕවල් ඇන්ඩ් ඇන්සීසී
මෙකී නොකී හැම පිටියක
උඹෙ ඉස්පින් වැඩ කෙරුවොත්
හැන්දෑවට අපි යයි ගොඩ ...
පාටියකදි කෑ බිව් විට
අනෙක් එවුන් හෙලවෙනවිට
උඹේම නැටුමක් උඹහට
තිබුනා මතකයි ...
මෙත්තා මුදිතා කරුණා
ඔවදන් තරවටු ආදර
සාදය මංගල පාටිය
මරණය බණ සහ දානය
පල්ලිය පන්සල පිංකම
දන්සල සහ වෙසක් තොරණ ...
අපි ආ ගිය හැම තැන්වල
හිස් වී ඇත ඔබ නැති තැන ...
හිනාව විහිළුව පුරවන
නුඹ සිටිනා තැන හිස් නැත ...
සංසාරේ කවදා හෝ
අපි ආයෙත් හමුවුනවිට
සුපුරුදු උණුහුම පිරිච්චි
සුපුරුදු ලෙන්ගතු කමකින්
අනෙ ආයෙත් වැළඳගනින්
මේ මාවම ...
ආං එදාට උඹට කියතෑකි නං ...
“බච් ... මං මේ උඹේ හිච්චි අයියා කියලා"
මං එන්නං ආයෙත් උඹෙ අතේ එල්ලිලා ...
නිවන් දක්නා ජාති දක්වා ...
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
ඕර්සියර් ලොකු සමරේ ...
ගස් සෙවනෙයි බංකු උඩයි
හරිත පොළොවෙ පහස සැපයි
හැම එකාම ගොඩ ගන්නට
දීපු සටන දැනට නිමයි ...
උන් හිටි තැන්
ආ ගිය තැන්
අපටම වෙන්වූ රහසක් ...
දුක සැප සිනහව කඳුළද
නැත දන්නේ වෙන කිසිවක්
අයිස් මෝළ හන්දිය ළඟ
පේදිකුඹුර මිහිඳුව තුළ
පුඤ්ඤසාරෙ දහම් පියස
සංඝරාමෙ රෑ පාසැල
කොම්පඤ්ඤවීදියෙ හන්දිය
පීරිස් රෝඩ් ජුබිළි කණුව
පිටකෝට්ටෙ වලේ ගෙදර
වත්තෙගෙදර කැළණිමුල්ල ...
දූපත්වල කල්පිටියේ
බල කරවල වාඩි ඇතුලෙ
ඇළේ දොලේ වැවේ ගඟේ
සී බාත් නං ගාලු කොටුවෙ
පොළොන්නරුවෙ අනුරපුරේ
මඩුපල්ලියෙ කොච්චිකඩේ
කඳසුරිඳුගෙ කතරගමේ
ජමි අල්ෆර් කොළඹ කොටුවෙ
සුගතදාසෙ ප්‍රේමදාසෙ
සීටීබී ශාලිකාවෙ
කටුකුරුන්දෙ ෆෝමියුලා
ගෙදර ආවෙ වෙරි හිඳිලා ...
ලුම්බිණියෙයි ටවර් එකෙයි
රියෝ එකෙයි සැවෝයි එකෙයි
බුහාරියෙයි තෝසෙ කඩෙයි
ෆලූඩ බිව් නානා කඩෙයි ...
කරවට අත දමායන්න
නුඹ මිස වෙන කවුරු එයිද ...
ගාලු සමාජය සරසන්ස්
ටැමිල්ස් සිංහලීස් මුවර්ස්
බීආර්සි කෝල්ට්ස් නොමැඩ්ස්
එයා ෆෝස් ආමි ග්‍රවුන්ඩ්ස්
හැව්ලොක් පාර්ක් පොලිස් ග්‍රවුන්ඩ්ස්
බ්ලූම්ෆීල්ඩ් රීඩ් ඇවනිවු
අස්ගිරියෙයි ඇතුගල්පුරෙයි
ඩී සොයිසා මොරටුවෙනං ...
ගියවිට අදටත් නැගෙන්නේ
ඒ සුන්දර වූ මතකයි ...
සිය මිතුරන් පුරවාගෙන
පිටිය කොනේ රාගෙ දාන
සදර්න් ගාමිණී රන්තරු
ගෝල් යූත් හා සමගිද
වොලි බෝලය පාපන්දුව
බැට් එක බෝලෙද අතැතිව
කුඹුරෙ කෙතේ පොල් වත්තේ
කුණු වත්තේ ග්‍රවුන්ඩ් එකේ
රෑම් පාට්ස් ගාලු කොටුවෙ ...
ගෝල් ග්‍රවුන්ඩ්ස් එස්එස්සී
ඕවල් ඇන්ඩ් ඇන්සීසී
මෙකී නොකී හැම පිටියක
උඹෙ ඉස්පින් වැඩ කෙරුවොත්
හැන්දෑවට අපි යයි ගොඩ ...
පාටියකදි කෑ බිව් විට
අනෙක් එවුන් හෙලවෙනවිට
උඹේම නැටුමක් උඹහට
තිබුනා මතකයි ...
මෙත්තා මුදිතා කරුණා
ඔවදන් තරවටු ආදර
සාදය මංගල පාටිය
මරණය බණ සහ දානය
පල්ලිය පන්සල පිංකම
දන්සල සහ වෙසක් තොරණ ...
අපි ආ ගිය හැම තැන්වල
හිස් වී ඇත ඔබ නැති තැන ...
හිනාව විහිළුව පුරවන
නුඹ සිටිනා තැන හිස් නැත ...
සංසාරේ කවදා හෝ
අපි ආයෙත් හමුවුනවිට
සුපුරුදු උණුහුම පිරිච්චි
සුපුරුදු ලෙන්ගතු කමකින්
අනෙ ආයෙත් වැළඳගනින්
මේ මාවම ...
ආං එදාට උඹට කියතෑකි නං ...
“බච් ... මං මේ උඹේ හිච්චි අයියා කියලා"
මං එන්නං ආයෙත් උඹෙ අතේ එල්ලිලා ...
නිවන් දක්නා ජාති දක්වා ...
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
Thursday, January 1, 2026
අනේ මන්දා ...
අනේ මන්දා …
හැමෝටම පන්සිල් දෙන ඇත්තන්ටත් පන්සිල් දෙන්න කෙනෙක් නැති හැටි දැක්කම අපි මක්කා කරන්නද හිතෙනවා …
අන් අයගේ සිත් සනසන්න දහස් වාර ගිලිහුණු අත් අල්ලලා තමාගේම සිත නිහඬව පන්සිල් ඉල්ලද්දී
ඒ හඬ අහන්න කෙනෙක්වත් නැති ලෝකෙක
ඇත්තටමද සිවුරත් බරක් වගේ දැනෙනවා ඇති …
ඒත් ...
එහෙම හිතෙන එකත් පව් නොවෙයි කියලා හිතට පන්සිල් දීලා මේ කාම ලෝකෙ තුන් දොර පිනවමින්
තවත් දවසක් ජීවත් වෙන්න ඔවුන් උත්සාහ කරනවාත් ඇති …
ඒ උත්සාහය අතරේ නමස්කාරයක්වත් නැති හිතාගත් පන්සිලක් කඳුළු තුලින්ම ඔවුන් තමන්ටම දීගෙන
නිහඬව බුදුන් වෙත සිත් නමාගෙන ඉන්නවාත් ඇති …
නිමක් තියේවිද සංසාරේ ...
සියළු සත්වයෝ නිදුක් වෙත්වා
නීරෝගී වෙත්වා
සුවපත් වෙත්වා
සත්‍යම අවබෝධ වී
මෙදුකින් මිදෙත්වා !!!
🙏🙏🙏
Subscribe to:
Comments (Atom)