කියවූ තරම්

Friday, November 12, 2021

 


අමතක නොවේය කිසිදා ඔබ හඬ
කඳුළක් මතුවිය ඇසු කල ඒ හඬ
නිහඬවූ වග දැන ...

කියන්නට ඇතත් ටෙරා බයිටයක් පිරෙන්නට
අප සැම ගොළු වී ඇත අද ඔබ ගිය බව දැන ...

නිවාඩුවක හමුවුන විට පෙරදාක
දොඩමළු වුනේ අප සැම මධු ඇති තැනක
මී පැණි වගේ ඔබ ගැයු පද පේලියක
සෙනෙහස තිබුනි සරලව හද පිරෙන්නට ...

ගීයක් සේම රැව් දුන් ඔබෙ කතාවද
ඝන උඩු රුවුල සහ දිලිසෙන කොණ්ඩයද
නිරහංකාර සුන්දර ඔබෙ සිනහවද
අමතක නොවේ අප හදකින් කිසිදාක ...

දශක ගනනක් තිස්සේ
රසික සිත් සතන් සැනසූ නිහතමානී සහෘදයා ...

ලකී සුන්දර මිත්‍රයා ඔබට නිවන් සුව ...



1 comment:

  1. ජයවේවා අතුලයා! ඇත්තෙන්ම හිතට මහා හිස් කමක් ලක්ෂ්මන් විජේසකරගේ නික්ම යාම!

    ReplyDelete