කියවූ තරම්

Wednesday, February 16, 2022

මෙවන් දේශයකට අනුකම්පා කරනුමැන

ලෝරන්ස් මොන්සැන්ටෝ ෆර්ලින්ග්හෙට්ටි  ...


(උපත 1919 මාර්තු 24 - විපත් 2021 පෙබරවාරි 22)
ඇමරිකානු කවියෙකු, චිත්‍ර ශිල්පියෙකු හා සමාජ ක්‍රියාකාරිකයෙකු වේ.
ඔහු කවි, පරිවර්තන, ප්‍රබන්ධ, නාට්‍ය, කලා විචාර සහ චිත්‍රපට ආඛ්‍යානයන්හි (narative) කතුවරයා ය.  
ෆර්ලින්ග්හෙට්ටි වඩාත් ප්‍රසිද්ධ වන්නේ ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය වන "A Corny Island of the Mind -1958"
එය භාෂා නවයකට පරිවර්තනය කර ඇති අතර පිටපත් මිලියනයකට වඩා අලෙවි වී ඇත

102 වියැති මෙම කවියා 2021කෙ පෙබරවාරි 22 මෙලොව හැරගියහ ...


ඔහුගේ උපන් දිනය වන මාර්තු 24 වන දින
 "ලෝරන්ස් ෆර්ලින්ග්හෙට්ටි දිනය" ලෙස සැන් ෆ්රැන්සිස්කෝ නගරය විසින් ප්‍රකාශ කර ඇත ...

ලෙබනන්-ඇමරිකන් ජාතික කවියකු වූ
"කලීල් ගිබ්රාන්" 1883-1931ගේ කෘතියක් ඇසුරෙන්
"Pity The Nation" කවිය ෆර්ලින්ග්හෙට්ටි ලියූවේ  2007දීය ...

*****
පහත ඇත්තෙ "Pity the Nation" කවිය
අයිස්මෝල හන්දියේ අතුලයාට තේරුම් ගිය අයුරුය ...

අයිස්මෝල හන්දියේ අතුලයා
වසර විසිහතක් කැන්ගරු දේශයේ ජීවත්වුවද
තවමත් දන්නා සිංහලෙන් සිතා 
නොදන්නා ඉංගිරිසියෙන් සුද්දන් සමග අදහස් හුවමාරු කරගන්නා එකෙකි ...

"අතුලයා නොදන්නා ඉංගිරිසි  සිංහලට පරිවර්තනය කිරිමේදී
වැරදි සිදුවී ඇත්නම් සමාවන්න"

*****

~~ මෙවන් දේශයකට අනුකම්පා කරන්න ~~

" එඬේරුන් වැනි නායකයින්ගෙන්
බැට කමින් නොමඟ යන  
බැටළුවන් වැනි ජාතියට අනුකම්පා කරන්න ...

වරප්‍රධානයෙන් පූජ්‍යයන් හා බුද්ධිමතුන් නිශ්ෂබ්ද කරනු ලැබ
මහා මෝඩයන්සේ වායු තරංගද හොල්මන් කරලන
බොරුකාර නායකයින් සිටිනා ජාතියට
අනුකම්පා කරන්න ...

ජයග්‍රාහකයන්ට හා සත්‍යයට ප්‍රශංසා කරනු වෙනුවට හිරිහැර කරන්නා
වීරයා ලෙස අගය කර ...
බලහත් කාරයෙන් හා වධ හිංසාවෙන් පාලණය කලද
එයට හඬ නොනඟන ජාතියට අනුකම්පා කරන්න ...

ස්වකීය භාෂාව හැර වෙනත් භාෂාවක් සහ වෙනත් සංස්කෘතියක්
ලොවෙහි වෙන නැතැයි සිතනා ජාතියට අනුකම්පා කරන්න ...
 
හොඳ නින්දක් යනු තමන් පමණක් පෝෂණයවී තමන්ගේ බඩ වඩා ගැනීමය ...
හුස්ම රැල්ල යනු වෙන කිසිවක් නොව මුදල්ම යයි සිතනා  
ජාතියට අනුකම්පා කරන්න ...

තම තමන්ගේ අයිතිවාසිකම් ඛාදනය වීමට ඉඩ දෙන
තම තමන්ගේ නිදහස තම තමන් විසින්ම සෝදා හැරගන්නා
ජාතියට අනුකම්පා කරන්න

ඔබගේ රට ඔබ ගැන කඳුළු සලයි ...

අහෝ ඉමිහිරි දේශයේ නිදහස ..."

~~~ ලෝරන්ස් ෆ(ර්)ලින්ග්හෙට්ටි ~~~

2 comments: