කියවූ තරම්

Thursday, August 20, 2026

නන්දාවනි ...


නන්දා ...
ආනන්දය යන වචනයෙන් බිඳී ආවකි …

නන්දා යනු ප්‍රීතියයි 
මනස්කාන්ත බවයි …

ඇගේ හඬ 
"මනස්කාන්තය" 
ඇය කොහේ කෙසේ සිටියද
ඒ හඬ සැමට 
"ප්‍රීතියක්" 
ගෙන දුන්නියකි ...

ඇය ඇයගේ නොවේ
ඇය අපගේය ...

මතකවල 
හදවත්වල
සදාකාලිකවම …

එනිසා හැඬුවෙමු
හඬමු
හඬනෙමු …

ඇය ගියද
මතකය රැඳෙනු ඇත ...

කාලය කොතෙක් ගෙවුණද
කඳුළු කවදා නවතිද …

නන්දාවනි
අද සිට අප නැත
ඔබ පමණි ...

නන්දාවනි
අද සිට ඔබ නැත
අප පමණි ...

නිවන් දක්නා ජාති දක්වා
ආයෙ ආයෙත් හමුවෙමු ...

සුවහසක් රසිකයන්ගේ
සවන් යුග ප්‍රීතියෙන් පිනවීමට  !!!

🙏🙏🙏

~ අයිස්මෝල හන්දියේ අතුලයා ~

No comments:

Post a Comment