කියවූ තරම්

Saturday, November 7, 2026

ආදරේ

සිත ඉඹින ආදරේ  ...

කය නොව
සිත සිපගැනීමය ආදරේ ...
දෑතට දෑතක් නොව 
දෙහදම හඳුනා 
එක් හදක් වීමය ආදරේ ...

නෙතු අගින් සිනහවක් තවරා
හිත යටින් සෙනෙහේ පුදාලා
ලොවම නිහඬව බලා සිටියදී
නුඹේ හදවත කියෙව්වා ...

නුඹේ රුව නොවේ ඕනා
හිතේ උණුසුම පමණි ඕනා
දුරින් සිටියත් ළඟින් සිටියත්
එකම හුස්මක රිද්මෙ දැනෙනට...

කාලෙ සමගින් රුව මැකේවි
කෙස් අතර රිදී පැහැ වැටේවි
එහෙත් නුඹ පිදු ඒ සෙනේහේ
හදවතේ නොමැකී තියේවි ...

කඳුළකදී නෙතු පිස දමන්නට
වැටුණාම ආයෙත් නැගෙන්නට
ලෝකයම පිටුපෑ වෙලාවක
සෙනෙහෙ පමණක් පුදකරන්නට ...

කයට ළංවී වෙන්ව යන අය
ජීවිතේ කොතෙකුත් ඉඳීවී ...
සිතට ළංවී නතර වූ අය
සසර සැමදා හදෙ රැඳේවි ...

සිත ඉඹීමය සදාකාලික ආදරේ ... 

 ~ අයිස්මෝල හන්දියේ අතුලයා  ~



*****

No comments:

Post a Comment