මේජර් සිල්වා ...
To Me The Greatest ...
ගම අම්බලන්ගොඩ ...
මුළු දකුණටම සුපුරැදු නමක් ...
සිරැරෙන් එතරම් උස මහතත් නෑ ඒත් ක්‍රිකට් පුහුණුකරැවන් අතර සද්දන්තයෙක්
ආදරණීය ස්වාමිපුරැෂයෙක් පියෙක් සහ අපිට දෙවියෙක් ...
ඔහු මහින්ද විද්‍යාලයේ සිටි මගෙත් මගේ සමකාලීනයන් ගෙත් පූරුවෙ වාසනාව.....
නම් වලින් සඳහන් කරන්න අමාරැයි නම් වැලක්ම තියෙන නිසා
වචනයේ පරිසමාප්තයෙන්ම ගුරැදෙවියෙක් ...
1972 වසරෙ දවසක ඕල්කොට් ශාලාව පැත්තක තිබුන පුංචි දැන්වීම් පුවරැව
මගේ මුළු ජීවිතයම වෙනස් කරයි කියල මට තාමත් හිතා ගන්න අමාරැයි ...
මම විතරක් නෙවි තවත් එවුන් හිටිය මට වඩා ක්‍රිකට් පිටියෙ වැඩ පෙන්වපු එතනින් පටන්ගෙන
මගේ වාසනාව එවුන්ට වඩා ටිකක් ඉදිරියෙන් එතනයි වෙනස ...
එදා තමයි මම දැක්කෙ පුංචි කොලේක අත් අකුරෙන් ලියල තිබුන ...
"ක්‍රිකට් ක්‍රීඩාවට කැමති ළමුන් පහතින් ඇති පෝරමය පුරවා මාපිය අත්සන සමග
අහවල් දිනයට කලින් ක්‍රීඩා භාර ආචාර්ය්‍ය වෛද්‍යසේකර මහතාට බාරදෙන්න " ...
මේ පුංචි දැන්වීම මං වගේ තව දහස් ගනනකගෙ මුළු ජීවිතම වෙනස් කරන්න ඇති ...
මේ පුංචි දැන්වීම නොතිබුනා නම් ???????
අපේ ...
විශේෂයෙන්ම මගේ පටන් ගැන්ම නම් ඔතනයි ...
12න් පහළ වෛද්‍යසේකර සර් හරීම හොඳයි ඒත් වැඩි දෙයක් නං වුනෙ නෑ ...
පහුණුකරැවෙකුට වැඩිය ඔහුට පැවරිල තිබුනෙ ක්‍රීඩා භාර රාජකාරි ...
ඊලඟට විල්සන් කුලසූරිය සර් මගේ පලමු පුහුණුකරු ...
තාක්ෂනික දැනුම අතින් ඉදිරියෙන්ම විනය ඊටත් එහා ...
මාවම කීපාරක් ගෙදර එලවල තියෙනවද
ටොකු ??????
සවලෙන් එකයි ...
විල්සන් කුලසූරිය මහත්තයගේ මග පෙන්වීම යටතේ 14න් පහළ ශූරතාවය මුළු දිවයිනෙන්ම මහින්දයට
අවසාන තරඟයට කොළඹ රජකීය විද්‍යාලය ...
එ් කාලෙ රාජකීයයන්
Ajith Devasurendra, Sudath Pasqual, Sonnadhara, Almass Alevi, Delungahawatta, RN Dharmasiri Jagath Welikala - ජගත් මගේ ඤාතිය ...
මතකෙ ඇති නම් කීපයක්
මුන් පරද්දනව කියන්නෙ අපි වගේ පේදිකුඹුරෙන් බැහැපු කුරැට්ටො ටිකක් ...
එතනින් පසු 16න් පහළ මේජර් සර් යටතේ ...
අපේ මේජර් එක්ක අනිත් මේජර්ල හාවො වගේ ...
අපිට එකාලෙ පෙනුනෙම එහෙමයි සෙල්ලම් බෑ ...
වැහි කාලෙට නිවාඩු කාලෙට ඩෙස්ක් බංකු අස්කරල පංති කාමර ඇතුලෙ පුහුණුව
ෂෝට් ට්‍රේන් කියල තමයි කියුවෙ නං
බේරැමක් ඇත්තෙම නෑ ...
බැඳල පනහයි ලිහල පනහයි ...
ඒ කියුවෙ පිත්ත පෙර පාදයෙ බැඳල fපෝවඩ් ඩිfපෙන්ස් පනහයි පිත්ත ලිහල පනහයි ...
දෙන්නෙක් බැඩ් පැඩ් ඉන්නව අඟලක් හරි උඩ ගියොත් අල්ලන්න
ඇල්ලුවොාත් එදාට බැටිං අහවරයි ...
අපි පොඩි වංගුවක් හෙම දාල අහුවුනොත් කනේ ලොවි ...
හැමදාම උදේ පංතියට යන්න කලිං පැය භාගයක් බෝලින් ප්‍රැක්ටිස් ...
ලේන්සුව හතරට නවල ඒකට බෝල් කරන්න ඕන ...
එහෙම නැතිනම් රැපියලක් තියනව රැපියලට දැම්මොත් රැපියල අපිට ...
රැපියලෙන් සූරියදීසි එකෙන් රෝස්පාන් එකයි වඩේ එකයි කාල ප්ලේන්ටියකුත් බීල බස් එකේ ගෙදර යන්න පුළුවන් ඉතුරැත් ලැබෙනව ...
පුහුණුවට ආවම නොවරදවාම කළ යුතු ලිස්ට් එකකුත් තිබුන
ඒවනං ඉතිං මස්ට්ම ඩූ තමයි ...
දිනපතා එකෙකුට ස්ලිප් කැච් සීයයි හයි කැච් විසි පහයි ග්‍රවුන්ඩ් fපීල්ඩින් 25 යි ...
කළේ නැතිනම් මලා ජෝන් කියුව ...
පේදිකුඹුර ළඟ කොල්වින් අයිය ස්ලිප් කැච් ගහන්න රැසිය ...
බූච්ච අයිය තමය හයි කැච් ගහන්නෙ තිතට
දෙන්නම දෙන්නෙ බලන් ඉන්න එවුන්ගෙත් අත් ඉදිමෙන්න
අපිත් අඬ අඬ අල්ලනව ඉතිං
එ අස්සෙ පොතක් තියන් අල්ලන ගාන ලකුණු කරනව ...
අල්ලන ඒව විතරයි පොතට යන්නෙ හරියට බැංකුවෙ පාස් පොත වගේ ...
ගෙදර යනකොට අපේ කටු අත් කුෂන් කරල වගේ
කේ එල් එච් අයිස් ක්‍රීම් fපැක්ටරිය තිබුනෙ චීනකොරටුව මැද පාරෙ ...
ගාල්ලෙ ප්‍රැක්ටිස් තිබුන දවසට KLH අයිස් ක්‍රීම් පැට්ටරිය බලාගත්ත සේන අයියගෙන් අවසර අරගෙන
අයිස් පෙට්ටියක අත් දෙක දාගෙන ඉන්නව රිදුම් යන්න ...
සේන අයියත් කූරෙ ගහපු පොප්සිකල් තුනක් දෙනව මටයි තුවාන්ටයි විජේටයි උර උර යන්න ...
මැච් දවසට පෝලිමේ ඉන්දල බලනව කිට් එක
කිරි කොක්කු වගේ ඉන්න ඕන එක අඩුවක් හරි තිබුන නං ඌ බංකුවෙ ...
දවසක් අම්බලන්ගොඩ ගියා ධර්මාශෝක මැච් එකට ...
නලිනය රැවුල කපල නෑ ...
Nalin Senavirathna
ඇරිය අම්බලන්ගොඩ ටවුමට රැවුල කපන් වරෙන් කියල ...
නලිනයත් හිතෙන් බැන බැන ගිහිං කපාගෙන ආව ...
බෑ කිව්වනං ඌ එදා බංකුවෙ ඉඳන් මැච් බලනව ගහනව වෙනුවට ...
මාවත් ගෙදර යවල ඇති හිසේ කෙස් ගානට
එතකොට මට කෙස් තිබුන ...
ඒ උනාට සර්ට තිබුන උණුවෙන හදවතක් ඒකනෙ එලවපු හැමපාරම දවස් දෙක තුනකට පස්සෙ
ආයි මට කතා කරල ගත්තෙ ...
මං ඉස්සර දඩබ්බරයි නාහෙට අහන් නෑ දැන්නං ඉතිං හරිම අහිංසකයි ...
කොතරම් අහිංසකද කියනවනං කන්නෙත් හා මසුයි බෝ කොළ මැල්ලුමයි විතරමයි ...
උදේ 5 හට හැතැප්ම ගනන් දුවන්න ඕන මහ පාරෙ සර් එනව බයිසිකලෙන් පිටිපස්සෙන්
ඇරඹුම මේජර් සර්ගෙ ගෙදරින් ...
ඇරඹුමෙදි බිත්තරයයි මාරි විස්කෝතු දෙකයි ...
බිග් මැච් කාලෙට මස් පෙත්තයි පාන් පෙති දෙකයි ...
ඒක සර්ගෙ නෝන හදල තියෙනව අපි එනකොට ......
මේ ක්‍රියා හැම එකක්ම අපි අවුරැදු ගානක් කරන්න ඇති දිනපතාම වගේ ...
ඒ හැමදාකම මේජර් සර් විතරක් නෙවි ඒ මුළු පවුලම හිටිය අපේ පිටිපස්සෙ හෙවනැල්ල වගේ ...
ඇයි මේ ගුරැවරැන් මේ විදියට කලේ ???
මොකක්ද තිබුන වාසිය ???
කිසිම ආර්ථික වාසියක් තිබුනෙ නෑ
සත පහක් අමතරව ඉපයුවෙ නෑ අතිං කයිට් හැරෙන්න ...
භාරගත්ත රාජකාරිය දේවකාරියක් වගේ කලා අපි ගැනම හිතල ...
අපි හැම එකාම එයාලගෙම දරුවො වගේ දැක්කෙ සැලකුවෙ ...
අපිට හිටිය හැම ගුරුවරයෙකුගෙම විශේෂය එතනයි කැපවීම උපරිමයටත් එහා ...
මේජර් සර් මුලින්ම දැක්කෙ ...
සුදු කලිසමට අත්දිග සුදු කමිසෙ ඇඳල ටයි පටියක් දාල ඊට උඩින් සුදු කබාය ...
සුද්දගෙ ඉංගිරිසි ආණ්ඩුවෙ ඒජන්ත කෙනෙක් වගේ ...
පහුවෙනකොට කෝට් එක ගැලවුනා අනිත් සියල්ලක්ම එහෙමමයි ...
තව කලකින් ටයි එක අතුරැදහන්
සුදු අත්දිග කමිසෙයි සුදු කලිසමයි ...
ඔන්න කාලෙකින් කමිසෙ අත් කොට වුනා
අන්තිමට කමිසෙත් උඩින් දාල යට කරලත් නෑ ...
ඇඳුම වෙනස් වුනාට මේජර් සර් නං කවදාවත් වෙනස් උනෙ නෑ
කොච්චි කරලක සැර උනාට කරුණාව පිරිල ...
හැබැයි අපිට වැඩිය පෙන්නුවෙ නෑ
ඒත් ඉතිං අපට කේන්තියි ඇයි බං අපිව කන්නමනෙ එන්නෙ ...
මායි,තුවානුයි විජේ මල්ලියි කෝච්චියෙ මැච් වලට ගියත්
අපි තුන්දෙනා පෙට්ටි තුනකට තමයි දාන්නෙ
නැතිනම් සර්ගෙ ආසනයට ඉදිරි ආසනයෙ අපිව වාඩි කර ගන්නව ...
ඊට වැඩිය දඬුවමක් තවත් නෑ
ඇයි කොළඹට යනකං සර්ගෙ මූන දිහා බලාගෙන එපැයි යන්න ...
එත් ඉතිං සර්ට හොරා මොනව හරි කරල අපිතුන් දෙනා හිනාවෙනව
සර් දත්මිටි කනව ...
හැබැයි අපියි සර් අතරයි විස්තර කල නොහැකි බැඳීමක් තිබුන .....
අපි කරෙත් අමු චාටර් වැඩම තමයි කියලයි කවුරුත් කියුවෙ ...
ඒත් ඉතිං අපි ඒවයි අවුලක් දැක්කෙ නං නෑ ...
අපි හිතුවෙම අපි තමයි පොරවල් කියල
මොළේ පෑදෙනකොට තේරුනා හැමදෙයක්ම අපි හදන්නනෙ කරන්නෙ කියල ...
මේජ්ර් ගැන කතා ගොඩයි කියන්න වෙලා තමයි නැත්තෙ ...
ඒ දෙවිය හොඳ තැනක ඇති ඇයි හොඳ දේවල්මනෙ කලේ ...
උඩ බැලුවයි කියල අපිට පේන එකක්යැ නිවන් දකිත්වා කියන්නත්
මොකක්ද වගේ ...
ඇයි ආයිත් අපි අතරට ආවොත් තව සෑහෙන ගානක් ගොඩදායි තනියෙන්ම ...
එත් ඉතිං ආයෙත් මේ මඩ ගොහොරැවට ආවොත් ඒ උත්තමය එරෙයි ...
මොකද දැන් ඉන්න වසවර්තියන්ට එවන් උත්තමයන් හොඳ වැඩියි ...
කමක් නෑ අපිට මොනව උනත් ...
ඔබ තුමාට නිවන් සුව ෴
එතුමාගෙ පුත්‍රය අපේ මිත්‍රය ...
Duleep De Silva
1978 මහින්දෙ ක්‍රිකට් නායක
ඔහු යටතෙ මහ තරඟෙ ජය මහින්දෙට ...
මේ උත්තමය ඔබට අමතක වෙන්න බැහැ ...
එහෙමනං පුංචිත්තකට මතකය අවදිකරල මාත් සමග
ඒ මතකය බෙදා ගන්න
මේජර් සර්ට කරන ගෞරවයක් වශයෙන් ඕනෑම භාෂාවකින් ...
ආරාධනා ...
If you remember Major GWS
(Major Silva)
please share your memories ....
No comments:
Post a Comment