කියවූ තරම්

Saturday, October 2, 2021

පියසේනයියා


 

 29.10.17 FB

මේ පින්තූරෙ මගේ අනෙක් පැත්තෙ ඉන්නෙ පියසේන අයිය ...

පියසේන අයිය දඩෝරියන් පොර උස අඩි හයකටත් එහා ...
තරුණ කාලෙ අත පය යකඩ පොලු වගේ හයියයි
ෆෝවඩ් ලයින් එක ෆුට් බෝලෙ අරගෙන
පියසේන අයිය පහුකරනව බොරු ...
පහුගිය මාර්තුවෙ බිග් මැච් ගිය වෙලේ
හමුවුනාම ගත්තු පින්තූරයක් ඔය ....

මම කලකට ඉහත ලියපු
ගාලු මහජන ක්‍රීඩාංගනය සටහනේ සඳහන් කල
අපේ කාලෙ වීරයන්ගෙ නම් වැලේ පියසේන අයියත් එකෙක් ...

පියසේන අයිය මම ඇතුළු මගේ මහින්දෙ සගයන්ගෙ පාපන්දු පුණුකරු ...
හැබැයි නිළනොවන ....

ඒකට හේතුවක් තිබුන ...
ඒක මහින්දෙ ප්‍රශ්ණයක් නං නෙවි
මහින්දෙ ඒ කාලෙ හිටිය විදුහල්පතිගෙ ප්‍රශ්ණයක් ...

පියසේන අයිය ඇන්දෙ සරම
පාපන්දු තරඟවලට විතරක් තරඟය වෙලාවට ෂෝට ගැහුව ...
 
කලිසමක් ඇඳල ඉන්නව මගෙ ජීවිතේටම දැක්ක නෑ
මම දන්න හැටියට ඒකම තමයි අපෙ හිටපු විදුහල්පතිගෙ ප්‍රශ්ණෙත් ...

සරම අඳින එකෙක් කොහොමද
මහින්දෙ ෆුට්බෝල් කෝච් කරන්නෙ ????

එයා හිතාන ඉන්නෙ මහින්දෙ කියන්නෙ
ඩලිච් කොලේජ් එකේ බ්‍රාන්ච් එකක් කියල වෙන්ටැ

එතුමාට අමතකයි සරම ඇඳපු ගුරුවරු විතරක් නෙවි
සරම ඇඳපු විදුහල්පතිවරුත් මහින්දෙ හිටිය කියල ...

හැබැයි පියසේන අයිය කොහොම හරි
මහින්දෙ පාපන්දු පුහුණු කරා එවකට සෙල්ලම් කල
පළමු පෙළ ක්‍රීඩකයන්ගෙ බලවත් ඉල්ලීම පිට ...

ඒ පේ රෝල් එකට සුනිමල් අයියගෙ නම ඇතුල් කරල ...

සුනිමල් අයිය එතකොට ගාල්ලෙ සදර්න් ක්ලබ් එකේ නායක
සෙල්ලම් කලේ හාෆ් බැක් ...

විදුහල්‍පති හිතාන හිටියෙ සුනිමල් අයිය පුහුණුකරු කියල
හැබැයි පියසේන අයිය තමයි වැඩේ කරෙ ...

පහු කාලෙක ගෝල් කීපර් මහින්ද අයියත්
පියසේන අයියට එකතු වුනා
හැබැයි අර විදුහල්පතිය නං ඒ බව දැනගෙන හිටියෙ නෑ ...

ඒ නිසාම මහින්දෙ පාපන්දු වලටත් කල දවසක් ගියා ....

හිතා ගන්නත් අමාරුයි ඔය කියපු විදුහල්පති
සරම ඇඳපු ගුරුවරු එක්ක ස්ටාෆ් රූම් එකේ
එකට ප්ලේන්ටිය ගැහුවෙ කොහොමද කියල
ඒ විතරක්යැ සරම ගහපු විදුහල්පතිවරයෙක් යටතෙත් එතුමා වැඩකලා ...

මාන්නෙ හොඳම එක ...

ඔතනින් ඔය ටික නවත්තල ආයෙත් පසුව ඔතනට සම්බන්ධ වෙමු ...

ගාල්ලෙ ඒ කාලෙ තිබුනෙ පාපන්දු ක්‍රීඩා සමාජ දෙකයි ....

සදර්න් - ගාමිණී

පහු කාලෙක නං සමගි කටුගොඩ එෆ් සී  ගෝල් යූත් දිලෙන තරු රන්තරු
ඒ තරු මේ තරු අර තරු කියල හෝල් සේල් කණ්ඩායම් ආව ...

 
සදර්න් - ගාමිණී දෙක ගහනව කියන්නෙ
ගාල්ලෙ පාපන්දු බිග්මැච් එක ....

මුළු ගාල්ලෙම හිටිය පාපන්දු ලෝලියො
ඔය කියපු ක්‍රීඩා සමාජ දෙකට බෙදිලයි හිටියෙ ....

අපි ගාමිණී
ඒ අපෙ තාත්ත ගාමිණී එකේ නිළයක් දරපු නිසා ...
සදර්න් කණ්ඩායම චීනකොරටුවෙ බණ්ඩයියගෙ
ඒක නම් ස්ටාර් පැක්ඩ් ...

පියසේන අයියත් එකෙක්
පියසේන අයිය ගැහුවෙ ෆුල් බැක් එකෙක්වත් ළඟට යන්නෑ ...

ගහන පාරවල් යන්නෙ සමනළ පාලමටත් එහා ....

අනෙක් පැත්තෙන් වැල්ල අයිනෙ පී එච් අයි කන්තෝරුවට ....
ඒ තරමටම පාරවල් සැරයි ...

අපිත් ගාමිණී උනාට පියසේන අයිය සෙල්ලම් කරනව බලන්න ආසයි ...
ඒ පියසේන අයියගෙ පොල් අඩි කික් නිසාමයි ....

පියසේන අයියත් චරිතයක්ම තමයි ...
පාපන්දු වලට කොතරම් දක්‍ෂයෙක්ද කියනවනම්
පියසේන අයිය ලංකාවෙ පාපන්දු කණ්ඩායම නියෝජනය කරන්න
එකොළොස් දෙනාට තේරුන ....
හැබැයි පියසේන අයිය ලංකාවට සෙල්ලම් කලේ නෑ හේතු දෙකක් මත ...

එක ...
ශ්‍රී ලංකා පාපන්දු සංගමේ ලේකම්ගෙ බෑණ ...

දෙක ...

සරම ...
ශ්‍රී ලංකා  පාපන්දු සම්මේලනයෙන්
පියසේන අයියට සරම ගලවල
කලිසම අඳින්න කිව්ව ටුවර් එක යන්න ....

පියසේන අයිය අම්ම අප්‍ප කිව්වත් සරමනං ගැලෙව්වෙ නෑ ...
ඉතිං පියසේන අයියගෙ ලංකාවට ගැසීමත් එතනින්ම නිමා වුනා ...

මාව දක්‍ෂනම් ගස්සව පල්ල මගෙ සරම ප්‍රශ්ණයක් කරගන්න එපා
කලිසම් වන්දි භට්ටයන්ට පියසේන අයිය නොකියා කිව්ව ...

පියසේන අයිය ලංකාවටවත්  ගලවපු නැති සරම
මහින්දෙ කලිසමට වඳින විදුහල්පතිට ගලවයිද බං ....

හරි උනත් වැරදි උනත් ඔය තමයි ඒකාලෙ උන්ගෙ ප්‍රතිපත්ති ...

පියසේන අයියට තමන්ගෙ ප්‍රතිපත්ති අගෙයි  
ලංකාවට ගහනවට වඩා ...
අනෙක සරම ඇන්ඳම මක්කැයි  බං වෙන්නෙ
එතකොට ෆුට් බෝ‍ල් ගැහෙන්නෙ නැතෙයි ....

කලිසමට වඳින එවුන් එදත් හැමතැනම ඉඳල තියෙනව ...

අද කාලෙ එකෙකුට කියුවනම් කොහොමද ....
ඒකාගෙ වැඩේ කරගන්න කලිසම අඳිනව විතරක් නෙවි
ඌ ගොනාටත් අඳී ....

පියසේන අයියේ ...
 
එදා වගේම උඹ අදටත් අපිට වීරයෙක් ....


24 comments:

  1. අතුල ක්‍රිකට් ගහනගමන් ෆුට්බෝලුත් සෙල්ලම් කලාද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රාජේ මේ අපූරු බ්ලොග් එකට පාර කිව්වට🙏😊

      Delete
    2. Former SL cricketer Athula Samarasekera's

      Delete
    3. 😯😯 ඒත් මට අල්ල ගියේ "අයිස්මෝල හන්දියේ අතුලයා" කෑල්ල. පියසේනයියා- මරදංකඩවල යකඩයා.😊

      Delete
  2. මම ආසම සබ්ජෙක්ට් එක, අත්දැකීම්, මිනිස් සබඳතා සහ මිනිස් චර්‍යා. ඕකට කියන්නේ ඔෆිස් පොලිටික්ස් කියල නේද? මටත් ඔය විදුහල්පති මොඩල් එක එකසිය ගාණට මුණගැහිල තියනවා, ලංකාවේ සහ පිටත. එයාල ගැන නෙමෙයි, අපි කතා කරන්න ඕනෙ, පොලොවෙ පය ගහල ඉන්න පියසේනයියල ගැන.

    බ්ලොග් රෝලෙ එල්ල ගත්තා. අලුත් පෝස්ට් කියවන්න අනිවාර්‍යයෙන්ම එනවා. ආයෙ පස්සෙ එන්නම් කමෙන්ට් කියවන්න. පරණ පෝස්ට් කියවන්න පස්සෙ එන්නම්. මේ ලියන රටාව පට්ට - ඇහැට කිසිම මහන්සියක් නෑ. ගල් නෑ, වැලි නෑ නියම රාත්තල.ස්තූතියි

    ReplyDelete
    Replies
    1. හ්ම්... RSS Feed එකේ අවුලක්, අර අහස් යාත්‍රිකයාගෙත් ඔය ප්‍රශ්ණෙම තමා. Feed ඇඩ්‍රස් එක හදාගන්න හැටි දන්නවා, කොතෙන්ටද දාන්න ඕනෙ කියල දැන් මතක නෑ.

      මේකෙ Feed ඇඩ්‍රස් එක https://icemola.blogspot.com/feeds/posts/default මම මැනුවලි එඩිට් කරල
      න්ලොග් රෝලට දා ගත්තා. ඒත් සින්ඩි වල නං අප්ඩේට් වෙන එකක් නැති වෙයි.

      නැත්නම් කියවන අයට මේ අපූරු ලිපි මිස් වෙනවා. අපි වගේ හාල් කෑලි වලට සති සුමානයක්වත් යයි, ක්‍රමේ හොයාගන්න, ඒත් බුරා වගේ ඔස්තාර්ල නං දන්නව ඇති, අවුල හදන හැටි.

      Delete
    2. ස්තූතියි කමෙන්ටුවට,මම නං බ්ලොග් ගැන මෙලෝ හසරක් දන්නෑ
      සුදීර මලය තමයි දිරිය දුන්නෙ මූණු පොතේ මම අකුරු කොටනව දැකල
      බ්ලොග් පිටුව හදල දුන්නෙත් ඒකාම තමයි ...

      Delete
    3. මෙන්න මේක බලන්න.
      https://drackey.blogspot.com/2021/10/blog-post.html

      Delete
    4. ඒකට යන්න අවසර දෙන්නෑ බං ඇන්ඩ්‍රොයිඩෙන් සයිරන් දාගෙන රතු එලි එනව

      Delete
  3. ලංකාවෙ සම හරක්ට ඇඳුම ලොකුම ප්‍රශ්නයක්. උං පොත කියවන්නෙ පිටකවරෙන් විතරය්.

    ඇතුල හොඳ වුණත් නැතත් පිටකවරෙ ලස්සනට තියේ නං හා. නැත්තං සොරි.

    ඕක අදටත් තියෙන ප්‍රශ්නයක් 😒😒😒

    ReplyDelete
  4. මරු. ලිවිල්ල නියමයි. දිගටම එනව කියවන්න.

    ReplyDelete
  5. Pra Jay මහත්තය මට විතරක් නෙවෙයි වැඩි දෙනෙකුටම දෙන තරමක් දෙන්නේ (දිරච්ච ලණු නෙවෙයි) solid gold links. මෙන බොලේ, ඒ අතරට අපූරු බ්ලොගයක් ගැන link එකක් දීලා! ස්තුතියි Pra Jay ට, විතරක් නෙවෙයි 'අයිස් මෝල හන්දියේ අතුලයා'ටත්!

    ජය වේවා, ආයෙත් එන්න පාර මතක තියාගත්තා!.

    ReplyDelete
  6. කතාව අයිස්වාගේ සීතල නෑ ගොඩාක් උනුසුමයි...
    කොළොම්පුරයත් ගොඩැවැදිලා ගියා කියලා ලිස්ට් එකට දාගන්න.

    ReplyDelete
  7. මහින්දයේ අන්තිමටම සරොන් ඇඳපු ගුරුවරයා මතකද අයියේ. විජේවික්‍රම සර් තමා ඉතිම් අන්තිමයා.

    ReplyDelete
  8. එක හුස්මට කියෙව්වා ,හොඳට රසවින්ඳා. හ්ම්..ක්‍රීඩා දේශපාලනය.😒

    ReplyDelete
  9. ලස්සනයි...එක එක බ්ලොග් මෝල් හිමියන්ගේ අතකොට ජොනීලා නොවීලා හෝ බඩට බත් පෝස්ට් නොලියන මිනිහෙක් වීම පිලිබඳව අතුලට මම ගරු කරමි. ජීවත් වෙන්න ලිවීම සහ ලිවීම බ්‍රෙඩ් ඇන්ඩ් බටර් කර ගත්ත උන් අතරේ උඹ වැනි අයට කට සහ පුක වෙනුවට කොණ්දක් තිබීම අගය කරන්නෙමි. ප්ලීස් කීප් අප් යෝර් වර්ඩ්ස් ශාර්ප් ඇන්ඩ් කරෙක්ට් ටු යෝර් සෝල්. අතුල සමරසේකර අයි ලව් යොර් රයිටින්ග් ස්කිල්ස්.

    ReplyDelete