කියවූ තරම්

Saturday, December 25, 2021

කැරට්ටුවක්

චරිතයක් .....

අවුරැදු ගානකින් පරණ යාළුවෙක් මුනගැහුන ...

Hi Machan how u doing ...

කියල වැඩක් නෑ මචං සැප කැඩෙනව
ඉල ඇදෙනව ...

Ooo that's great Machan ....

Good to here ...

Good to hear ...

ඉතිං මචං So ... So....So

සෝ සෝ නෙවි බං අපි ඉන්නව සනීපෙන් ...

Ok ok what r u doing now ...

ජොබ් කට්ටක් කරන් ඉන්නව බං කෝචිං පාරකුත් දාගෙන ...

That's great ...that's great

I'm a ______ ,

machan I m doing good ...

Very well ...

very well ...

[මොකද බං මූට වෙලා තියෙන්නෙ බඩ යන්නෙත් ඉංගිරිසියෙන් වගෙ ...

ඇයි ඇක්සන්ට් එක ...
ඉස්සර මෙහෙම නෑ ...
ගම පලාබද්දරද කාෙහෙද ...

ඉස්සර නං ගැරඬිය වගෙ හිටියෙ
දැන් තමයි නයාවෙලා තියෙන්නෙ ...

මමත් ඉතිං චීනකොරටුවෙ ...
සංඝාරාමෙ රෑ ඉස්කෝලෙටත් ගියා
ඉංගිරිසි ඉගෙන ගන්න ...

මූට මොකටද සෙකන්ඩ් වෙන්නෙ කියල හිතුනත් ...

මව් බාසාවෙන්ම කතා කරා
මූව පොඩ්ඩක් බස්සන්න ...

හැබැයි ඒත් ඌ යවන්නෙම නයා]

මචං උඹ බැඳලද ...

Yes machan, I'm married to a kandyan ...

අාාාහ් මගේ වයිෆුත් නුවර
මහාමයා ඉගෙන ගත්තේ ...

No machan my wife from  _____

Very good family ....

Very good family ....

මූට නං උණ තදවෙල ප්ලේට් කවුන්ට් එක හොඳටම බැහල වගෙ

What's your wife doing mate ...

ගෙදරට වෙල ඉන්නව බං ලමයිත් බලාගෙන ඉස්කෝලෙ ගෙනියනවා ගේනවා ...

අමතර පංති ගෙනියනවා ගේනවා ...
ක්‍රීඩා වලට ගෙනියනවා ගේනවා
මට වැඩිය වැඩ එයාට ...

Oh .... My wife is a _____

She is in Brisbane with my daughter and she is in the Uni doing a Masters ...

එතකොට උඹ මෙහේ ???

Yaaa machan ...

I m here with my son he is doing VCE ...she has her own house I have mine ...

I visit them on the holidays
We are very independent machan ...

Lovely weather up there machan
Soo tripical close to the beach ...

අම්මපා ....

අපිටත් නිදහස තියෙනව හැබැයි උඹට වගෙ නිදහසක් නෙවි ...

කමක් නෑ බං ...
මට උඹ ගැන දුකයි බං ...

ලුනුයි බතුයි කාල හරි
අපි පස්දෙනා එකට ඉන්නව එක ගෙදරක ...
ඒකනෙ අපි බැන්දෙ ...

හොඳයි මචං මම යන්නං ...

උඹත් ඔය යන ගමන් පුස්තකාලෙන් පොතක් අරගෙන ගොහිං
සිංහල ටිකක් මතක්කර ගනිං ...

ලංකාවට ගියාම පලාබද්දර නෑදෑයන්ට කතා කරන්නත් එපැයි ...

(ඌ නං ආයෙත් මට කතා කරන එකක් නෑ ...)


3 comments:

  1. විස්වගම්මානෙ එක සටක්නෙ අපිත්. දොසක් කියන්නත් බෑ.

    ReplyDelete
  2. රැජිණගෙ බාසාවෙන් කතා කිරීම නොව ඉන් පළකරන අදහස් තුලින් මතුවන ආකල්පයි වැදගත්.

    ReplyDelete