කියවූ තරම්

Friday, February 2, 2024

ශ්‍රාවක සංඝ

ශිෂ්‍යය යනු ශ්‍රාවක  ය
ප්‍රජාව යනු සංඝ ය
එනිසා මාගේ භාග්‍යවත් ස්වාමීවූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයන් (ශිෂ්‍ය ප්‍රජාව)

1. සුපටිපන්නය =
රාග, ද්වේෂ, මෝහ දුරු කරගැනීම
පිණිස සීල, සමාධි, ප‍්‍රඥා ශික්ෂාවෙහි හික්මෙන හෙයින් සුපටිපන්න වන සේක.

2. උජුපටිපන්නය =
ඍජු මාර්ගය නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමට පිළිපන් හෙයින් උජුපටිපන්න වන සේක.

3. ඤායපටිපන්නය =
චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධකර ගැනීමට පිළිපන් හෙයින් ඤායපටිපන්න වන සේක.

4. සාමීචිපටිපන්නය =
මහත් වූ ධර්ම ගෞරවයකින් යුක්තව ඒ ශ‍්‍රී සද්ධර්මයම ප්‍රචාරය කරන හෙයින් සාමීචිපටිපන්න වන සේක.

ඉහත ගුණයන් යම්  බුද්ධ ශ්‍රාවක සංඝ රත්නයන් ප්‍රගුණ කරන්නේ නම්
ඔවුන්

ආහුණෙය්‍යය =  ඒ උතුම් සංඝරත්නය දුර සිට හෝ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ආදිය පිළියෙල කොට පූජා කිරීමට සුදුසුය.

06. පාහුණෙය්‍යය = ඒ උතුම් සංඝරත්නය ආගන්තුකයින් වශයෙන් වැඩම කළ කල්හි පවා සිව් පසයෙන් උපස්ථාන කිරීමට සුදුසුය.

07. දක්ඛිණෙය්‍යෙය = ඒ උතුම් සංඝරත්නය මෙලොව පරලොව පින් සලකා ගෙන මහත්ඵල මහානිසංස සලකා ගෙන සිව්පසයෙන් පූජා ලැබීමට සුදුසුය.

08. අංජලිකරණීයය = ඒ උතුම් සංඝරත්නය දෙව් මිනිස් ලෝකයාගේ වන්දනා මානනයට ගෞරවාභිවාදනයට සුදුසුය .

09. අනුත්තරය = ඒ උතුම් සංඝරත්නය දෙව් මිනිස් ලෝකයා හට පින් රැස්කර ගැනීම පිණිස හේතු වූ අනුත්තර වූ පින්කෙත වන සේක ...

ඔය ඉතිං සඳහන් කරේ ශ්‍රාවක සංඝයා ගැන පොත පතින් කියවල උකහාගත් දෑ තමයි
ඒ කියන්නෙ එවන් උතුම් ඇත්තන් පිදීමට ඉතාමත් සුදුසුවේ
එනිසා බොලා එවන් ඇත්තන් දැක්කම හිත හිතා නං ඉන්නෙපා රජෝ
පසඟ පිහිටුවල තෙවතාවක් වැඳහල්ලා මොකද බොලාට එයින් ලාභයක්ම මිස පාඩුවක් නං සිදු නොවේමැයි...

~~~~

හැබැයි ඉතිං ඔය අතරෙ බොලා නිතර දෙවේලේ දකින
ඉහත කී ගුණාංග කිසිවක් නැතිව බොලාගෙන් සිව් පසය අරගෙන කාළය කණ තව සංඝ කියන දැළි පිහියෙන් කිරි කන සැට් එකක් ඉන්නව නේද ...
බොලා කොයික වෙතත් එවුන් සැට් එකනං අනිවාර්යෙන්ම වැඳිය යුත්තේ බොලාටයි
මොකද අමුම අමු ගේම් කාරයාෙ සැට් එකක් වන එවුන්
උන්ගෙ මුළු පවුල් සංස්ථාවම නඩත්තු කරන්නෙ බොලා අමාරුවෙන් හම්බ කරන කාසි වලින් නිසා ...

අරි අටඟි මාර්ගෙ යනව තියා
පන්සිල් අටසිල් දසසිල් තියා ...
පළවැනි දෙවැනි සිල් පදෙන් එහාටවත් පැනගන්න බැරි එවන් එවුන් එමටයි
ඉතිං කොහෙද බං කෝටියක් සංවර සීලය රකින්නෙ ...

ඔය දෙවැනි සිල්පදය අදින්නා දානා නේබං
ඒ කියන්නෙ බුදුන්ගේ ශ්‍රාවකයන් තමන්ට අතට දුන්න දෙයක් පමණමයි ගන්නෙ ...
ඉන් එහා මක්කාවත් ගන්න තියා හිතන්නෙවත් නෑ
එතරමටම ඒ උතුම් ඇත්තන් සිතිවිලි පරිස්සම් කරනව ...

මුන් එහෙමයැ බං
ළඟින් ගියොත් ඇහැක් නෑ අමුම අමු මැරයො සැට් එකක්
ඕං දැන් බලහං ඉතිං අර මුලින්ම සඳහන් කල මංගල ගුණයන්හි පිහිටුවනවය කියල
සිවුර පොරවං පාත්තරෙත් අතට අරං මුන් මක්කැයි බං මේ කරන්නෙ

බොලාව රවටලා ගොනාට අන්දලා බොටයි පවුලටයි පිරිත් නූලක් බැඳලා බණක් පිරිතක් කියලා
බොලා ගෙන් සිව්පසේ පිරිකර අරගෙන බොලා රවටන වැඩක් නෙවිද බං මුන් සැට් එක මේ කරන්නෙ ...

ඉතිං ඒක හෝල් සේල් හොරකමක් නෙවිද බං ...
කොටින්ම කියනවනං අපි තමයි ශාසනේ රකින්නෙ කියල
හිස බූ ගාලා සිවුරක් පොරවගෙන පවුල පන්සලට ගෙන්නගෙන
නැතිනං පන්සල පවුල ළඟට ගෙනිහින් මොන විගඩමක්ද බං මේ රඟපාන්නෙ ...
අර මහ රජාගේ බාසාවෙන් CONMEN කියන්නෙ ඕං ඔවැනි එවුන්ට තමයි ...

ඉතිං මං මේ බොලාට දෙසන්නේ ...
බොලත් ඔය කොන්මෙන් (Conmen) සැට් එකත් එක්ක ගනුදෙනු කරන කොට බොහෝම පරිස්මින් ...
නිකං මක්කටෙයි බං බරපතල වැඩ ඇතිව හිරේ සිටිය යුතු පවුකාරයන්ගෙ පවු වලට බොලාත් කරගහන්නෙ ...

ඔය හාල්පරුවො ජීවිතේට ධර්මෙ රකින්නෑ බං
මොකද ධර්මෙ රැක්කොත් උන්ට අවුල් උන් රකින එකමදේ තමයි උන්ගෙ දරුපවුල් බොලාගෙ එකවුන්ට් එකෙන් ...

මනුසත්වයාගේ සිත් තුල ධර්මය තියෙනතාක් කල් ධර්මය රැකෙයි බං
ආං ඒක කෙරෙන්නෙ අර මුලින්ම කීව වගේ
සුපටිපන්න
උජුපටිපන්න
ඤායපටිපන්න
සාමීචිපටිපන්න
ගුණ තියෙන ඇත්තන්ගෙන්ම පමණමයි ...

ආං ඒ ඇත්තන් නං දුටුවොත් පෙරලි පෙරලි පුදහල්ලා ...
කෑල්ලෙං කෑල්ල ගියත් පිදිය යුතුම ඇත්තන් තමයි ඒ
ඕං ආයෙ මං නොකීවයි කියන්නෙපා...

7 comments:

  1. ගොඩ කාලෙකට පස්සෙ නේද ලියන්නේ....ලියමු ලියමු දිගටම ලියමු...


    පුද්ගලයා මැනිය යුත්තේ ඇදුමෙන් නෙවේ ක්‍රියාවෙන් කියලනේ බුදුබණේ තියෙන්නෙ...එක සිවුරක් දා ගත්තා කියලා වෙනසක් වෙන්න නෑ මගෙ හිතේ..

    ReplyDelete
    Replies
    1. මයියෝ ලියන්න දේවල් එමටයි එත් වැඩ නං අධිකයි

      Delete
  2. ආපහු කියවන්න ලැබෙයි කියලා හිතුවේ නෑ. සන්තෝසයි ආපහු ආවට.

    ReplyDelete
    Replies
    1. මයෙ අම්මාපල් මම හිතුවෙ නෑ ඉල්ලුමක් තියෙයි කියල ලියුම් වලට

      Delete
  3. අතුලයා ආපහු ලිව්ව එක ගැන අප්‍රමාණ ස්තූතියි.
    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. කොළොම්පුරේ ඉස්තූතියි

      Delete