කියවූ තරම්

Saturday, September 26, 2026

උන්ගෙ ලෝකෙ

මයෙ අම්මාපල් ...

ඉට්ස් හෙල් ඔෆ් අ බ්ලඩි ලෝකයක් බං...

ඕං බලහං දැං 
මාර්ග නීතියක් කඩ කලොත් දඩ කොළයක් එනවා ...

මහ පාරේ පිහියක් ඇද්දොත්
නීතිය ඇහැරෙනවා ...

වෙඩිල්ලක් ඇහුනොත්
අධිකරණය වැඩට බහිනවා ...

මිනිහෙක් මැරුණොත්
අපරාධකාරයෙක් හොයනවා ...

වැරැද්දට අහුවෙච්චි එකා 
කොල නැති ගහටත් යනවා ...

ඒවා විය යුතු වැඩ තමයි කියමුකෝ  ...

ඒත් ...

ඕවල් හරි ... රවුන්ඩ් හරි ... ස්ක්වෙයා හරි ඔෆීසියක ...

හෙන්චයියො වට කරගෙන ... 
කෝපි බිබී ... හැම් බේකන් කකා ... හිනා වෙවී ආතල් එකේ ...

හය හතර නොතේරෙන අත දරුවන් ඇතුළුව දහස් ගණන් මිනිසුන් 
එක බොත්තමක් ඔබලා සුන්නද්දූලි කරන අය ...

බොගේ බටේ දිගට හරහට
ලයිව් කමෙන්ට්‍රීසුත් දෙනවා ලෝකෙටම ඇහෙන්නෙ ...

"Operation Successful."

"National Security."

"Collateral Damage."

වචනත් ලස්සනයි 
උන් සැට් එක ගස් යවනව නං සාක්ෂිත් එමටයි ...

එහෙම කරලත් ඒ සැට් එකම උරහිසට අළුතින් තරුවකුත් එක්කරගෙන 
ආඩම්බරයෙන් ඊළඟ වාතාවෙත් ඒ ඔෆීසියෙම වාඩි කරවනවා ...

ඒත් ...

අම්මා කෙනෙක්ගේ කඳුළට
ඉංගිරිසි නමක් නෑ බං ...

තාත්තා කෙනෙක්ගේ සුසුමට
නිල නිවේදනයක් නෑ බං ...

අනාථ වෙච්චි දරුවෙකුගෙ හිස්කමට
මිලිටරි පදයක් නෑ බං ...

මළ සිරුරු ගණන් කරන්න ලෝකයම ආවට ...
කඳුළු කැට ගණන් කරන්න වැඩි දෙනෙක් එන්නෑ බං ...

කළු අළු ... හිස් ගෙවල් ... සොහොන් ...
මීඩියා සාකච්ඡා ...
සම්මාන උරහිසට තරු පටි 
ඉතිහාස පොත් ...

කඳුළු දේශපාලනයක් වෙලා 
මනුස්සකම වාර්තාවක් වෙනවා ...

මේක නිකන්ම නිකන් කතාවක් නෙවි බං ...

බහුතරයක් එවුන් දවසින් දවස 
සාමාන්‍ය දෙයක් විදිහට ආසාවෙන් අහන්න පුරුදු කරන් ඉන්න ඇත්තක් ...

මිනිහෙක් මරන එක "  මහා අපරාධයක් " කියන ලෝකයම ...

ජීවිත දහස් ගණනක් මැරුවහම ඒකට අලුත් නමක් දෙනවා ...

ඒ නම ඇහුවම 
මේ මිහිතලය තෙත් කරන ලේවල සුවඳ දැනෙන් නැති වෙනව ඇති ...
මළ මිනී පිච්චෙන පුළුටු  ගඳ  නොදැනෙව ඇති ...

ඒකම තමයි ඊයෙත් අදත් හෙටත් බොලා අපිට තේරුම් ගන්ට බැරි පුරස්නෙ බං ...

අනේ මන්දා රෙද්දෙ ලෝකයක් බං මේක ...

බොලාටත් හිතෙන් නැද්ද ...

" ඉට්ස් හෙල් ඔෆ් අ බ්ලඩි ලෝකයක් කියලා  "

~ අයිස්මෝල හන්දියේ අතුලයා ~

No comments:

Post a Comment