කියවූ තරම්

Saturday, October 9, 2021



 17.08.2019 FB

තාජිනී මගෙ නංගියේ නුඹ දැල් පන්දු කෙලියට ගියේ ...

ඩඟ ඩඟ ඩං ඩං ඩං ඩං
ඩඟ ඩඟ ඩං ඩං ඩං ඩං //

සනුහරේ උන් ගිනි බිඳින විට බොලා පන්දුව ඇල්ලුවා
දැලෙන් ලෝකය ජය අරන් නුඹ සිරි ලකට ගෞරව ගෙනා ...

ඩඟ ඩඟ ඩං ...

කොටි කොඩිය උන් අතට දෙන විට
බොලා තල් වැට පැන ගියා ...
දේශයේ අභිමානෙ රකිමින් සිහ ධජය නුඹ ලෙළෙවුවා ...

ඩඟ ඩඟ ඩං ...

*****

නගේ මේ සක්වලේ උසම නෙට්බෝල් ක්‍රීඩිකාව උඹයි බං ...

උඹේ ඔය අඩි හයයි අඟල් දහයෙ රාමුව
මූණු පොතට උස වැඩි වෙයිදෝ හිතු නිසාමයි
වාඩි වෙච්චි පින්තූරයක් දැම්මෙත් ...
නැතිනං ස්ක්රීන් එකෙ උඹෙ ඔලුව හැප්පිල නලල තඩිස්සි වෙයි ...

හිච්චි කාලෙ  බොටත් අනෙක් එවුන් හිනාවෙන්න ඇති නේ
බොගේ ඔය අසාමාන්‍ය උසට ...

දුකයිද කියන්නෙ බං නගේ ...
උඹ වගේම කීදාහක්  නංගිල මල්ලිල උතුරෙත් දකුණෙත්
අපිට අහිමි වෙන්න ඇතිද බං ...

වරද නං උන්ගෙ නෙවි බං නංගියේ ...
ඒ අහිංසකයන්ගෙ මොළ ටික ලොන්ඩරියට දාපු නරුමයන්ගෙ ...

නගේ අමාරුවෙන් හරි උඹ තල්වැට පැනල ආ එකම කොච්චර දෙයක්ද බං ...

අපෙත් හිටිය බං ඒකාලෙ පාලම පැන ගන්න බැරිවෙච්චි කොල්ලො කෙල්ලො සෑහෙන්න
එක එකාගෙ ලණු කාපු ...

උඹගෙ එවුන් වගේම අපේ උනුත් ආයෙ නොඑන්න ගඟේම ගියා ...

කාළකණ්ණි පාහර දේශපා .........
නෑ එපා ආයෙ ඉතිං මක්කටෙයි බං ඒ පැත්තට යන්නෙ ...
ඒ කතා මෙතනට අවශ්‍ය නෑ බං ...
 
උන් ගැන කතා කරන කොට මලලසේකර ඩික්ෂනරියෙවත් නැති
අයිස්මෝල හන්දියෙ වචන සැට් එකටම තමයි මගෙ දිව නැවෙන්නෙ ...  

අපි ඒව නැතිව උඹ ගැන කතා කරමු ...

උතුරෙ පමනක්ම නෙවි දකුණෙ ජීවිතත්
උඩුකුරු යටිකුර කල කුරිරු යුද්ධෙන් ගෙවල් දොරවල් විනාශ වෙච්චි
උඹේ මුළු පවුලම නොවිඳිනා දුක් වලට ඇදල දාල අහිකුන්ඨිකයො වගෙ තැන තැන ඇවිද්දවල ...

තල් වැටෙන් එහා ඉන්දැද්දි අම්මගෙ තාත්තගෙ එලවළු කොරටුවෙන් කුසගිනි නිවාගන ...

මඩකලපුව විශ්ව විද්යාලය හරහා කාෙළඹ ආ
තාජිනී සිවලිංගම් ...
තවත් වෘතාන්තයක නොමැකෙන චරිතයක් බං ...

නගේ උඹ සරව පිත්තල උලාගත් සිහින කුමාරියෙක් නෙවි බං ...
මයෙ අම්මාපල් උඹ නං ලේ මස් ඇට නහර වලින් පිරි හැබෑ කුමාරියෙක් බං ...

අම්මපා බං නගේ විස්ස පනිනකන්ම දැල් පන්දුවක් නොඇල්ලූ   උඹ 

හතලිහ පනිනකම් ඔය දාපු කැටයම් ශිල්ප ටිකම මදෑ බං ...

හැබැයි ඉතිං ඒ මක්කා කලත් අපෙ උන්ටත් ජන්මෙන්ම උරුම අමන කෙණෙහිලි කං
උඹටත් අඩුවක් නැතිව තිබුන  ...

(බොට විතරක් ඕව අඩු නැත්තෙ මොකෝ බං
දකුණෙ අපිටත් ඉහ උඩින්ම තිබිච්චි කොට)


නැතිනං දෙදාස් එකොළහෙ ෂූටින් වලින් සියයට 98 ක  නිරවද්‍යතාවක් තිබුන උඹව අයින් කරාවියැ බං ...

ලංකාවෙන් කුමන ක්‍රීඩාවකින් හරි කපන කපන හැම එකාම බාර ගන්න කැන්ගරු රටේ වික්ටෝරියා ප්‍රාන්තෙ ...
ෆැල්කන් නෙට්බෝල් කණ්ඩායම අපේ හාල්පාරුවන්ට එපාවෙච්චි උඹව වැළඳ ගත්තෙ දෝතින්මනෙ බං ...

ඉන් පස්සෙ හේතු සාධක රහිතව අහක් කරල හිටිය උඹව ...
තිලකා නෝන වැඩ බාර ගත් ගමන්ම කිසිම පැකිලීමක් නැතිව ...
නැවතත් ගෙනාවෙ නංගියෙ උඹ ගැන තිබිච්චි විශ්වාසය නිසාමයි ...   

තිලකා නෝනගේ විශ්වාසය කඩ නොකල උඹ ...
කණ්ඩායමේ සමහර සාමාජිකයින්ගේ වයස මෙන් දෙගුණයක් උනත් ...

උඹගෙ වටිනාකම නැවත වතාවක් තහවරු කරමින් පහුගිය සැප්තැම්බරේ ආසියානු ශූරතාවෙදි ...

"තරඟාවලියේ ක්‍රීඩිකාව ලෙස කිරුළු පැළැන්දා "  

නගේ උඹ කොටි කොඩිය අහක දාල ...
සිහ කොඩිය ලෙලවපු අපේ කාලේ අපේම වීරවරියක් බං ...

සමාවෙයං මේ ටික මම කලින් දොහක ලියා දන්වන්න හිටියත්
වැඩ අධිකකම නිසා දිනෙන් දින කල් ගියා  ...
නැතිව උඹ අමතක වෙලා හෙම නෙවි බං ...

තාජිනී  නංගියේ ...
උඹටත් උඹව හොයාගත් තිලකා ජිනදාස නෝනටත්
 
උඹව මෙලොවට බිහිකර සියළු දුක් කරදර අතුරු ආන්තරා මැද
රැක බලාගත් උඹේ ආදරණීය  දෙමාපියන්ටත් යෝධ බල යෝධ විරිය ...

උඹගෙ අනාගත බලාපොරොත්තු සියල්ලක්ම සාර්ථක වේවා !

තෙරුවන් සරණයි ...

මීට
අයිස්මෝල හන්දියේ අතුලයියා
...

13 comments:

  1. නියමයි. කියන්න ඕනෙ ටික, ලෙසටම ලියල තියනවා.🙏👌
    උත්තර ඕන නෑ, මෙහෙම ලිව්වාම හොඳටම ඇති.😂🤡

    ReplyDelete
  2. පට්ටයි....මගේ භාශාවෙන් කියනවා නම් මාරයි හුත්තො...හරිම හුරතල් රයිටින් මොඩියුල් එකක්...ආසයි.

    ReplyDelete
  3. Ado, ada ne meka dakke, niyami machang. Hope you remember me?

    ReplyDelete
    Replies
    1. හෝප් යූ රිමෙම්බර් මී කීවට,ගුරුසිංහ කියල විතරයි නම තීන්නෙ,මම දන්නව ගුරුසිංහල 37 දෙනෙක්.ඉතිං ඔය 37න් මොකාද කියල නං දන්නෙ නෑ ...

      Delete
  4. ඒක පට්ට. සුපිරියට ලියල.
    තර්ජිනී ට වුණා වගේ මේ ලකේ පංකාවෙ කීයකට වුණාද. මේකෙ උංට ඕන තමන්ට ගොට්ට අල්ලන උංවම ගන්න. ඒකනේ කෙලවුණේ 😒😒😒

    ReplyDelete
    Replies
    1. රටේ අවාසනාව බං වෙන මක්කැයි ඉතිං

      Delete
  5. කියවන්ට වෙලාවක් තියේ නම් අතුල කැමති වෙයි
    https://geemuthumala.blogspot.com/2021/10/mouth-organ-music-in-sinhalese-songs-of.html

    ReplyDelete
    Replies
    1. ටිකක් කියෙව්වා සිංදු නං හොඳටම අහුවා

      Delete